වියරු ප්‍රේමය 🕊️🥀

වියරු ප්‍රේමය 🕊️🥀

පන්හිද




(09) කොටස


~PANHIDA ADMIN PANEL~


ආත්මයක් ආත්මයක් පසා ඔහුවම හඹා ආ ඇගේ කතාව..........

POV :- ශේද්‍ය


පෙරකොටස


ඔලුවේ කෑ කෑරෙන නිවනක් නැති ප්‍රශ්න වලට...

උත්තර හොයා ගන්න තියා ඒ ප්‍රශ්න මොනවදවත් කියලා...

තේරුම් ගන්නවත් පුලුවන් තරමේ මානසික මට්ටමක නෙවෙයි මම හිටියේ.



නින්ද අහලකටවත් එන්නැති තවත් රැයක..

 මං මොහොතකට හරි ඇස් පියා ගන්න...

අමාරු අවස්තාවක් පහු කරමින් ඉද්දී තමයි...

බිත්ති ඔරලෝසුවේ මධ්‍යම රාත්‍රි 12.00 පසු වන බව ඇහුණේ...




මට දැනුනේ මගේ මුළු ඔලුව ම කැරකෙනවා වගේ හැගිමක්...

එක්ක මුළු කාමරේ ම උඩු යටි කුරු වෙන බවක්...

ඒ එක්කම මගේ මුළු කාමරය කළු පාට දුමාරයකින් වැහිලා ගියේ..

මගේ බෙල්ල කාගේ හරි අත් දෙකකට මැදි වෙනවා වගේ...

ලොකු වේදනාවක් දැනුනා...

හුස්ම ගන්න අපහසුවක් දැනෙද්දී මං දගලන්න පටන් ගත්තේ...

බයට වගේ ම වේදනාවට මගේ ඇස් පිය වෙලා...

කළුපාට ලොකේක මං සැරිසරනවා වගේ..

අමුතු හැගිමකින් මගේ මුළු ශරීරය ම වෙලා ගනිද්දී..

මං කෑ ගැහුවා....




"එපා..එපා...එපා.."



මං දගල දගල ම අත් දෙකකට හිර වුණා වගේ දැනෙන...

මගේ බෙල්ල නිදහස් කර ගන්න යද්දී එකපාරට...

මගේ බෙල්ල ඒ අත් වලින් ගැලවිලා ගියේ මං ඉක්මනට ඇස් අරිද්දී.




කළු පාටින් වැහිලා ගිය දුමාරය ටිකෙන් ටික...

අඩුවෙලා පැහැදිලි රිදි රේඛාවක් වගේ යම් සලකුණක්...

මගේ ඇස් වලට අහු වෙද්දී ඒ දුමාරය එක පාරට එතන තිබ්බ ජනෙලයෙන් ඇදිලා ගියේ...

මුළු කාමරය අලෝකමත් වෙද්දී.

ඒත් ඒත් මේ මං ඉන්නේ හිටපු තැන නෙවෙයි...

මං නිදාගෙන හිටපු ඇද නෙවෙයි.





පරණ විදිහේ ඉස්තරම් කළුවර ලීයකින් කැටයම් කරලා...

පරණ මාදිලියේ ඇදක මං ඉද ගෙන ඉන්නවා..

දොර දෙකේ බුරුත අල්මාරියක් එක්ක ඇදට එහායින් තව පොඩි මේසයක් තිබ්බා..

හිතට දැනෙන අසීමිත කුතුහලය නිසාම..

මං ඇදෙන් ඉදගත්තා නෙවෙයි මට ඉඹේම ඉන්දවුණා...




ඇදෙන් නැගිටපු මං මගේ ඇස් දෙක කාමරය පුරාම...

එහෙ මෙහෙ යවද්දී මගේ ඇස් නතර වුණේ...

මට ඉස්සරහින් තිබ්බ බිත්තියේ රාමු කරලා ගහලා තිබ්බ පරණ පොටෝ එකක් ළග..

ඒ පොටෝ එක ලඟට මං කිට්ටු වගේ මගේ පපුව ගැහෙන සද්දේ පවා මටම ඇහෙද්දී.





"නෑ...නෑ වෙන්න බෑ...එහෙම වෙන්නේ කොහොමද?"




