වෘක නාදය 09 කොටස

වෘක නාදය 09 කොටස

prince caspian



08 කොටසට


කැලයේ හැම තැනකම ගහක් , ගලක් , ගුලක් , බෙනයක් , බෙනයක් හැම තැනකම හොයන්න පටන් ගත්තේ ටයිපැන් වර්ගයේ සර්පයෙක් ව. විවිධ වර්ගයේ විස සහිත , විශ රහිත කොපමන සර්පයන් හමු වුනත් අවුරුදූ 200 කට පමන තියා ටයිෆුන් සතෙකුගේ බිත්තරයක් වත් සොයා ගන්නට වුනේ නෑ.


වනයට ඇතුලූ වුන වෘක කන්ඩායම වනය සෑම තැනකම දිව යන්නට වුනේ මෙම සත්ත්වයාව සොයා ගැනිමටය. වවල් කාලයට හා රාත්‍රී කාලය දෙකෙහිම තම කුසගින්න නිවා ගන්නට කල දඩයම හැරුනූ විට ඔවුනට විවෙකයක් ගැනිමට වත් වෙලාවක් නොමැතී විය.


" මම නායක කම තියා ගන්නයී මේ හැම දේම කරන්නේ නැත්තම් මම දනී ඔය මනුස්සයාට කරන්න ඔන දේ "


මෙසේ සිතමින් ඉදිරියට ඇවිද ගිය මැඩොක්ට එක් වරම වනන්තරයේ එක පසෙකින් ඇතට වන්නට වෘකයෙක් උඩූ බුරලන ශබ්දය ව්ක වරම ඇසෙන්නට විය


" අනේ මගේ දෙවියනේ !! දෙවියන්ට ස්තූතී වෙන්න කවුරු හරී ටයිෆැන් කෙනෙක් ව හොයා ගෙන "


මැඩොක් තමන් ට හැකී උපරිම වේගයෙන් උඩුබිරුම එන පැත්තට දුවගෙන යන්න වුනේ උපරිම වේගයෙන් . සාමානය සතෙක්ට නම් උපරිම වේගයෙන් උඩූ බිරුම එන පැත්තට දුවගෙන යන්න වුනේ උපරිම වේගයෙන් . සාමාන්‍ය සතෙක් ට නම් උපරිම වේගයෙන් දුව ගියත් උපරිම වෙගයෙන් ඒ දෙසට දිව ගියත් ඒ දුර ප්‍රමානය නිමකරන්නට අඩුම පැයක් වත් ගත වනවා නිසැකය. නමුත් එම දුර ප්‍රමානය පෑය භාගයක් ඇතුලත දිව යාමට මැඩොක් දක්ශ වුනා


මැඩොල් අදාල තැනට ලන් වනවාත් සමගම මැඩොක්ව පසූකරගෙන තවත් වෘකයෙක් ඇතින් දොව යනවා මැඩොක්ට දකින්න පුලුවන් වුනා 


මැඩොක් අදල තැනට ලන් වනවිටත් මැඩොක් දිය ඇල්ලකින් ඇද වැටෙන වතුර නාදයක් මැඩොක් ට දුර සිටම ඇසෙන්නට වුනා. මැඩොක් එතනට යන කොටත් මැඩොක් එක්ක ටයිපුන් සර්පයාව හොයාන ආව වෘක රැලේ අනික් අයත් එතනට ඇවිල්ලා තිබුනා. ඒ ඔක්කොමලාම මිනිස් වේශයට හැරිලා තිබුන නිසා මැඩොකුත් තමන්ගෙ මිනිස් වේශයට හැරුනා.


" හොයා ගත්තා ද ? "


මැඩොක් පුදුම වෙලා එයාලා දිහා බලන ගමන් ඇහැව්වා .


" ඔව් "


කියන ගමන් එතන හිටිය කෙනෙක් එතන අගම තිබුන විශාල අවුරුදූ දහස් ගානකට විතර ලන් වෙන්න ලොකූවට වැඩිලා තිබුන ගසක් උඩ අත්තේ ට ඇගිල්ල දික් කලා. ඒක දිහා බලපු මැඩොක්ට දකින්න පුලුවන් වුනේ විශාල මල්ල ක් එල්ලීලා තිබුන ආකරයයි. ඒ ගහේ එල්ලීලා තිබුන ඒ විශාල බල්ල ඇබරෙන්න වුනේ ඒ මල්ල ඇතුලේ මොකෙක් වුනත් විශාල සතෙක් එල්ලීලා ඉන්නවා කියන එකට ඉගී කරන ගමන්


" හොදටම විශ්වාසයී නේද මූ අවුරුදූ 200 වඩා වයස ටයිපෑන් කෙනෙක් කියලා. "


මැඩොක් ඇහැව්වා .


