වෘක නාදය 06 කොටස

වෘක නාදය 06 කොටස

prince caspian




05 කොටසට


නැවත ෆොරිබන් වනාන්තරය වෙතට


" මම දෙයක් කියන්නම් "


මාමා කතා කරන්න පටන් ගත්තා.


"හැග්‍රිඩ් මෙයාලා ටිකව අපී ඔයලාගේ ගෙදරට එක්ක යන්. ඊට පස්සෙ මෙයාලා ඔයාලාගේ ගෙදර ඉන්න අතරේ රොන් , හැරී , හර්මයිනි ඔයාලා මේක professor dumbledore ට කියන්න තේරුනානේ. "


" ඔව් මාමේ එහෙම කරමූ "


මම කීවා.


අපි කට්ටියම හැග්‍රිඩ් ගේ ගෙදරට යන්න අපී වාඩී වෙලා හිටපූ තැනින් නැගිට්ටා. හැග්‍රිඩ් ඉස්සර වෙද්දී අපී තුන් දෙනා ගියේ මැදින්ම. අපට පිටීපස්සෙන් මාමයී අර වෘකයෝ ටිකයි එන්න ගත්තා.


" මට ඔයාලා ගැන දැන ගන්න ආසයී . මොකද මන් මීට කලින් ඔයාලා වගේ අය ගැන අහලා නෑ . ඔයාලා warewolf ලාට වඩා වෙනස් ඒ වගේම animagus ලාට වඩා වෙනස් "


හැග්‍රිඩ් කතාව පටන් ගත්තා.


" මටත් ඔයාලා ගැම දැන ගන්න ඔන "


අපේ මාමත් හැග්‍රිඩ් ගේ කතාවට එකතු වෙන ගමන් කීවේ හරිම සතුටින්


ඔතින් රිඩියන් කතා කරන්න පටන් ගත්තා.


" අපී ඇත්තටම warewolf ලා නෙමෙයී . මොකද Warewolf ලට වඩා වෙනස් . හැබැයී animagus ලා කියන්නේ කව්ද කියලා නම් මට අදහසක් නෑ. ඔයාලා කාට හරි ඒ ගැන අදහසක් තියනවාද "


රිඩියන් අනික් අනික් අය දිහා බලන ගමන් ඇහැව්වා


" මට ත් අදහසක් නෑ "


" මටත් නැ "


" දන්නේ නෑ "


කියන ගමන් මැඩී, ජානා , ඇල්රික් ඇට්ගුලූ පිරිස ඔලුව දෙපැත්තට වනන්න පටන් ගත්තා.


" ඒ ගැන වැඩිය හිතන්න එපා. ඒ කට්ටිය ගැන අපී පස්සේ කියන්නම්. ඔයාලා දැන් කියන්නකො ඔයාලා ගැන "


මාමා කීවේ ගොඩක් කුතුහලයෙන්. ඉතින් රිඩියන් ආයම කත කරන්න පටන් ගත්තා 


" ඇත්තටම අපී warewolf ලාට වඩා වෙනස්. ඔයාලා සමහර විට දැකලා තියනවා නම් warewolf ලාව ඔයාලා ඒ ගැන අදහසක් තියේවී "


" අපී දැකලා තියෙනවා. එයාලා ගැන සුන්දර අද්දැකිමුත් ටිකක් අපට තියෙනවා.මගේ හොදම යාලුවෝ දෙන්නාගෙන් එක්කනෙක් ත් warewolf කෙනෙක් "


මාමා හිනාවෙන ගමන් කීවා.


" ආ එතකොට එයාද ඊයේ රැ අපට පහර දුන්නේ "


ඇල්රික් හොදට හැග්‍රිඩ් දිහා බලන ගමන් ඇහැව්වා


" ඕඔ එය තමා . හැබැයී දෙවියනේ අපේ හැග්‍රිඩ් නෙමෙයී ඒ warewolf "


මාමා ට නිකම්ම හොනා ගියේ ඇල්‍රික් හැග්‍රිඩ් දිහා බලපූ බැල්මෙ එයා හැග්‍රිඩ් තමා warewolf කියලා හිතුවා කියලා තේරුන නිසා.


