වඩින තුරු සඳ-1

වඩින තුරු සඳ-1

Ravindu T. Chandrasekara

වඩින තුරු සඳ-1


"දැන් තමුසෙට බැරිද? ලාදුරුද තමුසෙට? හැඟීමක් කියලා දෙයක් නැද්ද? මාත් ඉඳලා ඉඳලා ආවානෙ චැට් එකට. මීට වඩා හොඳයි නොකර හිටියා නම්"


" අනේ මැණික ඉතින් මට තේරෙන විදිහට නෙ කරේ. සමාවෙන්න ඒකට. බනින්නෙපා මට"

පුරුදු විදිහටම අදත් කුණු බැනුම් අහගන්න පටන් ගත්තා මං. බැනගෙන බැනගෙන යනවා අහන් හිටපු මං උත්තර දුන්නෙ කියාගන්න බැරි තරම් අසරණකමක් දැනෙද්දි. බැනලා බැනලා ඉවර වුනාට පස්සෙ එයා කෝල් එක කට් කරලා දැම්මා. Whatsapp එකේ එක දිගට බැන බැන එන මැසේජ් වලට රිප්ලයි නොකර හිටපු මං බලන් හිටියෙ පුදුම කළකිරීමකින්. මගෙන් රිප්ලයි නැති තැනද කොහෙද එයා ආපහු කෝල් එකක් ගත්තා.


"තොගෙ ඇඟිලි වැඩ නැද්ද යකෝ. රිප්ලයි කරපන්"


එහෙම කියපු එයා ෆෝන් එක කට් කරා.


"කියන්න"


"Ai thmuse meka wth hriyt nokrnne? Mn thumsegen practical illuwe nane. Wchnen illuwa witrne?"


"Ithin manika mn dnn widihtne kre. Mn oyt kwne mt terenne nti nis epa wei kiyl. Oyt onem nm mt kiyl denn kwe mn. Ane ai oya ohm?"


"Ane plyn bn ynn 😂💔. Mhlokuwt mt adre gn kiyl denw dnenna adre krnne mehmai arun mhmai mun mhmai. Mt wtrd bri gga. Oka terenne na. Mhlokuwt kwe khmd. 😂😂"


"Ane oya one deyk kiynn appa. Sex chat krnn kiyl mt bl krl krl. Dn boruwt mt kghnn ep. Mn kalinm kwne oyt.😔💔"


"Pala pala thwth mge yka awussgnne nathuw. Mn nidgnnw. Bye"


"Hm thw poddk wel innwd mt dukai."


මං එහෙම දැම්මත් එයා ඒ වෙනකොටත් ඩේටා ඕෆ් කරලා ඉවරයි. නිදාගන්න යනවා කීවට එයා ඔය කරන්නෙ අනික් ෆෝන් එකෙන් තව දෝණිලා ටිකක් නළවන එක කියලා මං දැනගෙන හිටියා.


මම තනුදි. තනුදි ආශිංසනා ගම්ලත්. මාස කීපෙකින් ඒලෙවල් ලියන්න ඉන්න කෙල්ලෙක්. මගේ අම්මා කුමාරි විජේසිංහ. නුවර ටවුමෙන් එපිට තිබ්බ ප්‍රසිද්ධ පිරිමි පාසලක ජීව විද්‍යා ගුරුවරියක්. තාත්තා ජගත් කේසර ගම්ලත්. එයා නම් ඩොක්ටර් කෙනෙක්. මනෝවිද්‍යාව ගැන. නුවර ප්‍රසිද්ධ බාලිකා පාසලක ඉගෙන ගන්න මට දැන් ටිකකට කලින් බැන්නෙ යෂෝග. මාස පහක සම්බන්ධයක් එක්ක ඉන්න එයා නුවර ප්‍රසිද්ධ පිරිමි පාසලක ඉගෙන ගන්න අපෙ වයසම කොල්ලෙක්.

යෂෝග ගැන මං හිතන් හිටියේ හරි හොඳ කෙනෙක් කියලා. ඒත් දැන් තමා එයාගේ නියම ගතිය එළියට ඇවිත් තියෙන්නේ. හැබැයි ඉතින් දැන් මං ඒකට පරක්කු වැඩියි. එයාගෙ තිබ්බ අඩුපාඩු අතරින් තිබ්බ ලොකුම අඩුව තමා තරහ යන එකයි playboy ගතියයි. කෙල්ලො තුන්හතරදෙනෙක් එක්ක යාලුවෙලා ඉඳලා බූට් කාපු එයා දැන් අහුවෙන හැම කෙල්ලටම මැසේජ් කරනවා.

