වියරු ප්‍රේමය 🕊️🥀

වියරු ප්‍රේමය 🕊️🥀

පන්හිද🖌



අවසානෙට පෙර කොටස


 ~PANHIDA ADMIN PANEL~

ආත්මයක් ආත්මයක් පාසා ඔහුවම හඹා ආ ඇගේ කතාව....



පෙරකොටස



වෙනසක් නෑ මගේ භූමිම තමා...



"ශේද්‍ය අයියේ...."


"මොකෝ පුංචි මහත්තයා එකපාරම ශේද්‍ය වුනේ ආ...."


" මොකද්ද..?"


ඒ පාර තක්බීරී වෙලා වගෙ බලන් ඉන්නව..




 " ඔයාවනම් තේරුම් ගන්න හරිම අමාරුයී ඖෂාලී.."




 " ම්.. මගෙ ඔලුව හරිම කැක්කුමයි ශේද්‍ය.. අනෙ මේ ප්‍රශ්න විසදෙනකන් මාව තනිකරල යන්න නම් එපා."





 එයා කතා කරේ වර්තමානෙ ඉදගෙන.. භූමි විදිහට නෙවේ ඒකත් මගේ ඖශාලි විදිහට ඉදන් මගෙ අතක් තද කරල අල්ලගෙන...




 " මුදලාලි මාමගෙන් පරිස්සම් වෙන්න..."



මට ඕන උනා එයාව පරිස්සම් කරන්න...අපිට උන අසාධාරණේට සාදාරණයක් කරන්න.. ඉතින් එක දෙයක් තේරුම් ගත්තා.. එයා එක්කලා මං ඉන්නම ඕනා එච්චරයී...




" මේ ගම අභිරහසක් ඖශාලී...අපි පරිස්සම් වෙන්නෝනා .. ඇහැළගෙ බාප්පා නැති උනා කියලා මට නම් හිතෙන්නෑ අපි වටේ තියන අඳුරු මායාවල් නැති වෙලා කියලනම්.. "




" ඔහොම කඳුලු පුරෝගෙන බලන් ඉන්නෙපා බන්.. තව ඉවසන්න කියල මට කියන්න කොහොමටවත් බෑ...මොකද අපි එදා ඉදන් අද වෙනකන් නොකරපු කැපකිරීමුත් කරා.. ඒ හැමදේකම අවසානේ රැවටීමක් විතරයී. ඉතින් මන් කියන දේ අහලා අපි වෙනුවෙන් අපි ඉමු භූමී.. "





ඒ ඇස් වලට එබිල මම කියද්දී ඇත්තමයි මහ නොතේරෙන කතාවක් කියනව ඒ ඇස්.. මට ඔයාව දැනෙනව භූමී..




 " ලොකු හාමූ අපිව රැවැට්ටුවා චූටි හාමූ.."




ඒ ඔලුව මගෙ පපුවට තියද්දී දරාගන්න බැරි තරම් බරක් දැනුන භූමී.. නොතේරෙන මේ කතාවේ තේරුමක් හොයන් අපි ඉස්සරහට යන්න ඕන අනිවාරෙන්ම...





 " ෂ්... දැන් ඒක ඉවරයී.."




ඒ මූන අත් දෙකට මැදි කරන් මම කිව්වා..




" නෑ මේ පටන් ගත්ත විතරයි ශේද්‍ය.. කොත්තැල්ලෙන ගම කියන්නෙ තනිකරම අභිරහසක්.."





මන් ඒ බෙල්ල පුරාගෙම සියුම්ව අත ගෙනිච්චා.. මොකද බෙල්ල පුරාගෙන අමුතු කැලලක් තිබුන...




 එක පාර මතක් උන දෙයක් නිසා මම ඖෂාලි ලගින් අහකට උනා..




" ඔයාට මතකද ඇහැළ භූමිට දුන්න ඇන්ලක්ට් එක.. "





 " එයාගේ 19 වෙනි උපන්දිනේ දවසෙ දීපු කවමදාවත් භූමිට නොලැබුන විදිහෙ තෑග්ගක් ඒක.. කොහොම අමතක වෙන්නද ඒක එයාට..මතකයී මට.."





 " මට ඒක හම්බ උනා ඔයා විශ්වාස කරයිද දන්නෑ මන් රන්හුය ගලට ගියපු වෙලාවේ මට ඒක හම්බ උනා ඖෂාලී. ඒක අයිති භූමිට.."




