වියරු ප්‍රේමය 🕊️🥀

වියරු ප්‍රේමය 🕊️🥀

පන්හිද🖌




(14) කොටස

~PANHIDA ADMIN PANEL~

ආත්මයක් ආත්මයක් පාසා ඔහුවම හඹා ආ ඇගේ කතාව...


පෙර කොටස



ඒකෙ තිබුණේ රන්හුය කන්දේ නිධානෙ ගැන නිධානෙ ගන්න නම් තුන් කුලුදුල් කන්යාවියක් අවශ්‍ය බවත් ඒ සඳහා විශාල බිලි පූජාවක් අවශ්‍ය බවත් ඒ පොතේ ලියලා තිබුනා. ඒත් එක්කම මුදලාලිගේ හිතට ආවේ මේ ගමටම ඉන්න එකම තුන්කුළුදුල් කන්යාවිය වුණ ඖෂාලිව.........



ඖෂාලිව කොහොමහරි අල්ලගත්තොත් ඒ නිධානේ තමන්ට ගන්න පුළුවන් කියලා හිතපු මුදලාලි තවත් ඒ පොතේ විස්තර කියවන්න ගත්තා....



ඒ පොත ලොකු හාමුගෙ දිනපොත කියලා මුදලාලිට තේරුනෙ වෙච්චි ගොඩක් දේවල් ගැන දිනත් එක්කම පොතේ ලියලා තිබුන නිසා....



ඒත් එක්කම භූමී කියන නමත් ලාවට වගෙ පොතේ ලියලා තිබුනා.... 



ඒ නම ටිකක් හුරුවට දැනුන නිසා කන්නාඩිය උස්සලා බැලුවත් ඒ පිටුව බොදවෙලා පෙනුනේ කවුරුහරි මොනාහරි ඒ පිටුවට හැලලා නැත්තම් මොනාහරි දියරයක් හැලිලා අකුරු බොදවෙලා තිබුනා නිසා....



"කව්ද මේ භූමී කියන්නෙ...."




ටිකක් වෙලා කල්පනා කරපු මුදලාලිට එකපාරටම දෙයක් මතක් උනා....



"හත්දෙයියනෙ ඒ කියන්නේ අර කාලෙකට කලිං බිලි දුන්නයි කිව්ව කෙල්ල නේද....ඒ කියන්නේ වලව්වේ මාමා මේකට සම්බන්දයි කියන එක ඇත්ත....එතකොට වලව්වේ උරුමක්කාරයා ව මැරුවා කිව්ව එකත් ඇත්ත වෙන්න ඕනෙ...."




ඒ ගැන ටිකක් හොයන්න මුදලාලිට හිතුනේ නිධානෙත් එක්ක මේ යටගිය කටකතාවට සම්බන්ධයක් තියෙනවා කියලා නිකමට හිතුන නිසා....ඒත් ඊලග පිටුව පෙරලුවත් එතනින් එහා පිටු පහක් හයක් පොතෙන් ගැලවිලා තිබුනා....



අමුත්තක් දැනුන නිසා වටපිට බලලා ලාච්චු එහෙම ඇරලා බැලුවත් ඒ පිටු ටික මුදලාලිට හොයාගන්න බැරිවෙනවා....



ඒ නිසාම වැඩිවෙලාවක් නොගෙන අන්තිම පිටු ටිකත් කලබලයෙන් මුදලාලි බැලුවේ කාමරය වටේට එක එක අඩි සද්ද ඇහෙනකොට....



මලගෙදර නිසාම මුලු ගෙදරම සෙනග පිරිලා හිටියෙ...



ඒ විස්තර අනුව පසලොස්වක දවසක රෑ රන්හුය කන්දේ තියෙන ගල්ගුහාවක් ඉදිරිපිට නිර්මාංශව පේ වෙලා තුන් කුලුදුල් කන්‍යාවියක් පහුවෙනදා ඉර පායන්න කලින් බිලි දුන්⁣නොත් අනිවාර්යයෙන්ම ඒ නිධානේ ගන්න පුළුවන් කියලා මුදලාලිට දැනගන්න ලැබුනා.....



"ලබන සුමානේ 24 වෙනිදා පසලොස්වක පෝය දවසක්....එදාට අර කෙල්ලව බිලි දුන්නොත් මට නිධානේ ගන්න පුළුවන් වේවි....ඒකී හිටියා කියලා වැඩකුත් නෑනේ....."