" ඊයේ රෑ පහර දීමකුත් උනාද තාත්තේ "


ජානා ඇල්රික් දිහා බලන ගමන් ඇහැව්වා .


" ඔව් ඒ වෙනකොටත් අපී වෘකයෝ වෙලා හිටියේ දන්නවානේ එතකොට හැටී. මේ දෙන්නා එයව පන්නගෙන ගියා "


" එයාව හම්බ වුනේ කැලේ මැද ඉදලා හැබැයී "


මමා කීවේ ඇල්රික් දිහා බලන ගමන්


" සමාවෙන්න . අපට පහර දෙයී කියලා ගැහැව්වේ "


" මට තේරේනවා "


" හරී දැන් ඉතිරී ටික කියන්නකො "


හැග්‍රිඩ් කුතුහලය දරා ගන්න බැරුව ඇහැව්වා . ඉතින් රිඩියන් ආයම කතාව පටන් ගත්තා.


" අපේ ඇගෙ ලේ වලට වෘකයන්ගේ ලේ මිශ්‍ර වෙලා තියෙන්නේ. අපට කියන්නේ wolfblood කියල . ඉතින් අපටත් ඒ නිසා තමා අපට වෘකයෝ බවට පත් වෙන්න පුලුවන් හැකියාව තියෙන්නේ . අපී ඉපදිලා ජීව්ත් වෙන්නෙ මිනිස්සු විදිහට. අපට මේ බලය මතු වෙන්නේ අවුරුදූ 12-14 වගේ "


" සමහර අයට ඊට වඩා කල් යන්න පුලුවන් . මගේ යාලුවෙක් ට ඊට වඩා කල් ගියා පලවෙනී පරීවර්තනය වෙන්න . මුලදී හිතුවෙ එයාගේ බලයන් පිහිටලා නැතුව ඇති කියලා. "


ජානා රිඩියන් ගේ කතාවට බාධා කරන ගමන් කීවා. ඉතින් රිඩියන් ආයම කතව පටන් ගත්තා


"සමහර අයර එහෙම වෙනවා . ඉතින් අපෙ පලවෙනී පරිවර්තනය දී සාමාන්‍ය වෘකයෙක් විදිහට ම අපී පරිවර්තනය වෙනවා. පලවෙනී පරිවර්තනය දී දෙමාපියෝ ලමයා ලග ඉන්න තරමටම හොදයී .  මොකද වෙලාවකට වැර්දීලා හරී පාලනය නැතී වුනොත් ඒ නිසයි . අපී හැම පුරහ්ද දවසකටම අනිවාර්යයෙන්ම පරිවර්තනය වෙනවා.


ඒ වගේම warewolf ලාට වඩා අපී වෙනස් වෙන්නේ අපී සමානය වෘකයෝ විදිහට පරිවර්තනය වෙන්නේ. ඒවගේම අපට කැමතී වෙලාවක වෘක වෙස් ගන්න පුලුවන් . හැබැයී අපේ හැම පරිවර්තනය ක්ම හිතේ දුකක් , කේන්තීයක් නැතුව පරිවර්තනය වෙන්න ඔන. නැත්තම් එම හුතේ දුකක් , වේදනාවක් , කේන්තියක් තියාන පරීවර්තනය වෙන වෘකයා හරීම දරුනුයී . "


රිඩියන් කතාව ඉවර කරනවාත් එක්කම කතාව පටන් ගත්තේ මැඩි


" ඒ වගේම අපී දෙගොල්ලක් ඉන්නවා. කට්ටියක් කැලේ . තව කට්ටියක් මිනිස්සුත් එක්ක. මමයි මගේ අම්මයි , තාත්තා යි හිටියේ නගරෙ. රිඩියන්, ජානා , ජානාගෙ තාත්තා තව මෙ ගොලෝලෝ ඔක්කොම හිටියෙ කැලේ


මේ කැලේ ඉන්න අය නගරයේ ඉන්න අයට වඩා ටිකක් වෙනස්. එයාලා සැරයී වලියට බරයි  අපී මිනිස්සූ එක්ක සහයොගෙන් වැඩ කරනවා .ඉස්කෝලේ පවා යනව. මෙයාලා දෙන්නා ඉස්කොලේ ආව අලුත කට්ටිය එක්ක වලිත් දා ගත්තා "


මැඩි හිනා වෙන ගමන් කීවා .


