වියරු ප්‍රේමය 🕊️🥀

වියරු ප්‍රේමය 🕊️🥀

පන්හිද🖌




(05) කොටස


~PANHIDA ADMIN PANEL~

ආත්මයක් ආත්මයක් පසා ඔහුවම හඹා ආ ඇගේ කතාව..........


පෙරකොටස





අයිතියක් ඕනිමද ආදරේට,


මට පුලුවන් අයිතියක් නැතුවම ආදරේ කරන්න.




ඉතින් මං ආදරෙයි..





----------------------------------------------------------------------------------------------------------------------------------


ඉතින් අද ඉරිදා දවසක්.



අදත් සුපුරුදු විදිහට ක්ලාස් එකේ පේපර් මාකින් ගියේ ඉරිදා දවසේ මට නියමිත අමතර වැඩේ නිසා,




මං මේ දවසට හරි ආසයි.මොකද අද තමා මගෙ කහකිරිල්ලි බලන්න තියෙන දවස.



එයා මාව ගිය දවස් ටිකේම මග ඇරියත් මං එයා ගැන ඕනෙවටත් වඩා වෙනදටත් වඩා හොයලා බැලුවා. මොකද කාටවත්ම නැති ආක‍ර්ශනයක් ඒ පුංචි කෙල්ල ඇතුලෙ තිබ්බා.



එයා ඇන්දෙ චාම් විදිහට.කොටින්ම කිව්වොත් ඔය වෙන කෙල්ලො අදිනවා වගේ කොටට ඇගට හිරවෙන්න ඇග එලියෙ දාගෙන අදින සිරිතක් එයාගෙ තිබ්බෙ නෑ.එයා ඇන්දේ හරි ලස්සන ගවුම්.ඒකත් දිගට.ඒ විදිහටම එයාගෙ කොණ්ඩෙත් දිගට නැතත් ඉන ගාවට ටිකක් පල්ලට වෙන්න තිබ්බා.මං එයාගෙ ඒ චාම් විදිහට තමා කැමති වුනේ.


කැමති වුනා කිව්වට ඒක ඉතින් එක්තරා ඒක පාර්ශවික ආදරයක් විතරයි තාම.ඒත් කවදහරි දවසක් එයිනෙ මටත්.එතකන් මං ඉන්නවා.



මං ඉතින් ක්ලාස් එකට ගිහින් කෙලින්ම ගියේ ළමයි ඔක්කොමලා එන ගේට් එක ලගට.මොකද සතියකට සැරයක් හම්බවෙන අවස්තාව මග අරින්න කොහෙත්ම කැමති නැති හින්දා.



මං එතනට වෙලා ඉන්නකොට රිතික්ශත් මං ලගට ඇවිත් හිටගත්තා.



''මොනාද බන් උබ හොයන්නේ..''




''මොනාද..''




''ඒක තමා යකෝ මාත් උබෙන් අහන්නෙ..''




''ම්ම්..''




''ම්...ගාන්නේ..කියපන් මොකාවද හොයන්නේ...''





''මේ...මේ..කාවත් නෑ..''





''අනේ උබ මට බොරු කියනවනේ..මේ මට..''






''න්..නෑ බන් එහෙමෙ මොකුත් නෑ..හැබැයි මල්ලි උඹට මම කියලා තියනවා මට අයියා කියලා කතා කරපන් කියලා...''








'' හා...හා....මන් දන්නවා අයියා හොයන්නෙ අර නංගිවනේ..''






''න්..නෑ..උබට පිස්සුද..විකාර..''






''ආහ්..දැන් ශේද්‍ය අයියේ කියන්නෙ මට විකාර.එතකොට කවුද දන්නේ නෑ එදා ඒකි දිහා කන්න වගේ බලන් හිටියේ...''







''ආහ් මේ ඒක....''






''ඔව් ඒ....ක තමා..''






''හරි හරි බන් ඉතින් පොඩි මෙව්වා එකක් තියේ....''






