වඩින තුරු සඳ-8

වඩින තුරු සඳ-8

Ravindu T. Chandrasekara

වඩින තුරු සඳ-8


පෙර කොටසට


https://telegra.ph/%E0%B7%80%E0%B6%A9%E0%B6%B1-%E0%B6%AD%E0%B6%BB-%E0%B7%83%E0%B6%B3--7-09-10


ආපහු විභාගයක් වත් ද......?


Main hall එක පුරාම තිබ්බේ විභාග ශාලාවක් විදිහට හදපු මේසයි පුටුයි. පනහක් විතර තියලා තිබ්බේ පෝළිම් පහකට කඩලා.


"මේ මොන කරුමයක්ද බන්? යකෝ වාර විභාගෙ ලියලා සති දෙකක් නෑ ආපහු විභාගයක්."


තත්සරණි කීවෙ මගේ ඇඟට හේත්තු වෙන ගමන්.

"දැන් ආපහු විභාගයක් තියලා අම්මලා ගෙන්නලා මේවා පෙන්නලා බැනුම් අස්සලා යවයි අපිව. ඊටපස්සෙ ගෙදරින් ගුටි කාලා හතර වටෙන්ම තැලිලා තැලිලා එක්සෑම් එකට මෙලෝ දෙයක් නැතුව ලියන්න යන්න වෙයි. ඊටපස්සෙ අපිට වෙන්නෙ ගැම්මෙන් බයෝ තෝරලා ගැම්මට ෆේල් වෙලා හොම්බෙන් ගිහින් ඒලෙවල් ඉවර කරන්න."


ලොකු සුසුමක් පිට කරන ගමන් මං කීවා.


"අපි මොකක්හරි ලොකු පවක් කරලා තියෙනවා බන් ගිය ආත්මෙ"


මේධනා කීවා.


"මේ උඹලා දන්නවද? එදා සයුරි මැඩම්...."

ත්‍යාග්‍යා කියන්න ගියපු දේ අතරමග නැවැත්තුවේ සර් කතා කරපු නිසා.


"ළමයි හැමෝම අහන්න. අද අපි ෆිසික්ස් පේපර් එකක් ලියන්න යන්නේ. ඔයාලා බලනවා ඇති ඇයි මේ කියලා. මේකාට පිස්සුද මන්දා වාර විභාගේ තියලා සතියක් ගියේ නෑ තව විභාගයක් තියෙන්නේ ඇයි කියලා සමහරවිට හිතින් මට බනිනවා ඇති. ලොකු හේතුවක් තියෙනවා ඒකට ඒත් දැන් ඒක මට කියන්න බෑ.


මුලින්ම හැමෝම ගිහින් තමන්ගේ ඇතුළත් වීමේ අංකය තියෙන මේසේ ගාවට ගිහින් වාඩි වෙන්න. අපි 10ට පටන් ගමු පේපර් එක. "


එහෙම කියපු ගමන් අපි ඉස්සරහට ගියා. පෝලිමේ මැදට වෙන්න මගේ ඇතුළත්වීමේ අංකය ගහලා කාඩ්බෝස් කෑල්ලක් අලවපු මේසයක් තිබ්බා. ඒකේ තියලා තිබ්බේ ඉස්කෝලෙ නම ගහපු පොතක් වගේ කොළ සෙට් එකක්. මං ඒකේ වාඩි උනාට පස්සේ වටපිට බලද්දි තමා දැක්කේ ඉස්සරහින් ත්‍යාග්‍යා ඉද්දි මට පිටිපස්සෙන් මේධනායි තත්සරණියි ඉන්නවා කියලා.


"හරි. දැන් අහන්න.අද මං ඔයාලාට දෙන්නෙ ඒලෙවල් එක්සෑම් එකේ standard එකටම හදපු පේපර් එකක්. ඉතින් සම්පූර්ණ පැය තුනක් අරන් අපි පේපර් එක ලියමු. කඩදාසි ඕනේ තරමක් දෙනවා පේපර් එක ලියන්න. තමන් තනියම ලියන්න අවංක වෙලා. ලකුණු අඩුයි කියලා ඒලෙවල් ලියන්න නොදී වත් ලකුණු වැඩියි කියලා කැම්පස් එකට නිකන්ම යන්න දීමක් වත් වෙන්නේ නෑ. ඒ නිසා තමන් තනියම ලියන්න. තමන්ගෙ මට්ටම තමන් දැන ගමු. ඒක ඉස්සරහට වැදගත් වෙයි. මේ කියන එක හොඳට අහගන්න. මෙතනදී වැරදුණාට කිසිම ප්‍රශ්නයක් නෑ. ඒලෙවල් වලදී වැරදුනොත් තමා ප්‍රශ්නය. ඒ නිසා මෙතනදි වෙන වැරැද්ද හදාගෙන අපි හොඳින් මේ වැඩේ ඒ කියන්නේ ඒලෙවල් ඉවර කරමු. දැන් වෙලාව 9.57යි.දැන් පේපර් එක දෙනවා. හරියටම 1 වෙද්දි පේපර් එක ලියලා ඉවර කරමු. එහෙනම් හැමෝමට සුභ පැතුම්."