.............




POV : - ඖෂාලී...🥀🤍


.



.



.



.



.




ඇස් අඟින් කඳුලු පේලියක් කඩන් වැටුනෙ එදා දවස මතක් වෙලා...




වැව් ඉස්මත්තට වෙලා ඇස් වහගන්න කියලා මගෙ කකුලෙ බැඳපු ඒ ලස්සන තෑග්ග ..




එදා දවස වගේම මම හැමදාම ඒක පරිස්සමට බලාගත්ත උනත් , එදා බිම දිගේ සතෙක් ගානට මාවඇදන් යද්දී මගෙ කකුලෙන් ඒක ගැලවිලා යනව මට දැනුන උනත් මට ඒක නොගැලවී අල්ලගන්නවත් විදිහක් තිබ්බෙ නෑ චූටි හාමු..




මට අපේ ආදරෙත් එහෙම්මම වලලන්න සිද්ද උනා..



එදා භූමි වෙලා ඉපදුනත් ඒ හා සමාන වේදනාවක් මට අදත් දැනෙනව.. දරාගැනීමේ සීමාව අන්තෙ ඉදන් මම අද මෙහෙම කතා කරනව..




ඇස් ඉස්සරහා අඳුරු රූප පෙළක් සක්මන් කරනව... ඒ කඩුපාර බෙල්ල පසාරු කරන් නහර කපාගෙන පහලට බහිද්දී දැනුන වේදනාවට සමාන වේදනාවක් අදත් මම විදිනව දෙවියනේ...




 ලැබුන ආදරේ බලාගන්න තරම් ධයිර්‍යක් මට නොතිබ්බ එක ගැන මම පසු තැවෙනව...








POV - AUTHOR 🥀🤍



.


.



.



.



.




.






ඒ ජීවිත වලට එක් කරපු සරඳමක් වගේ...



හරියටම පසලොස්වක දවස වැටිල තිබ්බෙ සැප්තැම්බර් 17 වෙනිදා..



කපටි මුදලාලීගෙ සූක්ෂම මොලෙන් එයා ගහපු ප්ලෑන් එක ක්‍රියාත්මක උනේ හරියටම රෑ 10 ට...



මොකද ලොකු හාමුගෙ පොත දැනටම දහ වතාවකට වඩා කියවල තිබ්බ මුදලාලි මේ සම්බන්දව ලොකු දැනුමක් ලබාගෙන තිබ්බ..




අසරණ ඖශාලි වගේම ශේද්‍යගේ ජීවිත එක්කයි මුදලාලි මේ සෙල්ලම් කරන්න අරන් තිබුනෙ කියලා සමහරවිට මුදලාලි උනත් නොදැන ඉන්න ඇති...




එදා දවස වලව්වට මහ මුස්පේන්තු දවසක් ..




කොහෙදෝ තිබ්බ මහ වැස්සක් කඩන් වැටෙන්න ගත්තු නිසාම ඖෂාලිගේ අම්මටයි ඖෂාලිටයි සිද්ද උනා වැඩ කරල ගෙදර යන්න බලාගෙන වලව්වට ආවත් වලව්වෙ එදා නතර වෙන්න...





  " ඔහොම ටිකක් ඉන්නකො මම ලාම්පුවක් හොයන් එන්න.. කොහෙවත් යන්නෙ එහෙම නෑ මම එනකන්.."




කරන්ට් එක පවා හරස් වෙලා තිබුනා...




එළියෙ මහ වැස්ස අකුණු අස්සේ.. මුලු පළාතම කරුවරයි කිසිම එලියක් නොඑන තරමටම.. බැරිම තැන ඖෂාලිගෙ අම්ම නැගිට්ටෙ එළියක් හොයන් එන්න...





" ඕන්නෑ ආන්ටී ෆෝන් එකෙ ෆ්ලෑෂර් එක තියේනේ.. "





" ඔහ් ශිට්... කෝ ෆෝන් එක...මේ දැන් තිබුනනේ.. ෂාකීර් උබ දැක්කද..? "





 " නෑ බන් මම ගත්තෙ නෑ.. උබ ලගනෙ තියෙන්නෝනා.."




ශේද්‍ය ගත්තු උත්සහය එතනින්ම අසාර්ථක වෙලා තිබුනා..





