වඩින තුරු සඳ - 16

වඩින තුරු සඳ - 16

Ravindu T. Chandrasekara

වඩින තුරු සඳ - 16

පෙර කොටසට


https://telegra.ph/%E0%B7%80%E0%B6%A9%E0%B6%B1-%E0%B6%AD%E0%B6%BB-%E0%B7%83%E0%B6%B3-15-09-29


පන්තියෙන් එළියට බැස්ස අපි ආපහු කතා කරන්න පටන් ගත්තා.

"දැන් කියපන්කො මං ගියාට පස්සෙ මොකක්ද වුනේ කියලා."


මං කීවා.


"උඹ ගියපු ගමන් සර් උගන්නන්න පටන් ගත්තා. ඊටපස්සෙ අපේ සර් ආවට පස්සෙනෙ උඹට පන්තිය ගාව ඉන්නෙපා යන්න කීවෙ. ඊටපස්සෙ අපේ සර් රෙජිස්ටර් එක ඉල්ලාගෙන ගියා. ඊටපස්සෙ තමා හොඳම හරිය. වුණේ."


"ඇයි මොකක්ද උනේ?"


මං ඇහුවා.


"නෑ බන් පම්පෝරිය පටන් ගත්තා. සර් අපේ සර් ට හින්ට් එකට කියනවා 'මං නම් ඔය වගේ නෙවෙයි ඒ කාලෙ නිකන් ඉන්න වෙලාවක් තිබ්බෙම නෑ. මගේ කාලසටහනේ මට ෆ්‍රී පීරියඩ් එකක් තිබ්බෙ සතියටම දෙකයි. ඒ දෙක ඇතුළෙ තමා හැම දේම කරේ' කියලා"


"ඊටපස්සෙ පටන් ගත්තා වාහන ගත්ත විදිහ කියන්න. හැමදාම කියන රෙකෝඩින් එක තමා අදත් කියවන්න ගත්තේ.අඩේ එපා වෙලා තිබ්බේ."


මේධනා කීවා.


"හැබැයි ඒකෙන් වුණේ පීරියඩ් එකෙන් කාලක් විතර ඉවර වෙච්ච එක"


තත්සරණි කීවා.


"මේ ඒක නෙවෙයි අහපන්කො. මං සර් එක්ක වැඩ කර කර ඉද්දි මල්ලිකා මැඩම් තේ හදාගෙන ආවා හැලප එක්ක."


"යකෝ ඒක. පන්තියෙන් එළියට දාපු කෙනා තේ එක්ක හැලප කාලා. ඇතුළට වෙලා හිටපු අපිට තමා හුළං"


ත්‍යාග්‍යා කීවා.


"නෑ නෑ ඒක නෙවෙයි හොඳම සිද්ධිය. ඒ වෙලාවෙ ප්‍රින්සිපල් මැඩම් ආවානේ"


"නෑ.............. ඊටපස්සෙ?"


"මගෙන් ඇහුවා පන්තියේ වැඩ නැද්ද කියලා මෙතන ඉන්නෙ කියලා"


"ඊටපස්සෙ?"


"මං ඉතින් ඔක්කොම කියලා දැම්මා. ඊටපස්සෙ මැඩම් ඇහුවා සර්ගෙන් ඇත්තද මේ කියන්නේ කියලා. සර් කීවා ඇතුළෙ වෙච්ච දේවල් නම් කොහොමද දන්නෙ නෑ. ඒත් අනික්වා නම් ඇත්ත කියලා."


"ඊටපස්සෙ?"


"ඊටපස්සෙ මැඩම් ඇහුවා සර්ගෙන් මං ගැන. අඩේ මේන් සර් කීවා මේ ටිකට නම් වැරැද්දක් කියලා විශේෂ දෙයක් කරේ නෑ කියලා. මං හිතුවෙ වත් නෑ බන් එහෙම දෙයක් කියයි කියලා. ඒ තරම් මං කන්ෆියුස්. මොකද අර කොපි කරපු එකට මට බැනපු එක්කෙනා මං ගැන හොඳක් කියයි කියලා මං නම් නිකමටවත් හිතුවේ නෑනේ?"


"ඉතින් බං ඒකේ පුදුමයක් නෑ. මැඩම් ඉස්සරහ ඒක කීවම මිනිහා නිකන්ම චොර වෙනවානෙ වැරැද්දක් කරපු එකීට නොබැන වෙන උන්ට බැනලා තමන්ගේ උන් බේරාගන්නවා කියලා. ඒ නිසා ෂේප් වෙන්න එහෙම කියන්න ඇති. අපරාදෙ උඹට අහන්න තිබ්බෙ ඇයි බැන්නෙ කියලා."


