වියරු ප්‍රේමය 🕊

වියරු ප්‍රේමය 🕊

පන්හිද🖌




(06) කොටස


~PANHIDA ADMIN PANEL~


ආත්මයක් ආත්මයක් පසා ඔහුවම හඹා ආ ඇගේ කතාව..........



පෙර_කොටසට



Excuse me sir,



මම ඇස්දෙක පියාගත්තා විතරයි මට ඇහුනේ ඒ කටහඩ

ඔව් මගේ කහකිරිල්ලි ඒත් එයා ගොඩක් පරක්කුයි . සර් එක්ක මොනවද කතා කරලා ඇවිල්ලා පේපර් බල බල හිටපු රිතික්ශ ලගින් ඉදගත්තේ අර මගේ ඔලුවේ කැක්කුමත් හොදකරලා

රිතික්ශ කහකිරිල්ලි එක්ක කතාකරේ ඒ දෙන්නා මේ වෙද්දි හොදට කතාබහ කරලා ඉන්න නිසා


"මොකෝ නංගි පරක්කු උනේ"


"මට ටිකක් අසනීප උනා අයියේ බස් එකේ එද්දි"


"ඇහ් ... මොකක් දැන් ඔයා හොදින් නේද"


"ඔව් අයියේ ටිකක් හොදයි"


"හරි එහෙනම් දැන් පාඩම අහගන්නකො ඔයා අපි මේ පේපර් ටික බලලා ඉවරවෙලා මිස්උන ටික කියලා දෙන්නම්"






උදේ මම බස්එකේ එද්දි පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලා එතන ලේ ගොඩක් මැද සිහි නැතුව බිම වැටිලා හිටපු පිරිලමයව බදාගෙන ගෑනුකෙනෙක් අඩනවා



"ලහිරු... මාව දාලායන්න එපා... ඇස් අරින්න"



ඔව් ඒ නම ඇහෙනවත් එක්කම මට තේරුනේ මගේ සිහිය මගෙන් ඈතට යනවා වගේ

මම ආපහු ඇස් අරින්න උත්සහ කරද්දි මගේ කන්වලට දෝනදකාර දුන්නේ එදා ශේද්‍ය අයියා කියපු නම


"

භූමි.....


මං ආදරෙයි භූමි...

මට සමාවෙන්න...


ඉපදෙන ඉපදෙන සංසාරයක් පුරාවට ම ඔබ ව සොයා එමි..


ඉපදෙන ඉපදෙන භවයක් පුරාවට ම ඔබ ව පතා එමි..


ඉපදෙන ඉපදෙන සසරක් පුරාවට ම ඔබ ව හඹා එමි..


ඉපදෙන ඉපදෙන මොහොතක් පුරාවට ම ඔබ වෙනුවෙන් පේ වෙමි..






පස්සේ මම පන්තියට ඇවිත් රිතික්ශ අයියා ලගින් වාඩි උනේ ශේද්‍ය අයියාගෙන් එයා එදා කීව භූමි කියන කෙනා ගැන අහන්න ඕනි නිසා. සරුත් මට අයියලා දෙන්න ලගින් වාඩිවෙන්න කීවේ ඒ දෙන්නගෙන් අමාරුටික අහගන්න කියලා ඉමත් මං දිහා අමුතුවට බලන් ඉන්නවා. සමහර විට මම රිතික්ශ අයියා ලග වාඩිඋන නිසා වෙන්න ඇති.







පන්තිය ඉවරවෙනකන්ම කහකිරිල්ලි ඇස් කොනෙන් සැරින් සැරේ මං දිහා බැලුවත් මම ගනන් නොගෙන හිටියේ පොඩිවට ලොකුකම කියන දේත් තියන නිසා.. මොනවා උනත් කහකිරිල්ලිට මොකද උනේ කියලා දැනගන්නකන්ම මගේ හිතට සහනයක් තිබුනේ නෑ.


