වියරු ප්‍රේමය 🕊️🥀

වියරු ප්‍රේමය 🕊️🥀

පන්හිද🖌


(HAPPY NEW YEAR SPECIAL🎉💐)

(03) කොටස


~PANHIDA ADMIN PANEL

ආත්මයක් ආත්මයක් පාස ඔහුවම හඹා ආ ඇගේ කතාව.....


පෙර කොටස



ඒ නිසා ම ශේද්‍ය දිහා නොබලම ආයෙ හැරිල දිව්වත් ශේද්‍යගෙ නම කියල රිතික්ශ කෑ ගහද්දි නිකමට මට ඒ පැත්ත බැලුනා.......



“අයියේ.. ශේද්‍ය නැගිටපන්කො. මොකද උනේ? ඒ බන් වතුර එකක් ගෙනෙන් ඉක්මනට "


රිතික්ශ අයියා එතන හිටිය කොල්ලෙක්ට කෑ ගැහුවෙ ශේද්‍ය අයියා කෙසෙල් කදක් වගේ එක පාරටම රිතික්ශ අයියගෙ ඇගට කඩාගෙන වැටෙද්දි.


එතනින් දුවන් එන්න ආපු මන් ආයිම ඒ පැත්තට දුවන් ගියෙ බෑග් එකේ දාගෙන හිටිය මගෙ වතුර බෝතලෙත් එලියට අදින ගමන්.


" අයියේ ආ මේක ගන්න "


වතුර එක රිතික්ශ අයියගෙ එහා පැත්තෙ හිටිය කොල්ලෙක්ට දුන්නා.


රිතික්ශ අයියා එතන ලග තිබ්බ බංකුවකට ශේද්‍ය අයියව වාරු කරගෙන අරන් යද්දි මාත් ඒ පස්සෙන්ම එතනට ගියෙ ඉමාෂාත් මන් දිහා අමුතු විදියට බලලා මන් ගාවට ලං වෙද්දි.


" ඖශාලි ඇයි මේ මොකද උනේ? "


" දන් නෑ ඉමාෂා මේ අයියා එක පාරට කලන්තෙ දැම්මා "


රිතික්ශ් අයියා ශේද්‍ය අයියට මගෙ වතුර එකෙන් වතුර අරගෙන මූනෙ ගෑවා. ඒක ගෑවාමත් නෙමේ වතුර එක එක පාරට මූණට හැලුවා


ශේද්‍ය අයියා වටේ වට වෙලා හිටිය අපි ඔක්කොම එක පාරට මූණට මූණ බලගත්තෙ රිත්ක්ශ අයියා කරපු ගොන් වැඩේ තේරුම් ගන්න බැරුව


ශේද්‍ය අයියාගෙ ඔලුවෙ ඉදන් ඇග දිගේ වතුර බෝතලේම තිබ්බ වතුර එක බේරෙන්න ගත්තෙ කලන්තෙ දාල හිටපු මනුස්සයවත් නැගිට්ටන ගමන්.


“ එහාට පලයල්ල මෙතන කන්න වගේ වටවෙලා ඉන්නැද්දි මේ මනුස්සය හුස්ම ගන්නෙ කොහොමද? වැඩක් කරගනිල්ලා ගිහින් "


රිතික්ශ අයියා කෑ ගැහුව පාරට වට වෙලා හිටිය ඔක්කොම ටික ටික අඩු වෙන්න ගත්තා.


ඉමාෂත් යමු කියලා මගෙ අතින් අදිද්දිම,


" ඒ නංගී ඔහොම ඉන්නවා. මේ බෝතලේ අරන් යනවා "


රිතික්ශ අයියා කෑ ගැහුවෙ ඉමාෂ හොල්මන් වෙලා වගෙ කටත් ඇරගෙන මගෙ දිහා බලන් ඉන්නැද්දි.


ඒත් එක්කම තෙමිච්ච කුකුල වගේ හිටිය ශේද්‍ය අයියාත් කෙලින් වෙලා බංකුවෙ ඉදගෙන බිත්තියට හේත්තු උනේ ඔලුවත් අල්ලගෙන.



~



"ඉපදෙන ඉපදෙන සන්සාරයක් පුරාවටම මම ඔබව සොයා එමි" සුදුපාට දුමක් එක්ක ඇදිල මැකිලා ගියපු රූපයක් මගෙ හිතේ හොල්මන් කරන්න ගත්තේ මගෙ ඇග දාඩියෙන් තෙත්වෙලා යද්දී මට දැනුනෙ ඇගම පණ නැති වෙනවා වගේ.