 " ඔහොම ඉන්නකො...මන් ඉක්මනට එන්නම්.."





ශේද්‍යගෙ හිතට දැනුනෙ කියාගන්න බැරි බයක්.. ලොකු අඳුරු සේයාවක් ශේද්‍යට දැනුනා.. මොනා කරන්නද ඉතාගන්න බැරුව කොල්ලා ලතැවුනා...





 " ඖෂාලී...මට නොකියා කොහෙවත් යන්නෑ හරිද.. මෙතනින් හෙල්ලෙන්නැතුව ඔහොම්ම ඉන්නව.. "




ටිකක් තදින් ශේධ්‍ය ඖෂාලිට කිව්වා...





" ඇයි මොකද්ද උනේ.. "




" මොනා හරි වෙන්නම ඕනද මම එහෙම කියන්න.."


" හ්ම්.. මම මෙතනම ඉන්නම්කෝ..."




කියල ඖෂාලි නිහඬ උනා..




 ඖෂාලිගෙ අම්මා ලාම්පුවක් උස්සන් ආයෙත් ලඟට ඇවිත් ලාම්පුව මැද තියලා කට්ටිය වාඩිවෙලා ඉදපු තැනින්ම වාඩි උනා...





" හුගක් රෑ උනානේ.. අද කරන්ට් එක එන පාටක් නම් නෑ වගේ...ඔය ළමයි නිදාගත්තොත් මොකද..? "




ඖෂාලිගෙ අම්ම කියපු දේ එක්කලා ශේද්‍යගෙ හිත සම්පූර්ණෙන්ම පිස්සු නටන්න ගත්තා...





 " මටයි ශාකීර්ටයි එක කාමරේ නිදාගන්න පුලුවන් එකකොට ඖෂාලි.."





 " එයා මන් ලග ඉදීවි මහත්තයෝ.. ඔයාලා කාමර වලට යන්න එහෙනම්... ඖෂාලි දූ යන් මාත් එක්කලා අර ඉස්සරහ කාමරේට...."




හැමෝම නැගිට්ටා...





 " මොකටත් අද රෑ ගැන කල්පනාවෙන් ඉදහන්.."




 යමින් ගමන් ශේද්‍ය ශාකීර්ට ලං වෙලා රහසින් වගේ කිව්වා.. මොකද ඒ හිත කිව්වෙම ඖෂාලිව තනි නොකර ඉන්න කියලමයී...





..........




10. 45 P.M




 නින්ද ගියාට වඩා ඉක්මනට ගැස්සිලා ඇස් ඇරෙනව.. ශේද්‍ය උන්නෙ නින්දත් නොනින්දත් අතර ලොකු සටනක...





 " ඖෂාලී... කෝ ඔයා.. මගෙ දුවේ... "




 ශේද්‍ය ඒ නම ඇහුන ක්ශනික ඔලුව ඉස්සුව...





 " ශාකීර් නැගිටපන්.."




කියල කෑගහගෙනම ඝන අන්ධකාරේ දුවන් ගියෙ සාලෙට...





 " අම්මා... කෝ ඔයා.."




 " අනෙ මහත්තයො...මගෙ කෙලී.. පොඩ්ඩක් බලන්න.. වතුර ටිකක් බොන්න කියල නැගිටල ගියේ..."




 " මගෙ දෙයියනේ.."




ශේද්‍යගෙ ඔලුවට අත ගියෙ ඉබෙටමයී...




 " ඖෂාලී.."




ගේ දෙදරන තරමට ශේද්‍ය කෑගැහැවා...




" අම්මා...මෙහෙ මේන් ස්විච් එක කොහෙද තියෙන්නේ.. ඉක්මන් කරන්න අපි එයාව හොයාගන්න ඕනා.."





 " හොයාගන්න..! මගෙ කෙල්ල ඇත්තෙ කුස්සියෙ ලමයෝ.. "




 " දෙයියනෙ නැහැ...මෙහෙ මොනාහරි දෙයක් සිද්ද වෙනව අම්මේ...මට මේන් ස්විච් එක තියන තැන පෙන්නන්න ඉක්මනට..."




ශේද්‍යගෙ හිත කලබලයී.. කොච්චරද කියනව නම් ඒ අතපය වෙව්ලනව බයට..



