වැහිබිඳු වැටෙනවා නම්... (කෙටිකතාව)

වැහිබිඳු වැටෙනවා නම්... (කෙටිකතාව)

◇❉⃟࿔ꦿ꧁Sithu

~ ( III ) කොටස ~

පෙර කොටසට

"අයියේ... අද හවස 5.00ට විතර තම්මැන්නාව වැව ගාවට එන්නවද..."


එතැන් සිට........................................

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

◇◇◇◇◇◇◇◇◇ සැ. යු. ◇◇◇◇◇◇◇◇◇

සමහර වචන ග්‍රාමීයයි... Typing mistake එකක් නෙමෙයි.... තේරුම් අන්තිමට දාල ඇති.... සමහරවිට මේ Episode එක නම් Boring වෙයි....

මේවගේ ඇත්තටම දුක් විදින දුප්පත් මිනිස්සු ඉන්නවා..... එයාල ගැන කතාවෙනව අඩුයි..... මට ඒකයි හිතුනේ කොල්ලගෙ චරිතෙ ඒවගේ කරන්න.....


🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹


"හ්ම්......" මට තාමත් හිතාගන්න බෑ යෙනූ මේ මොකක් ගැනද කතාකරන්න හදන්නේ කියල......


"හරි අයියේ මම යන්නම්.... වෙලාවට එතනට ඇවිත් ඉන්න..."

මුකුත් නොකිය එයා යන දිහා බලන් හිටියෙ කිසිම හැගීමක් නැතුව.....

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹


උදේ ඉදල කඩේ වැඩකරපු මම කමල් අයිය කඩේට ආවම මගේ ගානත් සාක්කුවෙ දාගෙනම පහට විතර වැව ගාවට ගියා....පයින් යන දුරනේ ඉතින්......


යෙනූ........ මගේ ඇහැල මල...... එයා ඇවිත්.... හුගාක් ලස්සනයි...... එයාට දැනටමත් කවුරුහරි අයිතිකාරයෙක් ඉන්නවද දන්නෙත්නෑ......

එකේකේවා හිත හිතම මමත් කුඹුක් ගහ හරියට ගියා......


එයාගේ කාර් එකත් කුඹුක් ගහක් යටින් නවත්තල..... මගේ ඇහැල මල වෙනදටත් වඩා ලස්සනයි..... කෙල්ල කැමරාවකින් වැවේ පින්තූර ගන්නවා..... හුළඟත් සැරයි ටිකක්....


අද නම් හොදට අව්ව පායලා තිබ්බා.... වැස්සෙත් නෑ...... ඉර බහින්නත් ලඟයි..... ඉර බහින පැත්තේ මුලු අහසම තැඹිලි පාට වෙලා...... මාර ලස්සනක් තියෙන්නේ..........

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹


" අහ් අයියේ වෙලාවට ඇවිත් නේද.. "


මම පුදුම උනේ කෙල්ල වැව දිහා බලාගෙන මගෙන් අහනකොට.... සමහර විට මන් එනව දකින්න ඇති....


"හ්ම්.... නංගිට මොකක්ද මාත් එක්ක කතා කරන්න තියෙනව කිව්වේ.... " මට ඇත්තටම ලොකු උවමනාවක් තිබ්බා ඒක දැන ගන්න.....


" මං කෙලින්ම කියන්නම් අයියේ... අයියා මට විශේෂ කෙනෙක් නිසයි මේ කියන්නේ.... කමල් අයියට එදා මේ ගැන කිව්වා....

එයත් මට පොරොන්දු උනා දැන්ම මේගැන කාටවත් කියන්නෑ කියලා...


මං විශ්වාස කරනවා අයියත් පවුලේ කට්ටියට ඇරෙන්න වෙන කාටවත් කියන එකක් නෑ කියල.... "

කෙල්ල කිව්වේ එතන බැම්මෙන් වාඩිවෙන ගමන්.... මාත් එයාට ටිකක් එහයින් වාඩි උනා..... වෙනදට වඩා හිතට අමුත්තක් දැනුනා....