මගේ හිත මගෙන් ප්‍රශ්න කරද්දී මගේ ඇස් දෙක ත්...

පොඩි කරලා ආයම බැලුවේ ඒ රූපේ දිහා...

අවුරුදු විසි දෙකක් විසි තුනක් විතර තරුණ කොල්ලෙක් ගේ පින්තූරයක් වෙද්දී...

ඒ පින්තූරේ හිටපු කෙනා සම්පුර්ණයෙන්ම...

මගේ හැඩ රුවට සමාන කම් කියපු කෙනෙක්,




කළු පාට කලිසමකට ඇදපු සුදු අත් දිග කමිසෙට..

උඩින් දාපු කොට් එක පැත්තට පිරපු කොන්ඩේ...

ගාණට කපපු උඩු රැවුල සම්පුර්ණයෙන් ම...

කියා පැවේ කඩවසම් තරුණයෙක් ගේ...

ශරීර අංග ලක්ෂණ වගේ ම හැඩරුව




ඒ රූපේ දිහාම බලාගෙන හිටපු මගේ ඇස් නතර වුණේ..

ඊට එහා පැත්තෙන් තිබ්බ මැදි වයසේ කාන්තාවකුත්..

පිරිමි කෙනෙකුගෙත් රූපයක් ගාව..




මැදි වයසේ කාන්තාව ඇදන් හිටියේ බොරිච්චි..

අත් හැට්ටෙට තුඩු ඔසරියක් වගේ ම පිරිමි කෙනා ඇදන් හිටියේ...

සුදු කමිසෙට සුදු සරමක් දකුණු අතින් ඔහු රැගෙන හිටියේ බස්තමක්...

මැදි වයසේ ගැණු කෙනා ගේ මුණ නම් කාරුණාවන්ත වුණත්..

පිරිමි කෙනා නම් රෞද්‍ර ස්වරූපයකින් යුක්තයි.





ඒ එක්කම මට ඇහුණේ ඉස්සර පැත්තෙන් එන හිනා හඩ...

ඒ හිනා හඩ ඇහෙන දිහාට මට යන්න ලොකු වුවමනාවක් දැනෙද්දී...

මං ඒ දිහාට ඉක්මනින් ම පියවර තිබ්බා...

වහලා තිබ්බ කාමර හත අටක් පහු කරලා...

මං ගිහින් නතර වුණේ ලා හිනා හඩක් ඇහෙන..

ඒ අඩවල් කරපු කාමරේ ඉස්සරහ...




ඇතුළට යනවද නැද්ද කියන දේ හිත හිත ම...

හිටපු මං වෙන දෙයක් වෙයි කියන හැගිමෙන් කාමරේ ඇතුළට ගියා.

ඇතුළට යනවත් එක්කම මගේ කකුල් දෙක ආපස්සට ගත්තේ..

දැක්ක දේ අදහ ගන්න බැරි ව




මගේ අත් වලින් ඇස් දෙක පොඩි කරලා ආයම ඒ දිහා බැලුවා...

ඔව් කලින් දැක්ක දේ ආය ආයම මට පේනවා...

ඔව් මම මේ මොහොතේ දකින්නේ මගේ ම..

ඩුබ්ලිකේට් එකක් වෙච්ච මගේ හැඩරුවට සමාන කම් කියන..

ඒ රූපේ,

හැබැයි ඒ මගේ රූපේ ම තියන කෙනා හිටියේ නම්...

තනියම නෙවෙයි තවත් ගැහැණු ලමයෙක් ගේ...

අතක් අල්ලන් හිනාවෙවි ලොකු කතාවක,

ඒ කටහඬ පවා මං වගේමයි..

ඒ කෙල්ලගේ හඬත් මට හුරු ගතියක් දැනෙනවා...



"භූමි....දවසින් දවස ලස්සන වෙනවා මගේ චුටි මැණිකේ..."


"චුටි හාමු මොනවා කියනවද මන් නම් දන්නෑ ඕන්..."



"එතකොට භූමි මොනව දන්නේ..."



"මොකුත් දන්නෑ චුටි හාමු..."



"නෑ...භූමි එක දෙයක් දන්නවා..."



"මොනවද චුටි හාමු..."



