°|සහීනා|°

°|සහීනා|°

Senadhi ♥️

🖇 5 කොටසට 👇

https://telegra.ph/%E0%B7%83%E0%B7%84%E0%B6%B1-11-09


***නුඹේ හුස්මත් තවරගෙන මන් සොයා යන්නම් ජීවිතේ***


🖇 6 කොටස




"අන්කල්...."



"හහ්.......එන්න ශාන් පුතා"



"සුද්දා.....අපිට ටී දෙකක් දාන් එන්න"



"හරි දයාල් සර්"



දැන් දන්නව නේ විශාන් කාවද හම්බවෙන්න ආවේ කියලා....



ඒ දයාල්....



දෙන්නට ම ඕන වුණේ රදිශ් ගෙන් පළිගන්න....



ඒ ඇයි....



අවුරුදු ගාණකට කලින් වෙච්ච දෙයක්........කාලයක් යට ගැහිලා තිබුණත් ඒක ආයේ උඩ මතු වුණේ රදිශ් ආයේ ලංකාවට ආපු එකත් එක්ක.....



ඒ දේ පසුවට.....


නෑ ඉන්න කියන්නම්.......



ඒක අවුරුදු විසි එකකට කලින් වෙච්ච දෙයක්........


දයාල් කියන්නේ රදිශ් ගේ නැනදගේ ඒ කියන්න රදිශ් ගේ තාත්තගේ නංගිගේ දෙවනි කසාදේ සැමියා.....


දයාල් ඉස්සර තඹ දොයිතුවකවත් දෙයක් තිබ්බ කෙනෙක් නෙවෙයි...ඒත් මහ ලොකු ප්‍රෝඩාවක් පෙන්නලා රදිශ් ගේ පවුලේ අයව රවට්ටලා රදිශ් ගේ නැන්දව බැන්දේ....


ඒ ගැන හොයන්නවත් ඒ අය හිටියේ හොඳ මනසකින් නෙවෙයි...මොකද රදිශ් ගේ නැන්දගේ පළවෙනි සැමියා නැති වුණා. ඒ වෙද්දිත් එයා ප්‍රෙග්නට් වෙලා හිටියේ....ඒ බව හංගලා තමයි ඒ කසාදේ වුණේ......


ඒ වගේ ම දයාල් කලින් බැඳලා හිටිය කෙනෙක්......ඒ කසාදෙන් දයාල් ට පුතෙක් හිටියා....


දයාල් ට ඕන වුණේ රදිශ්ලගේ දේපළ ගන්න.....මොකද රදිශ් ගේ සීයා එයාගේ උරුමෙන් වැඩි හරියක් දුන්නේ රදිශ් ගේ නැන්දට කියලා දයාල් දන්නවා....

ඒත් දයාල් දැනගත්තා ඒ දේපළ කසාද බැන්ද පළියට ඔහුට ලැබෙන්නේ නෑ කියලා.......

ඒ නිසා දයාල් හැදුවේ දයාල් කලින් කසාදේ පුතයි රදිශ් ගේ නැන්දට ලැබුණ දුවයි එකතු කරන්න....


ඒත් ඒකට ඉඩ ලැබුණේ නෑ....රදිශ් ගේ සීයට වගේ ම රදිශ් ගේ තාත්තාටත් දයාල් ගැන වටින් ගොඩින් එක එක ආරංච් එද්දී.....ඔහු දේපළ ලිව්ව විදිය වෙනස් කළා.....


ඒ රදිශ් ගේ නැන්දගේ දුවගේ දරුවන්ට ඒ දේපළ ලැබෙන විදියට.....


ඒක දැනගෙන දයාල් රදිශ්ලගේ පවුලත් එක්ක වෛරය බැඳ ගත්තා.....


කොහොම හරි අන්තිමට රදිශ් ගේ පවුලේ හැමෝම නැති වුණේ.....දයාල් ට ඒ දේපළ ලැබිලා.....


රදිශ් විතරයි තාම ජීවතුන් අතර ඉන්නේ...


ඒකයි තාමත් රදිශ් එක්ක තරහා.....


මොකද ඒ දේපළ වලට ඔහුටත් උරුමයක් තිබුණ නිසා......


තව හේතු දෙකක් තියෙනවා...


ඒ ලැබුණ දේපළ වල ඔප්පු සහතික බොරු ඒවා කියලා දයාල් පස්සේ දැනගත්තා.......


අනිත් එක තමයි රදිශ් නැන්දගේ දුව තවම ජීවතුන් අතර ඉන්නවා කියන එක දයාල් ට ආරංචි වුණා.......


දයාල් මිනිස්සු දාලා හොයන්නේ ඒ දුවව....


දයාල් හිතන් ඉන්නේ ඇත්ත ම ඔප්පුව වගේ ම ඒ කෙල්ලත් ඉන්නේ රදිශ් ළඟ කියලා.....