"හරි නංගි මං පොරොන්දු වෙන්නම් අම්මට ඇරෙන්න වෙන කෙනෙක්ට කියන්නෑ කියලා..."

උබල බලනව ඇති මම හුගාක් බොලද කොල්ලෙක් කියල.... විශේෂ දෙයක් නම් අම්මට අනිවාර්යයෙන් කියන එක මගේ පුරුද්දක්...... පොඩිකාලේ මාව උස්මහත් කරන්න අම්මා නොවිදිනා දුක් වින්දා බං.... ඉතින් අම්මට නොකියන රහස් මං ගාව නෑ බන්....


අම්මට දැන් හුගාක් වයස පාටයි.... ඉස්සර කුලී වැඩ කරපු නිසා වෙන්නැති.... මං හින්දා තමයි බන් අම්මට එහෙම උනේ....


🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹


" දේවසිංහ ඇමතිතුමා අලුත් Project එකකට සල්ලි පාස් කරගන්න යන්නේ .... ගාල්ල - අම්පාර ප්‍රධාන පාර ඊලග අවුරුද්දේ සංවර්ධනය කරන්න පටන්ගන්න හදන්නේ...


දක්ෂිණ අධිවේගී මාර්ගය අම්පාර වෙනකම් දික් කරල කතරගමෙනුත් අලුත් Entrance එකක් හදන්න යන්නේ....

මේ වෙනකොටත් Project එකේ 70% විතර Plan කරලත් ඉවරයි....


මම RDA එකේ වැඩකරන්නේ....(මාර්ග සංවර්ධන අධිකාරිය)

එදා ආවෙත් මේ පැත්තේ පාර ලොකු කරන්න කලින් පරිසර පද්ධතිය ගැන Research එකක් කරන්න..... බූන්දල රක්ෂිතයට කිසිම හානියක් වෙන්න නොදී මේ Project එක කරන්න තමයි Try කරන්නේ....


අනික පුරාවිද්‍යාත්මක ස්ථානත් හුඟක් තියෙනවනේ.... ඒව ඔක්කොම පරිස්සම් කරන්නත් ඕන..... එදා හිටපු යාලුව නම් පරිසරවේදියෙක්....


පාර ලොකු කරනකොට ඔයාලගෙ කඩවල්, සමහර ගෙවල් කඩන්න වෙනවා..... ඒත් මේ කඩවල් අයිති අයට නම් හම්බන්තොට Town එකෙන් කඩ හදල දෙනවා.....

ගෙවල් නැතිවෙන අයට ඕන නම් ණය දෙනවා.... නැත්නම් ගෙවල් හදල දෙනවලු.... ඒත් මේ ඉඩම් වල ඔප්පු තියෙන අයට විතරයි.... "


කෙල්ල ඔක්කොම කියල ඉවර කරේ වැව දිහාවට තිබුනු ඇස් මන් දිහාවට යොමුකරන ගමන්.....


මට අන්තිම ටික ඇහුනේ හීනෙන් වගේ....

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹


ඔලුව උඩ හෙනයක් ගැහුව වගේ......

දෙයියනේ..... කඩේ ඔප්පුව රත්නසිරි මුදලාලිගේ නමට තියෙන්නේ.... අපි බද්දට ඉන්නේ.... අයියයි මායි මේ කඩ කෑල්ලත් ඉල්ල ගත්තේ කොච්චර අමාරුවෙන්ද.... අලුතින් ලැබෙන කඩ කෑල්ල එයා කීයටවත් අපිට නම් දෙනේකක් නෑ.....


මේ කඩේ රස්සාවත් කොච්චර අමාරුවෙන්ද ඉල්ල ගත්තේ.... කමල් අයියගෙ හිත හොද නිසා තමයි.....


