විසල් ආදරේ

විසල් ආදරේ

Oshi Karunathilake









විසල් ආදරේක පහස සොයනා දගකාරිය......








Special Episode 01








විසල් ආදරේ එක පෙලට


https://telegra.ph/%E0%B7%80%E0%B7%83%E0%B6%BD-%E0%B6%86%E0%B6%AF%E0%B6%BB-04-21-2





" බබා.... මොකක්ද මේකේ තේරුම.... "



මහ දවල් කොට්ටේ අස්සේ මූන හන්ගන් ඇද බදාගෙන හිටිය මන් උඩ ගියේ අම්මගේ සද්දෙට



" ඇයි අම්මා "


" ගෙදර යන්නේ නැද්ද "


" මොන ගෙදර ද..... මේ ඉන්නේ මන් ගෙදර..."


" මේ ගෙදර නෙවේ..... ඔයාගේ ගෙදර "


" ඉතින් මේ මගේ ගෙදර නේ... "


" මගේ යකා අවුස්සන්නේ නැතුව ගෙදර යනවා...... "


" අනේ අම්මා.... "


" බලනව බබා දැන් දවස් කීයක් ද..... අර කොල්ලා තනියම අරහේ... තරහ වෙලා කියලා ඔහොමත් ගෙදර ඇවිත් ඉන්නවද.... "


" යන්න බෑ මට‍ ආයේ "


" එහෙනම් මන් නදිව්ට කෝල් කරල කියනව ඇවිත් මෙහෙ ඉන්න කියලා.... "


" මොන වදයක් ද අප්පා..... ඔයත් දැන් එයාගේ පැත්තේ නේ..... "


" ඔව්.... දැන්ම ගිහින් අර ගෙනාපු රෙදි ටිකත් ආයෙම අරන් ගෙදර යන්න..... "


" ඔයාටත් ඕනේ මාව එළවගන්න.... "


" ඔයාමනේ කසාද බැදලා ගියේ එයා එක්ක තනියම ඉන්න.... "


" හ‍රි ඔහොම යමුකෝ....."


අම්මටත් ගස්සගෙනම මන් බාත්රූම් එකට ගියේ තරහෙන්ම....


දවස් හතරක් අදට මන් ගෙදර ඇවිත්....


රණ්ඩු වෙනවා තමා... ඒත් මන් ගෙදර යනකම් මොකුත් කියන්නේ නැතුව බලන් හිටියා මිසක්


" කොහෙද ඕයි යන්නේ මාව තනියම ගෙදර දාලා.... තමුසෙට එහෙම යන්න පුළුවන් ද....."

කියලවත් ඔය මිනිහා කිවුවේ නෑ....


බොරුවට රෙදි ටික බෑග් එකකට දාන් ගෙදරින් එලියට බැස්සත් නදිව් ඒ කරපු දේ නිසාමයි ගෙදර ආවේ


ගෙදර ආවම එක කෝල් එකක්වත් ගත්තේ නෑ.... දවස් හතරක් කතා කරලත් නෑ......


" කොහෙන් හ‍රි ගෑනියෙක් ගෙනල්ලාවත් ද..... "


එකපාරටම හිතට ආපු දේ නිසා වොෂ් එකක් දාන් ඇවිත් අතට අහු වුණ ගවුමක්‌ ඇද ගත්තා


කොන්ඩේ බන් එකක් දාන් උස්සන් ආව බෑග් එකත් අරන් මන් පහලට බහිද්දී අම්මා සෙටියේ ඉදන් තේ බොනවා.....


" යන නිසා තේ හැදුවේ නෑ.... ගෙදර ගිහින් දෙන්නා එක්කම බොන්න එහෙනම්...... "


අම්මත් කරන්නේ මගේ තරහ ඇවිස්සෙන වැඩමයි


"හ්ම් "


කියලා දන ගහල අම්මට වදිද්දී


" පුතා ගෙදර නම් නෑ... හොටෙල් එකේ ඉන්නේ..."


