°|සහීනා|°

°|සහීනා|°

Senadhi ♥️

🖇 4 කොටසට 👇

https://telegra.ph/%E0%B7%83%E0%B7%84%E0%B6%B1-11-07


***නුඹේ හුස්මත් තවරගෙන මන් සොයා යන්නම් ජීවිතේ***


🖇 5 කොටස



"අශී.....මන් එන්නම්.......උඹලා දෙන්නා ගන්න....ලෑස්ති වෙලා ඉන්නෝ"



"හා....හරි ටෙනු..ඔයාලා එන්නකෝ"



"සහී....ඔයා ලෑස්ති ද"



"හ්ම්....ලෑස්ති"



"හා එන්න....දැන් ටෙනූ එයි"




--------------------------------------------------------------------




"හයියෝ....දැන් වරෙන් බන්....කෙල්ලෙක් ද උඹ"



"ඇයි කෙල්ලො විතර ද ලස්සනට ඉන්න ඕන"



"නෑ...නෑ හපෝ...ඇති වරෙන් යන්න"



"හහ්...යමු"




--------------------------------------------------------------------




"හෙලෝ......අන්කල්"



"ආ...ශාන් පුතා කියන්න"



"අන්කල්.....අරූගෙන් රිටන් එක ගන්න පොටක් පෑදුනා"



"ගුඩ්....පුතා මොකක්ද ඒ"



"අන්කල්....මන් ආව ම කියන්නම් කෝ"



"හරි එහෙනම් එන්න කෝ"




--------------------------------------------------------------------




"සහී......අන්න ඇවිල්ලා අපි යමු"



"ටෙනූ.....ගුඩ් මෝනින්"



දඩි බිඩිස්...ඩෝං..........



හිහ්......



සහීට වැඩි දුර නම් යන්න හම්බුනේ නෑ.....



කාර් එකේ දොර ඇරන් එළියට ආපු රදී ගේ ඇඟේ සහී ව හැප්පිලා.......



වැටුණා.....



නෑ......



වැටුණේ නෑ......



රදී සහී ව අල්ල ගත්තා.....



යන්තම් රදිශ් ගේ ඇඟේ හැපිලා නූලෙන් බේරුණේ......



"කොහොද.....මැට්ටියේ කඩි කුලප්පුව හැදිලා දුවන්නේ"



"අහ්.....මේ......සොරි.....මේ මන් දැක්කේ නෑ....අයියේ.......වෙනදට ඩ්‍රයිවින් ශීට් එකේ ඉන්නේ ටෙනූ නේ ඒකයි එහෙම වුණේ"



"හ්ම් හරි දැන් යමු"



"අශී.........."



ම්ම්හු.....සද්දයක් නෑ...



ටෙනූයි අශියි ෆිල්ම් එකක් බලනවා වගේ සහීගෙයි රදිශ්ගෙයි දිහයි බලන් ඉන්නවා.



"ඔය ඇති නෙහ්......බලන් හිටියා අපි යමු දා දැන්"



ලැජ්ජාව වහ ගන්නත් එක්ක රදී එහෙම කිව්වා.



රදිශ් ට මොකක්දෝ අමුතු දෙයක් සහීව දැක්ක දවසේ හිතට දැනුණා. ඒත් ඒ හැඟීම මොකක්ද කියලා තෝරලා බේරලා ගන්න රදිශ් පුළුවන් වුණේ නෑ.....



යූ එස් වල ඉද්දී කොච්චර කෙල්ලෝ දැක්කත් ඒ කිසි කෙනෙක්ට රදිශ් ගේ හිත ඇල්ලුවේ නෑ.....අඩුගානේ අච්චර ලස්සන ටානිටවත් රදිශ් ගේ හිත හොල්ලන්න බැරි වුණා.....කෙල්ලෙක් රදිශ් ගේ හිතට ඇල්ලුවා නම් ඒ ගොඩ කාලේකට කලින්....ඊට පස්සේ රදිශ් ට විතරයි පුළුවන් වුණේ රදිශ් ගේ හිත හොල්ලන්න.



ඒ කලින් කෙල්ල කවුද නේ....එය ඉස්සරහට එනෝ...එත්කොට බලමුකෝ....



පිටට නොපෙන්නුවට රදිශ් සහීව දැක්ක දවසේ ඉඳන් සහීගේ ළඟින් ඉන්න ආස කළා....ඒකමයි රදී කොහෙවත් නොගිහින් සහීලගේ කැම්පස් එකටම ආවේ....



කොහොම හරි මේ වුණ දෙයින් නම් සහී බීට් අලයක් වගේ රතු වෙලා හිටියේ....



අශියි ටෙනුයි කාර් එකට ආවට පස්සේ සහීටත් නගින්න කියලා කිව්වා...



"ඔච්චර රතු වෙන්න එපා...ඕයි...තමුසෙ ව කවුරු හරි උස්සන් යයි"



සහිට විතරක් ඇහෙන්න කිව්ව රදිශ් කට්ටියත් එක්ක කැම්පස් එන්න ආවා.




--------------------------------------------------------------------




"මමී......කෝ ඔයා"



"මොකද"



"අනේ මමී....එන්නකෝ.....මගේ ඔලුවත් රිදෙනවා"



"ඔලුව.....තමුන්ට රිදෙන්න ඔලුවක් තියද...ආ...."



"ඇයි මමී එහෙම කියන්නේ....මොකද වුණේ...මට කිසි දෙයක් මතක නෑ"



"මොකද වුණේ අහන්නේ.....තමුන් ඊයේ රෑ හොඳට ම ඩ්‍රින්ක්ස් අරන් ඒ මදිවට තව පාරෙත් වැටිලා ඉඳලා.....විශාන් ළමයා තමයි ගෙදර ඩ්‍රොප් කළෙත්....

තාත්තට හොඳට ම තරහා ගියා...තමුන් නිසා මාත් දොස් ඇහුවා..."



"අනේ....මමී"



"එපා මුකුත් කියන්න එපා"



"ගයනි"



"අහ්....වික්‍රම් ඔයා"



"ඔව්...මන් තමයි...මන් අර කතා කරපු කෙනාට අපි ටානි ව බන්දමු....නැත්නම් ඊළඟ ට මෙයා මොනවා කරගනීද දන්නේ නෑ"



"අනේ....මමී.....මට බෑ.....පීල්ස් ඩැඩී....මට දැන් ම බඳින්න බෑ...අනේහ් මමී ඔයාවත් කියන්න කෝ"



"ටානි තමුන් හොඳට ම වැඩි....තවත් මගේ නම්බුව කන්නේ නැතුව කියන දේ අහනවා"




*******************************************




මොකද කියන්නේ ටානිව බන්ඳමු ද....


නැත්නම් රදිශ් ට සෙට් කරමුද....



ඊළඟ එකත් ඉක්මනට අරන් එන්නම් ☺️



පරිස්සමෙන් ඉන්න හැමෝම ❤️



මන් ,

Senadhi❤


Report Page