වියරු ප්‍රේමය 🕊️🥀

වියරු ප්‍රේමය 🕊️🥀

පන්හිද🖌



(15) කොටස



 ~PANHIDA ADMIN PANEL~


ආත්මයක් ආත්මයක් පාසා ඔහුවම හඹා ආ ඇගේ කතාව....



පෙර කොටස






උඩ තට්ටුවේ ඉදං පහලට බැහැගෙන එන මුදලාලි මාමව මං දැක්කෙ අහම්බෙන්...








ඒත් වෙනදා වගෙ නෙමෙයි ඒ ඇස්වල හරි අමුතු බැල්මක් තිබුනෙ....








තණ්හාව පිරුණු අමුතුම සතුටක් මං ඒ ඇස්වලින් දැක්කා....








පඩිපෙල බැහැගෙන එයා කෙලින්ම ආවේ මං දිහාට....








ඊටපස්සේ එයා කියපු දෙයින් මගෙ ඇග කිලිපොලා ගියෙ මං හිතපු දේ හරියටම උන නිසා....






"ප්‍රශ්න හැම එකක්ම ඉවරයි කියලා නම් හිතන්නෙපා උඹ....ඉස්සරහට තව පරිස්සම් වෙලා හිටියොත් ඇගට ගුනයි...කොහොමටත් උඹලා වගේ අඩු කුලේ එවුන් ජීවත් වුනත් එකයි නැතත් එකයි.."





මගේ අතේ තිබුන කොස්ස බිමට අත ඇරුනේ ඒ වචන මගේ හදවත පතුලටම කිදා බහිද්දි....





එතකොටම මගේ ඔලුව ඇතුලෙන් ඇහුනේ දෝංකාර දෙන කටහඩක්...





කට වහන් ඉදපන් පට්ට බැල්ලි! උඹ හිතවද මගේ අයියාගේ කොල්ලා එක්ක දීග යන්න.ඒවා තොපි වගේ අඩු කුලේ එවුන්ට හීන විතරයි බොල..."





ඒ සද්දේ එක්ක තව එක එක සද්ද ඇහෙද්දි...



මන් කන් දෙකත් අතින් වහගත්තේ මට තවත් ඒ කටහඩ අහන් ඉන්න බෑ වගේ දැනුන නිසා..



මුලු ඔලුවම කැරකෙනවා වගේ දැනුනු මට තේරුනේ වටේ පිටේ කලුවර වේගෙන මගේ සිහිය මගෙන් ඈතට යනවා කියලා...



ඒත් වාරු වෙන්නවත් ළගපාත බිත්තියක් වත් නැති වෙද්දි....



මාව හිරවුනේ හැඩි දැඩි අත් දෙකකට...



.



.



.



.



.



මුදලාලි මාමා ගැන ඇති වෙච්ච සැකේටම මන් එයා පස්සෙන් ගියේ බාප්පගේ කාමරේ ඉදන් එයා කරපු දේ හරියටම තහවුරු කරගන්න ඕනි වුනු නිසා...





මාමා එක්කම පඩි පෙල බැහැගෙන ඇවිත් ළග තිබුනු බිත්තියකට මුවා වුනේ මාමා ඖශාලි ළගට යනවා දැක්ක නිසා...





මාමා කතා කරේ ගොඩක් හෙමින් වුනත් තියුනු සවන්දීමේ හැකියාවක් තිබ්බ මට ඒ කියපු වචන ටික කනට අහුලගන්න පුලුවන් වුනා...





ඖශාලි අතින් කොස්ස බිමට අත ඇරෙද්දි...මගේ අත් මිට මෙලවුනේ මාමා කියපු වචන මට ආයේ ආයෙම ඇහෙද්දි....





එතකොටම මන් දැක්කේ සිහියක් පතක් නැතුව වැටෙන්න යන ඖශාලිව...





ඉක්මනටම කෙල්ල ළගට දුවන් ගිහින් කෙල්ලව අත් දෙකට හිර කරගත්තේ මගේ මැනිකට මේ ආත්මෙදි නම් එකෙක්ගේ අතින් සීරීමක්වත් වෙන්න දෙන්නේ නෑ කියලා හිතාගෙන...





කෙල්ලගේ අම්ම දැක්කොත් කලබල වෙන නිසා ඉක්මනටම කෙල්ලව අත් දෙකට අරගෙන ළගම තිබුනු කාමරේකට ගිහින් ඇදක් උඩින් තිබ්බේ...





කෙල්ලගේ ඉහින් කනින් දාඩිය බේරෙද්දි...





"ලොකු හාමු අපිට බොරු කරා මටයි චුටි හාමුටයි බොරු කරා...



කෙල්ල එකදිගට හීනෙන් වගේ එකම දේ කියන්න ගත්තේ මගේ බය වැඩි කරලා...