" හ්ම් "


මන් එයාට කතා කරේ නැතුවට එයාගේ ආදරණිය නැන්දම්මා හැමදාම දවසට තුන් හතර පාරක් එයාගේ පුතාට කතා කරලා බැලුවා...


ඩිග්‍රි එක කම්ප්ලිට් කරලා කන්වශේෂන් තිබුන දවසේ අප්පච්චි හ‍රි ආදරෙන් මට‍ අරන් දුන්න කාර් එකෙන් මන් අපේ හොටෙල් එකට....


හදිස්සියට ආවට හෑන්ඩ් බෑග් එකක්වත් නෑ යකූ....


කමක් නෑ පර්ස් එකත් කාර්එකෙම තියලා ෆෝන් එක විතරක් අරන් කාර් එකෙන් බැස්සා


" අවුලක් නෑ ඇතුලට යන්න පුළුවන් මනුස්ස පාටට ඉන්නවා..... "


මන් මටම කියාගෙන මේන් එන්ට්‍රන්ස් එකෙන් ඇතුලට යද්දී


" ගුඩ් ආෆ්ටර්නූන් මෑම්..... "


රිසෙප්ෂන් එකේ ගර්ල් දත් තිස්‌ දෙකම එලියට දාලා විරිත්තලා කියද්දී


හිනාවක් විතරක් දාන් මන් ඇතුලට ආවා


ලිෆ්ට් එකෙන් හතර වෙනි තට්ටුවට ගිහින් ඊටපස්සේ ඇවිදගෙන කෙලවරේම තියෙන CEO ගේ රූම් එක පැත්තට මන් යද්දී කොහෙද ඉදලා ආව කෙල්ලෙක්


" එක්ස්කියුස් මී වෙයා ආර් යූ ගොයින්.... "


" ටු මීට් CEO..... "


" අපොයිමන්ට් එකක් දාලද ආවේ "


" ඒ මොකටද "


" සර්ව මීට් වෙන්න..... "


" මගේ මිනිහව හම්බෙන්න මන් අපොයිමන්ට් දාන්න ඕනෙද ගෑනියේ.... "

කියන්න කටට ආවත් ඒක වාවගෙන


" නෑ "


" සොරි..... ඔයාට සර්ව මීට් වෙන්න දෙන්න විදිහක්‌ නෑ..... යූ කැන් ගෝ නව්.... "


" ඕකේ.... "


ආයෙම මන් අඩිය තියලා ඉස්සරහට ඇවිදන් යද්දී


" ඔයාට කියන සිංහල තේරෙන්නේ නැද්ද.... "


ඒ කටුස්සි කෑ ගහනව ඇහුනත් මට‍ නෙවේ වගේ මන් නදිව්ගේ රූම් එක ගාවටම ආවා

මන් හිතන්නේ මන් කවුද කියලා එයා දන්නේ නෑ.... අනිවාර්යෙන් අලුතෙන් ආව කෙනෙක් වෙන්න ඕනේ


" ඒයි ඔහොම ඉන්නවා යන්න එපා..... තමුසෙට කියන දේ ඇහෙන්නේ නැද්ද..... "


උස හීල් එකක් දාන් කොරවක්කන්ගේ ස්ටයිල් එකෙන් ඉස්සරහට ඒකී එද්දී මන් දොරත් ඇරන් ඇතුලට ගියා


" අම්මෝ....... මෙන්න මේකි ඇවිත්...... "


පුටුවක ඉදන් හිටිය හිමෙත් සද්දෙට කිව්වත් මට‍ ඒවා අහන්න ඕනේ නෑ.....


දරාගන්න බැරි බැල්මකින් මන් දිහා බලන් ඉන්න නදිව්ගේ උකුලට මන් පැන්නේ හිමෙත් පුටුවෙන් නැගිටිද්දී

දවස් හතරක් තිස්සේ හිර කරන් හිටිය කදුළු එයා ගාව වැටෙද්දී මගේ ඉන වටේ අත් යවල එයා මාව තවත් එයාට තුරුල් කර ගනිද්දී..... අඩ අඩාම මන්...


