විසල් ආදරේ

විසල් ආදරේ

Oshi Karunathilake








විසල් ආදරේක පහස සොයනා දගකාරිය......







Special Episode 02







පෙර කොටසට


https://telegra.ph/%E0%B7%80%E0%B7%83%E0%B6%BD-%E0%B6%86%E0%B6%AF%E0%B6%BB-05-06





තව ටිකක් එයාට තුරුල් වෙලා ඒ උණුහුම් පපුවේ මූන හන්ගගනිද්දී




" ඔය ඇති... ටිකක් නිදාගන්න දැන් ..... "



මගේ නළලට හාදුවක් දෙන ගමන් කියනව....




නදිව්ගේ තුරුලේම එහෙමම ඇස් පිය වුනේ එයාටත් නින්ද යද්දී......




Nadiws' POV:





තුරුලට වෙලා නිදන් හිටිය කෙල්ලව ඈත් කරලා බාත් රූම් එකට ගිහින් වොෂ් එකක් දාන් ඇවිත් මන් හොටෙල් එකෙන් කෑම දෙකක් ඔඩර් කරා.....


ඒ එනකනුත් තාම නිදි....



මේ දවස් ටිකේම ගෙදර ඉදන් නිදාගන්න එකමයි කරලා තියෙන්නෙත්.....




" පුදුම නිදි මතක් යකෝ මෙකිටත් තියෙන්නේ..... "



මූණට වැටිලා තියෙන කෙස් ගස් කන පිටිපස්සේ රදවන ගමන් මන් කතා කරා...




" මැණික...... "




" යසාරා.... කෝ නැගිටිනවා..... "




" නැගිටපන්කෝ බන් වද නොදී...."




" අනේ නිදිමතයි...... යන්නකෝ ඉන්න දීලා..... "




" කාලා ඇවිත් නිදාගන්න.... "




" බෑ... "




" ගුටි නොකා වරෙන් මෙහාට... "




මන් සැර කරද්දී මෙච්චර වෙලා ඇස් පියන් හිටපු කෙල්ල ඇදෙන් ඉද ගත්තේ ඇස් දෙකත් පොඩි කරන ගමන්




" මොකද හිනා වෙන්නේ බූරුවෝ... "




" මොනාද නදිව් වෙලා තියෙන්නේ..."




" මෙහෙ එනවා පිස්සි... "



අල්මාරිය ඇරලා නයිට් ඩ්‍රස් එකක් අරන් ඇවිත් කෙල්ලව ලගට අරන් ඇන්දුවා....



ඇදේ ඉදගත්තේ ඉන්න කොහොමද කියලවත් මතක නැතුවද කොහෙද.... මන් නිසා හොදයි ඉතින්....




" තමුසෙට කිසිම සිහියක් නෑ ඕයි..."




" වෙන එකෙක් නෙවේ නේ ඔයා නේ දැක්කේ ඒ නිසා පස්න නෑ... "




" හ්ම්.. යමු කන්න...."




" මොකද ඔහොම බලන් ඉන්නේ.... "



මූනත් දෙක කරන් බලන් ඉන්න හින්දා මන් අහද්දී




" වඩාගෙන යන්නකෝ... "




" පිස්සුද ඕයි..... පොඩි එකෙක් නෙවේ නේ.... මෙහෙ එනවා ඇවිදගෙන.... "




" එහෙනම් එන්නේ නෑ..... තමුසෙම කාලා නිදාගන්නවා... මට‍ එපා... "




ඒ ටිකට ඇදේ පෙරලිලා බෙඩ් ෂීට් එකත් පොරවගන්නවා..




" යකෝ මේකි.... "




" යසාරා.... නැගිටපම්.... "




" වඩාගෙන යන්න.... "




" මල වදේ.... එනවා ඉතින්..... "



මන් කියද්දී පොඩි එකෙක් වගේ හිනා වීගෙන ඇගේ එල්ලුනේ....




" උබව බැන්ද එකේ ළමයෙක් අරන් හදාගන්න තිබ්බේ මට‍.... "




" ඒ ඇයි... "




" නිකන් "




ආයේ මොකුත් කියන්නේ නැතුව මගේ බෙල්ල වටේ අත් දාලා බදාගෙන... වැටෙයි කියලද කොහෙද ඉන වටේ ඒ කකුල් වලින් තදට වෙලාගෙන..




