වියරු ප්‍රේමය 🕊️🥀

වියරු ප්‍රේමය 🕊️🥀

පන්හිද🖌


අවසාන කොටස

 ~PANHIDA ADMIN PANEL~

ආත්මයක් ආත්මයක් පාසා ඔහුවම හඹා ආ ඇගේ කතාව....

පෙරකොටස


ටික ටික කන්ද උඩට එන්නැද්දී ගුරුන්නාන්සේ ජප කරන හඬ ශේද්‍යට අහන්න ලැබුනා..



" භූමී......!!!! භූමී.....!!!! "



එතන උන්න මිනිස්සු හතර දෙනාම ගැස්සිලා යන සද්දෙන් කෑගහගෙන ශේද්‍ය එතනට කඩන් පැන්නා...




 " මෙතන ඇති භූමියෙක් නෑ ඕයී..පොට්ටද තමුසෙ...ආපු දිහාවක් බලන් යනව අයිසෙ...තමුසෙ මේ කෙල්ලට පැණි හැලුව කියල අපි දන්නව..! "



මුදලාලී කෑගහල හිනා වෙන්න ගත්තත් ශේද්‍යගෙ අත් නලියනවා මැරෙනකන් ගහන්න තරම් කේන්තියකින්.. 




 " භූමී...තමුසෙට මාව ඇහෙනවද.. මම කතා කරන්නෙ තමුසෙත් එක්කලා.. ඉන්න තැනකින් එළියට එනව භූමී...මම දන්නව ඔයා හොයපු සැනසීම ඔයාට ලැබුනෙ නෑ කියනෙක.. අහිංසක ඔයාට ඔය වගෙ දෙයක් කරපු උන්ගෙන් ඇවිත් පළිගන්නව භූමී.. "




 ශේද්‍ය කෑගැහැව. රන්හුය ගල කන්ද සිසාරා රැව් දෙන්නම ශේද්‍ය කෑගැහැව...හැබැයි ඒ ශේද්‍ය විදිහට නෙවේ අවුරුදු ගානක් ආදරේ කරලා අවසානෙදී දෙන්නට දෙන්නා එකතු වෙන්න බැරි උන භූමිගෙ පොඩි හාමු විදිහට.. ඇහැළ විදිහට කෑගැහැවා...




කිසි හැලහොල්මනක් නැහැ.. ජප කරන සද්දෙ විතරක් ඉතුරු වෙලා මුලු පරිසරේම නිහඬයි...හරියට ඇහැළව අහන් ඉන්න ගානට පරිසරේම නිශ්චලයී...




 " අනේ...!!!! මගෙ කෙල්ල..!!!"



ඊලග විනාඩියේ කන් දෙදුරුම් කන සයිස් එකටම ඇහුනෙ ශාකීර් එක්කල ආපු ඖෂාලිගෙ අම්මගෙ ලතෝනිය..



අඩාගෙන බිම දන තියන් ඖෂාලි ලග අම්ම වැටුනා...



කෙල්ලව බිලි දෙන්න දාල තිබුන රතු පාට මල් මාලේ ගලවලා කෑලි කෑලි වලට කඩල විසික් කරා...




 ඖෂාලිව නැගිට්ටන්න බොරු උත්සහයක් ගත්තා.. මොකද අම්මා හිටියෙ හිතේ ධෛර්යයෙන් විතරයී...



 නැගිටගන්නවත් ඒ කකුල් වාරු දුන්නෙ නෑ...මොකද කන්ද උඩටම නැගන් ඇවිත් ඒ අම්මට මහන්සියී...




" භූමී... ඔයාට ඇහැළ කියන දේවත් අහන්න බැරිද..?"



හුගක් වෙලා මතක් කරලා මතක් කරලා ශේද්‍ය කට ඇරියා.. භූමිගේ සංවේදීම තැන.. ඇහැළ... !



ශේද්‍ය සාර්තකයී..



හැලහොල්මක් නැතුව බිම ඉදපු ඖෂාලිගෙ ඇස්දෙක හුගක් වේගෙන් ඇරුනා..



ඒ භූමි දන්නව නම් අද වෙද්දි ඇහැළ කියල මනුස්සයෙක් නැ කියලා...එයා එක්කම ඇහැළත් යන්නම ගියා කියලා..