"මං ඇහුවා බන්. සර් කියනවා මං වැරැද්දක් කරා කියලා. මං කීවා මං එහෙම කරේ නෑ කියලා. එතකොට කියනවා හොඳට කල්පනා කරලා බලන්න කියලා."


"අනේ මන්දා ඌ නම් ජිග්සො puzzle එකක් වගේ. තැනින් තැන පැහැදිලියි. අනික් ඒවා කිසිම ගැළපීමක් නෑ. තේරුම් ගන්න මාරම අමාරුයි."


කතාව ඉවර වෙද්දි අපි ඉස්කෝලේ ගේට්ටුවෙන් එළියට ඇවිත් ඉවරයි. සෙට් එකටම බායි කියපු මම ඇවිත් කාර් එකට නැග්ගා.


"දුව කොහොමද ඉතින්?"


"ඉන්නවා තාත්‍ති."


"අදත් පේපර් එකක් තිබ්බද?"


"ඔව් අදත් තිබ්බා. අද තිබ්බෙ කෙමිස්ට්‍රි දෙවෙනි කොටස"


" මොකද තත්ත්වෙ?"


"ලීවා ඉතින්. වාර විභාගේ පේපර් එකට වඩා ටිකක් අමාරුයි. හැබැයි ලීවා."


"බඩගිනියිද?"


"ලොකුවට නෑ තාත්‍ති. ඇයි එහෙම ඇහුවේ?"


"නෑ ඩියුටි පිටනේ ආවෙ. අද පොඩි ටෙස්ට් වගයක් තියෙනවා. ඒ නිසා අතරමග නවත්තන්නෙ නැතුව අපි අම්මාව අරන් කෙළින්ම ගෙදර යමු."


"හා හා ඒකට කමක් නෑ"


ටිකක් වේගෙන් ගියපු තාත්තා අම්මාවත් එක්කගෙන කෙළින්ම ගෙදර ආවා. දවල්ට බත් එක කාපු තාත්තා ආපහු වැඩට ගියා.


කාලා නාලා කොණ්ඩෙ වටේ තුවාය ඔතාගෙන මං පහළට බැස්සා.


"මේ කොණ්ඩෙ නම් මහ වදයක් අප්පා"


මං අම්මාට කීවෙ කුස්සියෙ පුටුවේ වාඩි වෙන ගමන්.


"ඒ මොකද?"


" වේලෙන්නෙත් නෑ අප්පා. දිගට වැව්ව එක නම් කරුමයක්"


"පිස්සුද ළමයෝ. දැන් නාහෙන් අඬ අඬ හිටියා නේද ඉස්සර කොණ්ඩෙ වවන්න දෙන්නෙ නෑ කියලා. දැන් බලන්න ඉනෙන් පහළටත් තියෙනවා නේ?"


" ඒ ඔක්කොම හරි වේලෙන්නෙ නැති එකනෙ අවුල"


"එහෙම වේලෙන්නෙ නෑ ළමයෝ. පොඩ්ඩක් ගිහින් අව්වේ ඉඳලා එන්නකෝ එහෙනම්."


අම්මා කීවා.


සෙරෙප්පු දෙකත් දාගත්තු මම මිදුලෙ කෙළවර තිබ්බ යකඩ ඔන්චිල්ලාවේ වාඩි වුණා.මොකද එතනට ලාවට අව්ව වැටෙනවා. ඕනාවට වඩා තද අව්වට අහු උනාම ඔළුවෙ කැක්කුම එන නිසා.


"අම්මා"


මං කීවේ මුරුංගා කරල් ටිකකුත් උස්සන් කොන්ක්‍රීට් මේසෙ වාඩි වෙන්න ආපු අම්මාට.


"ම්ම්ම්"


" අපේ සර්, අර අලුතෙන් ආවේ"


"ඉතින්"


" ඒ සර් මට නික් නේම් එකට දාලා තියෙන්නේ ඕයි කියලා."


"ඕයි?"


" ඒ ඇයි එහෙම කියන්නෙ?"


"කවුද අනේ දන්නෙ? ඕයි ඕයි ගාලා කියවන්නේ හැමවෙලේම මට"


"සර් කීවද ඔයාට දාපු නික් නේම් එක ඒක කියලා."


" නෑ"


"එහෙනම් කොහොමද කියන්නේ ඒක ඔයාටම දාපු නමක් කියලා? කවුද දන්නෙ ඒ සර්ගේ කටේ තියෙන්නේම ඒකද කියලා?"