ඉමේෂා.... ඉමේෂා තමයි අපේ පන්තියේ ඉන්න කපටි ජරාම කෙල්ල. යෂෝග මගෙ පස්සෙන් එවලා මට සෙට් කරේ ඉමේෂා. මං ඒක දැනගත්තෙත් සතියකට දෙකකට කලින්. ඉමේෂාට මාත් එක්ක පුදුම තරහක් තිබ්බෙ. ඇයි කියන්න මං දන්නෙ නෑ. ඒත් පන්තියේ උනත් පිට උනත් මට මොකක්හරි කෙණෙහෙළිකමක් කරන්න එයා බලන් හිටියෙ. අද උනත් ඔය යෂෝගව අවුස්සලා එව්වෙ ඉමේෂා තමා. ඇස් දෙකින් නොදැක්කත් වුනේ ඒක තමා කියන්න මට ලොකු සාක්කි උවමනා වුනේ නෑ. මොකද අද රෑ අපි දෙන්නා රණ්ඩු කරොත් හෙට උදේ වෙද්දි ඉමේෂා ඒක දැනගන්න නිසා.

" දුව. දැන් ඕක පැත්තකින් තියලා නිදාගන්න. හෙට නැගිටින්නත් එපැයි."


කර්ට්න් එකෙන් ඔලුව දාපු තාත්තා මට කීවා. ෆෝන් එක පැත්තකින් තියපු මම තුවායත් අරන් බාත් රූම් එකට ගියා. සීතල වතුර පාරකින් ඇඟ හෝදගත්ත මං කාමරේට ඇවිත් දොර වැහුවා. ෂෝටක් එක්ක ස්කිනියක් ඇඳගෙන ලයිට් ඕෆ් කරපු මම ඇඳට පැන්නා. කොට්ටයක් බදාගෙන ශීට් එක පොරවාගත්තු මම ගුලිවෙලා නිදාගන්න ඇස් වහගත්තා.

විනාඩි පහක් යන්නත් කලින් තාත්තා ආපහු ආවෙ කාමරේ ලයිට් දාගෙන.

"සුදු දූ.. හෙට රැස්වීම කීයටද?"

මගේ සුව නින්ද නම් කඳවුරට එසේ දරුණු ගණයේ ත්‍රස්තවාදි ප්‍රහාරයක් එල්ල වූ වගයි....

----------------------------------------------------------

හරි ඔන්න ඉතින් පළවෙනි කොටස දැම්මා. කම්මැලි වගේද දන්නේ නෑ. අදහස් කමෙන්ට් කරන් යන්න. පෙරවදනට ලැබුණු ප්‍රතිචාර වලට හුඟක් ස්තූතියි. පොඩි අවුලකට තිබ්බේ පන්හිඳ චැනල් එකේ පෙරවදන වැටුණා විතරයි කමෙන්ට් 153යි. ගැම්මට ගිහින් කමෙන්ට් කියවනකොට තමා දැක්කේ පන්හිඳ චැනල් එකෙන් එකම ස්ටිකර් එක 153 පාරක් දාලා කියලා. (හී හී හිතුවේ නෑ හැබැයි). කොහොම උනත් එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. ඊළඟ කොටසින් හම්බ වෙමු.

තව පොඩි දෙයක් තියෙනවා. මේ කතාව මං දැනට දාන්නේ මේ චැනල් වල විතරයි.

1.පන්හිඳ- https://t.me/panhida

2.මන්දාකිණි - https://t.me/mandakinichannel

3. __𝕊𝕋𝕆ℝ𝕐 𝔹𝕐__RTC🍃💐- https://t.me/story_RT

4. සියපත- https://t.me/siyapathachannel

මීට අමතරව Dreamy💓 කියන චැනල් එකෙත් දැන් කතාව දානවා.

5. Dreamy💓- https://t.me/dreamyyyyns

ලස්සන කතා කියවන්න පුලුවන් හැමෝම මේ චැනල් වලට join වෙන්න.

--විදූ

Report Page