වඩාගෙන ඇවිත් කෑම මේසේ පුටුවකින් ඉන්දුවා




" ඒ පාර මොකද..... ඉන්න ඔහොම... මන් කෑම එක අරන් එන්නම්..... "




ගෙන්න ගත්ත ඉදි ආප්ප පාර්සලෙන් ඉදිආප්ප ටිකක් පිගානට දාන් ඒකටම සම්බෝලයි හොදියි දාගෙන මන් අරන් ගියා




පිගාන මේසෙන් තියලා මන් පුටුවක් ඇදලා වාඩි වෙද්දී




" කෝ මට‍... "




" ආන් තියෙනවා ඕනේ නම් බෙදන් කනවා.... "




" ඉන්නවකෝ ආයේ නම් කිසි දෙයක් කරන්නේ නෑ මන්.... "



පුටුවෙන් නැගිටලා යන්න හදද්දී ඒ අතකින් ඇදලා මන් ගාවට අරන් ඔඩොක්කුවෙන් ඉන්දවගත්තා




" ඕකෙන් කන ගමන් මටත් කවනවා..... "




දෙන්නම කාලා ඉවර වුනාම පිගානත් සෝදලා වතුර බීලා ආයෙම ඇදට ආවා




" නදිව්.... "



" ම්ම් "



" අයිස්ක්‍රීම් ඕනේ.... "



" දැන් එපා.... හෙට දවල් කන්න..... "




" බෑ... දැන් ඕනේ.... ඔයා රෑට අයිස්ක්‍රීම් කන්න එපා කිව්වාම මන් එකදවසක්‌වත් රෑට කෑවේ නෑ මේ අවුරුදු ගානටම..... අද ඕනේ ඕනෙමයි....... "




" නෑ... ඕනේ නෑ..... නිදාගනින්.... "



" මන්ම ගිහින් කන්නම්.... "



ඒ පාර ඇදෙනුත් බැහැල ඉවරයි....




" ඉන්නවා ඔහොම... මන් ගෙනත් දෙන්නම්..... "



ඒ පාර ආයෙත් ගොන් විදිහට හිනා වෙලා ඉන්නවා.....



උබ නම් පිස්සු කෝච්චියක් මැණික....



ෆ්‍රිජ් එකේ තිබ්බ වොන්ඩර් කෝන් එකක් ගිහින් දුන්නම ඒක කාලා තමා කෙල්ල නිදාගන්න ආවේ....



කොහොමත් දෙයක්‌ ඕනේ නම් ඒක අරන් මිසක් අතාරින ගෑනියෙක් නෙවේ නේ.....




" තුරුල් කරගන්න කෝ අනේ.... "




" කියන දේ අහන්න බැරි උන්ව තුරුල් කරගන්නේ නෑ..... "




" ඉතින් ආස හිතුන නිසා නේ අයිස්ක්‍රීම් ඕනේ කිවුවේ.... "



" හා "



" ආයේ එපා... අයිස්ක්‍රීම් කන්නේ නැතුව ඉන්නම් මන්..... "



අඩන්න වගේ ඒ පාර... පොඩ්ඩක් අවුස්සලා දාන්න ඕනේ



" මට‍ වැඩක් නෑ.... කැමති දෙයක් කරගන්නවා... "



මන් අනික් පැත්ත හැරිලා නිදාගෙන වගේ ඇස් පියා ගත්තා




" මන් අයියටයි තාත්තාටයි තමුසෙගෙ ගෙදර හැමෝටමයි කියනවා මට‍ ඕනේ දේවල් දෙන්නේ නෑ කියලා..... "




මොකක් ද යකෝ ඒ වුනේ...




" ඉතින් කියනව මන් බය වෙයි... "




" මේ පැත්ත හැරෙනවා...."




" කට පියන් නිදාගනින්.. "




නැගිටලා මගේ උඩින් පැනල ඇවිත් නිදාගෙන මට‍ තුරුල් වෙනවා



" ආයේ අයිස්ක්‍රීම් කන්නේ නැතුව ඉන්නම්.... හ‍රි නේ එතකොට... දැන් තුරුල් කරගන්නවා මාව.... "



හෙමීට අත් යවල කෙල්ලව තුරුලට අරන් ඒ නලලට හාදුවක් දීලා මන් ඇස් පියා ගත්තා....




