වඩින තුරු සඳ-18

වඩින තුරු සඳ-18

Ravindu T. Chandrasekara

වඩින තුරු සඳ-18

පෙර කොටසට


https://telegra.ph/%E0%B7%80%E0%B6%A9%E0%B6%B1-%E0%B6%AD%E0%B6%BB-%E0%B7%83%E0%B6%B3---17-10-01


ආපහු ඇඳට ආපු මම ඔලුවේ ඉඳන් පොරවාගෙන නිදාගන්න ඇස් දෙක වහගත්තා.

"දුව නැගිටින්න"


ඇස් දෙක පියාගෙන විනාඩි 10ක් ගියේ නෑ අම්මා කතා කරා.


"ඇයි වදේ?"


"ඉස්කෝලේ යන්නෙ නැද්ද?"


මගේ ඇස් දෙක උඩ ගියා. දෙයියනේ මෙච්චර ඉක්මණට උදේ වුණාද?


"වෙලාව කීයද?"


"හයට දහයයි. මේ තේ එක බොන්න."


"අනේ මන්දා අප්පා. නිදාගෙන විනාඩි පහක් ගියා වගේ."


මං කෙඳිරි ගගා නැගිට්ටා. බාත්රූම් එකට ගිහින් කට හෝදාගත්තු මම ඇවිත් තේ එක අතට ගත්‍තා. උගුරෙන් උගුර මං බොද්දි අම්මා කතා කරා.


"දුව"


"ම්ම්ම්"


"යෂෝග කියන්නෙ කවුද?"


ඒක අහපු ගමන් කැස්සක් ඇවිත් තේත් පිට උගුරේ ගියා. මළා. අම්මා කොහොමද මූ ගැන දන්නේ? මොනවා වුණත් දැන් නම් තැනේ හැටියට ඇණේ ගහන්න ඕනේ.


"මොකද මොකද?"


අම්මා කීවේ මගේ පිටට තට්ටු කරන ගමන්.


"යෂෝග? යෂෝග නෙවෙයි අනේ"


මං හයියෙන් හිනාවෙන ගමන් කීවා.


"එහෙනම්?"


"යෂෝගා අනේ. කෙල්ලෙක් අනේ මැත්ස් එකේ."


"යෂෝගා? මං අහලා නෑනේ ඒ නමක් තියෙන ළමයෙක් ඔයාලගෙ ඉස්කෝලෙ ඉන්න?"


"අලුතෙන් ගත්තේ ඕලෙවල් වලින්."


"හ්ම් හ්ම් හ්ම් ගිහින් ලෑස්ති වෙන්නකෝ."


තේ එක බීලා ෂේප් එකේ ලැස්ති වෙච්ච මම අම්මාට කියලා බත් කවාගත්තා.

තාත්තයි අම්මායි එක්ක වාහනේ නැගලා ඉස්කෝලෙට ගියපු මම අපේ උන් එක්ක සෙට් වුණා.


"මේ අහනවකෝ."


මම තත්සරණිගේ අතින් අදින ගමන් කීවා.


"මොකද බන්?"


"අද මාර වැඩක් වුණානේ."


"ඒ පාර මොකක්ද?"


"මං අද උදේ නැගිට්ට ගමන් අම්මා ඇහුවනේ යෂෝග කියන්නෙ කවුද කියලා?"


"නෑ.......... ඊටපස්සේ?"


"අනේ මන්දා බන් මං තේ බිබී හිටියේ. ඒක අහපු ගමන් මම පිට උගුරෙත් ගියා."


"උඹ මොකක්ද කීවේ?"


"මං කීවා යෂෝග නෙවෙයි යෂෝගා කියලා. අම්මා ඊටපස්සෙ ඇහුවා එහෙම නමක් තියෙන ළමයෙක් අපේ ඉස්කෝලෙ නෑනෙ බයෝ එකේ කියලා. මං කීවා මැත්ස් එකේ ඉන්න ඉස්කෝලෙට අලුතෙන් ගත්තු ළමයෙක් කියලා. ඊටපස්සෙ අම්මා මුකුත් නොකියා ගියා."