එහෙම කියපු සර් පේපර් ඉස්සරහින් බෙදන්න ගත්තා. හෝල් එකේ එහා කොනෙන් කොළ බෙදන සද්දයක් ආපු නිසා මං ඒ දිහා හැරිලා බලද්දි දැක්ක දෙයින් පුදුම වෙලා ගියා.

ඒ වෙන මුකුත් නෙවෙයි සයුරි මැඩම් අනික් කොනේ ඉඳලා පේපර් බෙදන්න ගත්ත නිසා. මෙයා මොකද මෙහෙ කරන්නෙ? මං කල්පනා කරද්දී සර් ඇවිත් පේපර් එක මගේ මේසේ උඩින් තිබ්බා.


සයුරි මැඩම් ගැන තිබ්බ කල්පනාව අතෑරලා දාලා මං පේපර් එක අතට ගත්තා. පිටුවෙන් පිටුව පෙරළලා බැලුව මට ඒකේ ලොකු අමාරුවක් පේන්න තිබ්බේ නෑ. Structured Essay එක පෙරලා ගත්තු මම පළවෙනි ප්‍රශ්නෙට උත්තර ලියන්න ගත්තා.


පැයක් විතර යනකොට structured එකේ ප්‍රශ්න හතරෙන් දෙකහමාරකට විතර මම උත්තර ලියලා ඉවරයි. ඉතිරි ටික දන්නේ නැති නිසා මම essay එක ලියන්න පටන් ගත්තා.


අපි පේපර් එක ලියද්දි සර් එකදිගට හෝල් එක පුරා ඇවිද්දා. විනාඩියකට හරි නැවතුනත් ඒ නැවතුනේ ළමයෙක්ගේ ප්‍රශ්නෙකට උත්තර දෙන්න විතරයි. මහන්සි නැද්ද දන්නේ නෑ ඔච්චර ඇවිදලා.


මට එහා පැත්තේ හිටපු කෙනා දඟලනවා දැක්ක නිසා මං ෂේප් එකේ ඒ පැත්ත බැලුවා. අප්පාහ්... ඒ දඟලන්නෙ වෙන කවුරුත් නෙවෙයි. ඉමේෂා. පේපර් එක ලියාගන්න බැරුවද කොහෙද දුම් දාගෙන ඉන්නේ. වටේම ඉන්න අයගේ පේපර් වලට එබෙන එයාට උත්තර හොයාගන්න බැරුව ඉන්නවා. ඇත්තටම ඉතින් මේ වාඩි කරවලා තියෙන විදිහට අපි එක එක්කෙනාගෙන් සෑහෙන්න ඈතින් හිටියේ. වැඩිය ඕනේ නෑ පොල් අකුරු තියෙන ඉමේෂාගෙ පේපර් එකේ තිබ්බ අකුරුත් මට පෙනුනෙ නිකන්ම නිකන් රවුම් ගොඩක් වගේ.


ඉමේෂාගෙන් ඇස් අහකට ගත්තා මං සර් දිහා බැලුවා. මෙන්න මේ යකා ඉස්සරහා ඉඳන් මං දිහා බලාගෙන ඉන්නවා කන්න වගේ. ඉක්මණට පේපර් එක දිහා බලාගත්තු මම ප්‍රශ්නෙ කියවලා උත්තර ලියන්න පටන් ගත්තා.


"ස්ස්ස්... ස්ස්ස්ස්ස්. චනුලි.... චනුලී..."


ඉමේෂා රහසින් ඉස්සරහ හිටපු චනුලිට කතා කරා. කතා කරේ රහසින් වුණාට ඒක ටිකක් සද්දෙට ඇහුනා.


ඒ පාර නම් හෝල් එකේ එහා කොනේ හිටපු සර් කඩාගෙන බිඳගෙන ආවා ඉමේෂා ගාවට.


"මොකද කැරකෙන්නේ? පොට ගිහිල්ලද?"


කැත සවුත්තුවක් දාලා සර් රහසින් ඇහුවා.