" මාව එ... එපාද.....නදිව්...... තමු....සේ කො..හො..මද ඔහො.. ම..ම ඉ..න්...නේ...."


" මමද ගියේ එපා කියලා..... "


" මට‍ බෑ.... ඔ..ඔයා... නැතුව.... ඉන්න.... මන්... ආ.... ආදරෙයිනේ...."


මොකුත් නොකියා තවත් එයාට තුරුල් කරන් මගේ නළලින් ඒ දෙතොල් තද වෙද්දී.....


" ස්.... සර්...... "


කලින් මට බැනපු කටුස්සිගේ කට හඩ මට‍ ඇහෙනවා......

මේක තමා අවස්ථාව... දෙන්නම් උබට.....


" කියන්න දිල්කි "


" සර්... මේ ගර්ල්..... එයා එපා කියද්දී සර්ගේ රූම් එකට ආවේ...... "


මූන උස්සල බලන්නේවත් නැතුව නදිව්ගේ පපුව අස්සේ මූන හන්ගගන්න ගමන් ඉකියක් එක්කම


" ඒ... එයා... මට‍ හො..දටම.....බැන්නා... නදිව්..... ඔයාගේ රූම් එකට... ය... යන්න.. දෙන්න බෑ... ක්‌... කියලා..... "


ඒ අත් මගේ ඉනට තවත් තද වෙද්දී මන් දැන ගත්තා එයාට තරහ ගියා කියලා.....

එයා කැමති නෑ කවුරුත් මට‍ වචනයක්වත් කියනවට.....

ඉතින් මට‍ මෙච්චර ආදරේ කරන එයා.....


" තමුසේ කොහොමද දිල්කි මෙයාට එහෙම කතා කරන්නේ.... "


" ස්... සර්..... "


" මේ මගේ වයිෆ්.... තමුසේ දන්නේ නැති වුනාට ඒක මේකේ හැමෝම දන්නවා.... "


" සර්.... සොරි.... දන්නේ නැතුව.... "


" බොරු නොකියා යනවා හලෝ.... නදිව්ගේ වයිෆ් කවුද කියලා උබ දන්නවානේ ..... "


පැත්තක හිටපු හිමෙත් කියද්දි....


" මේක හොදටම ඇති හිමෙත්.... මේකිව අස් කරලා දාපන්..... "


" සර්....එහෙම කරන්න එපා... ආයේ එහෙම වෙන්නේ නෑ....."


" සතියක් දෙන්නම්.... ජොබ් එකක් හොයාගන්න..... "


" අනේ සර් ප්ලීස්..... "


" ජස්ට් ගෙට් අවුට්.... "


මන් කරේ වැරද්දක් ද.... ඒ කෙල්ලව ජොබ් එකෙන් අයින් කරන්න තරම්.... ඇයි ඒ....

ඒ කෙල්ල අඩාගෙනම රූම් එකෙන් එලියට යද්දී


" නදිව්...... "


" ම්ම්.. "


" ඇයි ඒ.... එයාව ජොබ් එකෙන් අයින් කරන්න තරම්..... "


" ඒක තමුසෙට වැඩක් නෑ යසාරා.... "


" නෑ... වැඩක් තියෙනවා.... "


" ඒකී මුට ලයින් බන්....මුගේ කරේ එල්ලෙන්නමයි බලන් ඉන්නේ.... දවසක් මගෙන් මූ ගැන විස්තර අහද්දී මන් කිව්වා නදිව් මැරිඩ් කියලා.... උබලා දෙන්නගේ වෙඩින් ෆොටෝ එකකුත් පෙන්නුවා..... "


" ඉතින්.... "


" ඒකී ඒත් මූ පස්සෙන් එනවා.... "


" නතර කරපං ඕක දැන්.... "


" උබටත් කියද්දී තමා නරක..... ඒකී අරව මේවා ගෙනත් දෙද්දී හොදයි...."