 " ඔයාගේ ඉස්සරහ හතර දෙනෙක් ඉන්නව භූමී.. මුන් නිසා තව ටිකෙන් එදා ඔයාට උන දෙ තව කෙනෙක්ට වෙනව භූමී...අද ඔයා මේක නොකෙරුවොත් හෙට තවත් කෙනෙක්ට වෙයී...ඇහැළවයී ඔයාවයි වෙන් කරා වගේ තව කී දෙනෙක්ව වෙන් කරයිද මුන්..."



භූමි හිටියේ ඖෂාලිගෙ රූපෙන්.. ඖෂාලි නිකන් ම නිකන් මනුස්සයෙක් වෙන්න පුලුවන් භූමි කියල කෙනෙක් නොහිටින්න..



ඒත් ඒ හිතට උන අසාධාරණේට වන්දියක් ඉල්ලන් හරි එයා ආපු එක වැරදීද මන් අහන්නේ.....




 මුදලාලි හිටියෙ බය වෙලා.. නමුත් ගුරුන්නාන්සේගෙ ජප කිරිල්ල නතර වෙලා තිබුනෙ නැහැ..




 " නවත්තහන් ඕක....!!!! "



මුලු කඳු ගැටේම හෙල්ලිලා ගියා කිව්වොත් මම නිවැරදියී...



භූමි නැගිට්ටා.. සාධාරණේ හොයාගෙන ආපු ගමන.. එයා එයාගෙ ස්ව උත්සහයෙන්ම නැගිට්ටා...



 ඒ හැමදේකටම වැඩියේ නැති වීම් නිසාම භූමි බලගතු වෙලා තිබුනා..




 බිල්ලට ලෑස්ති කරල තිබ්බ හැම භාණ්ඩයක්ම හුලගට ගහගෙන ගියා..




 ගුරුන්නාන්සේ ඉදගද්දී කිව්ව දේ එතන හිටපු මහතුංට අමතකම වෙලා ගිහින් තිබුනා..



 මහතුන් ඉදන් උන්නු තැනින් නැගිට්ටා.. නැගිටලා කන්දෙන් පිටවෙන්න තියන දිහාට වේගෙන් දුවන් ගියා...





නමුත් උනේ නොහිතපු දෙයක්....



මහතුංගෙ දිහාවට පෙරලිලා ආපු විශාල ගලක් මහතුන්ව යට කරගත්තෙ හිතන්නවත් වෙලාවක් නොතියා..




 " මුදලාලි මහත්තයෝ...මොනා හරි කරන්න ...."




රනේ මුදලාලි ඉස්සරහ වැදවැටෙන්න ගත්තා.. මරණ භය ඕනවටත් වැඩියෙන් ඇති වෙලා තිබුනා.. ඒත් හිතන්න තිබ්බා එයාලා එක කෙල්ලෙක්ට කරන්න හදපු අපරාදේ...





" කෙල්ලෙක් දිහා නරක ඇහෙන් බලන මනුස්සයෙක් තව මේ ලෝකෙ ජීවත් වෙන්න හොඳ නැහැ... "




ඖෂාලිගෙ ඇඟට ආසාවෙන් හිටපු රනේට හම්බුනේ කොහෙත්ම නොහිතපු විදිහෙ දඬුවමක්...




 රනේට රනේගේ අත් දෙකම අහිමි උනා..




වේදනාවෙන් රනේ කෑගහන්න උනා.. ඒ තරම්ම වේදනාවක් එදා තමන්ගෙ බෙල්ල ඇඟෙන් වෙන් වෙද්දි දැනුන කියලා භූමිට තදේටම මතක තිබුනා...




වේදනාව දරාගන්න බැරි තරම්ම.. රනේ ගෙ සිහිය ටිකෙන් ටික ඈතට යන්න යද්දී භූමිගෙ ඇස් එල්ල උනේ ගුරුන්නාන්සේ දිහාට...