අහිමිවීමේ භය



 ඕන ම කෙනෙක්ට ඇති වෙන විදිහෙ බයකින් හරි අමුතු විදිහට ඒ පපුවත් ඇදුම්කන්න ගත්තා.. එකපාරක් අහිමි කරගෙන ඇස් මනාපිටම තව පාරක් නැති වෙලා යනව බලන් ඉන්න පුලුවන් මොන පිරිමියටද මන් අහන්නේ...


" මහත්තයො මගෙ කෙලී...කෝ ඒකී.. මගෙන් හංගන්නෙ මොනාද මේ..?"




පපුව අල්ලන් වේදනාවෙන් ඖෂාලිගෙ අම්ම කෑගැහැවෙ දරු කැක්කුමෙන්. ඇස් දෙක වගෙ පරිස්සම් කරලා , ඕන එපාකම් කියල දීලා ටික ටික ලොකු වෙන විදිහ හරි ආසාවෙන් බලන් ඉන්න මොන අම්මද කැමති තමන්ගෙ එකම දරුවට මොනා හරි නරකක් වෙනවට..





" කියන්නම් අම්මා...ඒත් මේක නෙවේ වෙලාව.. මම මේ වෙනුවෙන් ගන්න එක විනාඩියත් ඖෂාලිට වටිනව.. ඒ නිසා ඉවසන්න.."





ඉවසන්න ..! කියල කටින් කිව්වට ඒ හිතත් දන්නව එයාම ඒක කරන්නෙ කොච්චර අමාරුවෙන්ද කියනෙක ගැන..





 " ශේද්‍ය ඉක්මන් කරපන්.."




ෆෝන් එක මූනටම අල්ලන් ශාකීර් කෑගැහැවේ තමන්ගෙ සහෝදරී වගේ ඉන්න ඖෂාලී දැන් ඉන්න තත්වෙ මොන වගෙ දෙයක් වෙයිද කියනෙක ගැන බයට...





 " යන්...මන්න්.. එක්ක.."





ඒ ඇස් කඳුලු වලින්ම පෙඟිල තිබ්බත් හිත හයිය කරන් උන්නුතැනින් නැගිටල ඉස්සරහට පය තිබ්බෙ ඒ එකම දුව වෙනුවෙන්...





 ලයිට්ස් සේරම ඔන් උන ක්ශනික ශේද්‍ය දිව්වෙ දොර දිහාට...




වලව්වෙ තිබ්බ ප්‍රධාන දොර කොච්චර අරින්න හැදුවත් ශේද්‍යට ඒක කරන්න තියා හිතාගන්නවත් බැරි උනෙ එලියෙන් අගුලු දාලා තිබුන නිසා...





 " එළියෙන් අගුල් දාල වගෙ බන්...අපි මොකක්ද දැන් කරන්නෙ..."




ශේද්‍යගෙ ඔලුව තනිකරම යකාගෙ කම්මල වගේ.. ඔලුව අල්ලන් කොල්ල බිමට කඩන් වැටුනෙ ඖෂාලිව බේරගන්නව කියල තියපු අවසාන විස්වාෂයත් ව්‍යර්ථ වෙලා යන්නැද්දී...




බය කියන දේ ඕනවත් වඩා දැනෙද්දී ඊලග විනාඩියෙ ආයෙත් නැගිට්ටේ මෙවෙලෙ ඖෂාලිට මොන තරම් භයක් දැනෙනව ඇත්ද එහෙනම් කියලා දැනෙද්දී...





 " පිටිපස්සෙ දොර...මේක බැයිනම් අපිට ඒකෙන් යන්න පුලුවන් නෙ.."





කියපු ශේද්‍ය දුවන් යද්දී ඒ පස්සෙන් අනිත් දෙන්නත් දුවන් එන්න උනා...




 

 " දෙයනෙ අපි මොකද කරන්නේ..."




 ඒ දොරත් එලියෙන් ලොක් කරල තිබ්බා..




බැරිම තැන ශේද්‍ය හිත සන්සුන් කරගන්න ටිකක් එහාට මෙහාට ඇවිද්දා..





 " ශේද්‍ය ඉක්මන් කරපන් භල්ලො කෙල්ල අනතුරක.."





 " අනෙ ඒකි අහිංසකයි බන්.. උන් අද නම් මගෙ කෙල්ලට මොනා හරි කරල තිබ්බොතින් මරාගෙන මැරෙනව $@#..."




ආවේගෙන්ම කියපු ශේද්‍ය ගිහින් දොරේ හැප්පුනෙ දොර කඩන අධිෂ්ඨානෙන්...