කමල් අයිය මේ දවස්වල ලොකු අවුලකින් වගේ හිටියේ මේ නිසා වෙන්න ඇති.... එයා දැන් තාත්තා කෙනෙක්නේ.... සදා අක්කට ලමයෙක් හම්බෙන්න ඉන්නේ... එයාලත් අපි වගේ අහින්සක අසරණ මිනිස්සු.....


මං එදාවේල හම්බු කරන් කෑවෙත් කඩේ වැඩ කරල හම්බෙන කීයෙන් හරි.....

කොහොමද ඉස්සරහට ජීවත් වෙන්නේ... අපි දුප්පත් අසරණ මිනිස්සු දෙයියනේ.... ඇයි අපිටම මෙහෙම වෙන්නේ.......


දාහක් දේවල් හිතෙනවා......


අපි ඉන්නේ පොඩි ගඩොල් බිත්ති බැඳල තියෙන ගෙදරක.... කාමර එකයි තියෙන්නේ.... සාලයක් කියල දෙයක් නෑ වගේ.... එක ඇදයි තියෙන්නෙ.... ඒක අම්මට දීල තියෙන්නේ.... මම නං බිම පැදුරක් දාන් නිදාගන්නේ....


වහලෙ තියෙන හිල් වෙච්ච ටකරං කෑලි අස්සෙන් ගේ ඇතුලට වතුර වෑස්සෙනවා....

ගේ පිටිපස්සේ මඩුවෙ ඉදන් තමා කෑම පිහින්නේ.....

වහින දවසට පුදුම දුකක් විදින්නේ....


අම්මයි මායි ජීවත් වෙන්නේ කොච්චර අමාරුවෙන්ද...... අම්මට වැඩිහිටි දීමනාව හම්බෙනවා.... ඒත් රුපියල් 2000යි.....


අම්මට පෙෂර් හැදිල..... කොන්දෙ අමාරුවත් තියෙනවා.... ඇවිදගන්න අමාරුයි..... ඒ බෙහෙත් වලටත් සෑහෙන්න ගානක් යනවා.....


මට කඩේ වැඩ කරල දවසට රුපියල් 750ක් විතර හම්බෙන්නේ.... එකෙනුත් හැමදාම රුපියල් 200ක් අරන් තියාගන්නවා.... බැංකු පොතක්වත් නෑ මට.... ඉතුරු සල්ලි වලින් හාල් තුනපහ, එළවළුයි, කලමනා ටික එහෙම ගන්නවා....


ලයිට් බිලත් ගෙවන්න ඕන.... දැන් බඩුමිලත් හුගක් වැඩියි....

එහෙන් අලි එයිද කියල බයයි....


යන්තන් එදාවේල හම්බුකරන් කන්නේ... මේ තියෙන ප්‍රශ්න මදිවටද... මොකක්ද දෙයියනේ මේ වෙන්න යන්නේ....


"අයියෙහ්... අයියෙහ්.... අනේ කතා කරන්නකෝ.... මොකක්ද උනේ.... අයියෙහ්...." මම ගල්වෙලා වගේ හිටපු නිසාද කොහෙද යෙනූ කලබල වෙලා ඉක්මනට මගේ ලගට ඇවිත් අතින් අල්ලල දෙතුන් පාරක් පිටට තට්ටු කරා.....


එතකොටයි මන් හරි සිහියට ආවේ.... ඔව් මට එකපාරටම මොකද උනා වගේ....


අපි වගේ අසරණ මිනිස්සුන්ට ඒවගේ දේවල් ඇහුනම කොහොම දරාගන්නද.... මෙහේ රස්සාවක් හොයාගන්නත් හරිම අමාරුයි.....


"මෙන්න අය්යේ... මේක බීල ඉන්න..."