" බල්ලෝ..... "


" එහෙනම් පරිස්සමින් මා එකා.... අපි ගියා බායි..... "


හිමෙත් ශේප් එකේ මාරු වෙලා යද්දී


" උගේ බොරු ඕයි ඔය.... "


කියලා කිවුවත් මගේ ඇස් රැදිලා තියෙන්නේ ෂර්ට් එකේ උඩම බට්න් දෙක ඇරලා දාලා හින්දා පේන කොටසේ....

තරහටම එයාගේ බෙල්ලට පහලින් හපද්දී.......


" රිදෙනවා ගෑනියේ.... හපන්න එපා..... "


" මන් හැපුවම තමා වැරදි..... අතාරිනවා මට‍ යන්න ඕනේ.... "

එයාගෙන් ගැලවෙන්න මන් දගලද්දී


" මෙන්න මෙහාට එනවා.... "


ආයෙම මාව ඇදලා අරන් ඒ පපුවට තුරුල් කරන් මගේ බෙල්ල අස්සේ ඒ මූන හංගගෙන ඉන්නේ


" නදිව්...... "


" ම්ම්...."


" සොරි.."


" ඇහුනේ නෑ..... "


" සොරි.... ආයේ යන්නේ නෑ කොහෙවත් ඔයාව දාලා..... "


" හ්ම්..... "


" මන් යද්දී ඇයි නතර කරේ නැත්තේ... "


" නදිව් කතා කරන්න.... "


කිසිම දෙයක් කියන්නේ නැතුව මගේ ගෙල පාමුල කිස් කරන එයාගෙන් මන් ආයෙම අහද්දී


" පහුවදා මන් කොළඹ ගියා....අද උදේ ආවෙත්....එතකොට කොහොමත් තමුසෙව අම්මලගේ ගෙදර ගිහින් දාලා නේ මන් යන්න ඕනේ.... තමුසෙම යද්දී ඉතින් ඒක මටත් ලේසි නිසා නිකන් හිටියේ..... "


" තමුසේ මහා ජරා මිනිහෙක් නදිව්...... "


අත් දෙකම මිටි කරලා ඒ පපුවට ගහද්දි


" රිදෙන්නේ නෑ ඕයි මට‍....... "


" හපනවා මන් ඔහේව....."


" ඒක විතරයි නේ ඉතින් පුළුවන්.... "


" යනවා යන්න මන් ආයෙම ගෙදර.... එන්නේ නෑ මේ පැත්තකටවත් ...."


" පුළුවන් ද මන් නැතුව එහෙම ඉන්න.... "


" සාරා.... කියනවා ඉතින්.... "


ෂර්ට් එක උඩින්ම මන් තොල් තද කරලා ඒ පපුවට හාදුවක් විතරක් දීලා ආයෙම එයාට තුරුල් වෙද්දී


" බලනවා මගේ ඇස් දිහා..... "


මගේ නිකටෙන් උස්සලා එයාගේ පැත්තට මූන හරවන්....




" පේනවද මේ ඇස් ඇතුලේ තියෙන ආදරේ.... "




හැමදාම වගේ අදත් ඒ දිලිසෙන තද කළු ඇස් ඇතුලේ මන් අතරමන් වෙද්දී




එයා හ‍රි සීරුවට එයාගේ තොල් වලින් මගේ තොල් අල්ලගෙන හාදුවක් දුන්නේ දවස් ගානකට පස්සේ.......




" ඔහ්... ස්.. සොරි..... මන් පස්සේ එන්නම්.... "




ඇහුන කට හඩට දෙන්නම ගැස්සිලා යද්දී මන් නදිව්ගේ තුරුලේම හැන්ගුනේ ලැජ්ජාවට....