"භූමි දන්නවා....මේ චුටි හාමු භූමි ට මනාපයි කියලා...මගේ ආල වන්ත කම භූමිට දැනෙන බවත් මම දන්නවා..."



"අනේ චුටි හාමු..."



"දැනෙනවා නේද භූමි...ම්ම්...මං ආසයි භූමි ගේ කටින් මගේ නම කියලා කතා කරනවට...භූමිට බැරිද එක පාරක් මට ඇහැළ කියලා කතා කරන්නෙ..."



"මට බයයි..චුටි හාමු..."



"ඇයි භූමි බය..."



"ලොකු හාමු යි..ලොකු මැනිකෙයි දන්නවා නම් චුටි හාමු යි මායි සෙනෙහෙවන්ත කම් පානවා කියලා මාව මෙලහකටත් මරලා දාලා..."



"මම එහෙම වෙන්න දෙන්නෑ භූමි..."



"පුංචි මහත්තයා හීන දකිනවා වැඩි.මම වගේ හිගන්නියක් ට චුටි හාමු ව පැහෙන්නෑ..."



"කට කට දැන් ඇති ඔය...ආය මං ඉස්සරහ ඔය කතාව කියාගෙන එන්න එපා..මගේ භූමි මට මැනිකක්..."



"මං යන්න ඕන චුටි හාමු..."



ඒ දෙන්නා ලොකු කතාවක පේන විදිහට නම්...

කොල්ලා වලව්කාරයෙක් වගේ කෙල්ල දුප්පත් හැබැයි ඒ දෙන්නා ආදරේ කරනවා...



"මං යනවා චුටි හාමු..."



"පරිස්සමින් භූමි..."




ඇහැළට සමු දිපු භූමි මං දිහාට හැරුණා...

මෙච්චර වෙලා මට පිටුපාලා හිටපු භූමි කියන ඒ ගැණු ලමයා දකිද්දී..

නම් මගේ කකුල් දෙක පණ නැතුව ගියා එක මොහොතකින්...




මේ වෙන කිසිම දෙයක් මට අදහගන්න බැරි වෙද්දී..

මම වාරු වුණේ එතන තිබ්බ බිත්තියට...

භූමි...

ඒ කෙල්ල භූමි වුණත්..

ඒ රූපේ ඖශාලි වගේමයි...

නෑ..නෑ...ඒ ඖශාලි...

මං පණ ඇරලා ආදරේ කරන කෙල්ල...

එතකොට මේ ඉන්නෙ අපි දෙන්නා...





මාව පහු කරලා යන්න ගියපු භූමි එතනම නතර වුණා..

සමහර විට මාව දකින්න ඇති...

මට ඕන කරා මේ වෙන දේවල් එයාගෙන් අහන්න..

ඒ නිසාම මම හැදුවේ ඖශාලිට කතා කරන්න..

ඒත් මගේ හඬ පිට වෙන්නෑ..

මොනවා හරි උගුරේ හිර වෙලා වගේ...

මගේ වම් අත ඇරන් මගේ උගුරෙන් තියාගෙන අල්ලලා බැලුවා..

ඒත් කිසිම වෙනසක් නෑ..

මට ඕන කරා භූමිව අල්ලන්න ඒත් මට එයාව අල්ලන්න ත් බෑ..

ඒ කියන්නේ එයාලට මාව ඇහෙන්නෑ පෙන්නෑ කියන එක නම්..

එයා කාටද බය වුණේ...



මං පිටිපස්ස හැරිලා බලද්දී උස මහත ශරීරයකින් හෙඹි...

ඒ ප්‍රතාපවත් මනුස්සයා දුම් පයිප්පෙකුත් උරන ගමන්..

භූමි දිහා බලන් හිටියා...

අර පොටෝ එකේ හිටපු රෞද්‍ර මිනිහා..

හැබැයි තැනින් තැන පැහුණු කෙස් එක්ක නම්...

කිය වෙන්නේ මැදි වයස පහු කරලා තියෙන බවක්..

පුදුම අහංකාර කමකින් ඇහැළ දිහයි භූමි දිහයි බලන් හිටියා...




"ලොකු හාමු..."



"උඹ කාගෙන් අහලක මේ වලව්වට රිංගුවේ..."