"පිස්සුද ළමයෝ? ඒ සර් කාටවත් ඕයි කියන්නේ නෑ. මං මුලින් හිතුවෙ සර්ගෙ පණ්ඩිතකමට කියලා. පස්සෙ තමා තේරුණේ එහෙම නෑ කියලා."


"දැන් ඔය සර් ට වයස කීයද? 40ක් 50ක් විතර ඇතිනේ?"


ඒක අහපු ගමන් බකස් ගාලා මට හිනා ගියා.


"අනේ අම්මේ ඒ අසරණ මනුස්සයා නිකන් නාකි නොකර ඉන්න."


" ඇයි?"


අම්මා ඇහුවේ හිනා වෙවී.


" විසිපහක් විසිහයක් ඇති. තාම කොහොම හරි තිහක් නම් නෑ."


" අප්පේ එච්චර තරුණ කොල්ලෙක්ද?"


"ඔව්. ඒක නෙවෙයි අම්මා අද හොඳ වැඩක් උනානේ.අද මං සර් එක්ක ලකුණු වගයක් හද හද ඉන්නකොට අපේ ප්‍රින්සිපල් මැඩම් ආවා. මැඩම් ඇවිත් සර්ට කීවා මං ගැන සෑහෙන කම්ප්ලේන් ඇවිත් තියෙනවා. තාම සර්ට මුකුත් කියන්න නැද්ද කියලා. සර් කීවා නෑ එහෙම මුකුත් නෑ කියලා."


"ඊටපස්සෙ?"


"මැඩම් ඊටපස්සෙ කීවා සර් ෆීල්ඩ් එකට අලුත් කෙනෙක් නිසා තමා ඔහොම හිතන්නෙ. තව ටික දවසක් යමුකෝ තේරෙයි කියලා. ඒකෙන් තමා confirm කරගත්තෙ සර් ට එච්චර වයසක් නෑ කියලා."


"සර් කොයි වගේද?"


" සුදුයි ටිකක්, සම්පූර්ණයෙන් ම රැවුල කපලා. කෙට්ටුයි උසයි. එක විදිහකට එක තැන ඉන්නෙ නෑ. මීටරයක් වගේ පෙනුම නම්."


"ආ ආ ආ කෙල්ල වශීවෙලා වගේ සර් ට."


අම්මා ඇහැක් ගහලා හිනා වෙන ගමන් කීවා.


"අනේ අම්මා මේ විකාර නොකියා ඉන්න. ඕකනේ බැරි ඔයා එක්ක."


"හරි හරි ඉතින්."


"මං නෙවෙයි මේධනා නම් සර්ට වශී වෙලා ඉන්නේ."


" ඒ මොකද?"


" නෑ හැමවෙලේම සර් ගැන හොඳ කියන්නේ. සර් මොනවා කරත් එයාට සර් හොඳයි."


"ඔයාලට නම් පිස්සු."


අම්මා හිනා වෙවි කීවා.


හවස් වෙනකන් කාටුන් බල බල හිටපු මම ඊටපස්සෙ කෙමිස්ට්‍රි පිසික්ස් දෙක පොඩ්ඩක් එහෙන් මෙහෙන් බැලුවා. ඊටපස්සෙ වාර විභාගෙට දුන්න MCQ පේපර් එක අරන් පොතෙන් බල බල ඒවට උත්තර හොය හොය විවරණයක් ලීවා.


කවුදෝ පස්සහින් ඇවිත් ඔළුව අතගානවා දැනුන නිසා මම පස්සහා හැරිලා බැලුවා. බලනකොට තාත්තා හිනාවෙවි බලන් ඉන්නවා.


"හායි ඩොක්ටර්. ඔයා එනවා දැක්කෙත් නෑ අනේ."


මං කීවේ තාත්තා දිහා බලන ගමන්.


"පාඩම් කරනවද?"


"ඕ"


"මගෙ හොඳ දුව."


තාත්තා කීවෙ මාව එයාගෙ ඇඟට හේත්තු කරගන්න ගමන්.


"මොකද මොකද මේ බටර්...?"


මං ඇහුවෙ හිනා වෙන ගමන්.


"බටර් නෙවෙයි ඉතින්. කවදාවත් නැතුව ඔහොම පාඩම් කරනකොට කාටද ආසා නොහිතෙන්නෙ?"


අම්මාත් කාමරේට එන ගමන් කීවා.