" කියපන් දිනෙත් "




" ඊලග දවසේ දොර ලොක් කරන් කරන මගුලක් කරපං.... අපි තාම පොඩි උන්.... "




" මගෙන් අහගන්න එපා තෝ... "




" මොකද නංගි හැංගිලා..... මන් කාටවත් කියන්නේ නෑ මේවා .... "



හිනාවෙන ගමන් දිනෙත් කියන ඒවා ඇහෙද්දී මගේ අත් වලට නදිව්ගේ ෂර්ට් එක පොඩි වෙලා ගියා




" නතර කරපන් බන් ඕක..... දැන්ඇති... "



මාව තේරුම් අරන් එයා එහෙම කිව්වම....




" අප්පෝ හ‍රි බන්... විහිළුවක් කරේ..... මේ ෆයිල් දෙකේ සයින් කරපන්.... "



මාවත් තුරුලේ තියාගෙනම එයා ෆයිල් දෙක සයින් කරලා දිනේත්ට දෙද්දී




" බාධාවක් වුනා නම් කමාවෙන්ඩ... ඉතුරු ටික කන්ටිනිව් කරන් පලයන් දැන්.... "




" හවස වැඩ ටික බලපන්.... මන් දැන් යනවා..... "




" ඕකේ බොස්... "




දිනෙත් දොර වහන් එලියට ගියාම




" ඌ ගියා... දැන්වත් ඔලුව උස්සනවා.... "




එතකොට තමා මෙච්චර වෙලා එයාගේ පපුවේ තියන් හිටපු මූන ඉස්සුවේ




" යමුද.... "




" හ්ම්... "




ආයෙම මගේ නළලින් තොල් තද කරාම එයාගේ උකුලෙන් මන් බැස්සේ.....




________________




ගෙදර ඇවිත් නාලා මන් කුස්සියට ඇවිත් තේ හදන්න ගත්තා



තේ කෝප්ප දෙකක් හදලා ෆොටෝ එකක් අරන් අම්මට යවන්න ඕනේ....



" ගෙදර ගිහින් දෙන්නත් එක්කම බොන්න.."



කිව්වා නේ.... බිව්වා කියලා පෙන්නන්න එපැයි



කිරි තේ පුරවපු මග් දෙකත් අරන් මන් සාලෙට යද්දී නාලා ඉවර වෙලා ඇවිත් සෝෆා එකේන් වාඩි වෙලා අතින් කොන්ඩේ හද හදා නදිව් ඉන්නවා....



මග් දෙක ස්ටුල් එක උඩින් තියලා ෆෝන් එක අරන් ෆොටෝ එකක් ගත්තා



" ඔය මොකද "



" ඇයි "



" කවදාවත් නැතුව තේ කෝප්පෙක ෆොටෝ ගහන්නේ "




" අම්මට යවන්න "




" විකාර නැතුව ඉදපන්.... "



මගේ අතින් ෆෝන් එක උදුරලා අරන් ෆොටෝ එක ඩිලීට් කරලා දැම්මා




" අම්මා කිව්වා ගෙදර ගිහින් තේ හදන් බොන්න කියලා.... "




" මෝඩි.....මෙහාට එනවා..... "




" මන් මෝඩ හින්ද හොදයි ඉතින්... "



මාව එයාගේ ළගට ඇදලා අරන් එයාගේ නිරුවත් පපුවට හේත්තු කරන් එයා තේ බොනවා



තේ බොන ගමන් දෙන්නා එක්කම ගිරිපුර ඇත්තෝ බැලුවා



කසාද බැන්දා කියලා කාටුන් බලන්න තහනම් නෑනේ.....




" කොහෙද යන්නේ.... "




" උයන්න ඕනේ.... රෑට කන්නේ නැද්ද..... "




" අද ඕනේ නෑ..... "




" ඔයාට බැරි නම් නිකන් ඉන්න.... මන් හරියට කාලත් නෑ මේ දවස් ටිකේ.... "




" මන් තමුසෙට කන්න එපා කිවුවේ නෑ නේ... "



නෝන්ඩියට හිනා වෙන ගමන් කියන්නේ



නෑ කිසි දෙයක් කියන්න ඕනේ නෑ...


මන් හරියට කන්නේ නැතුව හිටියට මේ මිනිහා කාලා..... මට‍ තේරෙනවා...