උබ නැති දවසක ජීවත් වෙන විදිහක් මන් දන්නේ නෑ මැණික..... මගේ මුළු ලෝකෙම උබ.... උබ තාමත් පොඩි එකෙක් වගේ හැසිරුනාට මන් උබට කියාගන්න බැරි තරමට හරි ආදරෙයි....



Yasaras' POV:





මගේ පපුව උඩ නිදන් ඉන්න එයාව කොට්ටෙන් තියලා කොන්ඩේ බන් එකක් දාන් මන් ඇදෙන් බැස්සේ...




" කොහෙද යන්නේ.... ඉන්නවා තව ටිකක් ඔහොම.... "




" වැඩ ගොඩක් තියෙනවා නදිව්... ඔයා නිදාගන්න..... "



ඒ කම්මුලක්‌ ඉබල කියලා මන් බාත් රූම් එකට ගිහින් මූණත් සෝදන් ඇවිත් ඇදුම මාරු කරන් පහලට ගියා




දවස් හතරක් ගෙදර හිටිය නැති නිසා ඔක්කොම වගේ හැඩි වෙලා...



මුලින්ම කිරි එකක් හදාගෙන බිස්කට් දෙක තුනක් පොගවාගෙන කාලා තේ එක බීලා කුස්සිය අස් කර ගත්තා



උදේට කන්න කිරි බත් හදලා ඉවර වෙනකනුත් නදිව් නිදි...



එයාට හදපු කිරි එකත් අරන් මන් කාමරේට යද්දී මූන සෝදන් ඇවිත්...



මග් එක එයා අතට දීලා හැමදාම වගේ හම්බෙන කිස් එකෙන් පස්සේ මන් ආයෙම පහලට



පල්ලෙහා තට්ටුවම අස් කරලා අතු ගෑවම තමා නදිව් පහලට ආවේ...



ඒත්.... ඒ මූනේ තියෙන්නේ කලබල ගතියක්....




සෝෆා එකෙන් වාඩි වුනාම මන් ළගට ගිහින් ඒ කම්මුලකට අත තියන් ඇහුවේ ඇයි කියලා...




" මමාට සනීප නෑලු බබා..... කන්නෙත් නෑ ලු..... "




" අපි ගෙදර යන් එහෙනම්.... "




" කාලා ලෑස්ති වෙන්න..... "




" මන් අත්තම්මට සුප් එකක් හදන්නම්... එතකන් ඔයා කනවද..... "




" හ්ම්... "



කර කර හිටිය වැඩ ටික පැත්තකට දාලා මන් කුස්සියට ගිහින් සුප් එක හදාගන්න ලෑස්ති කරද්දී එයා ඇවිත් ප්ලේට් එකකට කිරිබත් බෙදාගෙන ලුණු මිරිස් එක්ක කන්න ගත්තා...



ඒ කන ගමන් මටත් කැව්වා...



සුප් එක හදලා ඉවර කරන් ඒක ටිකක් නිවෙන්න තියලා ඇවිත් දෙන්නා එක්කම ලෑස්ති වුනා




" දවස් දෙක තුනකට රෙදි ගන්න මැණික.... අපි ටික දවසක් ගෙදර ඉමු.... "




" හාම්... "




" කමක් නෑ නේද..... "




" ඒක හොදයි නදිව්.... නැත්තන් අක්කටම ඔක්කොම දේවල් කරන්න අමාරුයි නේ... "




රෙදි බෑග් එක කාර් එකට දාන්න නදිව් යද්දී මන් සුප් එක අරන් ඇවිත් ගෙදර දොරවල් ජනෙල් ඔක්කොම ලොක් කරලා කාර් එකට නැග්ගා...




ගෙදර එනකම් වැඩිය කිසි කතාවක් නෑ.....



ඒ මූන හරියට වෙනස් වෙලා....




හරියට දැන් අවුරුදු දෙකකට කලින් පපා නැති වෙද්දී තිබුන මූන වගේ....




ඒ හිත තේරුම් ගන්න මට‍ පුළුවන් වෙද්දී මන් ඒ අතක් අරන් මගේ අතක පටලවගත්තා...




" මට‍ බයයි සාරා.... "




" අත්තම්මට මොකුත් වෙන්නේ නෑ මහත්තයෝ.... "




එයාගේ ජීවිතේ අම්මාගේ හිස් තැන පිරෙව්වේ එයාගේ අත්තම්මා....


