වියරු ප්‍රේමය 🕊️🥀

වියරු ප්‍රේමය 🕊️🥀

පන්හිද🖌


(02) කොටස

(HAPPY NEW YEAR SPECIAL🎉💐)


~PANHIDA ADMIN PANEL~

ආත්මයක් ආත්මයක් පසා ඔහුවම හඹා ආ ඇගේ කතාව..........


පෙරකොටස



ශාකීර් එක්ක පන්තියට ගිහින් එද්දි මම දැක්කේ මේසෙ උඩ දාල ගියපු ටියුට් එකක්

ඒකෙ මුල් පිටුව දැක්කම කියන්න පුළුවන් අනිවාරෙන් කොල්ලෙක්ගෙ තමයි කියල .

මම හිමීට ඇතුලු පිටුව පෙරලල බලද්දි කලුපාට අවලස්සන අකුරින් ලියල තියෙන නම දැක්කම මට හිනා ගියා


රිතික්ශ,, මමයි ශාකිරුයි පන්තියේ පේපර් බලන්න ආව දවසෙ ඉදල අපි එක්ක සෙට් වුනු මල්ලි කෙනෙක්

ඉගෙන ගන්න මාර මීටරයක් වුනු කොල්ලට ටියුට් එක මෙතන අමතක වුනු එක පුදුම හිතෙන්න කාරනාවක්


මම ටියුට් එක අරගෙන දෙන්න යද්දී රිතික්ශ ඉන්නවා කෙල්ලෙක් එක්ක

මම ඉන්නෙ සැලකිය යුතු දුරක නිසාත් කෙල්ල ඉන්නෙ මට පිටුපාලා නිසාත්

හරියට පෙනුනෙ නෑ මට එයාව


හැබැයි දිගට දිගේ ගොතලා දාල තියෙන කොන්ඩේ

දනිහිසෙන් චුට්ටක් පහලට වෙන්න ඇදල ඉන්න කහපාට ගවුම ඒ කෙල්ලට එක් කරේ නවීන පන්නෙට ඇදගෙන පන්ති එන කෙල්ලොන්ගෙන් වෙන් වෙලා පේන ලස්සන පෙනුමක්


" මල්ලි ටියුට් එක දාලා ඇවිත් "

රිතික්ශට ටියුට් එක දුන්නත් මගෙ ඇස් තිබුනේ අර කහපාට ගවුමෙන් සැරසුනු කෙල්ල ගාව

රිතික්ශ එක්ක හොදට කතා කරාට මොකද මන් ආවම බිම බලාගෙන


" අඩෝ ශේද්‍ය මොකද මේක අරන් ආවේ..."



"මල්ලී මම උඹ ට කියලා තියනවා. මගේ නම කියලා කතා කරන්න එපා කියලා..."




"අනේ...අනේ ආදරේට නේ ඒ.."




"අනේ උඹේ ආදරේ...මේ කවුද උඹගේ කෙල්ලද?"


මම එහෙම අහද්දි බිමට නැවිලා තිබුනු ඔලුව නිකන්ම ඉස්සුනේ ඒ ඇස් මගෙ ඇස් එක්ක පැටලෙද්දී


" පිස්සු ද මම මේ ලමයව දැක්කෙත් අද"


රිතික්ශගේ කටහඩින් පිටවුනු වචන මගෙ හිතට ගෙනාවෙ ඇස්වැසිල්ලක්

මොන වගේ අස්වැසිල්ලක්ද කියන්න මම දන්නෙ නෑ

ඒත් මේ කහපාට මල කාටවත් අයිති නෑ කිව්වම මේ ශේද්‍යගෙ හිතට පොඩි සැනසීමක් දැනුනා


රිතික්ශ වගේම මේ කෙල්ලව මමත් අද දකින්නෙ ජීවිතේ පලවෙනි පාරට

හැබැයි මොකද්දෝ මන්දා හුරුවක් මට ඒ හිමි හිමින් සැලෙන ඇස් වල පෙනුනා

මන් දිහාම බලාගෙන තාලෙට ගැස්සෙන ඇහිපිහාටු මට මතක් කරේ

කාලෙකට කලින් අපි ට්‍රිප් එකක් ගියපු තිසා වැවේ නැගෙන රැලි

කිසි කලබලයක් නැතුව මගෙ දිහා බලාගෙන ඒ පුංචි කෙල්ලගෙ ඇස් ගැස්සෙනවා


" මොකද මොකද මේ "

රිතික්ශ අපි දෙන්නා මැදට ඇවිත් හිටගනිද්දි මෙච්චර වෙලා දැනෙමින් තිබුන සැනසිලිදායක හැගීම එකපාරට මගෙන් ඉවත් වෙලා ගියා


" මොකො අයියේ හිතවත් ගියාද?"