" මොකද ගස්සන්නේ.... මන් ඕවට බය නෑ.... "




" මන් බය වෙන්න කිවුවේ නෑ.... "




අඩි දෙකයි යන්න පුළුවන් වුනේ




" බිමින් තියන්න මාව "




දෝතට උස්සන් ආයෙම සාලේ පැත්තට




" ඇහෙන්නේ නැද්ද නදිව්.... බිම තියනවා මාව..... "




" ඔය කට වහපන්කෝ ටිකකට හ‍රි..... "




බිමින් තියන්න කියලා කෑ ගැහුවට යටි හිතෙන් කැමති මෙහෙම මාව තුරුල් කරන් උස්සන් යනවට....



ඉතින් ආයෙම මොකුත් නොකියා ඒ කර වටේ අත් දාලා එයාට තුරුල් වෙද්දීන්... එයා මාව උස්සගෙනම පඩිපෙළ නැගලා කාමරේට....




ඇද උඩින් මාව තියලා එහෙමම මගේ පපුව උඩින් ඔලුව තියන්....



හෙමීට ඒ කෙස් අතරින් මන් ඔලුව අතගාද්දී....




එයා චුට්ටක් ඉස්සිලා මගේ දෙතොල් පටලවගත්තා



හෙමීට පටන් ගත්ත හාදුව තොල් වලින් ලාවට ලේ රසක් දැනෙන තරමට රළු වෙද්දී



" ම්හ් "



නදිව්ගේ පිටේ මගේ නියපොතු තද වෙද්දී



මගේ අත ඇදල අරන් ඒ අතකට හිර කර ගත්තා



එයාට ඇතියි කියලා හිතුනම මගේ තොල් අතැරලා



" මන් ආදරෙයි මගේ හුස්මට..... "




ආදරේ උතුරන එයාගේ ඇස් දිහාම බලන්




" නදිව්..... අයි වෝන්ට් යූ..... "



මගේ කටෙන් පිට වෙද්දී ආයෙම එයා මගේ තොල් වලට බර වුනේ ඒ වතට මාව යට වෙද්දී



පැයකට විතර පස්සේ මාව එයාගේ පපුවට තුරුල් කරන් බෙඩ් ෂීට් එකත් පොරවලා




" මහන්සි නම් නිදාගන්න ටිකක්....."




" රෑට කන්නේ නැද්ද....උයන්න ඕනේ.."




" හොටෙල් එකෙන් ගෙන්න ගමු .... මන් ඔඩර් එකක් දාන්නම් තව ටිකකින්.... "




මගේ කෙස් අතරින් එයා සනීපෙට ඔලුව අතගාන ගමන් කියවන්නේ....



තව ටිකක් එයාට තුරුල් වෙලා ඒ උණුහුම් පපුවේ මූන හන්ගගනිද්දී




" ඔය ඇති... ටිකක් නිදාගන්න දැන් ..... "



මගේ නළලට හාදුවක් දෙන ගමන් කියනව....




නදිව්ගේ තුරුලේම එහෙමම ඇස් පිය වුනේ එයාටත් නින්ද යද්දී......




__________________




දවස් ගානකට පස්සේ ආයෙම විසල් ආදරේ එක්ක මන් ආවා ඔන්න 😌


රොමෑන්ටික් දේවල් ලියන්න තේරෙන්නෙ නෑ ළමයි මට‍ 😒


කලින් වගේම තාමත් විසල් ආදරේට ආදරේ කරන අය ඉන්නවා කියලා දැනෙද්දී මට‍ හ‍රි සතුටුයි ළමයි 🥺❤️


300 reaction & 300 comments for next........ 💗


ඔයාලගේ හිතේ ඇදෙන දේවල් අකුරු කරලා කියන්න පුළුවන් නම් මන් තවත් සතුටින් ළමයි 👀🤍


දැනුන දෙයක් කියන් යමු....


ආදරෙයි උතුරන්නම....❤️‍🩹💐


Oshi Karunathilake


Report Page