" සල්ලි ලැබෙනව නම් ඕනම දෙයක් කරනවද...මනුස්සයෙක් උනත් මරනවද.. කරද්දි හිතුවද තමුසෙටත් එහෙම මැරෙන්න වෙයි කියල.. බොරුව හංගන්න වැඩිය මහන්සි වෙන්නෝන ඕයීහ්.. එදා මගෙ මරනෙට තමුසෙල දෙන්නම වගකියන්නෝනා.. කලින් මම භූමි වෙලා ඉදපු ආත්මෙදී ලොකු හාමුගෙ හොදම යාලුවො දෙන්නා... ඉතින් එහෙනම් අපි ආයෙත් හම්බ උනා..! "





ගුරුන්නාන්සේගේ ඇස් පුදුමෙන් විශාල වෙද්දී භූමී ඉස්සරහට තිබ්බ පය අඩි දෙක තුනක් පස්සට ගත්තා...




 " අද මොන නාඩගම නැටුවත් මාත් එක්කලා දෙවියො ඉන්නව ... උබලට බෑ ඔය ජප කිරීම් වලින් මාව වට්ටන්න.."




භූමී මහ හයියෙන් කෑගැහැව්වා... ඒක තනිකරම අදෝනාවක්...




හැම දෙයක්ම අහිමි උන ඒ චූටි කෙල්ල....

එදා නොහිතන්නැති කොහෙත්ම මෙහෙම දෙයක්..



ඒ ඇස් අද වියරුවෙන් දිලිසෙනවා...



ඔව් අවුරුදු ගානකට පස්සේ භූමිගේ ආත්මේ සැනසීමක් ලබන දවස අද...



තමන් දිහාට එන ⁣ඔෞෂාලිව පිස්සුවෙන් වගේ මන්තර ජප කර කර නවත්තන්න හැදුවත් ගුරුන්නාන්සේගේ ඒ බොරු උත්සහය ව්‍යාර්ථ උනේ භූමිගේ කුරිරු හිනාව රන්හුය කන්ද සිසාරා රැව් දෙද්දී....




"උබට බෑ අද බේරෙන්න...එදා සල්ලි වලට කෑදර වෙලා උබලා මැ⁣රුවේ භූමිව නෙමෙයි....පණ වගෙ ආදරේ කරපු ඇහැලගේ අහිංසක ආදරේ.... දන්නවද එදා උබලා එහෙම නො කෙරුවනම් කී දෙනෙක් සතුටින් ඉන්නවද කියලා....නෑ උබට සමාවක් නෑ...


තව අහිංසක ජීවිතයක් බිලිදෙන්න මේ භූමි ඉඩදෙන්නෙ නෑ..ඇහලගෙ භූමි මැරුනට ශේද්‍යගෙ ඔෞශාලිව මරන්න ඉඩ තියන්නෙ නෑ..බලාගනින් අද උබට වෙන දේ....සමාජෙට පිලිලයක් වෙච්චි උබලා වගෙ උන් තවත් හුස්ම ගන්නවා කියන්නෙ තවත් අහිංසක ජීවිත බිලිවෙනවා කියන එක..."



ගුරුන්නාන්සේගෙ බෙල්ලෙන් අල්ලන් වියරුවෙන් කෑගහපු භූමි ටිකෙන් ටික ඒ වියරු පලිගැනීම සම්පූර්ණ කලේ ගුරුන්නාන්සේගෙ මරලතෝනිය මැද්දෙන්



"මා..ව...අතෑරි....න්න...මක..ම...ට...ස...මා...වෙ...න්න..."




ටික ටික හිරවෙන හුස්මවලට බැගෑපත් වෙමින් ගුරුන්නාන්සේ මිමිණුවේ වෙන්නට යන දේවල් දිහා ශේද්‍ය වගේම ශාකිර්, ⁣ෙඖශාලිගෙ අම්මා හිස් හැගීමකින් බලාගෙන ඉන්නකොට....



" සමාව...උබලා වගෙ තිරිසනුන්ට දෙවියො උනත් සමාව දෙන්නෙ නෑ..ඇයි උබ පණ බයේ ගැහෙන්නෙ...එදා එදා එහෙම මං උබලා ඉස්සරහ බැගෑපත් වෙනකොට උබලා මොකද කලේ....බලපන්...මගෙ බෙල්ල කෙටුවා නේද.... බලපන් උබට පේනවද මේ වගේ...."



⁣⁣ඔෞෂාලිගෙ බෙල්ලෙන් රැධිරය ගලනවා වගෙ මවා පෑ භූමි තව තවත් ගුරුන්නාන්සේගෙ ගෙල තද කලේ ඒ මරලතෝනිය කනකටවත් ගන්නෙ නැතුව.




