වියරු ප්‍රේමය 🕊️🥀
පන්හිද🖌(10) කොටස
~PANHIDA ADMIN PANEL~
"මං..මං හීනයක් දැක්කා...නෑ..හීනයක් නෙවෙයි.මෙච්චර වෙලා මට දැන ගන්න ඕන කරපු දේ මම දැක්කා.මට ගමනක් යන්න ඕන උඹ එනවද බන් මම එක්ක.."
"මට යන්න ඕන කොත්තැල්ලෙන ගමට ඒ වගේ ම රන්හුය කන්දට.."
"මොකක්...
තොට පිස්සුද යකෝ "
"මට මේ පේන හීනේ අවසානය තියෙන්නේ එතන විතරයි බං.. අඩුම තරමේ මට නැතත් මගේ ඖෂාලිටවත් සැනසීමක් ලැබෙයි ඒකෙන්..
අනේ උබ බෑ කියලනම් කියන්න එපා.."
"හරි හරි හෙට යමු නැන්දටත් කියලම"
"නෑ බන් අදම යන්න ඕනි අම්මට මං කියන්නම්.."
" හරි එහෙම් ලෑස්තිවෙන්නකෝ මාත් ලෑස්තිවෙන්නම්"
අද පන්ති නැති නිසා මම උදේම බුදු පහන තියලා පොත්ටික අතට ගත්තේ ඊයෙත් පාඩම් වැඩක් හරියට කරගන්න බැරිඋන නිසා..
ඒත් සැරින් සැරේ මට එක එක විකාර පේන්න ගන්න එකේ නම් අඩුවක් තිබුනෙම නෑ...
ඒ හැම වෙලාවකම මට මොකක්දෝ වෙනවා.. එකපාරටම මුලු පරිසරයම කලුවර වෙලා මට කතාකරගන්න පවා බැරිවෙනවා...
මේ පේන විකාර වල මොකක් හරි දෙයක් තියෙන්න ඕනි කියන එක විතරයි මගේ ඔලුවට එන්නේ ඒ නිසා මම ඒ විකාර ලෝකෙන් මිදෙන්න බල කරන්නේ නෑ...
"කෙලී මේ බත් ටික කාලම වැඩ පටන්ගත්තනම් නරකද"
"හා අම්මේ මං එන්නම්"
"මගේ හොද දූ වගේ මේ බත් පාර්සලේ ගිහින් දීලා එනවද කුසුමලා දිහාට"
"හා අම්මේ"
"අර වලව්ව පැත්තෙනම් පස්පාගන්න එපා හොදද"
"අය්යෝ අම්මේ ඕක දැන් කීපාරක්නම් කියලා තියනවද අනේ මම යන්නේ නෑ වලව් පැත්තේ"
මට මේ දවස්වල ගොඩක් කේන්ති යනවා.. පාඩම් වැඩ හොදට කරලා මගේ අම්මාව හොද තැනක තියන එක ඒ වගේම හැමදාම මට පේන විකාර රූප මේ හැමදේම දරාගන්න අමාරුයි මට ඒත් දරාගන්න වෙනවා මේ ජීවිතෙන් ගොඩ එන්න නම්
පන්ති වල ලමයි කියන කතාවක් තමා හොද සල්ලිකාර කොල්ලෙක්ව සෙට් කරගන ජීවිතේ සැප විදිනවා කියලා.. ඒත් මම ඒ දේට ආස නෑ මට ඕනි කවදම හරි දවසක හොද තැනකට එන්න මගේ මහන්සියෙන් ...
කොහොම හරි මම අම්මා කියපු වැඩෙත් කරලා ආපහු ආවේ පාඩම් කරන්න..
