වෘක නාදය 10 කොටස

වෘක නාදය 10 කොටස

prince caspian



09 කොටසට


මේ අතරතුර හැග්‍රිඩ් ගේ නිවස


" මේ තමා professor dumbledore . අපේ මායාවරුන්ගේ පාසල වන hogwarts වල විදුහල්පතිතුමා "


සිරියස් බ්ලෑක් කට්ටියට professor dumbledore ව අදුන්වලා දුන්නා


" එතකොට මෙතුමාද ප්‍රභලම මායාකාරයෝ අතර ඉන්න එක්කනෙක් විදිහට ඔයාලා කලින්කීවේ "


ඇල්රික් ඇහැව්වා


" ඔව් "


" එක නෙමෙයී මට දැනගන්න ඔන ඇත්තටම කොහේද ඉස්කොලයක් තියෙන්නේ කියලා . නටබුන් ගොඩක් විතරයී නෙ තියෙන්නේ "


ඇල්රික් පුදුම වෙලා ඇහැව්වා


" සාමාන්‍යයෙන් හැමෝටම එතන නටබුන් ගොඩක් තියන විදිහට තමා අපී එතන නිර්මානය කරලා තියෙන්නේ. මායාකායෝ නොවන හැම දෙනාටම එතන ඒ විදිහට තමා පේන්නේ "


කියන ගමන් professor dumbledore එතන තිබුන පුටුවකින් වාඩී වුනා .


" ඒ විදිහට මේකෙ නිර්මාතෘවරු වරූ මේක හදල තියෙන්නේ මායාකායන්ගෙම ආරාක්ශාව ට. මොකද ඒ කාලේ ඉදන්ම මායකාරයෝන්ව මරන කට්ටිය ඉදලා තියෙනවා නේ "


" හරීයට අපේ අයව මිනිස්සූ ඝාතනය කරනවා වගේ "


" හරියටම හරී "


ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝර් කීවා.


" මට දැන් කියන්න ඔයාලාට මුන දෙන්න වුන අත්දැකිම "


එහෙම අහනවත් එක්කම ඇල්රික් ඇතුලු පිරිස එයාලාට මුන දෙන්න වුන අත්දැකීම ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝර් ට පැහැදිලි කලා.


"එතකොට කලින් පාර මේ දරුවෝ දෙන්නමද ජානා මැඩොක්ව පරද්දන්න උදව් කලේ "


ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝර් ඇහැවුවේ රිඩියන් සහ මැඩී දිහා බලන ගමන්


" ඇත්තටම ඒ දවස් වෙනකොට මැඩීයී එයාගේ පවුලේ අයයී එයාලාට නගරේ අයගෙන් ආව ප්‍රශ්න නිසා නගරේ අතඇරලා දාලා වෙන පැත්තකට ජීවත් වෙන්න ගියා. පස්සේ රිඩියනුත් එයලාව හොයාන ගියා. ඉතිම් මමත් වෙන නගරයකට ගියා. එහෙදී හම්බ් වුන wolf ලා 3 ක් තමා මට උදව් කලේ මැඩොක්ව පරද්දන්න "


ජානා කීවා


"ඊට පස්සේ මාව බලන්න උවමනාවෙලා රිඩියනුයී මැඩීයි මම හිටිය නගරයට ආවා. ඊට පස්සේ මගේ ඉල්ලිම නිසාම එයාලා මගේ රන්චුවේ අයව බලන්න ගියා. ඊට පස්සේ අපී රන්චුව ලගටම ආවා. අපී අපේ රන්චුව ලගටම ආවා. ඒත් අපේ රම්චුව මැදට වෙලා මැඩොක් අනික් අයට කතා කරන විදිහ අපී දැක්කා