ඒ දිහා බලන්නට බැරි තැන ශේද්‍ය අහක බලාගත්තෙ භූමිව නවත්තන්නට ඇහැලටවත් දැන් බැරි බව තේරුනු නිසා...



"කෑගහපන්...තව කෑගහපන්...උබලා වගෙ තිරිසන්නු තවත් විදවන්න ඕනෙ... විද වපන්..තව විදවපන්....උබ කරපු හැමදේම සිහිකරගනින්..."




වියරුවෙන් හඩ නැගූ භූමි ගුරුන්නාන්සේව අරගෙන ගියෙ තමන්ව ලේ වලින් නැහැවූ තම ආදරයෙන් වෙන් කරපු ඒ අමිහිරි ස්ථානයට....



ගුරුන්නාන්සේව බිමට විසිකරලා ඈතින් තිබුණු කඩුව අරගෙන ඒ පව්කාර ගෙලට එකපහරින් සිරකලේ අවුරුදු ගානක පලිය තම අතින්ම සම්පූර්ණ කරමින්.....



රාත්‍රිය පහන් වෙලා හිමිදිරි හිරු කිරණ රන්හුය කන්ද සිසාරා පැතිර ගියා...



අවුරුදු ගානක වියරු පලිගැනීම එලෙ⁣සින් අවසන් උනේ භූමිගේ ආත්මයට සැනසීමක් උදාකරමින්....



සැනසුම් සුසුම් හෙලපු ශාකී⁣ර් වගේම ශේද්‍ය මුහුණට මුහුණ බැලුවා.



සැබවින්ම ඔවුන්ගේ සියලුම උත්සහයන් සාර්ථකයි....



ජිවිතේ කිසිදු දිනක සිදු නොවු ගණයේ දෙයක් මේ හදිසියේ ඔවුන් ගේ ඇස් පනාපිට සිදු වු නිසා ඒ භයන්කර සිදුවීම ඇස් දෙනෙක් දැක්ක හැමෝම හිටියේ කියා ගන්න බැරි තරමේ හැගිම් ගොන්නක,



අඩන්නද ? හිනා වෙන්නද බය වෙන්න ද ? කියන හැගිම් අස්සේ හිර වෙලා හිටපු හැමෝම තක්බිරි වෙලා බලන් හිටියේ ඇරෙන්න ඔවුන්ගේ කටින් එක වචනයක් පිට වුණේ නෑ.



වචන වෙනුවට ඒ හදවත් වල ලබ්ඩබ් ශබ්දය ඕනවටත් වඩා පපුව අස්සේ ගැහෙන්න ගත්තත් ! පිටට නොඇසුණ ඒ ශබ්බද ටිකෙන් ටික පහව ගියේ සැවෝම සමාන්‍යකරණය වෙද්දී!



සිහිසුන් ව ඇද වැටිලා හිටපු ඔෞශාලි ගේ මව අසල හිද ගත්ත ශාකීර් ඔෞශාලි ගේ මවගේ මුහුණට දිය බිංදු කිහිපයක් ඉස්සේ එතන තිබ්බ පැන් කෙන්ඩියෙන්,



තමන්ගේ දියණියගේ වියරු හැසිරිම ඔස්සේ ඒ අහිංසක මවගේ හිතට එක් කරේ භයක් වගේ ම තැතිගැම්මක් !



ඒ වියරු හැසීරිම හමුවේ මව සිහිසුන්ව ඇද වැටුණේ ඒ පපුවට දරා ගන්න පුලුවන් සීමාව අන්තයට ම ඉවර වෙද්දී.




භූමි!

ඇහැළ !



ඒ ප්‍රේමණිය ආත්ම දෙකට ම පුරා වසර ගණනක් විදවන්න ඇති !

හිමිකමක් තිබ්බත් අහිමිවිම ඔස්සේ ඔවුන් දෙපැත්තට වෙලා අඩා වැලපෙන්න ඇති!



ඒත් තව දුරටත් ඒ ආත්ම වලට වැනසීම උදා වෙන්නෑ.ඒ හිත් වලට වගේ ම ඒ ආත්ම වලට සැනසීම එක් කරන්න මේ ආත්මේ ඔෞශාලිට වගේ ම ශේද්‍යට හැකි වුණා.