"මේ අහපන්කෝ. අම්මා කොහොමද දැනගත්තේ?"


"දන්නෙ නෑ බන්."


"උඹ ඊයේ රෑ මලක් කැඩුවද? අම්මා ෂුවර් අහගෙන ඉන්න ඇති."


"නැ බන් ඊයේ කෝල් එකක් ආවා කාලෙකට පස්සෙ. ඊටපස්සෙ මම ආන්ස්වර් කරා. ටිකකින් නිදිමත ආව නිසා මං නිදාගන්න ඇහුවා. ඒකට මට බැනගෙන බැනගෙන ගියා. මං ෆෝන් එක පැත්තකින් තියලා නිදාගත්තා ඇති තරම් බැනලා තියපුවාවෙ කියලා"


"එහෙනම් ඉතින් දැනගන්න විදිහක් නෑනේ? කවුරුහරි ගෙදරට කෝල් කරලා කීවද දන්නේ නෑ. ඉමේෂාවත්."


ඒක ඇහුණා විතරයි මගේ මුළු ඇඟම වෙව්ලන්න ගත්තා. මේකිව මං අද පෙති ගහනවා කියලා හිතාගත්ත මම නැගිටින්න හදනකොටම ත්‍යාග්‍යා කතා කරා.


"තනු පොඩ්ඩ්ක් ඉඳපන්කො"


"ඇයි?"


"උඹ අද උදේ එද්දි ෆෝන් එක බලලද ආවේ?"


"නෑ බන්. මං සාමාන්‍යයෙන් උදේට ෆෝන් එක ගන්නෙ නෑ.ඇයි?"


"ඊයේ උඹ ෆෝන් එක පැත්තකින් තිබ්බට පස්සෙ කෝල් ආවද යෂෝගගෙන්?"


"ඒක නම් දන්නේ නැ බන්. සයිලන්ට් දාලා නෙ තියෙන්නේ."


"ස්ක්‍රීන් එක කොයි පැත්තටද තියල තිබ්බේ? වහලේ පැත්තටද?"


"ඒක නම් හරියටම මතක නෑ බන්. මට මතක හැටියට ඔව්."


"උඹට මෙහෙම හිතෙන්නේ නැද්ද? අරූ එක දිගට කෝල් ගන්නකොට අම්මා මොකක් හරි දේකට කාමරේට ආවා වෙන්න බැරිද? ඊටපස්සෙ කෝල් එක දැක්කා වෙන්න බැරිද?"


ඒක අහපු ගමන් මාව හිරි වැටිලා ගියා. ඇත්තටම එහෙම වුණා වෙන්න බැරිද?


"උඹ කීවම තමා මටත් ඒක තේරුණේ. අඩෝ මට දැන් ගෙදර යන්නත් බයයි. අම්මා ඕක තාත්තාට කියලා තිබ්බොත්."


"උඹ මොකටද බයවෙන්නේ? අම්මලා ඇහුවොත් කියපන් ඌ පස්සෙන් ඇවිත් වද දෙනවා කියලා. විශ්වාස කරේ නැත්තන් අපිට කෝල් කරපන් අපි කියන්නම්."


මේධනා කීවා.


"හ්ම්ම්ම්"


මේධනා එහෙම කීවත් මගේ හිතට නම් සැනසීමක් දැනුනේ නෑ. පන්සිල් ගන්න වෙලාවෙත් මං ඒ ගැන කල්පනා කර කර හිටියේ.


"ආයුබෝවන්"


සර් කීවේ පන්තිය ඉස්සරහ ඉඳන් අත් දෙක එකතු කරලා.


"ආයුබෝවන් සර්"


අපි කීවා.


"වාඩිවෙන්න"


සර් කීවට පස්සෙ අපි වාඩි වුනා.


