වියරු ප්‍රේමය 🕊️🥀

වියරු ප්‍රේමය 🕊️🥀

පන්හිද🖌

(01) කොටස


(HAPPY NEW YEAR SPECIAL🎉💐)

~PANHIDA ADMIN PANEL~

ආත්මයක් ආත්මයක් පසා ඔහුවම හඹා ආ ඇගේ කතාව..........



ඉපදෙන ඉපදෙන සංසාරයක් පුරාවට ම ඔබ ව සොයා එමි..

ඉපදෙන ඉපදෙන භවයක් පුරාවට ම ඔබ ව පතා එමි..

ඉපදෙන ඉපදෙන සසරක් පුරාවට ම ඔබ ව හඹා එමි..

ඉපදෙන ඉපදෙන මොහොතක් පුරාවට ම ඔබ වෙනුවෙන් පේ වෙමි..


"නෑ...නෑ...නෑ...එපා...."



නෑ..

අදත් අදත් ඒ හීනෙම පේනවා..

මොනවද මේ වෙන්නේ..

ඇයි දෙයියනේ එකම හීනේ ම පෙන්නේ..

මුළු ඔලුවම බරයි..

දාඩිය වලින් මුළු ඇඟම නැවිලා ගිහින්...



"ශේද්‍ය ශේද්‍ය මොකද බන් මේ ඇයි මේ..."



මගේ කෑ ගැහිල්ලටද කොහෙද ශාකිර් දුවන් ආවේ..

හති දාගෙන..

ඒ කියන්නේ මට හයියෙන් ම කෑ ගැස්සිලා...



"මං මං හීනයක් දැක්කා..."



මං ශාකිර් ගේ මුණ දිහා ම බලාගෙන එහෙම කියද්දී..

ඒ මුණ වෙනස් වෙන්න ගියේ තප්පර ගාණයි...



"මේක මේ වතුර එක බීලා ඉදපන් ආ...අද ආන්ටිලා ගෙදර නැති නිසාම හොදයි.එහා කාමරේ හිටපු මටත් ඇහුණා උඹ කෑ ගහන සද්දේ..."




ශාකිර් එහෙම කියද්දී මට මතක් වුණේ අම්මාව..

අම්මා ඊයේ ම පිටත් වුණේ කතරගම යන්න..

මට තියන මේ හීනේ නිසාම තමයි අම්මා කතරගම ගියේ භාර වෙන්න..




"මගේ මුළු ඔලුවම මේ හීන විනාශ කරලා දානවා...ඉන්න බෑ...බන්.."




"මොකක්ද ?වෙනදා දකින හීනේම ද ?"



"ඔව්...මං දන්නෑ..ඇයි බන් මේ එකම හීනේ මට පෙන්නේ.මගේ ඔලුවත් විකාර එක්ක වෙනවා."



"අපි මොනවා හරි දෙයක් කරමු.මේ විදිහට හැමදාම වුණොත් උඹගේ මනසට වුණත් මේ හීන මහ කරදයක් වෙනවා නේ බන්..."



"ඔව්...දැන් නිදා ගනින්...හදිස්සියක් වුණොත් කතා කරපන්.මං එහා රූම් එකේ ඉන්නේ..."



මට තාම තේරුම් ගන්න බෑ..

මට මේ හීන පේන්න පටන් අරන් දැන් මාස තුන හතරක් වෙනවා..

මේ අවුරුදු විසි හතරටම මං මීට මාස හතරකට කලින් තමයි මේ හීන දකින්න ගත්තේ...

එක ම හීනේ සැරින් සැරේ දකින එක මගේ හිතටඑක් කරේ පුදුම අපහසුවක්...

ඒ කාගේ හරි අදෝනාවක්...

කාගේ හරි ගෑණු කෙනෙක් ව....

මුණ අපැහැදිලි වුණත් ඒ කටහඩින් මම තේරුම් ගත්තා..

ඒ ගෑණු කෙනෙක් බව..






කළු පාට පසුබිමට ගුරු පාරක් ගාව සුඳු දුමාරයක් අස්සේ මං ඇවිදන් යද්දී..