මුකුත් දන්නේ නෑ වගේ පේපර් එක දිහා බලාගත්ත ඉමේෂා හොරෙන් හොරෙන් සර් දිහා බැලුවා. ටිකක් වෙලා ඉමේෂා ගාව නැවතිලා හිටපු සර් ආපහු හෝල් එක වටේ රවුමක් දාලා ආවා. සර් මං ගාවට එද්දි මම යාන්ත්‍ර විද්‍යාව ගාන හදලා ඉවර කරලා තාපය ගාන පටන් ගත්තා විතරයි. හෙමින් සැරේ ඇවිද ඇවිද ආපු සර් මං ගාවින් නැවතුනා. ටිකක් වෙලා මගේ පේපර් එක දිහා බලන් හිටපු සර් ස්ට්‍රක්චර් එක අතට ගත්තා. මුල ඉඳන් පේපර් එකේ උත්තර බලාගෙන ගියපු සර් හෙමීට පේපර් එක මගේ ලොකර් එකට දැම්මා.


"යාන්ත්‍ර විද්‍යාව කරාද?"


රහසින් වගේ සර් මගෙන් ඇහුවා.


"ඔව් සර්"


"කෝ දෙන්න බලන්න"


මං උත්තර ලියපු කොළ ටික සර්ට දුන්නා. ඒවා එකින් එක පෙරලලා බලපු සර් ආපහු ඒවා මට දුන්නා.


"ලියන්න ලියන්න"


එහෙම කියපු නිසා සර් මං ගාවින් යයි කියලා මම හිතුවෙ. ඒත් නොහිතපු විදිහට සර් මං ගාවට වෙලා බලන් හිටියා.


ඒ කතා කරපු ටිකට මං මාර විදිහට කළබල වෙලා හිටියේ. වේගෙන් පපුව ගැහෙන්න පටන් අරන් දාඩියත් දාලා. පේපර් එක ආපහු ලියන්න ගත්තත් දන්න ටිකත් අමතක වෙලා තිබ්බේ.

"අයියෝ සර් යන්නකෝ" මං හිතින් මුමුණව්වා.


මාව තේරිලා වගේ සර් හෙමීට එතනින් යන්න පටන් ගත්තා.


මොනවා හිතුවද දන්නේ නෑ පේපර් එක බලලා. මොන මෝඩියක්ද කියලා හිතුවද දන්නෙ නෑ. ලකුණු 5ක් තියෙන එකියකගේ පේපර් එක බලලා ආයේ මීටරයක් කියලා හිතන්න? එහෙනම් ඉතින් ට්‍රැක උපරිමේටම පැනපු එකෙක් වෙන්න ඕනේ.


පෑය කාලක් විතර මනෝ ලෝකයක තනිවෙච්ච මම ආපහු පියවි සිහියට ඇවිත් පේපර් එක ලිව්වා. හිතේ හැටියට දන්න ටිකට වෙලාව අරන් ලියපු නිසා පේපර් එක ගන්න විනාඩි 20කට විතර කලින් මං පේපර් එක ඉවර කරා.

"තව විනාඩි 10ක් තියෙනවා. හැමෝම තමන්ගේ විභාග අංකය හැම පිටුවකම හරියට දාල තියෙනවා ද බලන්න. ඒ අතරේ මං ස්ටේපර් එක අරන් එන්නම්."


එහෙම කියපු සර් ස්ටෙප්ලර් එකත් අරන් ඉස්සරහ ඉඳන් ස්ටෙප්ලර් කරන් එන්න පටන් ගත්තා. කීප දෙනෙක් තව ලියන්න තියෙනවා කියලා කොළ ඉල්ලපු නිසා ඒ අයගේ පේපර් ස්ටෙප්ලර් නොකර අනික් හැමෝගෙම ස්ටෙප්ලර් කරා. ටිකකින් සයුරි මැඩමුත් ඇවිත් සර්ට උදව් කරා.


"කාලය අවසන්".........

----------------------------------------------------------

හරි ළමයි.මං මේ හදිසි වැඩ්කට යන ගමන්.ඊයේ රෑ පුරාම ඇහැරිලා වැඩ. ඔය උඩ තියෙන්නේ යන ගමන් ගහපු ෆොටෝ එකක්. මේක telegraph කරද්දිත් වෙලාව උදේ 06.08(2023/09/12). හැමෝම comment කරන්න. කතාව පොඩි උනාට සමාවෙන්න මේ වැඩේ එක්ක අමාරුයි පොඩ්ඩක් 🥲😕💔

--විදූ

Report Page