' ඔයාලා හරි වෙනස් . ඔයාලා warewolf , animagus mix එකක් වගේ හරියට "


හැග්‍රිඩ් කීවා


" ඔයාලත් හරි වෙනස් . සමහර අයට මැජික් පුලුවන් ,තව අයට පරිවර්තනය වෙන්න පුලුවන් "


මැඩී කීවා


" අපටත් ඔයාලගෙ හැකියාවන් දැන ගන්න පුලුවන් වෙයිනේ "


රිඩියන් අපෙන් ඇහැව්වා


" ඔව් පුලුවන් හැබැයී මගේ ගෙදරට ගියාට පස්සේ. පේ ගෙදරට තව විනාඩියක දෙකක දුර. "


හැග්‍රිඩ් කීවා.


" ඒක තමා එහෙනම් "


කියන ගමන් මෙච්චර වෙලා නැවතිලා ඉද්ලාබ්දනහිස් දෙකෙන් නැමිලා බිම අත තියන් හිටිය ඇල්රික් ගේ සහයකයෝ දෙන්නගෙන් පිරීමී කෙනා ඉස්සරහාට එන ගමන් කීව.


" මොකක්ද "


හැග්‍රිඩ් එයා දිහා පුදුමෙන් බලනගමන් ඇහැව්වා


"මීට ටික දුරකින් කවුරු හරී දෙන්නෙක් ඇවිදිනව දැනුනා . දෙන්නගෙන් එක්කනෙක් තරුනයි , අනික් කෙන වයසක උනත් ප්‍රතාපවත් කෙනෙක් "


" ඔයා කොහොමද හරියටම එහෙම් කියන්නෙ "


අපී පුදුමයෙන් එයා දිහා බලන ගමන් ඇහැව්වා


" ඒක කැලැ වෘකයන්ට තියන විශේශ හැකියාවක්. "


ඇල්රික් ඒම කතා කරන්න පටන් ගත්තේ.


" එයාල ස්වබාවදර්මය ට ගොඩක් ලගයි. ඉතින් එයාලාට ඒ හැකියාව ස්වභාව ධර්මයෙන් ම තමා ලැබුනේ. එයාලාට පුලුවන් පොලොවට අත තියලා සැහෙන දුරක් ඇතුලත වෙන්නෙ මොනාද ඉන්නෙ කව්ද කියලා සෑහෙන විස්තර බලා ගන්න හැබැයී ගස් කොලන් තියන පරිසරයක විතරයී "


" ඔයාලාට පුදුම බලයන් ගොඩක් නේ තියෙන්නේ "


රොන් පුදුම වෙල කීව


" නගරයෙ වෘකයන්ට ඔය හැකියාව නෑ. මට ඔක ඉගැන්නුවෙත් රිඩියන් "


මැඩී කීවා.


" කැලෙ ඉන්න අය නිතරම ගස් කොලන් එක්ක හැසිරෙනවා නේ. ඒකයි එයාලාට ඒ බලය ඇත්තේ . හැබැයී නගරයේ වෘකයො ඒම නෑනේ. ඉතින් මුල් කාලේ එයාලාටත් ඔට බලය තියෙන්න ඇති. ඒත් පහූ වෙනකොට එයාලාට ඔය ගස් කොලන් එක්ක හැසිරෙන එක නැති නිසා එයාලාගෙන් ඒ බලය යටපත් වෙන්න ඇති. "


හැග්‍රිඩ් කීවා


අපී ඒ වෙනකොටත් හැග්‍රිඩ් ගේ ගේ ලගට ලන් වෙලා හිටියේ .


ඇල්රික් ගෙ සහයකයා කීවා හරී . හැග්‍රිඩ් ගේ ගේදර ඉස්සරහාට වෙලා 2 ක් අපී එන පාර දිහා බලාන හිටියා


07 කොටසින් හමූ වෙමු😊😊😊😊😊


🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃


Like , comment කරන හැමෝටම thank u


🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃


Hermione granger

Report Page