" ඉදහන් මාත් උදව් කරන්න.."




ශාකීර් උදව්වට ආපු එක ශේද්‍යට පොඩි හරි ශක්තියක් උනා...






.........





 11 . 10 P.M ,





 " ඔහොම්ම බිමට දාලා කෙල්ලව එලියට ගනින්.."




 මුදලාලිට ඖෂාලිව උස්සන්න වැඩි කරදරයක් විදින්න ඕන උන්නෑ...ඖෂාලි වතුර බොන්න කුස්සියට එද්දිත් මුදලාලිට කත් ඇදපු ගෝලයො දෙන්නෙක් කුස්සියට රිංගලයි තිබුනෙ..


කෙල්ලට පිටිපස්සෙ ඉදන් ලේන්සුව අල්ලපු පාර කෙල්ල කඩන් වැටුනෙ ඒ අතක් උඩට...


ගෝනියකට දාලා කෙල්ලව අරන් රනේ එක්කලා මහතුං කෙල්ලව අරන් ආවේ රන්හුය ගල අහලට..


ඒ එද්දී කපු මහත්තය එක්කලා මුදලාලී ඉස්සරහට වෙලා බලන් උන්නා.


" ඕන් අපි කෝටිපතියො වෙන්න හොඳ පොටක් පෑදුනා කියල හිතාගනිං..."



ඖෂාලිගෙ හිසේ සිට පාදාන්තය දක්වා මහ කෑදරකමකින් බලපු මුදලාලී දබරැගිල්ලෙන් කටේ අයිනක් කසන ගමන් කිව්වා..



 " රෑ ගෙවෙන්න කලින් මේක කරන්නෝනා..විගහට .."


 කපු උන්නැහෙ හදිස්සි කරලා මතක් කරා...




 " කෙල්ල ලස්සනයි නොවැ මුදලාලි මාමේ... ආසත් හිතෙනව..."




" උබට ඕනද..? ගෙවන්න වෙයි එව්වට නම්.."




 " අල්ලල බැලුව කියල නරකක් වෙයිද මන්දා හැබැයී.."




ස්ත්‍රී ලෝලියෙක් උන රනේ මුදලාලී එක්ක කතාවට වැටුනෙ ඖෂාලි ගැන තනිකරම කෑදර හිතක් පහල කරන්...




අනේ මේ කිසි දෙයක් නොදන්න කෙල්ල හිටියෙ තද නින්දක...




 වලව්ව තනිකර ගිනි අරන් ගානයි.. ආදරේ කරන මිනිස්සු වලව්වට වෙලා හූල්ලද්දී රන්හුය ගල ලඟ වෙනම අපරාදයක් වෙන්න ලෑස්තිය.. ආයෙත් එදා වගේම..



අවුරුදු දහ නවයකට පස්සේ රන්හුය ගල ආයෙම කම්පා වෙන්න ලෑස්තිය...




රනේ බිම වැතිරවලා උන්න කෙල්ලගේ උරහිසෙන් ඇල්ලුව විතරයී...මීට කලින් නොතිබ්බ විදිහෙ සීතල හුළං පාරක් රනේගේ කන පල්ලෙන් යනව රනේට හොදටම තේරුනා...



 ගල පුරාවට වැටිල තිබ්බ වේලිච්ච ගස් වල කොල හුලඟෙ සැරට හයියෙන් ගහගෙන ඈතට ගියා...



 " සුනංගු නොකර ගෙනාවනම් ඕකිව.. මොකක් හරි නරකක සේයාවක් තියන පාටයී.."



පූජාවට ඉදගන්න ගමන් ගුරුන්නාන්සේ කියද්දී රනේගේ ආසාවල් බලාපොරොත්තු සේරම සුන් වෙලා ගියා...


හිත් පිත් නැති මිනිස්සු ඉස්සරහ කොයින්ද පොඩි හරි අනුකම්පාවක්...


උන් මත් වෙලා හිටියෙ තනිකරම ගල පිටිපස්සෙ තියන නිධානෙට මිසක ගෙදර අම්මෙක් , දුවෙක් ඉන්නව කියල උන්ට ගානක් කොයින්ද..



 " ජප කරන්න පටන් ගත්තට පස්සෙ ඔතනින් නැගිටිනව එහෙම නෙවේ එක්කෙනෙක්වත්..."


