වියරු ප්‍රේමය 🕊️🥀

වියරු ප්‍රේමය 🕊️🥀

පන්හිද🖌



(04) කොටස


~PANHIDA ADMIN PANEL~

ආත්මයක් ආත්මයක් පසා ඔහුවම හඹා ආ ඇගේ කතාව..........


පෙරකොටස


භූමි


දැනිච්ච ඔලුව රදේ එක්ක ආයේ මං බිත්තියට වාරු වෙද්දි කහ මල ඡායාවක් වගේ ඇස් වලට පේද්දී මගේ කටින් පිට උනේ නොහිතපු විදිහේ වචනයක් වෙද්දි මගේ ඇස් හොරා ගත්ත කහ මල එතනම නවතිනවා දැක්කෙ බොදවෙච්ච රූපයක් විදිහට.


භූමි කවදාවත් මං අහලා තිබ්බෙ නැති වචනයක්, නමක් කොහොම ද මගේ කටින් පිට උනේ.


එහෙම්ම ම තව ටිකක් බිත්තියට වාරූ උනේ මගේ කෑ ගැහිල්ලට රිතික්ශ මල්ලි එහෙම දුවගෙන එද්දී.


ඒත් මගේ ඇස් තිබුණෙම කහ කිරිල්ලි මත වෙද්දි බොද වෙච්ච ඇස් පැහැදිලි වෙද්දි මං දැක්කෙ අත් දෙකෙන්ම කන් දෙක වහගෙන දෙකට නැමිලා එපා එපා කියලා කෑ ගහන කෙල්ලව.



                                    ❄️


ශේද්‍ය අයියගෙන් වතුර බෝතලේ ක් අරගෙන අඩියක් දෙකක් යද්දී ඇහිචච නමත් එක්ක නොපැදිලි හඩවල් ගොඩක් කන් අස්සෙ දෝං කාර දෙන්න ගත්තෙ කන් අඩි පුපුරන සයිස් එකට පීඩනයක් එද්දී.


භූමි,,භූමි


වටපිටාවේ හැම තැනින්ම ඒ නම දෝංකාර දෙනවා වගේ හිතෙද්දි අත් දෙකෙන්ම කන් දෙක වහගෙන නැමුනේ තවත් ඒ සද්දෙ දරා ගන්න බැරි වෙද්දී.


කොච්චර තදේට කන් වහගත්තත් ඇහෙන සද්ද වල අඩුවක් නොවෙද්දී වැඩියෙන්ම ඇහුනේ එක වචනයයි.



මං ආදරෙයි භූමි..



තවත් නම් දරා ගන්න බෑ. මටත් නොදැනිම කටින් එපා කියලා පිට උනේ ඉමා මං ගාවට දුවගෙන එද්දී.




                                       ❄️


" මේ කේන්ද්‍ර සටහන මහා බලගතු එකක්. මේකෙ හිමිකරුට ජීවිතේ මහ පුදුම සහගත දේවල් වලට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඔබ ඔය පැවසූ සිහිනය එහි එක් ඉගියක් පමණයි. දෛවය කුමක් තීරණය කර ඇත්ද යන්න දන්නේ දෛවයම පමණයි..."


කතරගම දේවාලයේ සාමි කෙනෙකුට ශේද්‍යගේ අම්මා එයාගේ කේන්දරය දුන්නේ තාත්තාගෙත් අනුමැතිය ඇතිවයි.


'අපේ පුතාගේ ජීවිතයට කරදරයක් ද සාමි..?'


" මේ තැනැත්තට ඉදිරි කාලයේ තීරණාත්මක සිදුවීම් කිපයකට මූණ දෙන්න සිදුවෙනවා. එතනින් එහාට කිසි දෙයක් කියන්න අවසරයක් අපිට නෑ. කොහොම උනත් කතරගම දෙවියන්ට බාරයක් වෙලා යන්න.."




                                     ❄️


ටික වෙලාවක් යද්දි වටෙන් ඇහිච්ච සද්ද නැති වෙලා යද්දි ඉමාට වාරු වෙලා පන්තිය ඇතුලට ගියේ පලවෙනි දවසෙ මං කඩා පාත් වෙච්ච මරාලේ මොකක් ද කියලා හිත ගමන්.