මගේ ඉස්සරහින් එහෙ මෙහෙ යන ඡායාවක්...

ඒ ඡායාව කෑ ගහන්නේ ම අර වචන කිය කිය..

කවුරු වුණත් මට තේරුම් ගියා..

ඒ කෙනා ඇත්තටම කාට හරි ආදරේ කරනවා කියලා....

ආත්ම ගාණක් පෙරුම් පුරාගෙන බලවත් අධිඨනක් එක්ක....

ඒ හිතේ මහමේරුවක් තරම් ප්‍රේමයක් ගැබ් වෙලා තතියනවා කියලා..

ඒ හැම වචනවක් ම සාක්ෂි දෙනවා..

ඒත් ඒ තරම් ප්‍රේමයක් ලබන්න තරම් කවුද ඒ වාසනාවන්තයා...

ඇයි මට ම ඒ හීන පේන්නේ...




ඔලුවේ ප්‍රශ්න කෝටියක් කෑකැරෙද්දී...

මං ඇස් දෙක තද කරලා පියා ගත්තේ සිවිලිම දිහා බලාගෙන


🕊️🥀




තදට වැටෙන අව් රශ්මිය එක්ක දැනෙන්නේ ම..

හමත් එක්ක පිච්චිගෙන එනවා වගේ...

කුඩයක් ගේනාවේ නැති එක තමයි ප්‍රශ්නෙකට කියලා තියන එකම දේ...

විනාඩි තිහක් විතර බස් හොල්ට් එකට වෙලා කන කට්ටයි..

මේ අදික රස්නයක් එක්ක..

මට දැනෙන්නේ ම විඩාබර ගතියක්..

කම්බුල් දිගේ ගලාගෙන එන දාඩිය අතේ ගුලි කරන් හිටපු...

මල් අල්ලපු පුංචි ලේන්සුව පිහිදලා දැම්මා...





බෙල්ල දික් කර කර පාර දිහා බැලුවත් තාම..

ගමේ බස් එක එන පාටක් නම් නෑ..

අද මගේ දවස හොද නැතුව ඇති...

වෙනදා පාරට ආපු ගහන් ම එන බස් කට්ට..

අද නම් මට කලින් බස් එක මිස් වෙලා තියන පාටයි...





බෙල්ලත් ඇල කරන් මම බලන් හිටියේ මං හිටගෙන ඉන්න තැනට දකුණු පැත්තෙන් ගලන..

පුංචි ඇල පාර දිගේ..

ඒ වතුර ටික දකිද්දීම හිතෙන්නේ..

දුවලා ගිහින් මුණ තෙමා ගන්න..

ඒත් ඒ වතුර පාරේ ඉස්ගෙඩියෝ රංචු පිටින් ඉන්න නිසා...

මං එහෙන්ම ම පාඩුවේ හිටියා...

මොකද මට ඉස්ගෙඩියෝන්ව පෙන්නේම අපුලක් විදිහට,





තවත් විනාඩි දහයක් පහලොවක් ගත වෙද්දී..

මං දැක්කේ උඩ වංගුවෙන් පහු කරන් එන ගමේ බස් කට්ට..

රතු පාට ඉරි දෙක තුනක් තියන ලා ක්‍රිම් පාට භාගේ බස් එකක්..

බස් එකටම තිබ්බේ තනි දොරක්...

ළග ළග ම එන බස් කට්ට ට මං අත දැම්මේ..

කොට කොට ම ඇවිත් මගේ ඉස්සරහින් බස් එක නතර කරද්දී..





බස් එක නතර කරනවත් එක්කම බස් එකට මං ගොඩ වුණා..

අව්වේ ඉදලා ඉදලා බස් එකට නැගපු නිසා මුළු බස් එකම කළුපාටයි..

ඇස් දෙක නිලංකාර වෙලා..

ශිට් එකක ඇන්දක් මම හයියෙන් ම අල්ල ගත්තා..

ඒ අස්සේ කොට බස් එකේ ඉන්න උසම ප්‍රාණියා මං,

හිටගෙන ඉන්න ඔක්කොම පොඩි පොඩි අය..

