වියරු ප්‍රේමය 🕊️🥀

වියරු ප්‍රේමය 🕊️🥀

පන්හිද🖌


(11) කොටස


~PANHIDA ADMIN PANEL~




ආත්මයක් ආත්මයක් පසා ඔහුවම හඹා ආ ඇගේ කතාව..........






පෙර කොටස


"උබ ඕක ඖෂාලිට දෙන්න භූමිගේ උපන්දිනය දවසේ මොකක් හරි දෙයක් වෙයිනේ "


"බලමු"


...



අම්මා දීපූ බත් ටික අරගෙන මන් ගෙයින් එලියට බැස්සෙ කුසුම නැන්දලගෙ ගෙදරට යන්න.



" දුවේ ඕක දීලා පරිස්සමින් එන්න මයෙ කෙල්ල. මන් වලව්වට යනවා "



" හරි අම්මේ අම්මත් පරිස්සමින් "



බත් මල්ලත් අතට ගුලි කරගෙන අඩි පාර දිගේ ඇවිදගෙන ගියේ සැරින් සැරේ වෙන අමුතු දේවල් ගැන හිත හිත.



ශේද්‍ය අයියා එක්ක මේක ගැන කතා කරන්න ඕනෙ. මට තවත් මේ වෙන දේවල් මොනාද කියල හිතන්න ගියොත් පිස්සු හැදිල තමා නවතින්නෙ.



කල්පනා කර කරම කුසුමා නැන්දලගෙ ගේ ගාවටම ආවා.


" ආ කෙල්ලෙ.."



" නැන්දෙ අම්ම මේ බත් මුල් ටික දෙන්න කිව්ව "



"ආ දෙන්න දරුවො. එන්න ගෙට තේ උගුරක් බීලා යමු "



තේ බොන්න උවමනාවක් නොතිබ්බත් මට හිතුන කුසුම නැන්දා එක්ක ටිකක් කතා කරන්න ඕනෙ කියලා. ඒක නිසාම කුසුම නැන්දා පස්සෙන් ගෙට ගියා



" නැන්දා වලව්වෙ වැඩ කරන්නෙ දැන් කෝයි කාලෙක ඉදන්ද නැන්දෙ? "



" දැන් අවුරුදු 18ක් විතර වෙනව මයෙ හිතේ "



" ලොකු කාලයක් නේද නැන්දෙ? ඒ හාමුත් දැන් ගොඩක් වයසයි නේද? "



" ඔව් දුවේ ඔය හාමුට දැන් 110ක් වෙනවා. කරපු පව් ගෙවනව දැන් "



"ඒ කිව්වෙ නැන්දෙ? "



" ලොකු හාමු එයාගෙ ගමේදි පොඩි කෙලියෙක්වයි හාමුගෙම ලේ තියෙන කෙල්ලෙක්වයි මරල තියනව දරුවො. දැන් ඔය ළමයටත් යමක් කමක් තේරෙන හින්දා මන් මේවා කියන්නේ. ඔය ළමයා කා එක්කවත් මේවා කියනවා එහෙම නෙමේ "



" අනේ නෑ නැන්දෙ මන් කාට කියන්නද? ඒත් ඇයි නැන්දෙ හාමු එහෙම කරල තියෙන්නෙ? "



අගක් මුලක් දන්නෙ නැති උනත් මේ කතාවයි මගෙයි ශේද්‍ය අයියගෙයි හීන වලයි මොකක්ම හරි ලොකු සම්බන්දයක් තියනවා. මට ඒක හොදටම දැනෙනවා. 



........



" ශේද්‍ය මෙතන මහ මූසලයි බං. බලපන්කො වට පිටාව "



" ඒකනම් ඇත්ත බං. ඒත් මේක කොහොම හරි හොයගන්න ඕනෙ බං "



" මන් හිතන් නෑ අපි මෙතන හිටියට වැඩක් වෙයි කියල. අපි ගමට ගිහිම් අහමු ඒ උබ හීනෙන් දැක්ක වලව්ව ගැන."



" මටත් හිතෙනවා ඒක හොදයි කියල "



කන්දෙ බාගයක්ම නැග්ගත් මටයි ශාකීර්ටයි කිසිම දෙයක් හොයාගන්න ලැබුන් නෑ. 



ඒ නිසාම අපි හැදුවෙ හැරිල එන්න. ඒත් මට එක පාරටම කැරකිල්ලක් වගේ ආවෙ ගොඩක් හුරු පුරුදු කටහඩකුත් කන ඇතුලෙ දෝංකාර දෙනවත් එක්කම



" පුංචි හාමු.. ලොකු හාමු අපිට බොරු කරා මටයි චුටි හාමුටයි බොරු කරා.. "



" භූමී.. "



" ඒ ශේද්‍ය මොකද යකෝ? උබ මාවත් බය කරනවා යකෝ "



" මට ආයිත් භූමිගෙ කටහඩ ඇහුන බං. ඉක්මනටම මේක හොයගන්න ඕනෙ. මාව පිස්සෙක් වෙයි නැත්තම්. ඊටත් වඩා අර පොඩි කෙල්ල පව්. අපි ඉක්මනට ඒ වලව්ව හොයාගන්න ඕනෙ "



.......