''පොඩිද නැත්තන් ලොකූ...ද.''






''අනේ කටවහන් හිටහන්...''






''කට කියන එක වහන් ඉන්න බෑනෙ බන් අයියේ...''







''බැරිනන් ඇරහෙන හිටපන් කට...''







''ආ.....''








''යකෝ...''








''හරි හරි විහිලුවක් කරේ.''





අපි දෙන්නා කතා කර කර ඉන්න අතරේ වෙනදා කහකිරිල්ලිගේ යාලුවා ආවා.එතකොට මං රතික්ෂවත් තල්ලු කරන් යන්න ගියාට එතන එයත් එක්ක කහකිරිල්ලි හිටියෙ නෑ..




මං ඉස්සරහට තිබ්බ අඩිය තිබ්බටත් වඩා වේගෙන් ආපස්සට ගත්තේ එතන එයා නොහිටිය හින්දා.ඒත් තව වෙලා තියෙන හින්දා කියලා මං හිත හදාගෙන ආයෙත් ගේට්ටුව දිහා බලන් හිටියා.





ඒත් ක්ලාස් පටන් ගන්න වෙලාව ආවත් එයා ආවෙ නෑ.මට හිතුනා එයා ක්ලාස් එන එක නැවැත්තුවදවත් කියලා.ඒත් එයාට එහෙම කරන්න හේතුවක් නෑනේ.





''දැන් යමන් අයියේ.ඒකි අද එන්නෙ නැතුව ඇති...''කියලා මට පිටට තට්ටුවකුත් දාලා රිතික්ෂ ක්ලාස් එකට ගියා.












ඒත් මගේ හිතේ වැඩ කරපු එකම දේ ක්ලාස් එක ඉවර වෙලා කහකිරිල්ලිගේ යාලුවගෙන් ඇයි එයා ආවෙ නැත්තේ අහන්න..






ඉපදෙන ඉපදෙන සංසාරයක් පුරාවට ම ඔබ ව සොයා එමි..

ඉපදෙන ඉපදෙන භවයක් පුරාවට ම ඔබ ව පතා එමි..

ඉපදෙන ඉපදෙන සසරක් පුරාවට ම ඔබ ව හඹා එමි..

ඉපදෙන ඉපදෙන මොහොතක් පුරාවට ම ඔබ වෙනුවෙන් පේ වෙමි..







ඒක පේනකොටම වගේ මං ගැස්සිලා ඇහැරුනා.මට බල බල හිටපු පේපර් ටික උඩම ඇස් පිය වෙලා.





ඇත්තටම මේ හීනෙනන් වදයක් වෙලා තියෙන්නෙ.කිසිම වෙලාවක නිදියගන්න නෑ පේනවා.අම්මා මේකට මොකක් හරි කරන් ආවොත් හොදයි.නැත්තන් මුලු ජීවිත කාලෙම මේ හීනෙ හින්දා මට පිස්සු හැදිලා තමා ඉන්න වෙන්නේ.




ඇත්තටම මේ හීනේ මොකද්ද.එක්කො මගේ කලින් ආත්මෙවත්ද.නෑ..එහෙම වෙන්න බෑ.එහෙම වෙන්නෙ ෆිල්ම් වල විතරනේ.එතකොට මේ හීනෙ මොකද්ද අප්පා.ආයෙත් මට ඉන්න බැරි තරන් ඔලුවෙ කැක්කුමත් එනවත් එක්කම මං ඔලුව අල්ලා ගත්තා..






''ආහ්..''


ඉන්න බෑ ඔලුව කැක්කුම,මම එහෙම්ම ඔලුව අල්ලන් ඉදන් හිටියා.






🕊️🥀




මේකනන් හොදද දන්නේ නෑ ඇත්තටම.

කොහොමහරි ඔන්න ඔහේ ලෝබ නැතුව කමෙන්ට් එකක් රියැක්ට් එකක් දාන් යන්න ළමා...යි...




මං


Dewmini ❤️‍🩹


Report Page