එහෙම හිතපු මුදලාලි තව තවත් පොත කියවන්න ගත්තේ හිතේ තිබුණු තණ්හාව තව තවත් දලුලනකොට.....



ඒත් ඒ බිලිදීම හරියට නොකලොත් ජීවිත කාලෙටම විදවන්න වෙනවා කියලත් ඒ වගේම පූජාව සිදුකරන යකැදුරා මරණයට පත්වෙනවා කියලත් ඒ පොතේ තිබුනේ තණ්හාව වගේම බයත් මුදලාලිව වෙලාගෙන සෙල්ලම් කරනකොට....



සුසුමක් හෙලලා තමාව පාලනය කරගෙන මුදලාලි කවුරුත් බලන් ඉන්නවද කියලා වටපිට බලලා ඒ දිනපොත හොරෙන් ඉනේ ගහගත්තේ ඉස්සරහට ඒ පොතෙන් ලොකු වාසියක් වෙනවා කියලා ඉවෙන් දැනුන නිසා....



ලහිරු හාමුගෙ අවසන් කටයුතු වැඩ නිසා කවුරුත් තමන්ව දැක්කෙ නෑ කියලා මුදලාලි හිතුවත් තව ඇස් දෙකක් මුදලාලි දිහා හොරෙන් බලං හිටියා....



එකපාරටම දොර ඇරගෙන කවුරුහරි ආපු සද්දෙට මුදලාලි ගැස්සිලා යනවා....



"මාමේ...මොකද මේ බයවෙලා...."




ශේද්‍ය ඇහුවේ ලොකු හාමුගෙ කාමරයට යනකොට එක්පාරටම මුදලාලි ගැස්සිලා යම් දෙයක් සරමේ ගහගත්තේ නිසා....



"මු...කු...ත්.....නෑ....ලම.....යෝ....ම...මං...මේ..මේක..නෙ...ලොකු මාමා ගැන කල්පනා කර කර ඉන්නකොට එකපාරටම පුතා ආව නිසා ගැස්සුනා...ඒකයි....



මං එහෙනම් පහලට යන්නම්කෝ..."




තමන් දිහා බලං ඉන්න ශේද්‍යයටත් ලා සිනාවක් පා කරලා මුදලාලි කාමරයෙන් එලියට ගියා....



.


.


.



මං මලගෙදර අවසාන කටයුතු වැඩ ඉවර එකේ බාප්පගෙ කාමරේට ගියෙ පොඩි දෙයක් හොයන්න....



මං කාමරේ දොර අරින කොටම දැක්කේ ගමේ මුදලාලි ගැස්සිලා මොනාහරි දෙයක් සරම පිටිපස්සේ හංගගන්නවා....



මං ඒක ගැන අහන්න කලිං ඇ⁣හුවේ ඇයි මාව දැක්ක ගමන්ම ගැස්සුනෙ ඇයි කියලා....



මොකද මොනා උනත් මට එහෙම අහන්න අයිතියක් තිබුනේ නෑ....කලිං ආත්මේ බාප්පා මගෙ බාප්පා උනාට මං මැරුන ඇහැල කියලා කවුරුත් පිලිගන්නෙ නෑ....



ඒ නිසාම එහෙම ඇහුවම මං හිතුව විදිහටම මුදලාලි ආදා වගෙ කාමරෙන් ලිස්සලා ගියෙ මගෙ සැකේ තහවුරු කරලා....



"මාමේ...මොකද මේ බයවෙලා...."




මම එහෙම කියාගෙන කාමරේ ඇතුලට ගියා....




"මු...කු...ත්.....නෑ....ලම.....යෝ....ම...මං...මේ..මේක..නෙ...ලොකු මාමා ගැන කල්පනා කර කර ඉන්නකොට එකපාරටම පුතා ආව නිසා ගැස්සුනා...ඒකයි....



මං එහෙනම් පහලට යන්නම්කෝ..."



මං හොදටම දැක්කා ඒ ඇස් දෙකෙ තිබුන බය....




වචනයක් වචනයක් ගානේ ඒ මූණේ ඉරියව් වෙනස් උනා....



ලොකු කලබලකාරී බවක් තිබුනත් එයා උත්සහ කලේම මට ඒක නොපෙන්වා ඉන්න....