මම ඉක්මනටම ගිහින් දොර වහලා ලොක් කරලා ආවේ කාටහරි ඇහෙයි කියන බයට...





ඉක්මනටම ඇවිත් ඇදේ පැත්තකින් ඉදගෙන ඒ ඉන වටේ අත් දෙක යවලා කෙලින් කරවලා මගේ පපුවට හේත්තු කරගත්තේ මුලු පපුවම මහ අමුතු හැගීම් ගොඩකින් හිත පිරිලා යද්දි.. 





හෙමීට මම කෙල්ලගේ ඔලුව අතගෑවේ කෙල්ල තවත් උනුහුම හොය හොය පපුව අස්සටම ගුලි වෙද්දි....



"පුංචි මහත්තයව දාලා යන්න බෑ පුංචි මහත්තයා....මට මෙහෙම ඉන්න දෙන්න..."





හින් හිනාවක් මගේ මූනේ ඇදෙන්න ඇති....කොච්චර කාලෙකින්ද ඒ විදියට මගේ භූම් මට කතා කරනවා ඇහුවේ...



මේ කෙල්ල මෙච්චර කාලයක් ගිහිල්ලත් මට ඇහැළ කියන්නේ නැති හැටියක්...





"මගේ භූමි කොහෙවත් යන්නේ නෑ...මේ ඇහැළ ඉන්නකන් ආයේ මගේ භූමිට කරදරයක් කරන්න කාටවත් බෑ..."





ඒක ඇහුනම කෙල්ලගේ මූනේ මලානික හිනාවක් ඇදුනේ මගෙ  පපුවට මහ බරක් එකතු වෙද්දි...





ඇයි මේ මිනිස්සු මෙහෙම කරන්නේ..





මගේ කෙල්ලවම ඇයි මුන්...





තමුසෙලා එකෙක්වත් මන් තියන්නේ නෑ... මගේ කෙල්ලට අතක් හරි තිබ්බොත් උඹලා දැනගනියි මේ ශේද්‍ය ගේ තරම...





මම මටම එහෙම කියාගත්තේ ඇස් පියන් ඉන්න කෙල්ලගේ ඉස් මුදුන ලාවට ඉඹින ගමන්...



.



.



.



.



.





මේ වෙලාවේ ශේද්‍ය ටවත් ඇස නොගැටුනු එක් දෙයක් තිබ්බා...



ඒ තමා අඩවල් වුන් ජනෙල් පියන...



මේක පිටිපස්සේ ඉදන් මේ ආත්මේ ශේදයගෙයි ඖශාලිගෙයි ජීවිත කනපිට පෙරලන්න පුලුවන් කෙනෙක් මේ හැමදේම බලාගෙන ඉන්නවා කියන එක ශේද්‍ය දැනන් හිටියේ නෑ...





ඒ තමයි මුදලාලි මාමා...මේ හැමදේම අහන් ඉදියම ඔහුට තේරුන...ඩයරි එකේ හිටිය ඇහැළයි භූමියි වෙන කවුරුත් නෙමේ මේ ආත්‍මේ ශේද්‍යයි ඖශාලියි කියලා...





ඒත් මේ දරුනු මිනිහගේ හිතේනම් පොඩිම වත් අනුකම්පාවක් ගෑවිලා වත් තිබුනේ නෑ...







ඒ වෙනුවට මේ තිරිසනාගේ හිතේ ඇදුනේ එකම එක සිතුවිල්ලයි...



ඒ තමා කොහොමහරි ඖශාලිව බිලි දීලා රන්හුය කන්දේ නිධානේ ගන්න එක...





"උඹලට ඔහොම රගන්න වෙන්නේ තව ටික දවසයි...බලන් හිටපන් වෙන දේ .."





මුදලාලි තනියම හිතුවේ නිධානේ අරගෙන ඉස්සරහට සැප විදින විදිය මතක් කරන ගමන්...





.



.



.



.



මගේ පපුව උඩ නිදාගෙන හිටපු කෙල්ල එකපාරටම ගැස්සිලා වගේ ඇහැරිලා ඔලුව උස්සලා මන් දිහා බැලුවේ ඇස් දෙකත් පොල් ගෙඩි සයිස් කරගෙන...



මටම හිනා මේ වැඩවලට....



වෙනසක් නෑ මගේ භූමිම තමා...





"ශේද්‍ය අයියේ...."





"මොකෝ පුංචි මහත්තයා එකපාරම ශේද්‍ය වුනේ ආ...."












 



ඉතින් කෙමෙන්ට් එකක් දාගෙන යන්න මේ එපියටත්...





මේක අපි හැමෝම එකතු වෙලා කරන වැඩක් නිසා ඔයාලාගේ කමෙන්ට් සෑහෙන්න වටිනවා..





ආදරෙයි❤️❤️



ඔන්න මන් තමා පැනල් එකේ සූටිම කෙල්ල...



Moonlight✨️






Report Page