භූමි බයේ ගැහි ගැහි ම කතා කරන්න යද්දී..

ඇහැළ එතනට ඇවිත් හිට ගත්තා..



"බාප්පේ..."



"කොච්චර කල් ද උඹෙයි මේ කෙල්ලගෙයි මේ සම්බන්දේට.."



"බාප්පේ භූමි වැරදි නෑ..."



"හරි වැරැද්ද ගැන නෙවෙයි නේ මම අහන්නේ උඹෙන්..කොච්චර කල්ද උඹලගේ සම්බන්දෙට.."



"අවුරුද්දක්..."



"මේ කෙල්ලව උඹට පැහෙනවද ඇහැළ.."



"බාප්පේ.."



"ඇහැළ උඹ හිතුවද මේ කෙල්ල ට උඹගේ අම්මා ගේ කැමැත්ත ලැබෙයි කියලා..."



"මට හිතාගන්න බෑ බාප්පේ.."



"මොනවා හිතන්නද උඹගේ අම්මා කැමති වෙන්නෑ මේ හිගන කෙල්ල එක්ක පවුල් කන්න දෙන්න. ඇරත් මුන් අඩු කුලේ එවුන් විත්තිය උඹ දන්නැද්ද?"



"බාප්පේ ඒත්.."



"මම උඹලා දෙන්නට උදව් කරන්නම්. උඹ මේ කෙල්ලවත් අරන් මේ ගමෙන් යන්න ඕන..."



"බාප්පේ..."



"මම කියන දේ ඩිංගිත්තක් අහපන්. උඹලැ අම්මා මේ කෙල්ල එක්ක උඹට යහතින් ඉන්න ඉඩ තියන්නෑ.උඹ ට ගැලපෙනම විසදුම තමයි මේ කෙල්ලව පන්නන් ගිහින් වෙන ගමක ජිවත් වෙන එක.."



"බාප්පේ.."



"හෙට ම යන්න සුජානම් කර ගනිල්ලා. උඹ හෙට කොත්තැල්ලන මන්සංදියට අඩුම කුඩුම අරන් හවස හත වෙද්දී යන්න ඕන.එතකොට මේ කෙලි පොඩ්ඩ මං එක්කාසු කරන් එන්නම් කොත්තැල්ලන මන්සංදියට...උඹලා මනාපයි නේ මයේ යෝජනාවට "



"ඒත් අම්මා..."




" අම්මා ගැන බලාගන්න මම ඉන්නවා ඇහැළ උඹට ජිවිත කාලේටම පසු තැවෙන්න වෙයි මේ අවස්තාව මගැර ගත්තොත්.."



එහෙම කියපු ඒ මනුස්සයා යන්න ගියේ මං බලන් ඉද්දීමයි.




"අපි යමු භූමි..බාප්පා අපිට උදව් කරයි.මං හිතුවේ බාප්පා නපුරු කෙනෙක් කියලා.ඒත් බාප්පා හොද කෙනෙක්.භූමි මම එක්ක යන්න එනවා නේද?."



" මං මනාපයි චුටි හාමු..."





 🕊️🥀


ගණ අන්දකාරය මැද්දෙන් ම මගේ ආත්මය ආය කොහාට හරි ඇදිලා පාවෙලා ගිහින් නතර වුණා.



මිනිස්සු හතර පස් දෙනෙක් ලොකු කතාවක ඉන්නවා දකිද්දී මම එතනට ලං වුණා.



ඇහැළගේ බාප්පා ලොකු ගලක් උඩ ඉදන් ඉද්දී අනිත් අය බිමින් ඉදන් හිටියා.



"හෙට කෙම්මුර දවසක් බොලව්. රන්හුය ගලේ නිධානේ ගන්න ආය හෙට වලේ දොහක් එන්නේ සැහෙන්න කාලෙකින්..."



"ඉතින් අපි මෙකදැ ලොකු හාමු කොරන්නේ..."



"අපි හෙට රන්හුය කන්දේ නිධානේ ගොඩ ගන්නවා.."



"අපිට ගන්න තුන් කුලුදුල් කන්‍යාවක් ඕන විත්තිය ලොකු හාමු ට මතකද නැතුවද?"