මට තේරුනා මගේ තාත්තා මොකක් හරී අනතුරක ඇත්තේ කියලා . මම පුවුමත් වුනා. මුලූ රන්චුවම මැඩොක්ට බයෙන් ඔලුව නමාන. මම මැඩොක් ට පහර දෙන්න රැල මැදට පනින්න ගියේ. ඒත් රිඩියන් මගේ අතින් අල්ලගෙන මාව නතර කරලා දෙයක් පෙන්නුවා . එතන හිටියේ පිරිමී කෙනෙක්. හැබැයී දිග ලෝගුවක් ඇදලා, සුදූ පාට වෙස් මූනක් ඇදන් ලෝගුවටම හයි වුන කැප් එකකින් ඔලුවත් ව්හන්.


එක්කනෙක් ඉස්සරහාට ඇවිල්ලා ඇහැව්වා දැන් කාටද ඇල්ෆා විදිහට සලකන්න ඔන. මැඩොක්ටද නැත්තම් මෙයාටද කියලා අර ලොගුවෙන් වැහිලා හිටිය කෙනව පෙන්නලා ඇහැව්වා . එත් එක්කම මැඩොක් ඉස්සරහාට අඩියක් තිබ්බේ


" මට... "


කියන ගමන් . හැබැයී එයටවාක්‍ය සම්පුර්ණ කරන්න බ උනේ නෑ. එයා එක පාරටම දකුනූ අතත් අල්ලන් බිමට වැටුනා හරීයට කරන්ට් එකක් වැදුනා වගේ. ඊට පස්සේ කට්ටිය කට වහ ගත්තා එත් අපේ තාත්තා ට මොකද උනේ කියලා ම්ට හිතා ගන්න බැරී වුනා , එයාව හිරකරලාද , නැත්තම් වෙන කරදරයක්ද මට මේක හුතා ගන්න බැරී වුනා.


ඒත් එක්කම මට මගේ පිටීපස්සේ කවුරුහරී ඉන්නවා කියලා දැනුනා . මේ වෙනස නිසා මම පිටීපස්ස හැරිලා බලපූ මට දකින්න පුලුවන් වුනේ වේන් අපේ පිටිපස්සේ හිටන් ඉන්නවා . රන්චුව දිහා බලාගෙනම. හරියටඑයා එතන සෑහෙන වෙලාවක ඉදන් එතන වෙන දෙවල් බලාන හිටියා වගේ. හැබැයී එයා එතන ඉන්නවා අපී කලින් දැක්කේ නෑ.


ඊට පස්සේ වෙන් අපී දිහා බලලා එයාගේ තොල් දෙකට දබර ඇගිල්ල තියලා කතා කරන්න එපා කියලා සන්නා කරලා එයාගේ පස්සෙන් එන්න කියලා එයා අපීට ඉගී කලා. ඊට පස්සේ මම රිඩියන්ටයී මැඩිටයිත් කතා කලා සදද නොකර එන්න කියලා සන්චා කරලා වේන් ගෙ පස්සෙන් ගියා එයා කැලය ඇතුලටමයී ගියේ.


වෙන් ජීවිතේ ට කතා කරන කෙනෙක් නෙමෙයී . හැබැයී එයා ඒ මොහොතේ කතා කලා. ඒ වෙලාවේ තම මම එයාගේ කටහඩ මුලින්ම ඇහැවුවේ .ඉතින් එයා අතින් ඇදපූ සිතියමක් අපට දීලා මෙහෙට එන්න් කීවා. මෙහෙදී අපට තාත්තලා ව හොයා ගන්න පුලුවන් වෙයී කීව.ඒ වගේම අපට ඔන කරන උදව් පවා මෙහෙන් හොයා ගන්න පුලුවන් කීවා. එහෙමයි අපී මෙහේට ආව්‍ර් "


ජානා කතා කරල ඉවරවෙනවත් එක්කම ඇල්රික් කතා කලා.