මන් දන්නවා එයාගේ මමාට පුදුම තරම් එයා ආදරෙයි.....




විනාඩි හතළිහක් වගේ යද්දී අපි ගෙදරට ආවා....



කාර් එක ගේට් එකෙන් ඇතුලට දාන ටිකට අයියගේ පොඩි උන් දෙන්නා කෑ ගහගෙන එලියට ඇවිත් ඉවරයි.....




" පුංතී.......... "



චූටි කෙල්ල ඇවිත් මගේ ඇගටම පනිද්දී ලොකු මෑන් බාප්පා එක්ක කතාවක්......




" අත්තම්මී ඇස් අරින්නේ නෑ බාප්පි.... කතා කරාම මොනාද කියනෝ..... මන් ඇස් දෙක ඇරලත් බැලුවා..... "




" කෝ දැන් අත්තම්මා.... "




" එයාගේ කාමරේ... හැමෝම එතන..... අනේ එයාට නැගිටින්න කියන්නකෝ.... "




නදිව් පස්සෙන්ම මාත් දෝනිවත් වඩාගෙන ගේ ඇතුලට ගියා....




අඩි ඉක්මන් කරලා නදිව් අත්තම්මගේ කාමරේ පැත්තට යද්දී මාත් ඒ පස්සෙන්ම ගියා




අත්තම්මා ඇදේ නිදාගෙන ඉන්න විදිහ දැක්කම බඩ පපුව පිච්චිලා යනවා වගේ දැනෙන්නේ.....



ගිය සතියේ අපි එද්දී හිටිය විදිහට නෙවේ දැන් ඉන්නේ.... ඊටත් වඩා කෙට්ටු වෙලා....



ඇස් දෙක පියාගෙන අරින්නෙම නෑ....



නදිව් ගිහින් ඇදේ අයිනෙන් වාඩි වෙලා අත්තම්මගේ අතක් අල්ලන්..




" මමා.... මන් ආවා.... ඔයාගේ සුදු පුතා ආවා.... "




" අනේ මමා... එක පාරක් ඇස් ඇරලා බලන්නකෝ..... "




අත්තම්මගේ ඔලුව අතගාන ගමන් නදිව් කියවනවා....




චූටි දෝනිව අක්කගේ අතට දීලා මාත් ගිහින් නදිව් ගාවින් වාඩි වෙලා අත්තම්මට කතා කරා




" අත්තම්මේ.... ඇස් අරින්නකෝ.... මේ... ඔයාගේ දෝනි ආවා..... "




ලාවට වගේ ඇස් ඇරලා බලලා හිනාවෙලා ආයෙම ඇස් වහ ගන්නවා...




" ඊයේ ඉදන් කාලා නෑ බන්.... "



අයියා කියද්දී




" අපි සුප් බොමු... හා නේද.... මන් හදාගෙන ආවේ අත්තම්මට.... "




නදිව්යි අයියයි එකතු වෙලා අත්තම්මව ඇද විට්ටමට හේත්තු කරද්දී අක්කා සුප් එක බෝල් එකකට දාලා ගෙනත් දුන්නම මන් හෙමින් සැරේ ඒක පොවන්න පටන් ගත්තා....




" ඇති... "




" ඇති කියලා බෑ නේ... මේ තව එහෙමම තියෙනවා.... "




" රසයි.... "




" තව ටිකක් බොමු එහෙනම්... "



තවත් කටවල් දෙකක් බලෙන් පෙව්වාම බෙහෙත් ටිකත් කට්ටියම එකතු වෙලා පෙව්වා...




" නිදිමතයි.... "



නදිව් අත්තම්මව ඇදෙන් හාන්සි කරාම කාමරේ ලයිට් එකත් ඕෆ් කරලා කට්ටියම එලියට ආවේ එයාට ටිකක් නිදාගන්න දෙන්න හිතාගෙන.....



සාලෙට වෙලා අක්කා ගෙනත් දුන්න තේ එක අපි බොන ගමන් ඉද්දි අක්කා ආයෙම සැරයක් අත්තම්මගේ කාමරේට ගිහින් බැලුවේ සද්දයක්‌ නෑ කියලා...




" දිනුක් ඉක්මනට එන්න.... අත්තම්මට මොනාද වෙනවා..... "




අක්කා කෑ ගහල කියද්දීන් අපි සේරම කාමරේ ඇතුලට ගියා




" මමා.... මමා..... ඇස් අරින්නකෝ...."