මං 5'3 ක් වගේ උස කෙනෙක්...



පැද්දී පැද්දී හිමින් යන බස් එක ගමනේ ප්‍රමාද වුණත්..

අනිත් බස් එක්ක බලද්දී මේ ගමනට මම ආසයි...

වේගෙන් යන බස් වල යද්දී මට බඩ දැගලිල්ලක් එක්ක..

ඔක්කාරේටම එනවා..

ටික ටික ටවුන් එක කිට්ටුවට යද්දී මම බෙල් කරලා බස් එකෙන් බැස්සා..



සැක්ටානා ක්ලාස් එක ඉස්සරහ බැහැ ගත්ත මං..

අද ඉදලා මගේ ජිවිතේ වැදගත් ම සන්දිස්ථානයකට යන්නේ..

උසස් පෙළ ට මුල් ම අඩිය තියන්නේ අද,

ජිවිතේ ගොඩක් දේවල් ලබාගන්න ලොකු ම අඩිතාලම..

අදයි තියන්නේ..

හොද හුස්මක් පහත හෙලපු මං සැක්ටානා කියන බොඩ් එක දිහා බලලා ඇතුළට ගියා...




"ඖශාලි..."




මං ඇතුළට කාඩ් මාක් කරන කවුන්ටර් එක ළගට ගිහින් හිට ගද්දීම..

මගේ දිහාට ඇවිත් එන ඉමාෂා ව මම දැක්කා..

සමාන්‍යය පෙළ කරපු කාලේ අපේ ගමේ ඉස්කෝලේ හිටපු තවත් ලමයෙක් තමයි ඉමාෂා කියන්නේ...





"කොහොමද ඖශාලි"



"හොදයි...ඉමාෂා...ඔයාට කොහොමද?"




"මාත් හොදින්..තව ක්ලාස් පටන් ගන්න පැය භාගෙකටත් වඩා තියනවා.අපි මොනවා හරි කාලා එමුද?"



"මං කාලා ආවේ.ඔයා කන්න ගිහින්. මම මෙහෙම ඉන්නම්.."




ඉමාෂාට සමු දීලා කවුන්ටර් එක ළගට වෙලා මං හිටන් හිටියා...

කන්න ඕන කමක් තිබ්බත් මං ගියේ නැත්තේ..

මං ළග සල්ලි නොතිබ්බ නිසයි මම කරබන් හිටියේ...





පුංචි පැලක ඉපදිලා බොහෝම අමාරුවෙන්..

ජිවිතේ ගැට ගහ ගන්න දගලන පවුලක එකම දුව මං..

මට ඉන්නේ මගේ අම්මා විතරයි..

අම්මා අපේ ගමේ ම ලොකු වලව්වක වැඩපල කරනවා..

ඒ සල්ලි වලින් තමයි මායි අම්මයි කාලා ඇදලා ජිවත් වෙන්නේ..

තාත්තා මට අවුරුදු 12 ක් වෙද්දී මී උණ හැදිලා මැරුණා..

තාත්තා ඒ කාලේ කුඹුරු වල වැඩ කරපු නිසයි මී උණ හැදිලා නැති වුණේ..

තාත්තා නැති වුණාම අපේ ඉඩම් වල කුඹුරු අස්වන්න තරම් කවුැරුත් හිටියේ නැති නිසාම..

කුඹුරු වැඩ එහෙම්මම අතැරිලා ගියා..




වලව්වේ ලොකු නෝනා හාමුට පින් සිද්ද වෙන්න..

අපි තුන් වේල කාලා ඇදලා ඉන්නවා...




"ශ්..ශ්..ශ්.."




කල්පනා කරලා හිටපු මං ඔලුව උස්සලා බැලුවේ..

මං ලග ලගම ඇහෙන ශ්ශ්ශ් ගාන සද්දේට...

මං ඔලුව උස්සලා බලද්දී..

මට ටිකක් ඉස්සරහින් කොලු රැනක් ඉන්නවා..




"ඔය කහ පාට ගවුමක් ඇදගෙන..දිග කොන්ඩයක් ගොතාගෙන ඉන්න කොණ්ඩ කිරිල්ලි..."