රිතික්ශ මල්ලි කියද්දි ආයෙ ම ඒ ඇස් දිහා එකපාරක් බලන්න හිතුනත් හිස යටින් ආපු කැක්කුමක් එක්ක මට හැමදාම හීනෙන් ඇහෙන වචන මගෙ කං අස්සෙ දෝංකාර දෙන්න ගත්තෙ මම රිතික්ශගෙ ඇගට වාරු වෙද්දි


දරාගන්න බැරි තරමේ වේදනාවක් දැනෙද්දී මට දැනුනේ මගෙ ඔලුව ගිනියම් වෙලා වගේ හැගීමක්

ඒ වචන ...


"ඉපදෙන ඉපදෙන සන්සාරයක් පුරාවටම මම ඔබව සොයා එමි" සුදුපාට දුමක් එක්ක ඇදිල මැකිලා ගියපු රූපයක් මගෙ හිතේ හොල්මන් කරන්න ගත්තේ මගෙ ඇග දාඩියෙන් තෙත්වෙලා යද්දී


" අයියේ අයියේ මොකද ඒ ශේද්‍ය"


රිතික්ශගෙ අත මගෙ අතේ තද වෙද්දි ඒ වේදනාව නැති වෙලා යනවත් එක්කම මට පෙනුනේ මගෙන් දුරට යන අර සුදුපාට දුමාරය

පියවුනු ඇස් ඇරල බලද්දි මම දැක්කේ අපෙන් ඈතට යන මගේ කහ මල




ඒ ඇස් තිබුනේ මගෙ ඇස් මතම වෙද්දි එක මොහොතකට මට බැරි වුනා ඒවගෙන් මගෙ ඇස් ගලවගන්න

ඒ ඇස් මගෙ දිහා බැලුවත් මට හිතුනෙම ඒ ඇස් පුදුම තරම් අහංකාරයි කියල

සැරින් සැරේ ගැස්සෙන දිලිසෙන කලු ඇස් දෙකක් එයාට තිබුනේ


"ශේද්‍ය"

ඒ ලස්සන ඇස් දෙකෙ අයිතිකාරයගෙ නම ශේද්‍ය

දෙයියනෙ මම ආවේ මගෙ ජීවිතේ වැදගත් ම වැඩකට වෙද්දි

මගෙ ඇස් මගෙ හිත වෙන අහකට යන්න නොදී තියාගන්න ඕන වුනා මට

ඒඇස් වල තියෙන නන්නාදුනන හුරුපුරුදු කම මාව තවත් ඒ ඇස් වලටම ඇදල ගනිද්දී

මම මගේ හිත එක්තැන් කරන්න උත්සාහ කරේ ඒ ඇස් වලින් මගෙ ඇස් ගලවගන්න ගමන්

එකපාරට ම ශේද්‍ය ඔලුවත් අල්ලගෙන රිතික්ශගෙ ඇගට වාරුවෙද්දී

මගෙ හදවතේ කොනක් අමුතුවට රිදෙන්න ගන්නවා මටත් තේරුනා


එයාගෙ ඇස් වල ඇදුනේ දරාගන්න බැරි වේදනාවක්

ශේද්‍යට ලෙඩක්වත්ද?

මගෙ හිත එහෙම ඇහුවත් මම ආයෙ ම ඒක අමතක කරල අහක බලාගෙන හැරිලා ආවෙ ඈතින් ඉමා එනවා දැකපු නිසා


මට බෑ, ඒ ඇස් වල හිතේ හැටියට කිමිදෙන්න ..මන් ඒ ඇස් දිහා බලද්දි එයාගෙ ඇස් වල තිබුන වේදනාව මම දැක්කා


මේ හද්ද පිටිසර ගමක ඉදන් ඇවිත් මම නතර වෙන්න ඕන මට ගැලපෙන තැනක මිසක් හිත කියන තැනක නෙවෙයි


ඒ නිසා ම ශේද්‍ය දිහා නොබලම ආයෙ හැරිල දිව්වත් ශේද්‍යගෙ නම කියල රිතික්ශ කෑ ගහද්දි නිකමට මට ඒ පැත්ත බැලුනා.......






කමෙන්ට් එකක් දාන්න..අනෙ මන්ද රපුන්සල්ගෙ එපිය තරම් නම් මේක හොද නැතුව ඇති ...මොකද මට මෙහෙම කතා ලියන්න අමාරුයි


මම සනෙම් ( පලයං මහත්තයා)



Report Page