අයියා අත්තම්මගේ අතේ නාඩි වැටෙනවාද බලලා


" මන් ඩොක්ටර් කෙනෙක් එක්කන් එන්නම් ඉක්මනට... "




කියලා යද්දී




" අනේ අත්තම්මා.... ඇස් අරින්නකෝ.... "




නදිව් ටිකකින් අත්තම්මගේ පපුවට කන කියලා බලලා බිදුන හඩකින්..




" මමා... හ්..හුස්..ම... ගන්..නේ නෑ... නේ..."




" නෑ... එහෙම වෙන්න බෑ..... "




මන් අඩාගෙනම අත්තම්මා ගාව ඉද ගනිද්දී




" අනේ මමා ඇස් අරින්නකෝ.... ඔයා කොහොමද මාව දාලා යන්නේ..... ඔයා මගේ අම්මනේ.... "




විනාඩි දහයක් වගේ යද්දී අයියා ඩොක්ටර් කෙනෙක් එක්කන් ආවා



ඒ වෙද්දීත් අහල පහල ගෙවල්වල අය ගෙදරට ඇවිත් ඉවරයි අපේ ඇඩුම් සද්දෙටම.....




ඩොක්ටර් ඇවිත් අත්තම්මව චෙක් කරලා බලලා අයියා දිහාට හැරිලා




" මන් ලෙටර් එකක් දෙන්නම්... G. S. ට කියලා වැඩ ටික කරගන්න එහෙනම්..... "



කියලා අයියගේ පිටට තට්ටුවක් දැම්මා....




පොඩි ළමයි නෙවේ එයා කියපු දේ අපිට නොතේරෙන්න....




ගෙදර හැමෝම අඩන්න පටන් ගනිද්දී මන් දන්නේ නෑ.... මට‍ කිසිම සිහියක් නෑ....



" ඔයා කොහොමද අත්තම්මා මෙච්චර ඉක්මනට අපිව දාලා ගියේ.... ඇයි..... "



මන් අත්තම්මා ගාවට වෙලා අඩද්දී



" නදිව් එයාට ඇස් අරින්න කියන්න.... එයා එයා අපිව දාලා ගිහින් නෑ නේද..... "




" මගේ මැණික..... "




" එ... එයා කිව්වා අපි බබෙක් ගේනකම් ඉදලා තමා යන්නේ කියලා... එහෙම කියලා මෙච්චර කලින් ගියේ ඇයි අහන්නකො.... "




__________________




අත්තම්මා..... මගේ ජිවිතේ මන් ගොඩක් ආදරේ කරපු කෙනෙක්.... ඉන්නකොට වඩා නැති වෙද්දී පුදුම විදිහට දැනෙනවා ළමයි ඒ අඩුව.... එයා අපිව දාලා ගියාම ජිවිතේ ගොඩක් වෙනස් වුනා....



තාමත් මට‍ දරාගන්න බැරි දේවල් ගොඩේ අත්තම්මගේ නැති වීම ඉහලින්ම තියෙනවා... ඒ අඩුව පුරවන්නත් බෑ.... පිරවෙන්නෙත් නෑ....



මේ ටික ලියද්දි මාස තුනකට කලින් අතීතේට ආයෙම ගිහින් ඒ මතක අලුත් වෙලා මන් ඇඩුවා 🥺💔


මේ තියෙන්නේ මගේ අත්තම්මා මැරුණ විදිහ....🙂 ඒත් කතාවට නිසා දෙබස් විතරක්‌ පොඩ්ඩක් වෙනස් කරා...


දැනුන දේවල් අකුරු කරලා කියනව නේද අදත්....


ඔයාලා කතාවට දෙන ආදරේට මන් හ‍රි ලෝබයි ළමයි.... 🥺💗ඔයාලගේ ඒ වචන හ‍රි බරට මගේ හිතට වදිනවා..... මන් ඇත්තටම හ‍රි සතුටෙන් කතාව ලියන්නේ.... මන් ඔයාලට හ‍රි ආදරෙයි....


300 reaction & 300 comments for next........ 💗


දැනුන දෙයක් කියන් යමු....


ආදරෙයි උතුරන්නම....❤️‍🩹💐



Oshi Karunathilake

Report Page