ආයේ ශේද්‍ය අයියගෙ ඇස් ඉස්සරහට නොයා ඉන්න තීරණය කලේ මේ හැමදෙයක් ම පටන් ගත්තේ එයාව දැකපු වෙලාවෙ ඉදන් නිසා.


නැතත් ඒ දුඹුරු පාට ඇස් මට මාවම අමතක කරන්න පටන් අරන්. ඉමා මගෙන් එක එක ප්‍රශ්න අහන්න ගත්තෙ මං මොකුත් නොකියා ඩෙස් එක උඩින් ඔලුව තියා ගද්දී.





                                       ❄️


'ශේද්‍ය ශේද්‍ය මොකද උනේ.. එහ් කවුද භූමි..කතා කරපන් මොකද උනේ...'


රිතික්ශගෙ හඩින් පියවි සිහියට ආපු මං බැලුවේ කහ කිරිල්ලි දිහා. එයා එතන නෑ..


" මං.. මං දන්නේ නෑ බං.."


ඔළුවත් අත් දෙකෙන්ම බදා ගන්න ගමන් කිව්වෙ මේ උනේ මොනවද කියලා මටත් හිතා ගන්න බැරි වෙද්දී..


කවුද භූමි.


ඇයි මට එහෙම කියවුනේ..


ඔලුව ඇතුලේ කැරකිච්ච එකම ප්‍රශ්නෙ..



' උඹ දන්නෙ නැත්තම් අපිද දන්නේ යකෝ. උඹනේ කෑ ගැහුවේ භූමි කියලා..'



කින්ඩියට වගේ රිතික්ශ අහද්දි මං බැලුවේ උගේ මූණ දිහා..

මටත් හිතා ගන්න බෑ ඇයි ඒ කියලා..


"මං හිතලා කිවේ නෑ බං. මං දන්නේ නෑ මොකක් දෝ මතක් උනා වගේ මට කෑ ගැහුනේ..."



වෙච්ච දේවල් හිමිට රිතික්ශට කීයනවා කීයලා දැනට ඔයින් ශේප් උනා..













කාලය දවස් ගණන් ගෙවිලා ගියේ හැමදාම රෑට එකම හිනේ හින්දා බය වෙලා ඇහැරෙද්දි.

කවදාවත් පැහැදිලි ව නොපෙනුන ඒ රූපේ හැමදාම එකම වචන කිවා..


දවසින් දවස කාලෙ ගත උනේ මටත් නොදැනිම මගේ හිත කහ කිරිල්ලිව හොයන්න ගද්දි.

ඒත් එයා මාව මග අරිනවා කියලා නොතේරුනා නෙමෙයි.


ඒත් ආදරේ කරන්න එයා මට ආදරේ කරන්න ඕනි නෑනෙ.


මට පුලුවන් එයාටත් හරි යන්න ආදරේ කරන්න.


ඈත ඉදන් බලාගෙන හිත රවට්ට ගන්න.


ඒක පාර්ශ්වික ආදරෙත් හරියට මත් ද්‍රව්‍යයක් වගේ.

ඇබ්බැහි උනොත් ඇබ්බැහි උනාම තමයි.


එදයින් පස්සේ කවදාවත් කහ කිරිල්ලි මං ඉස්සරහට ආවේ නෑ.හැබැයි කවදාවත් පන්ති නැවැත්තුවෙත් නෑ. මට සැනසිමකට කියලා තිබ්බෙ එච්චරයි..


හැමදාම ඈතට වෙලා ඒ හිත් නිවන රූපේ හිතින් වින්දා.


ඒත් ඒ ඇස් හැමදාම මගේ ඇස් මග අරිනවා.


කමක් නෑ මැණික,


අයිතියක් ඕනිමද ආදරේට,


මට පුලුවන් අයිතියක් නැතුවම ආදරේ කරන්න.


ඉතින් මං ආදරෙයි..







                                         ❄️




කොහොමද නං දන්නෙ නෑ.


මට හිතෙනවා කතාව අවුල් ගියා කියලා..


ටිකක් කනපිට ගැහුවද මන්දා..




මං


රසිකයෙක් නැති රචකයෙක් 💙

Report Page