ආය ම ඒ කොලු රැනේ කොල්ලෙක් එහෙම කිව්වා...

මං එයාලා දිහා බලන් ඉද්දී...





"ඔව්..ඔව්...ඔයා තමයි..."




එයාලා එහෙම කියද්දී මං ඒ අය ළගට ගියා....



"කොණ්ඩ කිරිල්ලි...අද අලුතෙන් ද?"



"ඔව්...අද තමයි මුල් ම දවස.."



"මොකක්ද නම?"



"ඖශාලි..."



"එතකොට ඖශාලි ඔයා කොහෙ ඉදලද එන්නේ..."



"රිලාගල කන්ද යායේ ඉදලා..."




"මෙන්න බලපල්ලා රිලාගල කන්ද යායේ ඉදලා රිලවියක් ඇවිත්...හැබැයි ලස්සන රිලවියක්..."




එක කොල්ලෙක් තව කොල්ලෙක් ට පහක් දාලා...

හිනා වෙවි කියද්දී නම් මට දැනුනේ මාර අසරණ කමක්...




"මොකද මෙතන වෙන්නේ..."



එහෙම අහන තව ත් කොල්ලෙක් එතනට ආවේ..

මං එයාලගේන් ඈත් වෙද්දී...




"මේ බලපන් කෝ.රිතික්ෂ මේ රිලාගලෙන් කෙල්ලෙක් ඇවිත්...හැබැයි ලස්සන කෙල්ලෙක්..."




රිතික්ෂ කියන කොල්ලා මං දිහා බලද්දී මම බිම බලාගත්තා...



"විකාරද මේ කෙල්ලව විහිලුවට ගත්තේ.පලයල්ලා යන්න..."



රිතික්ෂ කියන කෙනා කොලු රැන ව එලවලා මට ටිකක් ඈතින් හිට ගත්තා...



"සොරි..නංගී දන්නැද්ද ? මුන් කොල්ලනේ...ඒකයි විහිලු කරන්නේ..."




"මම දන්නවා අයියේ..."



මං එහෙම කියලා හිනාවුණා රිතික්ෂ අයියත් මං එක්ක හිනාවුණා..




"මල්ලී මේ උඹ ගේ ටියුට් එකක් දාලා ඇවිත්...



රිතික්ෂ කියන කෙනාට තවත් කවුද මන්දා ඇවිත් ටියුට් එකක් දෙද්දී..

මං පැත්තකට වුණා..




" අඩෝ ශේද්‍ය මොකද මේක අරන් ආවේ..."



"මල්ලී මම උඹ ට කියලා තියනවා. මගේ නම කියලා කතා කරන්න එපා කියලා..."




"අනේ...අනේ ආදරේට නේ ඒ.."




"අනේ උඹේ ආදරේ...මේ කවුද උඹගේ කෙල්ලද?"





ඒ ආපු කෙනා මං දිහා හැරිලා එහෙම අහද්දී..

මගේ ඇස් දෙක නලලේ...




"පිස්සුද අයියේ.මං අදමයි මේ ලමයව දැක්කේ..."




ශේද්‍ය කියන කෙනා මං දිහා එහෙම කියලා බලද්දී..

මං කරේ එයා දිහා බලන් ඉන්න එක..

මොකක් හරි පුරුදු ගතියක් දැනෙද්දී..

මං ඒ මුණ දිහා බලන් හිටියා වෙනකොට එයත් මං දිහා බලන් ඉන්නවා...




"මොකද මොකද මේ..."




රිතික්ෂ අපි දෙන්නා අතරට ඇවිත් හිටගත්තේ..

අත් දෙකත් බැදගෙනම...



"අයියේ...මොකෝ කෙස් එක...හිත වත්ගියාද ?



🕊️🥀


අනිවාරෙන් ම කතාවට අදහසක් කියාගෙන යන්න.මේක අපේ ඇඩ්මින් පැනල් එකේ කතාවක් ,


මම  ~Aυƚԋσɾ Mσσɳ 🌙✍️ ~


Report Page