"ඉන්නවා බොලව් ඉන්නවා! මේ ගිය අවුරුද්දේ දොහේ මළගිය සෙදිරිස්ගේ දෝණි ඇන්දා භූමි කෙල්ල..ඒකි තමයි අපේ බිල්ල වෙන්නේ..."



"ලොකු හාමු..."




"මං ඒ බිල්ලේ වැඩේ නිනව්වෙන් ම කොරන්නම්..උඹලට තියෙන්නේ අනිත් දේවල් සුජානම් කොරන එක.හෙටින් පස්සේ රන්හුය කන්දේ නිධානේ අපේ බොලව්.පරම්පරා හතක් ගොඩ යන්න ඒ නිධන් වදුල හොදට ම ඇති අපි කට්ටියට..."




මහ හයියෙන් හිනා වුණ ඇහැළගේ බාප්පා දුම් පයිප්පේ උරන්න ගත්තා.




 🕊️🥀




"ලොකු හාමු අපිට බොරු කරා මටයි චුටි හාමුටයි බොරු කරා...ලොකු හාමු ට හොදක් වෙන්නෑ...මම උඹවත් මරාගෙන මැරෙනවා ලොකු හාමු..."



අත් ගැට ගහලා තිබ්බ භූමි රන් හුය කන්දම දෙදරන්න කෑ ගැහුවේ මහ වරුසාවක් ඇදහැලෙන්න පටන් ගද්දී.



"කට වහන් ඉදපන් පට්ට බැල්ලි! උඹ හිතවද මගේ අයියාගේ කොල්ලා එක්ක දීග යන්න.ඒවා තොපි වගේ අඩු කුලේ එවුන්ට හීන විතරයි බොල..."




"උඹ මහ ජරා මිනිහෙක් ලොකු හාමු...උඹ මහ ජරා මිනිහෙක්..උඹට මම හෙන ඉල්ලනවා ලොකු හාමු හෙන ඉල්ලනවා."




අහස දෙබැ කරගෙන ගහන අකුණු පොලව තෙත් කරන මහ වරුසාව අහස පොලව පවා කම්පා වෙද්දී කැලේ හිටපු සිව්පාවෝ පවා මර හඩ නගමින් කෑ ගැහුවේ මේ අදෝනාව අහන්න තරම් ඒ පරිසරය පවා කම්පාවෙද්දී.



"ලොකු හාමු නැකත හරි.දැන් තියෙන්නේ බිලි පුජාව කරන්න.."



"ගුරුන්නාන්සේ හැමදේම ගැන බලා ගන්න..."



ගුරුන්නාස්සේ භූමිට රතු මල් මලා දාලා කහ වතුරෙන් නාවලා..

කෙස් අග්ගිස්සෙන් අල්ලගෙන අතේ තිබ්බ කඩුවක් අහසට එසෙව්වේ..

මන්ත්‍ර මතුරන ගමන්..

අහස ට ඔරවපු කඩුවෙන් එක කඩු පහරින් ම..

භූමි ගේ හිස කඳෙන් දෙකඩ කරේ මහ අකුණක් රන්හුය කන්දට වැදුණේ..

මුළු කන්දම දෙදුරුම් කද්දී..





"""උඹලා...ඔක්කොම...මැරෙන්න ඕන...ජාති ජාති ත් විදවලා මැරෙන්න ඕන...මැරෙන්න ඕන...මැරිලම යන්න යන්න...."""




මුළු අහසම කම්පා කරවන සුළු වේදනාව පිරි හඬකින්...

රන්හුය කන්ද ගල් තලාව පුරා ම ඒ දොන්කරය ඇහුණේ භූමි ගේ ආත්ම යේ වේදනාව යි....



මුළු අහසම දෙදුරුම් කාලා මහ අකුණු කඩන් වැදිලා...

රන්හුය කන්දේ ගල් පර්වත ගැලවිලා පෙරලෙන්න පටන් ගත්තේ..

එතන හිටපු හැමෝම සී සී කඩ දුවද්දී.


 🕊️🥀


භූමි එනකම් මග බලන් හිටපු ඇහැළ මහ වැස්සට අහු වුණා...

භූමි තවත් නැති වෙද්දී ඇහැළ භූමි ව බලන්න මගට ගියා..