"ශේද්‍ය අයියේ.."



ශේද්‍යට අඩි ගාණක් ඈතින් හිටපු ඔෞශාලි ගේ කටින් ඒ නම ඉඹේම මිමිණෙද්දී ශේද්‍යගේ මුණට ආවේ නිතැතින්ම පුංචි හිනාවක් !



ශේද්‍ය ඔෞශාලිට ලං වෙන්න කලින් සිහියත් අසිහියත් අතර හිටපු ඔෞශාලිගේ මවගේ කෙදිරිලි හඬ එක්ක ඔෞශාලි පය ඉක්මන් කරලා ගියේ ඇගේ මව අසලට..



"අම්මේ!"



"මගේ පුතේ.."



ඔෞශාලි මවව තදින් තුරුල් කර ගද්දී ශේද්‍ය වගේ ම ශාකීර් ඔවුන් ට ඉඩ දීලා පැත්තකට වුණා.




 🕊️🥀




ලා හිරු කිරණ රන්හුය කන්ද සිසාරා එළිය දෙද්දී ශේද්‍ය වගේ ම ඔෞශාලිව තනි කරලා ඔෞශාලි ගේ මව වගේ ම ශාකීර් කන්ද බැස්සේ ඔවුන් ගේ හිත් වලට එක මොහොතකට කුලුපග වෙන්න අවස්ථාවක් දෙන්න.



ඔෞශාලි ගේ මවට වුණත් සිදුවු දේවල් ටිකෙන් ටික තේරුම් යද්දී පෙර භවයේ වෙන්වුණ ඒ ප්‍රේමන්තයන් මේ භවෙත් වෙන් කරන්න ඕන වුණේ නෑ.



ඒ අහිංසක හිත ඔවුන් ට ඉඩ දෙන්න මොහොතකට හිතුවේ ඇය ළග තිබෙන ආරක්ෂාව වගේ ම තම දියණියට ශේද්‍ය ළගත් ආරක්ෂාවත් තියෙන බව ඒ හිතට ඕනවටත් වඩා දැනෙද්දී.




ඔවුන් පෙර භවයේ වෙන වුණ රන්හුය කන්ද මත ඉදගෙන ඉන්නේ ඒ දෑස් දෙකම කොයිබදෝ ඉසව්වක රදවගෙනයි!




"ශේද්‍ය අයියා මම එක්ක තරහද?"



නිහඩියාව බිදිමින් ඔෞශාලි කට හඬ විවර කරේ ශේද්‍ය මුවේ ලා හිනා රැල්ලක් ඇදෙද්දී.



"තරඟ වෙන්තවත් අපි යාළුවෙලා හිටියද ඔෞශාලි.."



ශේද්‍යගේ ඒ වචනත් එක්ක ඔෞශාලි බැලුවේ ශේද්‍ය ගේ මුණ දිහා.



"අපි යාළු වුණේ මේ ආත්මෙටත් කලින් ශේද්‍ය අයියේ.."



ඖශාලි අතීත මතක යන්තම් සිහි කරද්දී ඒ මුවෙත් ලස්සන හිනාවක් !



"භූමි කවදාවත් ඇහැළ එක්ක තරහ වුණේ නෑ.ඇහැළත් කවදාවත් භූමි එක්ක තරහ වුණේ නෑ.ඉතින් ශේද්‍යටත් බෑ ඔෞශාලි එක්ක තරහ වෙන්න. ඔෞශාලිටත් බෑ ශේද්‍ය එක්ක තරහ වෙන්න."



එහෙම කියන ගමන් ශේද්‍ය ලං වුණේ ඔෞශාලි ළගට,



"මේ ශේද්‍යට බෑ කහ කිරිල්ලි එක්ක තරහ වෙන්න.."



ශේද්‍ය ඔෞශාලිගේ අතක් ඔහුගේ අතට යන්තම් මැදි කරගෙන කිව්වා.



"මේ ඔෞශාලිටත් බෑ ඔය කුරුල්ලා එක්ක තරහ වෙන්න.."



ඔෞශාලි යන්තමට හිනා වෙන ගමන් කියද්දී ශේද්‍ය ඔෞශාලි ගේ කර වටේ අතක් යවලා පපුවට තුරුල් කර ගත්තා.



