වෘක නාදය 07 කොටස

වෘක නාදය 07 කොටස

prince caspian


06 කොටසට.


අපී ගියපූ පාර දිහා බලාගෙන හිටියේ වෙන කවුරුත් නෙමෙයී prof. Dumbledore සහ prof . Lupin දෙන්නා.


" ඒ කව්ද "


ඒ දිහා ඉව කරලා බලන ගමන් ඇල්රික් ඇහැව්වා .


" බය වෙන්න එපා එයාලා ඔයාට උදව් කරයි. "


මාමා කීවා.


"ඒත් මට මෙතන warewolf කෙනෙක් ඉන්නවා වගේ දැනෙනවානේ "


ඇල්රික් ගොරවන ගමන් කීවා.


" හරී හොදටම දන්නවා නේ. එයාලා දවල් ට warewolf ලා විදිහට හැරෙන්නෙ නෑ කියල. ඒ වගේම එයාල මනුස්සයෙක් විදිහට ඉන්න කොට කාටවත් කරදර කරන්නෙත් නෑ කියලා "


" හරී මම සන්සුන් වෙන්නම්. හැබැයී කරදරයක් වුනොත් දන්නවානේ "


" නෑ අපී කාගෙන්වත් කරදරයක් වෙන්නෙ නෑ. මෙච්චර වෙලා අපව විශ්වාස කලා වගෙ මේ ටිකෙත් අපව විශ්වාස කරන්න. අපී ඔයාලාට උදව් කරනවා ."


ඉතින් අපී ඔක්කොමලාම professor ලා දෙන්න ඉන්න හරියට ගියා. ඒත් ඇල්රික් සහ එයාගේ සහයකයො දෙන්නා එක පාරටම prof . Lupin ගේ ලගට ගිහින් එය වටේට යන ගමන් එයාව ඉව කරන්න ගත්තා. ඒ වෙනකොටත් ඇදන් හිටිය දිග කලිසමේ සාක්කූ වලට අත් දෙක දාන බලාන හිටිය prof. Lupin ඔකෙන් අපහසුතාවට පත් වුනා කියලා අපට තෙරුනා.


ටිල වෙලාවක් යනකමෙයාව ඉව කරපු ඇල්රික් සහ එයාගේ සහයකයන් දෙන්නා එයාව ඉව කරන එක නතර කරලා එහාට වුනේ


" මෙයා නේද ඒ warewolf "


කියල අහන ගමනුයි .


" ඔව් මම තමා එ. එතකොට ඔයාල කව්ද "


" යාලුව අපී ඔක්කොම කතා කරමු. කලබල වෙන්න එපා "


මාම prof . Lupin ගේ පිටට තට්ටූවක් දාන ගමන් කීවා.


" prof . Lupin දැන් ඔයාට හොදද "


මම prof lupin ගෙන් ඇහැව්වා .


" මම කී පාරක් කියල තියෙනවාද හැරී මට මමා කියලා කතා කරන්න කියල. මම තවදුරටත් මෙහෙ prof. කෙනෙක් නෙමෙයී නේ. "


" සමාවෙන්න ලුපින් මාමේ. "


" ඔයාලා තුන්දෙනා අද දවසටම කිසීම පන්තියකට සම්බන්ද වුනෙ නෑ නේද "


Professor dumbledore අපී දිහා හොදට බලන ගමන් ඇහැව්වා .


" ප්‍රොෆෙසර් අද සෙනසුරාදා නේ අද පන්තී තිබ්බද ?


හර්මයිනි කලබල වෙන ගමන් ඇහැව්වා .


" අනික් විශයන් වලට නම් නෑ. හැබැයීඅට මතක විදිහට තව පැය භාගෙකින් ප්‍රොෆෙසර් ස්නේප් potion class එකක් දාල තිබ්බා ඔයාලාට.දෑන් ඔයාලා ගියොත් හොදයී . මොකද දන්නවානෙ proff. ට තරහා ගියාම කොහොමද කියලා "

අපී දිහා professor dumbledore හොද්ට අවදානෙන් බලන ගමන් කීවා.


" දැන් තුන් දෙනාම දුවන්න ක්ලාස් එකට "


" එතකොට "


කියන ගමන් මම අර warewolf team එක දිහා බැලුවා.


" අපී එයාල් එක්ක කතා කරන්නම් . ඔයාල පන්තිය ඉවර උනාම එන්න "


ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝර් වගේ අපී ගරූ කරන කෙනෙක්ට තව දුරටට් මුරන්ඩූ වෙන එකහොද නෑනේ. ඉතින් අපී


" හොදයි professor "


කියන ගමන් ඉස්කොලේ ඇතුලට දුවන්න පටන් ගත්තා.