" ඔව් විශ්වාසයී මැඩොක් "


" කව්ද අල්ල ගත්තේ මෙයාව "


" වේන් "


කියන ගමන් එක්කනෙක් අර ගහේම වෙන අත්තකට ඇගිල්ලක් දික් කලා.


ඒත් එක්කම අදුරේ හැන්ගිලා හිටපූ කවුරු හරී කෙනෙක්


" දඩක් "


කියන සද්දයෙන් ඒ ගහේ අත්තේ ඉදන් බිමට පනින සද්දේ කාට හරී ඇහුනා. ඒත් එක්කම 24 ක විතර තරුනයෙක් එයාලා ඉස්සරහාට ඇවිදගෙන ආවා. වෙන් ගෙ ඇස් වගේම උරහිස ලගට වැවිලා තිබුන සෘජු කොන්ඩෙත් දිලිසෙන අලූ පැහැයක් ගත්තා . ඒ නිසා එයාගේ වෘක වේශයත් අලූ පැහැයෙන් යුක්ත වුනා. වැඩී කතා බහක් නැතී වේන් නිශ්ශබ්ද , ගුප්ත කෙනෙක්.


කිසීම වෙලාවක එයාගේ මුනෙන් කිසීම හැගිමක් පෙනුනෙත් නෑ. පුන්චී කාලේම දෙමාපියන් අහිමී වුන් වේන් අනික් වෘකයන්ට වඩා මේ කැලේ ගැන දන්නවා. ඒ වගේම.අනික් වෘකයන්ට වැඩිය

වේන් ට පරිසරය ලගයී කියලා මතයකුත් යනවා. අඩී 5'8 ක් උන ඔහුට උසට හරියන මහතකුත් ලැබිලා තිබුන.


"මෙයත් අපී එක්ක ආවද "


මැඩොක් ලග හිටපූ කෙනෙක් ගෙන් ඇහැව්වා .


" ඇත්තටම නෑ මැඩොක්. ඒත් එයාට අපේ කතාව් ඇහිලා තිබුනා. ඒකයී එයා එක හොයාන තිබුනේ "


' ඒක තම මන් දැක්කේ නෑ එයා අපී ආව කට්ටියත් එක්ක ඉන්නවා "


" වේන් කොහෙන්ද මූව හොයා ගත්තේ "


මැඩොක් වෙන් දිහා බලන ගමන් ඇහැව්වා . ඒකටවෙන් පුරුදූ විදිහට හිස් බැල්මකින් මැඩොක්ට උත්තර දුන්නා. ඉතින් එයා දිහා ටික වෙලාවක් බලාන් හිටිය මැඩොක්


" උව පහලට ගන්න "


කියනවත් එක්කම වේන් ගහ උඩට නැගලා ඒ ටයිපෑන් ව දාලා තිබුන මල්ල හිමීට ඒක බැදලා තිබුන කබයන් හිමීට පහලට එල්ලන්න ගත්තා .ඒ මල්ල බිමින් තිබ්බා විතරයී මල්ල පොලොව උඩ එහාට මෙහාට පෙරලිලා යන්න පටන් ගත්තේ ඒක ඇතුලේ හිටිය ටයිපැන් ගේ දැගලිල්ල නිසයී. මේක දැකපූ වේන් ගහ උඩ ඉදලා එක පාරම බිමට පැන්නා.