.....



ඔලුව පුපුරන්න වගේ කැක්කුමක් එක්ක මන් ඇස් අරිද්දි හිටියෙ බංකුවක් උඩ. ඔලුවෙ ඉදන් වතුර බේරෙනව වගේ දැනුන නිසා ඉක්මනට ඇස් ඇරල කෙලින් උනේ මොකක්ද උනේ කියල හිතාගන්න බැරුව


" අඩේ අයියේ මොකක්ද බං උනේ? "


" මගෙ ඔලුව පැලෙන්න වගේ බං "


මගෙ ඉස්සරහ හිටගෙන හිටිය කහ කිරිල්ලිව මන් දැක්කෙ රිතික්ශ වතුර බෝතලයක් ඒ පැත්තට දික් කරද්දි.


" උබද මාව නෑව්වෙ? "


" සොරි සොරි බොක්ක බය උනා එක පාරට "


" පලයන් යන්න බලහන් මුලු ඇගම තෙතයි. ගොන් හරකා "


මන් කතා කලේ රිතික්ශ එක්ක උනාට මගෙ ඇස් තිබ්බෙ අර කහ කිරිල්ලි ගාවා. ඒ ඇස් දිලිසෙනවා. මාව වෙනම ලෝකෙකට අරන් යනවා වගේ දැනෙනවා. ඒ ඇස් වලින් මට මොනහරි කියනවා. 


තදේටම තිබ්බ ඔලුවෙ කැක්කුමත් ටික ටික අඩු වෙනව වගේ දැනුනෙ මන් ඒ කලු බෝල ඇස් අස්සෙ අතරමං වෙද්දි. 


කීයගන්න තේරෙන්නෙ නැති ලොකු හැගීමක් හිතට දැනෙද්දි මන් ගැස්සිලා ඒ ඇස් වලින් මිදුනෙ ලග හිටිය ගොන හරකගෙ අතක් මගෙ පිට හරහා යද්දි.


" මොකද ඕයි අයියේ? මේ කෙල්ලව කන්නද යන්නෙ තමුසෙ? "


" කට වහගනිම් බං. උබ ගානට වැඩි දැන්. නංගි ඔයාලා යන්න දැන් "


අකමැත්තෙන් උනත් ඒ කලු බෝල ඇස් තියන කහ කිරිල්ලිට යන්න කිව්වෙ මෙතන තවත් හිටියොත් ඒ කේල්ල උනත් අපහසුතාවයට පත්වෙන නිසා. 


" ආ ආ නංගි මේකත් අරන් යන්න. දිගටම මේ වතුර බෝතලේ ඕන වෙයිද දන් නෑ හැමදාම එද්දි අරන් එන්න "


රිතික්ශයා එහෙම කිව්වෙ මගෙ කරටත් අත දාගෙන බඩටත් එකක් ඇනලා. මූනම් දැන් හොදටම වැඩී. 


“ ඒ ඕක දීපන් වතුර එකක් පුරෝල දෙන්න "


රිතික්ශයා කහ කිරිල්ලිට දෙන්න ගිය බෝතලේ මන් ඇදල අරගෙන නැගිට්ටෙ වතුර එකක් පුරවන්න යන්න.


ඇග දිගේ අරූ හලපු වතුර ටික බේරෙනව ඒ මදිවට. ඇදුමත් ගස ගසම ටැප් තිබ්බ පැත්තට ගියෙ අර ගොනා එතන ඉදගෙනම කෑ ගහද්දි.


" අයියේ මේ නංගිවත් එක්කම් පලයම්. නැත්තම් පොලිසියෙන් දාන්න වෙයි උබව හොයන්න "



~



රිතික්ශ අයියා බංකුවෙ ඉදගෙන කෑ ගහන්න ගත්තෙ ශේද්‍ය අයියා මගෙ වතුර බෝතලෙත් අරගෙන කොහෙද මංදා යන දිහා බලාගෙන.


" ඒ නංගි අයියගෙන් ඉල්ලගන්න ගිහින් බෝතලේ "


" හරි අයියේ "


" ඉමාෂා ඔයා යන්න ක්ලාස් එකට මන් එන්නම් "


ඉමාෂට යන්න කියල මන් ශේද්‍ය අයියා පස්සෙන් දිව්වා.


එයාගෙ ඇස් වල හරි අමුතු කතාවක් කියනව මට. තේරෙන්නෙ නෑ මොකක්ද කියලා.ඒත් නිකන් හරි හුරු පුරුදු කමක් දැනෙනවා.