කෙල්ල බීම බෝතලයක් දික් කරනගමන් කිව්වා..... බීම බෝතලයක් බීපු කාලයක් මතක නෑ...... අනික ඕවට වියදම් කරන්න තරම් සල්ලි නෑ.....


"මට එපා නංගි..... "


"මොකක්ද අයියේ.. ඕක බොන්නකෝ ඉතින්.... "


"හ්ම්.... ඉස්සරහට මොනව කරන්නද කියල හිතාගන්න බෑ නංගි..... අම්මට කොහොම හරි කන්න බොන්න හොයල දෙන්න ඕන.....


මට පොඩිකාලේ කන්න දෙන්න සල්ලි හොයන්න අම්මා කුලී වැඩ හිටන් කරා නංගි....


මට A/L කාලෙත් ඉස්කෝලේ යන්න පොත් පත්වලට වියදම් කරන්න අම්මා රත්නසිරි මුදලාලිගෙ ගාමන්ට් ෆැක්ටේරියෙ වැඩ කරා....


සමහර දවස්වල ඇදුම් මහන්න ගිහින් වැරදුනාම එතන හිටපු සුපර්වයිසර්කාරය ගහලබැනලත් එක්ක....


තාත්තා නැතිවුනේ මං අතදරුව කාලෙදිලු.... අම්ම නම් කිව්වේ අලිය ගහල මැරුනැයි කියල.....


Commerce කරේ AL වලට.....AL පාස් ඒත් කැම්පස් යන්න ලකුණු ටිකක් මදි උනා නංගි...


කොහොමහරි එක දවසක් කවුද අම්මව ෆැක්ටේරියෙ තිබුනු පඩිපෙළකින් තල්ලු කරල..... සතියක් විතර ඉස්පිරිතාලෙ හිටියා....එදා ඉදන් අම්මට කොන්දෙ අමාරුව... ඇවිදගන්නත් අමාරුයි.... හැම මාසේම ඩිස්පෙන්සරියෙන් බෙහෙත් ගන්නවා......


අම්මට තවත් දුක් විදින්න දෙන්න බැරිනිසා අම්මව ගෙදල තියල මන් කඩේ වැඩ කරන්න ආවේ....


මං නිසා අම්මා හුගාක් දුක් වින්දා නංගි.... "


මම ඒටික යෙනූට කියල ඉවර වෙනකොට මගේ ඇස්වලට කඳුලු උනල....

කෙල්ලත් දුකින් මං දිහා බලන් ඉන්නවා....



"මේ අහන්න අයියේ....මේ වෙන දේවල් අපිට නවත්තන්න බෑ....


මේ දේවල් ඔයාට දරාගන්න අමාරු ඇති අයියේ.... මම මේ දේවල් කලින් කිව්වේ ඒකයි.... එතකොට අයියට මොකක් හරි කරගන්න පුලුවන් නේ..


පොඩිකාලේ දුක් විදල ජීවිතේ ජයගත්තු හුගාක් අය ඉන්නවා....


අයියට උත්සාහකරොත් හොද තැනකට යන්න පුලුවන්....


අනික අයියා Bissnes ගැනත් දන්න නිසා අලුත් Bissnes එකක් පටන් ගත්තොත් හොදයි නේද....


එහෙමත් බැරි නම් මොකක්හරි රස්සාවක් හොයාගන්න බලන්න අය්යේ... අනික අයියා A/L පාස් නිසා රස්සාවක් හොයාගන්න පුලුවන්....


කියන තරම් ලේසි නෑ තමයි අයියේ.... අයියට හුගාක් මහන්සි වෙන්න වෙයි..... අනිවාර්යයෙන් උත්සාහ කරල බලන්න අයියේ... ඔයාට වරදින්නෑ.... "


කෙල්ල එහෙම කියල ඉවර වෙලා ආයෙත් වැව දිහත් බලන ගමන් මගේ අතගාව මම බාගයක් බීපු බීම බෝතලෙත් අරන් නැගිටල කාර් එක ගාවට ගියා....