ඉදගත්තු තැන් වල ඉන්න සේරවන්ගෙම මූනු දිහා මාරුවෙන් මාරුවට බලන ගමන් ගුරුන්නාන්සේ කියද්දී මුදලාලි ඇතුලුව අනිත් දෙන්නත් ඔලුව වැනුවෙ හා කියන්න..


ජප කරන්න පටන් ගත්තෙ ඔන්න ඔය අතර තුරේ...


............


 දෙන්නම වැඩි ප්‍රරිශ්‍රමයක් යොදලා කොහොම හරි කුස්සියෙ දොර ඇරගත්තා..


 " අපි යන්න ඕනා...වාහනේ ගනින් ශාකීර්...ඉක්මන් කරපන්..මගෙ කෙල්ල.. ආයෙමත් ඒ දවස උදා වෙන්න මම ඉඩ තියන්නැ... මේ ඇති හොදටම..."



 " මොනාද දෙවියනේ මේ වෙන්නේ.."



ඒ අම්මට දරාගන්න අමාරු උනා.. බේරගන්න ඕනලු , උන දේම වෙන්න දෙන්න බෑ ලු... ඒ අම්මගෙ හිත එක විනාඩියකට සලිත වෙලා ගියා..



 " අම්මා...විශ්වාස කරත් නොකෙරුවත් එදා රන්හුයගල කන්දෙදි නැති උන භූමිම තමා ඔයාගෙ ඖෂාලි දුව.. එතකොට භූමි පණ ඇරලා ආදරේ කරපු ඇහැළ නැත්තම් වලව්වෙ පොඩිහාමු තමා මේ මම..



අපේ ආදරේ වෙන්කරපු නරුමයා තමා මීට සති දෙකකට උඩදි නැති උන වලව්වෙ ලොකු හාමු නැත්තම් ඇහැළගෙ බාප්පා.. "



 එකපාර ඔලුවට කඩන් වැටුන දේ නිසා ඖෂාලිගෙ අම්මා ශේද්‍ය දිහා බලන් උන්නෙ පිස්සුවෙන් වගේ...



 " මුදලාලි කියන කෙනා හදන්නෙ රන්හුයගල කන්දෙ තියන නිදානෙ ගන්න බලාගෙන ඒකට කෑදරකමෙ ඖෂාලිව බිලි දෙන්න..හරියටම අවුරුදු ගානකට කලින් සිද්ද උන අපරාදේ ආයෙම කරන්න..ඒ අලු ආයෙත් ගොඩ ගන්නයි එයා ලෑස්ති වෙන්නෙ...මේ විනාසෙ වලක්වන්නෝන අම්මා.. ඒකයි අපි මෙ යන්නෙ ඖෂාලිව බේරගන්න ඕනා.. භූමිගෙ ආත්මෙට තාම සැනසීමක් නොවුන ඒ බිල්ල දීලයි අපි ආයෙත් එන්න ඕනා..


 මොකද ඖෂාලිට සැනසීම තියෙන්නෙ එහෙම උනොතින් අම්මා..."



එක හුස්මට ශේද්‍ය කියන් ගියා.. දුක , කේන්තිය , පළිගැනීම සේරම මිශ්‍ර වෙලා ශේද්‍ය අතපය දරදඩු කරගත්තා...


වාහනේ ඇවිත් අදාල තැනින් නතර වෙද්දි..



සේරවන්ටම කලින් ශේද්‍ය වාහනෙන් බැහැලා කන්ද නගින්න ගත්තා...



තිබ්බ හදිස්සියට ශේද්‍යව පාසිත් එක්කලා පහලට රෝල් වෙලා ගියා.. එකම අරමුණකින් ශේද්‍ය නැගිට්ටේ ඖෂාලිගේ රූපේ ඇස් ඉස්සරහ මැවි මැවි පේද්දී...


අහිංසක භූමී කිසිම වරදක් නොකර තමන්වම විතරක් විශ්වාස කරපු භූමිව උන් මරල දාපු හැටි මතක් වෙද්දී ශේද්‍ය තියන අඩියක් අඩියක් ගානේ ඉක්මන් උනා..


ඒ හිත තනිකරම හිටිටෙ වියරු වැටිලා...


ප්‍රේමය නිසාම වියරු වැටිලා

_______________



ɦǟֆɦɨ 🤍🌿


Report Page