"කිසිම දවසක කිසිම මොහොතක් ආය නම් ඈත් වෙන්න දෙන්නෑ ඔෞශාලි.."



"කිසිම දවසක කිසිම මොහොතක් ආය නම් ඈත් වෙන්නෑ ශේද්‍ය අයියේ.."




ඇහැළ ගේ වගේ ම භූමි කතාව රන්හුය කන්ද උඩ ම සදහටම වලලා දාන්න ශේද්‍ය වගේ ම ඔෞශාලි තිරණය කරා!



ඔව්!

ඒ ඔවුන් ගේ අඳුරු අතීතය !

තව දුරටත් ඒ අඳුරු අතීතය ඔවුන්ගේ හිත් වලට ඕන නෑ!

ඒ හිත් වලට ඕන දැන් ආදරණිය අනාගතයක් එක්ක ලස්සන වර්තමානයක් !



රන්හුය කන්දට විතරක් ම සීමා වෙච්ච ඒ කතාව රන්හුය කන්ද පාමුලම වලලා දැම්මේ! භූමි ඇහැළ කියන නම් දෙකේ කිසිදු සාක්ෂියක් ඉතුරු නොකරම!



ඉපදෙන ඉපදෙන සංසාරයක් පුරාවට ම ඔබ ව සොයා එමි..
ඉපදෙන ඉපදෙන භවයක් පුරාවට ම ඔබ ව පතා එමි..
ඉපදෙන ඉපදෙන සසරක් පුරාවට ම ඔබ ව හඹා එමි..
ඉපදෙන ඉපදෙන මොහොතක් පුරාවට ම ඔබ වෙනුවෙන් පේ වෙමි..
  


ඔෞශාලි ශේද්‍යගේ පපුවට තුරුල් වෙලා ම එහෙම කියනවා.ශේද්‍ය ට ඔහු දුටු සිහින වල නැගුණ ඒ දෝංකාර හඬ සිහිපත් වෙද්දී ශේද්‍ය ඔෞශාලි ගේ නලල මත සිපුමක් තිබ්බා.



නගා ගත්ත හිනාවෙන් ම ශේද්‍ය ඔලුව උස්සලා ඒ රූපේ දිහා බලලා හිනා වුණා...ආදරේ ඇත්තටම හරි ලස්සනයි...නැ...ආදරේ හරි සුන්දරයි!හැමදාම වගේ අදත් ශේද්‍ය අතරමං වෙන ඇස් අස්සේ අද නම් හිතේ හැටියට කිමිදුණා..



ප්‍රේමයක් කියන්නෙම හිතට මාරම සැනසීමක්...අස්වැසිල්ලක්....ප්‍රේමයේ ගැබ් වෙලා ම තියෙන්නේ පිවිතුරු බව,ප්‍රේමය පිවිතුරුයි!


ආදරය කියන්නේ ආසාවෙන් තොර නිර්මල හැඟීමක්! ඒකේ කෙලවරක් සිමාවක් , මායිමක් නැ.ඒ හුදෙක් නිර්මල හැඟිමක් ! සිමා මායිම් නැති නිර්මල හැඟිමක් !



""ශේද්‍යා අපේ ආදරේ වියරුවක්.."


"නෑ...අයියේ..වියරුවට එහා ගිය ප්‍රේමයක්.."



"ම්ම්ම්...වියරු ප්‍රේමයක් !"



"වියරු ප්‍රේමයක්!"


  🕊️සමාප්තයි🥀




ඉතින් අපේ ඇඩ්මින් පැනල් එකේ  කතාව ,

අන්තිම කොටස  අනිවාරෙන් ම කමේන්ට් එකක් දාගෙන යන්නම ඕන.


මේක සම්පුර්ණයෙන් ම අලුත් වැඩක්.අපේ පැනල් එකේ නංගී ලා හැම කෙනෙක්ට ස්තූතියි! කොච්චචර කාර්යය බහුල වුණත් අපි කතාව ලියලා ඉවර කරා.ඒ ගැන සතුටුයි !වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ස්තූතියි. හැමෝගේම අදහස් අනුව කතාව ලියවුණා.


කියවපු අය ට තැන්කිව් වෙරි මච්!

Report Page