වඩින තුරු සඳ - 17

වඩින තුරු සඳ - 17

Ravindu T. Chandrasekara

වඩින තුරු සඳ-17

පෙර කොටසට


https://telegra.ph/%E0%B7%80%E0%B6%A9%E0%B6%B1-%E0%B6%AD%E0%B6%BB-%E0%B7%83%E0%B6%B3---16-09-30


ආපහු සැරයක් මගේ ඔළුව අතගාපු තාත්තා කාමරෙන් එළියට ගියා.

තව ටිකක් වෙලා පොත් බල බල හිටපු මට අම්මා කන්න කතා කරා. පොත් ටික පැත්තක තියපු මම කොණ්ඩෙ බූල් බෑන්ඩ් එකකින් ගැටගහලා පෝනිටේල් එකක් දාගත්තා. කාමරේ ලයිට් ඕෆ් කරලා දාපු මම පඩිපෙළ බැහැලා පහළට ගියා. කුස්සියෙ තිබ්බ කෑම මේසෙට යනකොට අම්මායි තාත්තයි බර කතාවක. මං එනවා දැකපු තාත්තා මං දිහාවට හැරුණා.


"ඇත්තද දුව මේ අම්මා කියන කතාව?"


" මොකක්ද?"


"ඔයාලගෙ සර් ගැන?"


" අපෝ ඕකාව මතක කරන්නවත් එපා. මට නම් අප්පිරියාවෙ බෑ."


ඒක අහපු ගමන් දෙන්නගෙම මූණ ඇඹුල් වුණා.


"නෑ නෑ ඒ සර් නෙවෙයි. ඔයාලාගෙ අලුතින් ආව සර්."


"එයා ගැන තමා මාත් කීවෙ. එයාගෙයි මයුර සර්ගෙයි කියලා වැඩි වෙනසක් නෑ. තකට තක."


"දැන් ඔයා හවස කීවනෙ ප්‍රින්සිපල් ආව වෙලාවෙ සර් ඔයාව බේරාගත්තා කියලා ඔයාගෙ පැත්තට කතා කරලා. දැන් මොකක්ද කියන්නෙ?"


" ඒ වෙලාවෙ කතා කරපු එක ඇත්ත. ඒත් අම්මා දන්නෙ නෑනෙ උදේ වෙච්ච දේ."


"ඇයි මොකක්ද උනේ?"


"නෑ අපිව අද ඊයෙ විදිහට නෙවෙයි වෙනස් විදිහකට වාඩි කරවලා තිබ්බේ. ඉමේෂා ඉන්නෙ. එයා ඊයෙ කොපි කරලා අහුවෙච්ච නිසා සර් එයාව තිබ්බෙ වෙනම. වෙනම කීවට අපිට එහා පෝළිමේ තනියම. ඉතින් කොපියක් ගහගන්න කවුරුත් නැති නිසා වටේ ඉන්න උන්ට වද දෙන්න ගත්තා. එයා හිටපු තැනට ළඟම මං. මාත් එක්ක මොකක්දො තරහක් තියෙනවා නෙ එයාට. ඉතින් මගෙන් උත්තර ඇහුවේ නෑ මුලින්. ඊටපස්සෙ අනික් උන්ගෙන් අහලා බැලුවත් දුර නිසාද කොහෙද උත්තර පේන්නෙ නැති නිසා මට කතා කරා."


"ඉතින් සර් මොකක්ද ඒ වෙලාවෙ කරේ?"


"සර් හිටියෙ හෝල් එකේ ඉස්සරහම. ළමයි පේපර් එකේ ගැටළු තැන් අහ අහ හිටියේ. සර් ඕක දැක්කෙ නෑ. ඉතින් මට කතා කර කර උත්තර අහනකොට මං හැරිලා බැලුවේ නෑ ඔහේ හිටියා. ඊටපස්සෙ පස්සහා හිටපු මේධනා කීවා අරකිට කියලා දීපන් පුදුම කන්කරච්චලයක් තියෙන්නේ කියලා. ඊටපස්සෙ මම පස්සහ හැරිලා අහපු එක ප්‍රශ්නෙක උත්තරය කීවා. ඊළඟ ප්‍රශ්නෙ උත්තරය බලාගෙන පස්සහ හැරිලා බලනකොට සර් ඉමේෂා ගාව ඉඳන් පේපර් එක බලනවා එයාගෙ. ඊටපස්සෙ මං ගාවට ඇවිත් බැන්නා පස්සහ හැරි හැරි බලනවා කියලා."


"ඉතින් දරුවො සර් බැනපු එක සාධාරණයි නේ"


අම්මා කීවා.


" ඒ කොහොමද සාධාරණ වෙන්නෙ?"


මං ඇහුවෙ තරහෙන්.


"නෑ ඉතින් දූ උත්තර කියලා දෙන එකෙන් වෙන්නෙ දුවටම හානියක්නෙ. පාඩම් නොකර එන අය ලකුණු අරන් උඩට යනවා. පාඩම් කරපු ළමයාට ඒක අසාධාරණයක් නේ. අනික ඕක ඒලෙවල් වලදි වුණොත් කෙළින්ම රෙඩ් මාක් එක වදින්නෙ. ඊටපස්සෙ එක්කො විභාග තහනමක් නැත්තං ප්‍රතිඵල අත්හිටුවීමක්."


තාත්තා කීවා.