හොග්වාර්ට්ස් කාසල් එකට ගියා විතරයී . අපට කෙලින්ම හම්බ උනේ මැල්ෆොයි වයී පර්කින්ස් වයි .


" අනේ ඉතින් මොකද ඔයාලා මේ කරන්නේ කලබලෙන්. දාඩියත් දාගෙන ඉස්කෝලේ පුරා දුව දුව. "


මැල්ෆෝයි අපෙන් ඇහැවුවේ මුන ඇද කර කර


" අපට දැන් යන්න දෙන්න මැල්ෆෝයි "


රොන් මැල්ෆෝයි ගේ මූනටම කීවා.


" කට්ටියට තහනම් කරාට කට්ටියම කැලේට ගිහින් වගෙයි "


" ඔයාට ඒකෙන් වැඩක් නැනෙ මැල්ෆෝයි "


" පොඩ්ඩක් හිතන මම ඔක prof. Snape ට කියල ඔයාලාටබ්දඩුවම් ඇරන් දුන්නොත් කොහොම තත්වයක් ඇතී වෙයීද ? පොඩ්ඩක් හිතලා බලන්න "


" පුලුවන් මම් ඔප්පූ කරල පෙන්නන්නකෝ "


හර්මයිනී මැල්ෆෝයි ගේ මුන ඉස්සරහටම ඇවිල්ලා කීවා.


" යන් හැරී ඉක්මනට "


කියන ගමන් හර්මයිනි ව්තනින් අයින් වෙලා ගියා. ඉතින් අපී මොනවා කරන්නද මෙතනට වෙලා ඉදලා අපිත් එයා පස්සෙන් දිව්වා.


.....................................................


" ඔප්පු කරලා පෙන්නන්න නෙ බලමුකෝ "


මැල්ෆෝයි එයාව පහු කරලා යන හැරී ලා දිහා බලන ගමන් කීවා.


" අපී යමූ මැල්ෆෝයි තව ටිකකින් පොශන් ක්ලාස් එක පටන් ගන්නවා "


පර්කින්ස් මැල්ෆෝයි ගේ උරහිසට තට්ටුවක් දාන ගමන් කීවා.


........................................................


ඉතින් මැල්ෆොයී වත් පහු කරන් අපූ ගමන් අපී පඩිපෙල් වලින් එහෙම ගිහින් කෙලින්ම ආවේ gryffindor tower එකේ දොර ලගට.ඒ වෙනකොටත් fat lady දොර වහලයී තිබුනේ. ඒ වෙනකොටත් එතන හිස්වට තිබුන නිසා අපට ප්‍රශ්නයක් නැතුව ඇතුලට යන්න පුලුවන් වෙයි.


" ආ ලමයී මොකද මේ කලබලෙන් "


එතනට දුවන් ආව අපිව දැක්ක fat lady අපෙන් ඇහැව්වා .


" අපට පොඩී හදීස්සීයක් tower එකට යන්න දොර අරින්නකො "


රොන් ඉස්සරහාට එන ගමන් කීවා.


" රහස් වචනේ කියන්න "


Fat lady තාලේට කීවා.


හර්මයිනී රහස් වචනේ කියනවත් එක්කම fatlady common room එක් දොර ඇරියා.


' හායී ලමයී "


අපි ඉන්න හරිය පහූ කරන් යන ගමන් හෙෆ්ලස් නික් අපට කීවා


" හායි නික් "


කියන ගමන් අපි ව්‍යාව පහූ කරන් ඇතුලට ගියා.


" අනේ ඔයාලාට බඩගිනි නැද්ද "


රොන් මුන බෙරී කරන් අපෙන් ඇහැව්වා .


" අපටත් බඩගිනි. උදේ ඉදන් කාලාත් නෑනේ. එත් ඉලගට තියන පන්තියට යන්නත් එපැයි "


මම රොන්ට කීවා


අපී ඉක්මනට වොශ් එකක් දාන school uniform එකත් ඇදන් කෙලින්ම දුවන් ගියේ කෑම කාබරේට ඒ වෙනකොටත් කෑම කාමරෙ හිස් වෙල. ඒත් gryffindor වලට අයීතී මේසේ උඩ තුන්දෙනෙක්ට කැම වහලා තිබුනා


" මන් හිතන්නේ ඒ අපී තුන්දෙනාට "


කියන ගමන් රොන් ඉක්මන්ට දුවන් ගිහින් එක පිගානකට කෑම දා ගන්න ගමන් කන්න පටන් ගත්තා. ඉතින් මායී. හර්මයිනි දෙන්නත් කන්න පටන් ගත්තා .