ලා සිනාවකින් එහෙම කියලා එයා අඩියට දෙකට කාමරෙන් ගියෙ මුල ඉදන්ම එයා ගැන මට දැනුන ගුප්ත බව දෙගුණ තෙගුණ කරවලා....



ඒ ගැන හොයන එක පැත්තකින් තියලා මං කාමරේට හොයන්න ආපු දේ හොයන්න ගත්තා....




ඒත් ගෙදර වැඩට හිටපු කුසුමා නැන්දා කිව්වා වගෙ එහෙම දිනපොතක් කාමරේ පුරාම හෙව්වත් මට හම්බුනේ නෑ....




කුසුමා නැන්දා එක්ක කතා කර කර ඉන්නකොට මට කිව්වේ වලව්වේ හාමුට දිනපොතක් තිබුනලු....ඒකෙ වෙච්චි හැමදේම ලියලා තියෙන්න ඇතිලු කියලා....




ඒ කියන්නේ ෂුවර් එකටම බාප්පා අපිට කරපු දේ ගැන පොඩි දෙයක් හරි ලියලා තියෙන්න ඕනෙ....



අඩුම භූමි මායි ගැන එයාට හිතුනු දේවල්....රන්හුය කන්දේ නිධානේ ගැන විස්තර ඒකෙ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනෙ....



මලගෙදර එක්ක හැමෝම එක එක වැඩවලට ඔට්ටු උන හින්දා මං මේක ගැන හොයන්න හිතුවත් මට පේන විදිහට මටත් කලින් කවුරුහරි මේක ගැන දැනගෙන තියෙනවා....



හැබැයි ඒ දිනපොත කාගෙ හරි වැරදි කෙනෙක් අතට ගියොත් ලොකු විනාශයක් වෙනවා අනිවාර්යයෙන්ම.....



මොනදේ කලත් මේ පාර මගෙ කහ කිරිල්ලිව මගෙන් වෙන් කරන්න කාටවත් මං ඉඩතියන්නේ නෑ....



කවුරු වෙන්න ඇතිද ගන්න ඇත්තේ....



දෙයියනේ එතකොට ගමේ මුදලාලි මං එනකොට හංගගත්තේ ඒකද....




ඒක එහෙමනම් අනිවාර්යයෙන්ම අපිට ඉස්සරහට ලොකු කරදරයක් වෙනවා....




මේ ආත්මෙවත් අපි දෙන්න⁣ට සැනසීමෙන් ඉන්න නැති හැටි....




කොහොමහරි මේ ගැන ශාකීර් එක්කත් කතා කරනවා කියලා හිතාගෙන මාත් කාමරෙන් එලියට ගියා....



.


.


.



මං අම්මත් එක්කම වලව්වට ආවේ මලගෙදර වැඩ ඉවර උනත් වලව්වේ අස් කරන්න කියලා ගොඩක් දේවල් තිබුනු නිසා....




අම්මටත් කියලා ඕවා තනියෙන් කරන්න අමාරුයිනේ....




මොනවා උනත් මගෙයි ශේද්‍ය අයියාගෙයි ප්‍රශ්නේ ඉවරයි කියලා හිතෙනවා....




ඒත් කලිං වගේම මට හරි අමුත්තක් දැනෙනවා මොකක් හරි නපුරක් අත ලගම වෙන්න යනවා කියලා....




අම්මා කුස්සියෙ වැඩට උදව් වෙන්න යනකොට මං කොස්සක් ඇරං කොනක ඉදං අතුගාන්න පටන් ගත්තා.




උඩ තට්ටුවේ ඉදං පහලට බැහැගෙන එන මුදලාලි මාමව මං දැක්කෙ අහම්බෙන්...




ඒත් වෙනදා වගෙ නෙමෙයි ඒ ඇස්වල හරි අමුතු බැල්මක් තිබුනෙ....




තණ්හාව පිරුණු අමුතුම සතුටක් මං ඒ ඇස්වලින් දැක්කා....




පඩිපෙල බැහැගෙන එයා කෙලින්ම ආවේ මං දිහාට....




ඊටපස්සේ එයා කියපු දෙයින් මගෙ ඇග කිලිපොලා ගියෙ මං හිතපු දේ හරියටම උන නිසා....









කතාවේ මේ කොටස හොදද දන්නේ නෑ...


කතාවට කමෙන්ට් එකක් දාගෙන යමු නේද...


මම

Iru🙈







Report Page