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹


"අයියේ පොඩ්ඩක් එන්නකෝ....."

කෙල්ල කිව්වේ කාර්එක ගාව ඉදන්....


මමත් කාර් එක ගාවට ගියේ ඇයිද කියල බලන්න.......


"මම දැන් යන්න ඕන අයියේ.... අයිය කරන්න යන දේ සාර්ථක හොද දෙයක් වෙයි කියල බලාපොරොත්තු වෙනවා....

මේක මගෙන් පොඩි තෑග්ගක්.... "

එහෙම කියල කෙල්ල අතේ තිබුනු මොනවද දාල තිබුනු ටියුලිප් බෑග් දෙකකුයි, තව පාර්සල් වගේකුයි මගේ අතින් තිබ්බේ පුදුම වෙලා එයා දිහා බලන් ඉන්න කොට....


"ඒත්....නංගි මේව.... මට එපා.....මෙහෙම තෑගි ගන්න එක හරි නෑනේ නංගි.... හරිනම් මමයි ඔයාට මොනව හරි දෙන්න ඕන.... එදත් ඔයා රුපියල් 2000ක් ඉතුරු කරල ගියා... අනික මං ළඟ ඔයාට දෙන්න දෙයක් නෑ මැණික...."

හත්දෙයියනේ... මැණික කියල නේද කියවුනේ... අනේ දෙවියනේ කෙල්ල මං ගැන මොනව හිතන්න ඇතිද......


"අනේ අයියෙ මං වෙනුවෙන් ගන්නකෝ..."

" මං යනෝ අයියේ... අයියත් රෑ වෙන්න කලින් පරිස්සමට ගෙදර යන්න.... මේ පැත්තෙ අලි ඉන්නවනේ....

බුදු සරණයි අයියේ... "


" හ්ම්.... ඔයත් පරිස්සමින් යන්න නංගි...." හිතේ වෙනදටත් වඩා අමුතුම දුකක්....


කෙල්ල මට ටටා කියල කාර් එකට නැගල ගියා....

හිතුනා කෙල්ලව ආයේ දකින්න ලැබෙන එකක් නැද්දෝ කියල....

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹


මතුසම්බන්ධයි ?.......

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹


මේ අතීතය.... ඊලග කොටසින් වර්ථමානය දෙන්නම්...

මේ කොටස නම් පොරොන්දු උනු නිසයි ලිව්වේ....

කලින් කතාවක් ලියල නැති නිසා තාම හරියට ලියන්න තේරෙන්නෑ....ආසාවට ලිව්වේ.....

ඒත් උදේ Type කරල ඉවරවෙලා දවල් Publish කරන්න බලනකොට කතාව Seve වෙලා නෑ... මේ දෙවනි පාරට Type කරේ.. පොරොන්දු කඩන්න බැරි නිසා...


කතාව නම් ලස්සන නෑ ඉතින්..... කොල්ලා කතා කරනකොට අදේනාවක් වගේද කියල හිතුනා....


පුලුවන් උනොත් ඊලග කොටස දෙන්න බලන්නම්.... කොහොම උනත් තව එක කොටසයි.....


අදත් Comment එකක් දාන් යන්න හොදේ....


එදා ඔක්කොම ගණන් කරහම Comment 100+ටත් වැඩියෙන් තිබුනා..

Thank You හැමෝටම....


බුදු සරණයි !...

පරිස්සමින් ඉන්න !...

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹


පිහිනවා :- කෑම උයනවා...

ෆැක්ටේරිය :- Factory

ඩිස්පෙන්ස‍රිය :- Pharmacy

දෙනේකක් නෑ :- නොදේවි...

හිටන් :- ත්...

ටටා :- Bye

කලමනා :- කෑම උයන්න ගන්න දේවල්, අමුද්‍රව්‍ය වගේ ඒවා, ect...

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ

Sithumini Dias ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ

Report Page