ඒකයි දැන් රදිශ් ගෙන් පළි ගන්න හදන්නේ......ඒකට විශාන් ව උදව් කරගත්තේ ඔහු අංක එකේ මැරයෙක් නිසා.....


ඔහුව මේ දේවල් වලට සමබන්ධ කරගන්න තවත් හේතුවක් තිබුණා...



එය පසුවට.....


ආ තව දෙයක් දැන් ඔයලා බලනවා ඇති නේ ඒ රදිශ් ගේ නැන්දා නම් දැන් මේ බිස්නස් බලාගන්න නැන්දයි මාමයි කවුද කියලා....


ඒ රදිශ් ගේ සීයගේ මල්ලිගේ දුවෙක්....


දැන් හරිනේ....


දැන් යමු කතාව ට......



"පුතා....මොකක්ද දැන් කරන්න හිතන් ඉන්නේ"



"මේකයි අන්කල්......අන්කල්ට මතකද වික්‍රම් අන්කල්ගේ දුව......."



"අහ්.....ඔව් මට මතකයි.....ඉතින් එයා කොහොමද මේ දේවල් වලට එන්නේ"



"මෙහෙමයි......අන්කල් ඔය ගෑනි රදියට ලව්.....අපිට පුළුවන් ඕකෙන් වැඩක් ගන්න.....කොහොමත් ඕකි උගේ සල්ලි වලටයි ලස්සනටයි මිසක් වෙන දේකට නෙවෙයි නේ ඔය.....

අපිට ඒකෙන් වැඩක් කරන්න පුළුවන්.....මන් ඒක බලාගන්නම් අන්කල්....ඔයාට තියෙන්නේ අර නැති වුණ කෙල්ලව හොයන්න"



"හරි....මාත් මේ දවස් ටිකේ පොඩ්ඩක් සර්ච් එකේ ඉන්න කියලා තියෙන්නේ.....ඒකි වගේ කෙල්ලෙක් ඉන්නවා දැකලා තියෙනවා අපේ එකෙක්....බලමුකෝ"



"ම්ම්ම්....හරි අන්කල්"




--------------------------------------------------------------------




කැම්පස් එකට ආවත් හරි රදිශ් සහී ළඟින් නම් හෙල්ලුනේ නෑ........



සහී නම් නොදන්නවා වගේ හිටියට අශීටයි , ටෙනූටයි හොඳට ම තේරුණා.....



"ඒ....මෙහ්...රදී"



"අහ්....ම්ම්ම්....කියපන්"



"උඹ...කොහෙද බලන් ඉන්නේ"



"ම්ම්ම්.....කොහෙවත් නැහ්..."



"හහ්.......උඹ මට ද කොලේ වහන්නේ....ආ....පල බන් යන්න....."



"අනේ....මේ....."



"අම්මේ ලැජ්ජාව කොල්ලගේ....ආව්ස්..... මේ....මේ සහී කියන්නේ මගේ නංගි වගේ ආ.....ඒ කෙල්ලට හිත රිද්දුවොත් උඹව තියෙන්නේ නෑ මන්"



"හහ්....හරි යකෝ....කවුද කිව්වේ එහෙම කරනවා කියලා"



"හා......ඔය පැන්නේ එළියට"



"හරි යකෝ....ඒකිට ඇහෙයි"



"හාම්....හාම්....."




--------------------------------------------------------------------




"සහන්.....ප්ලීස් සහන්....අනේ මාව බේරගන්න සහන්"



"ඕහ්...කාම් ඩවුන් ටානි....අපි බලමු මොකක්ද කරන්න පුළුවන් කියලා"



"බෑහ්....මට බඳින්න බෑ සහන්.....මට....බෑ......."



"හරි....ඕකේ...අපි මොකක් හරි කරන්න බලමු..."



"මට....අයිඩියා එකක් තියෙනවා"



"මොකක්ද"




--------------------------------------------------------------------




"විශාන් කාරයා මට සැකයි බන්"



"මටත් එහෙම තමයි...........ඒත් තාම සීයට සීයක් ශුවර් නෑ....."



"උඹට මතකයි නෙ ඉස්කෝලේ කාලෙදිත් ඌ ගැන"



"හ්ම්ම්.....හැබැයි ඌත් මේමට කොනකින් හරි ගෑවිලා නම් මගෙන් ඌට සමාවක් නෑ




*******************************************




දවස් දෙකකට පස්සේ කතාව දුන්නේ.......


ඇත්තටම සමාවෙන්න......


ඉස්සරහට තවත් පරක්කූ වෙයි....


හැබැයි මන් කතාව නවත්තන්නේ නෑ....



හැමෝම පරිස්සමෙන් ඉන්න ❤️

බුදු සරණයි.....



මන් ,

Senadhi❤


Report Page