" අපට්ත් වේන් අතින් ඈදපූ සිතියමක් දීල් මෙහෙට් එන්න කීව්. ඇවිල්ලා හැග්‍රිඩ් ව හම්බ වෙන්න කීව. හග්‍රිඩ් මාර්ගයෙන් අපට ඔන කරන් උදව් හම්බ් වෙයී කියලා එයා කීව."


" ඇත්තටම කව්ද වේන්. එයා කොමද මේ පැත්ත ගැන ඒම දන්නේ කියන එක ඔයා දන්නවාද "


සිරියස් ඇහැව්වා


" ඇත්තටම වේන් හරීම ගුප්තයී. කිසීම් කතාබහක් නැ. කවදාවත් මම අහලත් නෑ එයා මීට කලින් කතා කරනවා. එයාට අවුරුදූ 25 ක් වගෙ. අඩී 5'9 ක් විතර උසයී. උසට හරියන උස. අලූ පාට ඇස්, අලූ පාට කොන්ඩේ. මේ නිසම එයාගේ වෘක ස්වරුපයත් අලු පාටයී . හැබැයී අනික් වෘකයන්ට වඩා ශක්තිමත්


අපෙ රැලේ ඉන්න හැමෝගෙම දෙමාපියන්ට වගේම ඉන්න අයට වෘක වෙස් ගන්න පුලුවන් . හැබැයී එයාලා අනික් වෙලාවට මිනිස් ස්වරූපයත් ගන්න පුලුවන් . එයාගේ අම්මා ත් අපී වගේ කෙනෙක් . හැබැයී කැලේ තව වෘක රන්ච්වක් ඉන්නවා.


හැබැයී එයාලාට මිනිස් වෙස් ගන්න බෑ. එයාලා සාමාන්‍ය වෘකයෝ. වේන් ගෙ තාත්තා ඒ රැලේ ඇල්ෆා. තව ටික කාලෙකින් වේන්ට ඒ රැලේ ඇල්ෆා කම හම්බ වෙයී. ඒ වෘකයන්ට මිනිස් වෙස් ගන්න බැරී වුනාට එයාල අපට වඩ පරිසරයට කිට්ටූයි. ඒ නිස එලාගේ බල අපට වඩා වැඩී .


අපේ නම් අපී මිනිස්සූ වීදීහට ඉදලා පලවෙනී වෙනස් වීමේදී වෘකයෝ වෙනවානේ. ඒත්වෙන් ඉපදුනේම වෘකයෙක් විදිහට පස්සේ කාලේදී තමා එයා මිනිස් ස්වරුපයට මාරූ වුනේ. අනික එයලාට තියන බල අපිවත් දන්නේ නෑ.


එයා කැලේ ගැන නොදන්න දෙයක් නෑ. කෑලේ නොගිය තැනක් නෑ. ඒකයී එයා මේහේ ගැන දන්නේ "



" ඔයාලාට එයාලා විශ්වාස ද "


ලුපින් ඇහැව්වා .


" ඔව් හොදටම විශ්වාසයී ඒයා අපේ රන්චුවට එම අහිතක් කරන්නේ නෑ "


" ඔයාලා මැඩොක් සහ ටොම් ගේ ගාව අසාමාන්‍ය දෙයක් දැක්කාද. උපකරනටක් වස්තුවක් හෝ කලින් එයාලා ගාව නොතිබුන හෝ නොතිබිය හැකී කියලා හිතෙන මොනාම හරී දෙයක් "


ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝර් ඇහැව්වා .


ටික වෙලාවක් කල්පනා කරපූ ඇල්රික්


" ආ මැඩොක් ගෙ අතේ රත්තරන් මුද්දක් තිබ්බා. ඒම එකක් එයාගේ අතේ කලින් තිබ්බේ නෑ . ඒක් පරන කාලේ හදපූ මුද්දක් වගේ "


" ඒක එයගේ දකුනූ අතේද තිබ්බේ ඇල්රික් "


රිඩියන් ඇහැව්වා


"ඔව් ... "


" එහෙනම් ඒකෙන් තමා එයාට කරන්ට් එකක් වදීනවා ව්ගේ වෙන්න ඇත්තේ ඊයේ. "


" තව විශේශ මුකුත් දැක්කේ නැද්ද. "


ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝර් ඇහැව්වා .