"හරි ළමයි දැන් අද ඔයාලා MCQ පේපර් දෙකක් ලියන්න යන්නේ. තව ටිකකින් අපි ලියන්න යනවා ඒක. මං මේක එකම දවසේ පේපර් එක දැම්මේ හේතු දෙකක් නිසා. පළවෙනි දේ තමා දවස් දෙකක් මහන්සි වෙන එකේ තේරුමක් නැති නිසා. අනික් දේ තමා අද පේපර් එක ඉවර කරලා ඔයාලට හෙට පොඩි රෙස්ට් එකක් ගන්න පුළුවන් නිසා. දැන් මං මේ කියන දේවල් හොඳට අහගන්න. ඔයාලාගේ මේ.MCQ පේපර් දෙකත් එක්සෑම් ස්ටෑන්ඩඩ් එකටම තමා හදලා තියෙන්නේ. මේක අනුමාන ප්‍රශ්න පත්‍රයක් කීවොත් මං හිතන්නේ මං වැරදි නෑ. ඊයේ පෙරේදා වගේ නම් අද කොපි කරලා අහු වෙන්න නම් බෑ. ඊයේ පෙරේදා කොපි කරලා අහු වුන අයට මං කියන්නේ අද අහු වුණොත් නම් කෙළින්ම රෙඩ් මාක් තමා. දෙමව්පියන්ටම රිපෝට් කරනවා. තේරුණාද?"


සර් කීවේ ඉමේෂා දිහා බලාගෙන. පුදුමයි මං දිහා බැලුවේ නෑ. මං ඉන්නවා කියලා අමතක වෙලා ද දන්නෙ නෑ.

"හරි එහෙනම් දැන් හැමෝම යන්න හෝල් එකට."


වෙනදා විදිහටම සර් කීවා. මේන් හෝල් එකට ගියපු අපි වාඩි වුණා. අද තිබ්බෙ පළවෙනි දවසෙ විදිහටම ඩෙස් හදලා. සද්දයක් නැතුව ගිහින් වාඩි වෙච්ච මම වටපිට බැලුවා. ඉමේෂා මං දිහා බලලා අහක බලාගත්තා.පුහ්. මහලොකු කුමාරිහාමි. මං තනියෙන් හිතුවා.


පේපර් එක පන්තියටම බෙදපු සර් ඇවිදින්න පටන් ගත්තේ වෙනදා පුරුද්දටම තමා.


කාගෙන්වත් බාධාවක් නැතුව පේපර් එක පැය දෙකකින් ලියලා ඉවර වුණා. ඉමේෂා පැය එකහාමාරක් විතර පෑන කටේ ගහන් කල්පනා කරලා ලියලා අන්තිම ටික නිදාගත්තා. හැබැයි කොපි නම් කරේ නෑ.


පළවෙනියට ෆිසික්ස් එක ලියලා ඉවර වෙච්ච අපිට පැය බාගෙකින් කෙමිස්ට්‍රි එකත් දුන්නා. ඒකත් ලියලා ඉවර වුණාට පස්සෙ සර් අපි ගාවට ඇවිත් පේපර් එකතු කරන්න ගත්තා.

පේපර් එක බාරදීලා අපි ඔක්කොම නැගිටිද්දි සර් කෑ ගැහුවා.


"කවුරුත් යන්න එපා. හැමෝම ඉන්න තැනම වාඩිවෙලා. ඔහොම්ම ඉන්න."


සර් එහෙම කීවට පස්සෙ අපි ආපහු හිටපු තැන් වලම වාඩි වුණා.....

----------------------------------------------------------

හායි ළමයි සෑහෙන දවසකට පස්සෙ නේද? කමෙන්ට් කරන් යන්න හැමෝම.කතාව ගැන අදහස් උදහස් යෝජනා චෝදනා හැම දෙයක්ම @ravinduchandrasekara usern name එකෙන් තියෙන account එකට මැසේජ් එකක් දාලා අහන්න. හැමෝම පරිස්සමෙන් ඉන්න බුදුසරණයි


Report Page