" දෙවියනේ පන්තිය පටන් අරන් පැය භාගයක් විතර ගිහින් "


රින් කෑම කලා ඉවර වෙනවත් එක්කම ඔරලෝසුව දිහා බලන් මූන ඇබුල් කරන් කීවා.


" කපබල වෙන්න එපා රොන් "


හර්මයිනි කීවා.


" කලබල නොවී කොහොමද ? අපව ප්‍රොෆෙසර් ස්නේප් එල්ලයි "


මුන බෙරී කරන් රොන් කතා කරන්න පටන් ගත්තා.


හර්මයිනී එක පාරටම එයාගේ බෙල්ලේ දාලා තිබ්බ කාලතරනය කරන්න පුලුවන් මාලය ඇදලා ගත්තා.


" රොන් හැරී ඉක්මනට මේ මාලෙන් ඇදලා ගන්න "


මායී රොන්‍යී දෙන්නම ඒ මාලෙන් අල්ල ගත්තා. ඒ මාලෙන් අල්ල ගෙන තප්පර ගානයී ගත වුනේ. අපිව ඉකනනටම කාල තරනය වෙලා potoon class එක පටන් ගන්න මොහොතෙම ක්ලාස් එක ඇතුලෙන් මතූ වුනා. අපී එහෙම මතූ වෙනව වාසනාවට කවුරුත් දැක්කේ නෑ.


" ප්‍රොෆෙසර් ස්නේප් "


" කියන්න මැල්ෆොයී "


" අද gryffindor වලින් ලකුනූ 300 වත් අඩූ කරන්න "


" ඒ මොකද මැල්ෆොයී "


ප්‍රොෆෙසර් ස්නේප් මැල්ෆෝයි දිහා බලන ගමන් ඇහැව්වා .


" හැරී , හර්මයිනි ,රොන් තින්දෙමාට අද පන්තියට එන වෙන්නේ පරක්කූ වෙල ප්‍රොෆෙසර් . ඒ නිසා එයාලාගෙන් ලකුනු අඩු කරන්න "


" තමන්ගේ ඇස් දෙකේ පෙනීම දැන් අඩූ වේගෙනද එන්නේ මැල්ෆොයි දැන් තමුන්ගේ පිටීපස්සේ ඉන්න දෙන්නයී ඒ මෙසේට එහා පැත්තේ ඉන්න දෙන්නයි හොල්මන් වෙන්න ඇතී එතකොට. "


මැල්ෆෝයි එක පාරටම පුදුම වෙලා අපී දිහා බැලුවා.


" එයාලා කොහොමද මෙච්චර ඉක්මනට මෙතනට අවේ. "


මැල්ෆෝයි , පර්කින්ස් දිහා බලන ගමන් ඇහැව්වා .


" මම දැක්කෙත් නෑ. එයාලා එනවා "


" ස්ලිදරින් වලින් ලකුනූ 50ක් අඩූ කරනවා. "


ප්‍රොෆෙසර් ස්නෙප් කීවා .


" ඒ ඇයී ප්‍රොෆෙසර් අපෙන් "


මැල්ෆෝයි පුදුම වෙලා ඇහැව්වා .


" වෙන් නිවාස ගැන බොරූ කියලා ලකුනූ අඩූ කරන්න හදනවාට "


" ඒත් .... ඒත් ප්‍රොෆෙසර් "


" වරද සාධාරනීකරනය කරන්න ඇවිල්ලා තව ලකුනූ කපා ගන්නවාද ? කට වහා ගන්නවාද ? "


ප්‍රොෆෙසර් ස්නේප් මැල්ෆෝයි ගේ මුනටම එබිලා ඇහැව්වා . ඉතින් මැල්ෆෝයි කට වහා ගත්ත


ඒත් එක පාරටම රොන් ට ඒකට හිනා ගියත් එයා බොහොම අමාරුවෙන් හිනාව නවත්ත ගත්තා. එත් ඒක ප්‍රොෆෙසර් ස්නේප් දැක්කා. එයා රොන්  ට රවව්වා විතරයී ඒ හිනාව ඉබේම නැතී වුනා රොන්ට


" හරී ලමයී දැන් පාඩම පටන් ගමු "


......................................................



කතාව කොහොම්ද කියලා කමෙන්ට් එකක් දාන්න. කතාව ලස්සන නම් කියන්න 🙈❤️


රියැක්ශන් දාන comment කරන හැමෝටම thank u 🙈❤️


කතාව ලියන්නේ

Hermione granger

Report Page