ඒ ඇස් මොනා කියන්න හදනවද කියල හිත හිතම මන් ශේද්‍ය අයියා පස්සෙන් දුව්ව. එයා ටැප් එකක් ගාව නතර වෙලා වතුර එකක් පුරවන්න ගත්ත. මන් ඒ මූන දිහා බලන් හිටියෙ කියාගන්න බැරි අමුතු හැගීමකින්.


ඉත්තෑකූරු වගේ කොන්ඩෙ චූටි චූටි කෑලි මූනට වැටිලා. තෙමිච්ච නිසාද කොහෙද ඒ කොන්ඩ ගස් වලින් වතුර බින්දු තාම බේරෙනවා. 


ඇදන් හිටිය සුදු අත් දිග ශර්ට් එකේ උඩ බොත්තම ගලවලා දාලා. ඒකෙත් බාගයක්ම වතුරින් නෑවිලා ඇගට ඇලිලා. 


ශේද්‍ය අයියා මගෙ වතුර බෝතලේට වතුර එක පුරෝන ගමන් ශර්ට් එක ගසනවා ඒකට පිබ පිබ. ඇත්තටම අර මෝඩ අයියානම් අනේ මන්දා. හරකා වගේ කොහොම හැලුවද මන්දා ඒ මුලු වතුර එකම.



...



" ස් ස් "


මන් ගැස්සිලා ගියේ ශේද්‍ය අයියා අතේ තිබ්බ වතුර ටිකක් මගෙ මූනට ගසල මට කතා කරපු නිසා


" ලස්සනයි කියල ඔහොම බලන්නෙපා නංගියො. ලැජ්ජ හිතෙනව ඉතිම් අපිටත් "


ශේද්‍ය අයියා කිව්වෙ එක අතකින් වතුර බෝතලෙ මගෙ අතට දෙන ගමන් අනිත් අතින් කොන්ඩෙ උඩට හද හද.





~




වතුර එක පුරෝලා බෝතකෙ දෙන්න කතා කරාට කෙල්ල වෙනම ලෝකෙක. මූන දිහා බලාගෙන ඉන්නවා ඇස් වලින්ම කන්නද කොහෙද යන්නෙ.


අතේ තිබ්බ වතුර ටික කෙල්ලගෙ මූනට ගසල කතා කරාමයි කෙල්ල පියවි සිහියට සම්ප්‍රාප්ත උනේ.


" ලස්සනයි කියල ඔහොම බලන්නෙපා නංගියො. ලැජ්ජ හිතෙනව ඉතිම් අපිටත් "


ලැජ්ජවටද මන්දා කෙල්ල ලාවට හිනා වෙලා බිම බලාගත්තා.


කහ පාට ගවුමට කැපිල පේන හමත් එක්ක හරිම චාම් ලස්සන හිනාවක්. බෝල වගේ තියන දිලිසෙන කලු ඇස් දෙකත් එක්ක ඒ හිනාව පිස්සුවක්.


මන් දැකල තිබුන ලස්සනම හිනාවද මේ කියල හිතුනා. 


තප්පර ගානක් කෙල්ල දිහාම බලන් හිටිය මන් බෝතලේ කෙල්ලට දීලා කතා කලේ ටිකක් යටපත් උන ඔලුවෙ කැක්කුම ආයිත් මතු වෙන්න ගද්දි.


" නංගි අලුතෙන්ද? "


" ඔව් අයියේ. මන් යන්නම්. තැන්කිව් වතුර එක පුරෝලා දුන්නට "


මගෙ දිහා බලල එහෙම කියල කෙල්ල බෝතලෙත් තුරුල් කරන් එතනින් දිව්වෙ මගෙ ඔලුවෙ කැක්කුම ආයි වැඩි කරලා.


ඒ කෙල්ලගෙ කටහඩ මගෙ ඔලුව ඇතුල දෝන්කාර දෙන්න ගත්තෙ මගෙ මුලු ඇගම පණ නැති කරලා දාලා.


මන් එහෙන්මම අඩියෙන් අඩිය පස්සට ගිහින් බිත්තියට හෙත්තු උනේ වෙන කිසිම දෙයක් හිතාගන්න බැරුව...





...........................................




ලස්සනයිද නැද්ද දන්නේ නෑ. Comment එකක් දාන් යන්නෝ. ඊලග කොටස අපේ 😏🖤 


මම vish 🤍





Report Page