" අර ටොම් කියන කෙනාගේ අත් හරී අමුතුයී "


ඇල්රික් කීවා.


" එහෙම කියන්න හේතුව මොකක්ද "


සිරියස් පුදුම වෙලා ඇහැව්වා .


" අර ටොම් කියන කෙනාගේ අත් වල පිටී අත්ලයී අනික් අල්ලයී අපට පේන්න තිබ්බේ. එ දෙක අව පැහැවෙලා තිබ්බේ හරීයට කොල පාට වේගෙන එනව වගේ "


"මම හිතන්නේ මම දන්නෙවා මොකද වෙන්නෙ කියලා "


ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝර් කීවේ කල්පනාකරලා .


" සිරියස් ලූපින් තවටිකකින් හැරිලා පොශන් ක්ලාස් එක ඉවර වෙලා එයී හැබැයී එයාලාව මේකට සම්බන්ද නොගන්න තරමට හොදයී හේතුව දන්න්වා නේ . "


" හොදයී ප්‍රොෆෙසර් "


ලුපින් හා සිරියස් කිවා


" ඇයී ඒ කොලුවාව සම්බන්ද කර ගන්න එපාකියන්නේ "


ඇල්රික් ගෙ සහයකයන් දෙන්නගෙන් පිරීමී එක්කනා ඇහැව්වා .


" සරලවම් කීවොත් ඔය අපී නම නොකීයන කෙනා හැරීව මරන්න බලාන ඉන්නේ එකයී "


ලුපින් කීවා


" හරී අමුතුයී. පොඩී එක්කනෙක් ව මරන්න ලොකූ එක්කනෙක් පන්නනවා "


කියන ගමන් එයා නිශ්ශබ්ද වුන්.


" වැඩිය හිතන්න එපා. "


ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝර් කරුනාවන්ත ව කීවා. ඊට පස්සේ හැග්‍රිඩ් ද්ිහා බලපු ප්‍රොෆෙසර්


"හැග්‍රිඩ් ඔයා මෙහේ නවතින්න "


" හරී ප්‍රොෆෙසර් "


" මම දැන් ඔයාලාට වෙන්න ඔන දේ කියන්නම් "


ප්‍රොෆෙසර් වෙන්න ඔන දෙවල් ටික පියවරෙන් පියවර එය්ලාට පැහැදිලි කලා . කතාව ඉවර කරපූ ප්‍රොෆෙසර් දොර ලග්ට ගියා


"අද රෑම ඔක ක්‍රියාත්මක කරන්න . සුබ පැතුම් "


කියන ගමන් කට්ටිය දිහා බලල විශ් කරපු ප්‍රොෆෙසර් දොරත් වහන් හැග්‍රිඩ් ගේ ගෙදරින් එලියට ගියා.

ඊට පස්සේ ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝර් පිට වෙලා ටික දුරක් යනවත් එක්කම ජනෙලෙන් එලිය බලන් හිටිය රිඩියන්


"ඔයාලා ඔහොමම ඉන්න මම පොඩී වැඩකට එලියට ගිහින් එන්නම් "


කියාන දොරෙන් එලියට ගිහින් වෘක වෙස් ඇරන් හැග්‍රිඩ් ගේ ගෙදරින් ටිකක් දුරට දුවගෙන ගියා


......................................................


එහෙනම් කතාව කොමද කියලා කියන්න යාලුවනේ 🙈❤️🌸


ලයික් comment කරන හැමොටම thank you ❤️‍🔥🔮


.....................................................


Hermione granger 🍃🌸

Report Page