" අනේ කෙල්ලෙ මොකද උනේ ඇයි කෑ ගහුවෙ? කවුද පුංචි හාමු? "



නැන්දගෙන් ලොකු හාමු ගැන අහ අහ ඉන්නකොට මට එක පාරටම කලන්තයක් වගේ ආවෙ කන් ඇතුලෙ මගෙ කටහඩම මටම දෝංකාර දෙදිදි. කිසිම තේරුමක් නැති කවදාවත් කියල නැති වචනයක් මගෙ කටින් පිට වුනේ මටත් නොදැනිමයි.



කුසුම නැන්දත් බය වෙලා මං ගාවට දුවන් ආවත් නැන්දට ඇහුනෙ මන් පුංචි හාමු කිව්ව එක විතරක් උන නිසා හොදයි. ඒත් මට හිතා ගන්න බැරි මන් ඒ කිව්ව අනිත් දේවල් මොනාද කියල.



කවුද ලොකු හාමු. ඇයි මන් කිව්වෙ පුංචි හාමුටයි මටයි බොරු කලා කියලා?



මේ වෙන කිසිම දෙයක් ගැන පොඩ්ඩක්වත්ම තේරුම් ගන්න මට බෑ. 



" දුවේ.. කතා කරපං. මොකද උනේ උබට? "



" අනේ නැන්දෙ මේ අව්වෙ සැරට වෙන්න ඇති කලන්තයක් ආවෙ. දැන් හරි "



" දුව ඇයි පුංචි හාමු කියල කෑ ගැහුවෙ "



" අනේ නෑ නැන්දෙ මට මේ ලොකු හාමුට පුංචි හාමු.. දෙයියනේ ලොකු හාමු.. එතකොට... "



" ඇයි දරුවො මේ කලබල වෙලා? හොදටම දාඩියත් දාලා "



මන් තවත් මුකුත් කතා නොකරම එතනින් දුවන් ආවෙ කුසුම නැන්දත් බය වෙලා මන් දිහාම බලන් කෑ ගහද්දි.



කුසුම නැන්ද කිව්ව විදියට වලව්වෙ ලොකු හාමු මෙහෙට ඇවිත් තියෙන්නෙ පොඩි කෙල්ලෙකුයි හාමුගෙම ලේ උරුමක්කාරයෙක්වයි මරල. එතකොට මට දැන් ඉබේටම කියවුන පුංචි හාමු ගැන කතාවයි ලොකු හාමුයි අතරෙ මොකක්ම හරි සම්බන්දයක් තියෙන්නම ඕනෙ. 



අනේ ඇයි දෙයියනේ මාවම මේකට පැටලුනේ? මොනවද මේ වෙන්නෙ? 



මන් කෙලින්ම ගෙදර දුවන් ආවේ හොදටම බය වෙලා. අම්ම වලව්වට ගිහින් හිටිය නිසා හොදයි.



වතුර වීදුරුවකුත් අතට අරගෙන බිමින් ඉදගත්තෙ අගක් මුලක් නැති මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න..



.....


ශාකිරුයි මමයි හවස් වෙනකොට කන්ද බැහැල ආවා.ඒ ගමම ටිකක් පාලු වෙලා හැතැක්ම ගාණක් යනකම් ම ගෙයක් තියා පොඩි පැලක්වත් අපිට හොයා ගන්න බැරි වුණා.



මහන්සියටයි තෙහෙට්ටුවටයි කාර් එකට වෙලා හිටියා.ඉර මුදුන් වෙලා නිසා දරා ගන්න බැරි අව් රශ්මිය එක්ක කාර් එකේ ඒසී එක ඔන් කරලා අපි ටිකක් බලන් හිටියා.




ටිකක් දුර ආවේ ආවෙ නවතින්න තැනක් හොයාගන්න .සිග්නල් නැති නිසා ඒ දේ කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබ්බෙත් නෑ



" වාහනේවත් ඉමු බං වෙන මොනා කරන්නද? "




" නෑ බං අපි පොඩ්ඩක් මේ කාගෙන් හරි අහමු. බැරිම උනොත් වාහනෙ ඉමු. "



" මට නම් කන්න දෙයක් හොයගන්න තිබ්බ නම් ඇති ශේද්‍ය.පට්ට බඩගිනී දැන්නම් "



ශාකිර් නහයෙන් අඩන්න පටන් ගත්තේ බඩගිනි කියලා.ඇත්ත අපි ඉන්නේ උදේට කාපු පාර අපේ වාසනාවට අපිට පහු කරන් ගියේ දර මිටියක් උස්සගෙන ගෑනු කෙනෙක්,




"නැන්දේ......"



මං දුවන් ගිහින් කතා කරාම ඒ නැන්දා නතර වෙලා දර මිටියක් ඔලුවේ තියාගෙන ම අපි දිහාට හැරුණා.



"කවුද මේ මහත්තුරු.."