ඊට පස්සේ එතන ගහට හේත්තූ කරලා තිබුන තඩි පොල්ල වේන් අතට අරගෙන ඒ මල්ල දිහාට ඒ මල්ල දිහාට එල්ල කරලා පොල්ල වේගෙන් ඉස්සෙනවත් එක්කම වෙන්න යන දේ තේරුම් අරගෙන මැඩොක්


" වේන් .. බුරුවෝ මොකද මේ කරන්නේ "


කියන ගමන් මැඩොක් වේන්ව තල්ලූ කරලා දැම්මේ වේන් ටයිපෑන් ව මරලා දාන්න කලින්. මැඩොක් තල්ලූ කරපූ වේගේට එහාට විසී වෙලා ගිය වේගේටවේන් තිබුනූ ගහේ මුලක කකුල පැටලිලා බිම වැටුනා . වුන දෙයින් පුදුම වුන වෙව්න් මැඩොක් දිහා බලාගෙන ඉන්න උනා 


" මේ සතාව අපට ඔන පන පිටින් "


එහෙම කියන ගමන් මැඩොක් තිබුන මල්ල උස්ස ගත්තා. ඒත් ඒ ටය්පැන් හිටිය මල්ලේ පුදුම් බරක් තිබුනේ. මල්ලේ බරයී ඒ සතාගේ දැගලිල්ලයී නිසා ඒ මල්ල මැඩොක් අතින් බිමට ඇතැරුනා.


ඉතින් අර පොල්ල අරන් ආව මැඩොක් ඒ පොල්ල මැදට අර මල්ල බදල තිබුන ලනුව ගැට ගැහැව්වා .ඉතින් දෙන්නෙක් ඒ පොල්ල මොන දෙපැත්තෙන් අල්ලගෙන පොල්ලේ කොන් දෙක එයාලගේ උරහිස් වලින් තියා ගත්තා. මිනිස්සු විදිහට මෙයාලා යන නිසත් , අර සතාගේ තියෙන බර සහ දැගලිල්ල නිසාත් , රැලේ ඉදන් කැලේ ඇතුලට මෙයාලා ඇවිල්ල තිබුන දුර නිසත් මෙයාලා යන වේගෙ ගොඩක් අඩු වෙලා තිබුනේ.


ඉතින් මෙයාලා මිනිස් වේශයෙන් හිටියත් දුවන්න ගත්තහම මාර වේගයකින් දුවන්නේ.ඒත් අර සතාව ඇරගෙන දුවන්න විදිහක් නෑනේ. ඉතින් එයාලා හිමිට හිමිට යන ගමන්, අර සතාව ගෙනියන්න අමාරු උනහම මාරුවෙන් මාරුවට සතා ඉන්න මල්ල මාරු කර ගන්න ගමන් ,මහන්සි වුණහම විවේක ගන්න ගමන් ගියපු ඒ ගමන ඉවර වෙනකොට දවසක් විතර ගිහින්

තිබුණා. ඒ වෙනකොටත් රෑ වෙලා තිබුන නිසා වෘක රැල දඩයමේ ගිහින් තිබුන නිසා මුලූ කදවුරම හිස් වෙලයී තිබුනේ.


එක පාරටම වොල්ඩමෝර්ට් ලග හිටිය මැඩොක් ගැස්සිලා ගියේ එක පාරටම තමන්ට කොහොමද කැලේ ඇතුලේ වුන දේවල් ආයම මතක් වුනෙ කියන එක හිතන ගමන්. තමන් ගේ දෙපැත්ත බලපූ මැඩොක් ට දකින්න පුලුවන් වුනේ ඒ වෙනකොටත් වේන් කූඩාරමෙන් එලියට ගිහින් තියනවා කියන එක වැක ගන්න පුලුවන් වුනා.


" තමුන්ට දැන් යන්න පුලුවන් මැඩොක් "


වොල්ඩමෝර්ට් කීව.


" හොදමයී lord "


කියන ගමන් මැෆොක් කූඩාරමෙන් එලියට ගියේ තමන් ට මොකද උනේ කියන එක හිතා ගන්න බැරුව


" ඔහ් මගෙ ටයිපැන් . ඔයාට කෙනෙක් ගේ හිතේ තියන දේවල්. අතීතේ දෙවල් වල මතක ඒ විදිහටම මට පෙන්නන්න පුලුවන් කම තියනවා නේද. "


කියන ගමන් වොල්ඩමෝර්ට් පරිස්සමෙන් ඒ ටය්පෑන් ගේ හිස අත ගාන්න ගත්තා. හරිම පරිස්සමෙන්


"එත් ඇයී වේන් ගේ හිතේ දෙවල් ගන්න බැරී වුනේ ? "


......................................................


එහෙනම් කතාව කොමද කියලා කියන්න යාලුවනේ 🙈❤️🌸


ලයික් comment කරන හැමොටම thank you ❤️‍🔥🔮


.....................................................


Hermione granger 🍃🌸

Report Page