ඒ කතාව නම් ඇත්ත. ඒලෙවල් වලට ආව ගමන් මාස තුනක් හතරක් ගැම්මට පාඩම් කරාට පස්සෙ ආයෙ මේ ගෙදර ඉඳන් පාඩම් වැඩක් කරනවමද කොහෙද? නැත්‍තං හැමදාම කරන්නෙ එක්කො යෂෝගගෙ චැට් එක දිහා බලාගෙන අඬන එක. එහෙම නැත්‍තං රණ්ඩු කරන එක. නැත්තං ටීවි සීරියස් එකක් ෆිල්ම් එකක් බලන එක. කාළකණ්ණි ultra pro max legend version තමා ඉතින් ආයෙ.


"ලස්සන කෙල්ලෙක් මට නම් ඉන්නෙ."


තාත්තා කීවෙ මගේ නිකටින් අල්ලලා හොල්ලන ගමන්.


"ඉතින් ඩොක්ටර් මං ඔයාගෙයි ඔයාගෙ වයිපරේගෙයි දුව නේ. දෙන්නම ලස්සනට ඉන්නකොට දූ පොඩ්ඩ ලස්සන නොවී ඉඳීද?"


"හා හා පණ්ඩිතකම් ඇති දැන්. තාත්ති කෝ එන්න යමු එයා වැඩ කරගත්තාවෙ."


අම්මා කීවා.


ආපහු සැරයක් මගේ ඔළුව අතගාපු තාත්තා කාමරෙන් එළියට ගියා....

--------------------------------------------------------

හරි ඉතින් දැන් වෙලාව පාන්දර 4.40යි. ඊයේ රෑ 2.30ට විතර ටයිප් කරන්න පටන් ගත්තේ. 🥲. දැන් තමා ටයිප් කරලා ඉවර. ඉතින් ළමයිනේ. ඔන්න මගේ කතාව views 1000 පැන්නුවා. ඒ කියන්නේ

#වඩින තුරු සඳ - 11- 1042 views

#වඩින තුරු සඳ -14- 996 views

මේක තමා ඉතින් මා ඉපැයූ ධනය. 😁

කඩින් කඩ කතාව වැටිලාත් ඔයාලා මං එක්කම ඉන්න එක ගැන මට සතුටුයි. මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මේ කතාව වැටෙන පන්හිඳ, මන්දාකිණි, Dreamy, මන්දාරම් අහස, සියපත සහ __𝕊𝕋𝕆ℝ𝕐 𝔹𝕐__RTC🍃💐 චැනල් වල ඇඩ්මින්ලා වගේම පාඨක සියලු දෙනාම. ඒ වගේම මගේ පස්සෙන් ඉඳගෙන මට ඇන ඇන වද දිදී කතාව ඉල්ල ඉල්ල මං එක්ක රණ්ඩුකර කර කතාවෙ අඩුපාඩු පෙන්නලා දෙන ආදරණීය චතූ ටත්, තරංග, අකලංක යාළුවො දෙන්නාටත් ස්තූති කරනවා. ඇත්තටම දාහක් වැඩ අස්සෙ කඩින් කඩ කතාව දානකොට ඒක ඉවසගෙන කියවන පාඨක පිරිසක් ලබන්න මං සෑහෙන්න පින් කරලා තියෙන්න ඕනේ. මට පොඩි ඉන්වයිට් එකක් ආවා කතාව කතා ලෝකය චැනල් එකේ දාන්න කියලා. ඒත් මට නම් බෑ වගේ. බලමු හිතුනොත් දානවා.

හරි අපි කතාවට එමුකෝ. කීපදෙනෙක් අහලා තිබ්බා කෝ සඳ තාම වැඩලා නෑනෙ කියලා. මගේ යාලුවා ඇහුවා මේකේ ප්‍රධන කොල්ලා කවුද කියලා. ඉතින් එහෙම ලේසියෙන් එච්චර වැදගත් චරිතයක් ගේන එක ටිකක් අවුල් වගේ මට. එයාව ගේන්නම් ඉක්මණට. ඒක නෙවෙයි. හැමෝම මට මේ අපේ සර් ගැන මොකද හිතෙන්නෙ කියලා කියනවද? සර් මොන වගේ එක්කෙනෙක් කියලද හිතෙන්නෙ? කියවන හැමෝම කමෙන්ට් කරන්න හරිද? එහෙනම් අපි ඊළඟ කොටසින් හම්බවෙමු. හැමෝටම බුදු සරණයි. සුබ වප් මාසයක් කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝම පරිස්සමෙන් ඉන්න.

--විදූ

Report Page