තමන් ආදරේ කරන අයට පොඩි පොඩි දේවල් සිද්ධ උනත් ඒවා දරාගන්න හරිම අමාරුයි. සමහර වෙලාවට අපිව අපිට පාලනය කරන්න බෑ. ඒ රූපය මත්තෙම නැහෙනවා. මත් ඒ විදිහම තමා.






"ශේද්‍ය අයියේ"



"ඔව් නංගි"



"මට පොඩ්ඩක් ඔයත් එක්ක කතාකරන්න පුලුවන්ද "






මෙච්චර දවසක් මාව මග ඇරපු මේ කෙල්ල එකපාරටම මට එහෙම කියද්දි බැලුනේ රිතික්ශ දිහා. ඌ ඇස්වලින් කතා කරලා එන්න කියලා පැත්තකට ගියා. මාත් කහකිරිල්ලිව එක්කගෙන ආවේ ලමයි අඩු තැනකට







"කියන්න නංගි"



"අයියේ ඔයා එදා අර භූමි කියලා කෑගැහුවේ ඔයා එයාව දන්නවද"



"මොකක්"



"අයියේ මට ඒ කෙනාව හම්බවෙන්න ඕනි"



"නංගි ඒ නමේ අයිතිකාරයා කාගේ කව්ද කාටද ඒ නම තියෙන්නේ කියලා මම දන්නේ නෑ.. මට එකපාරටම ඒ නම කියවුනා එදා"



"හරි අයියේ එහෙනම් ඔයාට ඒ වගේ නමක් තියන කෙනෙක් හම්බවුනොත් මට කියන්න "



"ඔයා එකපාරටම එහෙම අහන්න හේතුව ඇයි නංගි "



"ඒ නම ඇහුනාම මට බයහිතෙනවා.. මට මොනාද වෙනවා නිකන් හරියට මට මගේ මතකය අමතකවෙලා තියනවා කියලා හිතෙනවා ඒකයි"




"ඔ..ඔයා.. ඔයාටත් පේනවද"




"අහ්"




"මං කීවේ මේ ඔයාට හීනයක් පේනවද කවුරුහරි ගෑනුකෙනෙක්ව"



"නෑ "



"හ්ම්.. එහෙනම් ඕක අහන්න ද දැන් මට කතාකරේ"



"ඔව්.. එදා ඔයා භූමි කියලා කෑගැහුවට පස්සේ මට නිකන් අමුත්තක් දැනුනා මට අදත් බස් එකේදිත් ඒ දේම උනා"




"ඒ කොහොමද "




" කෙනෙක් ලහිරු කියලා කෑගැහුවා"






ඔව් ඒ නම.. ඒ නම ඇහෙනවත් එක්කම මට ආපහු අර කටහඩ දෝංකාර දෙන්න ගත්තේ ඡායාවල් මගේ ඔලුවේ ඇදෙද්දී.





"මගේ භූමි"


"අ...අයියේ.."



"ඖෂාලි ඇයි මොකද උනේ"





රිතික්ශ අයියත් එක්ක කතා කර කර හිටපු ඉමත් දුවගෙන මං ලගට ආවේ රිතික්ශ අයියා ශේද්‍ය අයියව එයාට වාරුකර ගනිද්දි.





"මොකක්ද නංගි මේ වෙන්නේ"


"මං දන්නේ නෑ අයියේ"


"රිතික්ශ මෙයාව එක්කන් එන්න අර බෙන්ච් එක ලගට"


"ඒ මොකටද"


"ලිහාගන්න බැරි බැරි බැදිමකට ආරම්භයක් හරි අවසානයක් හරි හොයාගන්න ඕනි."


"උබේ ඔය වැල්වටාරම් මට තේරෙන්නෑ ඕයි . සුද්ධ සිංහලෙන් කියහන්"











අනේ කතාව කොහොමද කියලනම් දන්නේ නෑ... මේ මගේ පලවෙනිම කතාවේ එක කොටසක්...


ඉතින් ඔයාලට පුලුවන් අපේ ඇඩ්මින් පැනල් එකෙන් ගේන මේ කතාවට ලස්සන කමෙන්ට් ටිකක් දාන් යන්න...



මම

♡_DEW_♡



Report Page