ආකල්පීය වෙනස...

ආකල්පීය වෙනස...

◇❉⃟࿔ꦿ꧁Sithu ꧂❉⃟࿔ꦿ◇


මේ සමාජය බොහෝදුරට ඕනම කෙනෙක් දිහා බලන්නෙ පුරුදු වෙලා තියෙන්නේ එකම කෝණයකින්...


සමාජය කාන්තාව දිහාත් පිරිමි කෙනා දිහාත් සමාජය විසින්ම නිර්මාණය කරගත් එක්තරා රාමුවක් තුලින් තමයි බලන්නේ.... 


ලංකාව තුල මේක වැඩිපුර තියෙනවා... (අනෙක් රට වලට සාපේක්ෂව )


"වැරදි අවබෝධය"

බොහෝ වෙලාවට එයාල නිර්මාණය කරගත්තු වැරදි වැටහීම තමයි ගොඩක් ප්‍රශ්න වලට මුල් වෙන්නේ... එහෙම ප්‍රශ්න ඇති උනහම අපි අනික් කෙනාගෙ අදහසත් දැන ගන්න ඕන...

අපි හිතමු කවුරු හරි කෙනෙක්ගෙ අතින් ඔයාට මොකක්හරි වැරැද්දක් උනා කියලා ඒ කොහොම වුනත් ඒ වෙලාවෙ එයාටත් එයාගෙ අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාවක් දෙන්න ඕන... මොකද පිටින් පේනදේටයි , ඔයාගෙ උපකල්පනයටයි වඩා ඇත්ත වෙනස් වෙන්නත් පුලුවන්...


ඒවගේ වෙලාවට ගොඩක් ඉවසන්න පුරුදු වෙන්න... කලබල වෙන්න යන්න එපා... ඒකෙන් වෙන්නේ ඔයාගෙ මනස ව්‍යාකූල වෙලා ඒ ප්‍රශ්නය තවත් දුරදිග යන එක... සමහර වෙලාවට ඇත්තටම කෙනා නිවැරැදි වෙන්නත් පුලුවන්...


ඒක නිසා කාටහරි මොකක් හරි වැරැද්දකට චෝදනා කරන්න කලින් ගැන හොදට හොයල බලන්න...



හැම කෙනෙක්ගෙම ; සිතුවිලි, ගතිපැවතුම් , ආකල්ප , ශිෂ්ඨසම්පන්නබව , මානසික මට්ටම, අධ්‍යාපන මට්ටම , චරිත ලක්ෂණ , තව කෙනෙක් තේරුම් ගන්න විදිහ, වගේ ගොඩක් දේවල් එකිනෙකාට වෙනස්...

ඒකයි අපේ අනන්‍යතාව...


බොහෝදුරට මේ කියපු දේවල් සමාන අය බහුතරයක් සමාජයේ ඉන්නවා...


ඇත්තටම හොද පුද්ගලයින් ඔවුන්ට ගැලපෙන පුද්ගලයින් පමණක් ආශ්‍රය කරන්න කැමැත්තක් දක්වනවා... ඒතකොට වැරදි වැඩ කරන අය එයාල වගේම සිතුම් පැතුම් , ආකල්ප , ගතිපැවතුම් තියෙන , ඒවගේ හැසිරෙන අයත් එක්ක එකතු වෙලා ඉන්නවා...

සමාජය විසින්ම ඇතිකර ගත් විවිධ සම්මුතීන් නිසා සමාජයේ බොහෝ පුද්ගලයින් අපි දිහා බලන්නෙ හැමෝම එක වගේ කියන කෝණෙන්...


බහුතරයක් යනු බහුතරයක් පමණකි...


එයට කාන්තාවන් සියලු දෙනාවත් පිරිමි අය සියලු දෙනාවත් අයිති නොවේ...


බහුතරයක් විසින් කරන දේවල් මගින් එක් පාර්ශවයක් දෙස එකම කෝණයකින් බැලීම සුදුසු නොවේ...



" කෙල්ලොනෙ/ කොල්ලොනෙ.."

👆👆👆👆👆👆👆👆

යැයි පැවසීම කොතරම් අසාධාරණ ද...???


බහුතරයක් විසින් සිදුකර ලද කුමක් හෝ දෙයක් නිසාවෙන් එම සිදුවීමෙන් පසු සමාජය විසින් එම පාර්ශවය දෙස පටු කෝණයකින් බලයි...



මේවගේ පටු විදිහට හිතන නිසා තමයි මේ තරම් රටක් විදිහටත් පරිහානියට පත් වෙන්නේ සහ මේ වෙනකොට පත්වෙමින් පවතින්නේ...


ඕනම දෙයක් ගැන හොද විදිහට හිතන්න පුරුදු වෙන්න... වෙනස් විදිහට හිතන්න පුරුදු වෙන්න...


Telegraph කරපු මගේ First Article එකේ Link එක 👇


සුදු - කලු – Telegraph

https://telegra.ph/%E0%B7%83%E0%B6%AF---%E0%B6%9A%E0%B6%BD-07-08


හොදයි නම් Comment එකකුත් දාගෙනම යන්න...


තමන් විසින්ම හොද ආකල්පීය වෙනසක් ඇති කරගන්න...

Good Luck... 👍

Report Page