"මචන් අර පේන කන්ද තමයි උබ කියපු රන්හුය කන්ද"
"මට ඔය කන්ද මැද හරියේ හම්බවෙන ගල්ලෙනක් තියනවා ඒක ලගට යන්න ඕනි.. දැන්ම කන්ද නගින්න පටන්ගමු නැත්තන් රෑ වෙද්දි අපිට නගින්න බැහැනේ"
"ඔව් ඔව් මොන මොන සත්තු ඉන්නවද කියන්න කව්ද දන්නේ... හිටපන් මම වාහනේ අයිනට කරලා එන්නම්"
"හ්ම්.. මෙහ් "
"කියහන්"
"අපිට ගෙදර යන්න වෙන්නෙනම් නෑ බන් අද මේ පැත්තේ නවතින්න තැනක් හොයාගන්න පුලුවන් වෙයි නේද"
"බලමුකෝ ගූගල් බලන්නත් සිග්නල් කියලා එකක් තියනවයැ.. ගම පැත්තට ගිහින් බලමූ"
"අම්මේ ඇත්තටම ඇයි ඒ වලව්වේ ලොකු මහත්තයා මැරෙන්නේ නැත්තේ දැන් එයාට වයස අවුරුදු 110ත් පැනලනේ"
"කට කට ඕවා මේ වලව්වේ කාටහරි ඇහුනොත් එහෙම ඉවරයි"
"කියන්නකො අම්මේ"
"ඔය මහත්තුරු මෙහේ අය නෙවේ කොත්තැල්ලෙන ගමේ.. මොකක්ද තොවිලයක් තියලා ඒකෙන් වස් වැදිලා ලොකුමහත්තයට ඒකෙන් ගැලවෙන්න නම් මැරෙන්නම වෙනවලු"
"ඇත්තටම එහෙම වස් වදිනවද අම්මේ"
"ඔව් දුවේ ආරන්චි හැටියට කව්දෝ දරුවො වගයක් මරලලු ඒත් එක්කම ටිකදවසක් යද්දි ඔය ඉන්න විදිහටම රෝද පුටුවේ තමා ඉන්නේ.. ගැහැනු දරුවෙක් දැකපු ගමන් කියවගෙන යනවලු.. ඒකයි මත් උබහැට යන්න එපා කියන්නේ"
"ඉතින් අම්මේ ඇයි ඒ ගම දාලා ආවේ "
"මිනිස්සුන්ව මරලා ගමක ජීවත්වෙන්න පුලුවන්ද අනික ඔය මනුස්සයට කියලා කිසිකෙනෙක් නෑ.. කුසුමා උබලගේ වයසේ ඉදලා එහේ වැඩකරන්නේ ඔය වලව්වේ හිටපු ලොකු නෝනා දේපල ලියලා දීල තියෙන්නේ කුසුමට නිසා.. ඒත් කුසුමා ඒ දේපල එපා කියලා තමා ඔය මනුස්සයව බලාගෙන කුලී වැඩත් කරන්නේ"
"පව් කුසුමා නැන්දා "
"උබ ගිහින් දැන් පාඩම් කරන්න ඔය ළහිරු හාමුගේ වගතුග හාර අවුස්සන්නේ නැතුව"
"ළහිරු"
"ඒ පාර මොකද"
"අම්මේ ඔයා කියන්නේ වලව්වේ ලොකුහාමුගේ නම ළහිරු කියලද"
"ඔව් ළහිරු මොන්නෑකුලම "
"හ්ම්"
ඒ කියන්නේ මට පේන විකාර ශේද්‍ය අයියාට පේනව කියපු හීන මේ හැම දෙයක්ම ඇත්ත දේවල්ද ..
මොකක්ද මේ භූමි ළහිරු කියන නම් දෙකේ සම්බන්ධය .. අම්මා ගෙදර නැති වෙලාවක වලව්වට ගිහින් මේ හැම දෙයක් ගැනම දැනගන්න ඕනි
"මේ ශේද්‍ය ලස්සන පරිසරය නේහ්"
"ඔව්..ලස්සනයි තමයි... "
"හරි හරි මං මෙතන ඉදගෙන සිරි නරඹන්නම් උබ කරන්න ආපු වැඩේ කරපන්"
රෑ දැකපු හීනේ වගේමයි මේ තැනත් කිසිම වෙනසක් නෑ මොනවහරි හෝඩුවාවක් හොයාගන්න පුලුවන් උනොත් ලොකුදෙයක්
"ඕයි රිතික්ශ මේ බලපන් යකෝ ඇන්ක්ලට් එකක්"
" කාගෙද බන් ඕක "
"භූමිගේ යකෝ මම දුන්නේ එයාට එයාගේ 19 වෙනි උපන්දිනේට"
"මොකක් තොට ට්‍රැක්ද යකෝ "
"නෑ බන් මම සිරා කියන්නේ මම ඇහැළ වෙලා හිටපු කාලේ මම දුන්නේ"
"ඕක තියාගෙන ඖෂාලිට දීපන් ඒකිගේ උපන්දිනෙට"
"එයාගේ උපන්දිනේ මං දන්නේ නැ බං"
"මේ මේ පොඩ්ඩක් හිටපන් උබ ඇහැළ වෙලා ඉද්දි භූමිගේ උපන්දිනය කවද්ද"
"සැප්තැම්බර් 17"
"හරියටම තව දවස් 7යි දැන් උබ කියන විදිහට ඇහැළ ලව් කරේ භූමිට මේ ආත්මේ උන් දෙන්නා ශේද්‍යයි ඖෂාලී වෙලා ඉන්නවා. "
"හ්ම්"
"උබ ඕක ඖෂාලිට දෙන්න භූමිගේ උපන්දිනය දවසේ මොකක් හරි දෙයක් වෙයිනේ "
"බලමු"
කියවන හැමෝම කමේන්ට් එකක් දාගෙන යන්න
මම ♡_DEW_♡