ඒත් මගින් යන අතරතුර ඇහැළට කට හඬක් ඇහුණේ අමුතු ඡායාවකුත් ලාවට පෙනෙද්දී...



ඉපදෙන ඉපදෙන සංසාරයක් පුරාවට ම ඔබ ව සොයා එමි..

ඉපදෙන ඉපදෙන භවයක් පුරාවට ම ඔබ ව පතා එමි..

ඉපදෙන ඉපදෙන සසරක් පුරාවට ම ඔබ ව හඹා එමි..

ඉපදෙන ඉපදෙන මොහොතක් පුරාවට ම ඔබ වෙනුවෙන් පේ වෙමි..




වේදනාව මිශ්‍ර වෙච්ච හඬ කින් භූමි ගේ හඩ ඇහැළ ගේ කන් අද්දරට ම ඇහෙද්දී...

ඇහැළගේ හිතට දැනුන මහ මුසල හැගිමට..

අතේ තිබ්බ බෑග් අතැරලා ඇහැළ දුවන් ගියේ...

භූමි ගැන හිතට බයක් දැනෙද්දී...




"භූමි...භූමි...භූමි...."




ඇහැළ භූමිට කෑ ගහ ගහම මහ වැස්ස මැද්දේ කෑලේට දිව්වේ..

රන්හුය කන්දේ ඉදලා දුවන් එන මිනිස්සු න් ගෙන්..

ඇහැළට බාප්පව හම්බවෙද්දී...




"උඹ..."



ඇහැළගේ බාප්පට ඇහැළ ව භූමි ගේ රුව වගේ ම පෙනෙද්දී..

ඉනේ ගහන් තිබ්බ ලයිසන් තුවක්කුව අතර අරන් ඇහැළට වෙඩි තියලා දැම්මා...




"බාප්පේ...."




වෙඩි උන්ඩය නික්ම ගිය පසු බාප්පට ඇහැළගේ රුව පෙනෙද්දී ඔහු හොදට ම පරක්කුයි...

ඇහැළ මහ වැස්ස මැද්දෙන් ම බිමට වැටුණේ වෙඩි උන්ඩය පපුව පසාරු කරන් යද්දී...



"ඇහැළ...."




 🕊️🥀



"නෑ.....නෑ...නෑ......."



"ශේද්‍ය...ශේද්‍ය...නැගිටපන් ශේද්‍ය..."



හිමින් හිමින් ඇස් ඇරපු ශේද්‍ය වට පිට දිහා බැලුවේ ගොඩක් බයෙන් වගේ..

ඒ මුළු ඇගම දාඩියෙන් තෙත් වෙලා..

ඇස් පවා රතු වෙලා..

කම්මුල් දිගේ කඳුලු ගලනවා...




"ශේද්‍ය උඹ හොදින් ද බන්.උඹට මොකද වුණේ..මම බය වුණා බන්.."




"මට මොකද වුණේ ශාකිර්..."




"ඊයේ රෑ කාමරේට ඇවිත් නිදා ගත්ත පාර.අද උදේ උඹ පරක්කු නිසා මම බලන්න ආවා. උඹ මම එද්දී ඇදේ ගුලි වෙලා වෙව්ලනවා හෝ ගලා ඒ මදිවට ගැහෙනවා.මම කතා කරා කරා නැගිට්ටෙම නෑ.මම බය වුණා බන්. මගේ ඇගේ ලේ වතුර වෙන්න ඇති.කී පාරක් කතා කරාද ඇයි උඹ නැගිට්ටේ නැත්තේ.."



"මං..මං හීනයක් දැක්කා...නෑ..හීනයක් නෙවෙයි.මෙච්චර වෙලා මට දැන ගන්න ඕන කරපු දේ මම දැක්කා.මට ගමනක් යන්න ඕන උඹ එනවද බන් මම එක්ක.."



"මට යන්න ඕන කොත්තැල්ලෙන ගමට ඒ වගේ ම රන්හුය කන්දට.."




 🕊️🥀


පැටලුන් නෑනේ.ඉවසිමෙන් කියවන්නකෝ!


කමේන්ට් එකකුත් දාගෙන යන්න


මම Moon 🌙🤍

Report Page