" දැන් ඔයාලා දෙන්නත් එහෙනම් එයාගෙ පැත්ත නේ ගන්නෙ?"


මං ඇහුවා.


"එහෙම නෙවෙයි දූ කේන්ති ගන්න එපා"


තාත්‍තා කීවා.


"නෑ හරි මට මේක කියන්නකෝ. එහෙනම් ඇයි සර් මට විතරක් බැන්නේ? ඉමේෂාටත් බනින්න තිබ්බනේ. මට විතරයි බැන්නේ. ඔන්න ඉමේෂාටත් බැන්නා නම් ඉවසන්න තිබ්බා. ඉමේෂාට වචනයක් වත් කීවෙ නෑ."


" ඒක නම් ඉතින් අපි දන්නෙ නෑ. සමහරවිට සර් ඉමේෂාට බැනලා ආවද දන්නෙ නෑනෙ?"


"සර් වචනයක් කීවෙ නෑ. කීවා නම් යන්තම් හරි ඇහෙනවා නේ. මොකද දන්නවද? ඉමේෂා සර්ගේ නෑදෑයෝ. කවද්ද අනේ ඉතින් කෙනෙක් තමන්ගේ නෑයො තරහ කරගෙන වෙන උන්ව ෂේප් කරගන්නෙ? මං කවුද සර්ගේ? ඉතින් සර් මට බැනලා ෂේප් වෙනවා."


"හරි හරි දැන් ඒක ඉවරයි නේ. ඕක ඇහුවෙ නැද්ද සර්ගෙන්?"


"මං ඇහුවා හවස. සර් කියනවා මගේ අතේ වැරැද්දක් තියෙනවා කියලා. ඒක මොකක්ද කියලා හොයාගෙන එන්න කීවා මට ඒ ගැන කතා කරන්න."


" හරි හරි අපි ඕක රැස්වීම දවසේ අහමුකො සර්ගෙන්. දැන් එන්නකෝ කන්න."


එහෙම කියපු අම්මා බත් බෙදන්න ගත්තා.


බත් කාලා ඉවර වෙච්ච මම බෑග් එක ලෑස්ති කරගත්තා. ගවුම මැදලා ගෙනාපු අම්මා ඒක ටවල් රැක් එකේ එල්ලුවා. අම්මා ගියාට පස්සෙ මූණ හෝදාගෙන දත් මැදගත්තු මම ඇඳට ආවා. අද දවසටම ඇල්ලුවේ වත් නැති ෆෝන් එක අතට ගත්‍ත මම fb එක පැත්‍තෙ රවුමක් දැම්මා. ඒ දාලා විනාඩි පහක් ගියේ නෑ යෂෝග ගෙන් මැසේජ් එකක් ආවා.


"Doid?"


මං පටස් ගාලා රිප්ලයි එකක් දැම්මා.


"Na kiynna"


"Mk"


"Ndgnn hduwe"


"Kta krmud?"


"Dn da?"


"Oooo"


"Mkd mw mthk wela?"


"Kta krnn plwnd brd kynnko"


"Gnn"


තත්පර දහයක් ගියේ නෑ යෂෝගගෙන් කෝල් එක ආවා.


"හෙලෝ"


එහාපැත්තෙන් යෂෝගගේ රළු කටහඬ ඇහුණා.


"හෙලෝ"


"ම්ම්ම්ම්"


"ම්ම්ම්ම්ම්"


"මොකෝ?"


ඔහොම ඔහොම ටිකක් කතා කර කර ඉද්දි මට නිදිමත එන්න ගත්තා පොඩ්ඩ පොඩ්ඩ.


"බබා අපි නිදාගමුද අද මට ටිකක් මහන්සි?"


"තමුසෙට ඉතින් මං කතා කරද්දි තමා හැම රෙද්දම."


"නෑ බබා මට හෙට විභාගෙ. ඒකට පාඩම් කරා ඒකයි."


"අනේ නිකන් බොරු කියන්නෙපා බන්. යකෝ ගිය සතියෙ වාර විභාගෙ තිබ්බෙ. දැන් ආපහු විභාගයක්? අහු නොවෙන්න බොරු කියනවාකො 😂💔"


තවදුරටත් මේ කතා අහගෙන ඉන්න බැරි නිසා මම කෝල් එක් කට් නොකර ෆෝන් එක මේසේ ගාවින් තිබ්බා. දැන් ඇති වෙනකන් නටාගන මගුලක් නටාගන්නෙ නැතෑ.


ආපහු ඇඳට ආපු මම ඔලුවේ ඉඳන් පොරවාගෙන නිදාගන්න ඇස් දෙක වහගත්තා......

--------------------------------------------------------

හරි ළමයි අද කොටස පොඩී කියලා මාත් එක්ක තරහ වෙන්න එපා හරිද? ප්‍රශ්නයක් හිතේ හිර වෙලා තියෙන්නේ. ඒක විසඳගන්නකන් ඔළුව නිදහස් නෑ. එහෙම තියෙද්දි කතාව ලියන එක අසාර්ථකයි. ලියන්න පුළුවන්. ඒත් නීරස වෙනවා. මේකත් එහෙම කම්මැලිද දන්නේ නෑ. එහෙනම් ඊළඟ කොටසින් හම්බවෙමු. හැමෝටම බුදුසරණයි. පරිස්සමෙන් ඉන්න. පුලුවන් හැමෝම කමෙන්ට් කරන්න.

--විදූ

Report Page