"නැන්දේ අපි මේ කොත්තැල්ලෙන ගමට ගිහින් ආපිට එන ගමන් දැන් හවස් වෙන නිසා අපිට ආයම යන්න අමාරු අනික අපිට මහන්සි අපිට බැරි වෙයි ද නවතින්න තැනක් හොයා ගන්න.."



"ඒක තමයි මාත් බැලුවේ ඇහැට පුරුදු රූප දෙකක් නෙවෙයි නේ.මේ මහත්තුරු වගේ අයට නම් නතර වෙන්න තැනක් මේ ගම් අහල පහලක නම් නැති පාටයි..."



"අපිට නතර වෙන්න පන්සලක්වත් නැද්ද නැද්දේ..."



"පන්සලයක් නම් තව කීලෝ මීටර් ගාණකට ට මුණ ගැහෙන් නේ නම් නෑ.මහත්තයාලා කොත්තැල්ලනට ඇයි ගියේ."



"ආ..අපි රන්හුය ලෙනට ගියා.."



"අර මක්කෙටයි.."



"අපි මේ පුරාවිද්‍යා එකෙන් අපි ට ඒ කන්න ගැන පොඩි රිසච් එකක් කරා..."



"මහත්තයාලා මොකද ඔය කැළැ දිපන්කරේ ගියාද ? ඔය කන්දට අහල පහල එකෙක් වත් ගොඩ වෙන්නෑ මහත්තයෝ.අමනුස්ස ආත්ම ඔය කන්ද පුරාම සැරි සරනවා.."



"ඒ කතාව මොකක්ද?"



"මං මේ මහත්තයාලටම නිසා කියන්නේ. මීට අවුරුදු ගාණකට කලින් ඔය කන්දේ තියන නිධන් වදුල ගන්න කියලා කොත්තැල්ලෙන ගම්මානෙට ම හිටපු එකම එක වලව්කාර පරාණේ බිල්ලක් පුජා කරලා මහ ඉහලින් සුජානම් වුණා.ජුජාව වෙලාවේ මහ විශාල අකුණු කොටලා ගල දෙකඩ වුණා කියලා අපේ අම්මා එකාලේ කිව්වා.මං එතකොට පොඩි කෙලී මහත්තයෝ.



ඔය ගල පල්ලේ තරුණ ගැටිස්සියෙක් ගේ හිසක් වෙන් වෙච්ච මල කදකුයි. ඊට ටිකක් පහලට වෙන්න වෙඩි වැදුණ තරුණ ඉලන්දාරියෙකුගේ මිනියකුයි තිබ්බා.නිධන් වදුල ගන්න ගිය වලව්කාරයා අන්තිමේ සිද්ධ වුණා රෝද පුටුවකට වැටෙන්න... තූ විතරයි ඕකුන්ට වැහි නැති හෙන ගහන්න ඕන.අච්චර සීදේවි කෙල්ලව මරා ගත්තට.."



ඒ නැන්දා බුලත් විට කකා හිටිය නිසා කෙළ ගුලියක් බිමට ගැහුවේ අර වලව්කාරයට සාප කර කරමයි.



"මහත්තයට ඉන්න සුදුසු තැනක් නම් මට රෙකමදොරු කරන්න බැ..හැබැයි මහත්තයාටල ගිමන් නිවා ගන්න පුලුවන් වතුර ටිකක් බොන්ට වත්ත ව කිලෝමීටර් පහක් හයක් ගියා ම හිඹුටු යාය ගම හම්බවෙනවා.හැබැයි මහත්තයෝ ගම ඇතුළට ම නම් ඔය වාහනේ යා ගන්ට බැරි වෙයි මයේ හිතේ.."



"අපි එහෙම කරන්නම් නැන්දේ.."



"බොරුළු පාර අහවර වෙනකම් ම වාහනේ යත හැකි.එතනින් එහාට තියන අඩි පාරේ ඇතුළට ගියා නම් හරි"



"බොහෝම ස්තූතියි නැන්දා.."




ශාකිරුයි මායි ඒ නැන්දට සමු දීලා ඒ මනුස්සයා කිව්ව විදිහට ම කිලෝමිටර් 4 ක් විතර යද්දී බොරළු පාර ඉවර වුණා.අපි පාර වෙනකම් ම කාර් එක අරන් ගියා.එතනින් එහාට පොඩි අඩි පාරක් දිගේ ඇවිදගෙන ආවෙ වාහනෙ මග දාලා. මොකද වාහනෙ එන්න පුලුවන් තත්වෙක තියා පයින් යන්නවත් බැරි පාරක මේක.



ටික දුරක් එද්දි පොඩි එලියක් වැටිච්ච පොඩි ගෙයක් දැකල අපි දෙන්නම නතර උනේ පොඩ්ඩක් කතා කරල කඩයක්වත් ළග පාතක තියනවද අහන්න.




ගේ දොරකඩටම ගිහිම් දෙපාරක්ම කතා කලත් කවුරුත් එලියට ආවෙ නැති නිසා ආයිත් හැරුනෙ යන්න බලගෙන උනත් ශාකීරුයි මායි දෙන්නම බය වෙලා පස්සට පැන්න පාර දෙන්නම බිම.



..............




Comment එකක් දාන් යන්නෝ...

මම Vish 🤍


Report Page