♡ රාගයේ විලාපය ♡

♡ රාගයේ විලාපය ♡

11

එකොළොස් වන දිගහැරුම

මතකයි නේද වෙච්ච සිදුවීම් පෙළ. නිශූගෙන් මැසේජ් එකක් ආව ගෙදරට එන්න කියල. ඒ උනාට යනකොට ගෙදර හිටියෙ නංගි. නංගිට මාට්ටු නොවී දුවන්න හදනකොට ඒකිත් එක්කම බිමට වැටිල මල කෙලියක් උනානෙ.


[ කලින් කොටසට ]




එතැන් සිට.....


මොලේ එකක් කියනව හිත තව එකක් කියනව. ඇඟේ ඇඩ්‍රිනලින් සාන්ද්‍රණයත් එන්න එන්නම වැඩි වෙනව දැන්. දුවන්නත් බෑ මේකි මගෙ මූණ දැකලත් ඉවරයි. මොන මගුලක්ද දැන් කරන්නෙ.


හෑ.... මම මෙහෙ මගුල් හිතන අතරෙ නංගි නැගිටල මගෙ දිහා බලන් ඉන්නව ඇඟේ ඇඳුම් පොටක් වත් නැතුව.


"ම්ම්ම්ම් ආව නේ හොරෙන්ම ගෙදෙට්ට. මාත් අල්ලගන්න හිටියෙ."

මෙන්න මොලේ මේකි මට කතා කරනව විලි ලැජ්ජාවක් නැතුව. කන්පියුස් උන්ගා බුංගා.

මොලය සහ හදවත අතර ඇතිවූ තියුණු සටනකින් අනතුරුව හදවත ජය ගත්තා. ඒ අනුව නිශූගෙ නංගිගෙ අනවශ්‍ය ප්‍රදේශ සියල්ලම බැලීමෙන් වැලකී සිටීමෙන් හා වහාම එතනින් පලා යන ලෙසට වැරෝලි සේතුව ප්‍රමුඛ සුසුම්නා ශීර්ශකයෙන් මගේ අනිච්ඡානුග ක්‍රියාවලි පාලනයට අණ දුන්නා.


"ඇගට රෙද්දං දාන් කතා කරපං නංගි" මම සැනික අහක බලන ගමන් ඒකිට කිව්ව.


"ආනෙ මෙන්න වැඩක්. අක්කගෙ ඒව විතරද බලන්න පුලුවන්. අපි කැතද දන්නෑ"


ඒ කතාවෙන් නං තේරුනා මේකි එසේ මෙසේ නංගි කෙනෙක් නෙවෙයි කියල.


මමත් අහක බලාගෙනම කතා කරනව.

"නිශාධි කොහෙද?"


"ආ.. එයා පන්සල් ගියා. මමනෙ මැසේජ් එක එව්වෙ. අපිත් කොල්ලොන්ට ආසයිනෙ ඉතින්"


හම්මටසිරි. දැන්නෙ සීන් එක මීටර් වෙන්නෙ. මේකි නිශාධිගෙ ෆෝන් එකෙන් මට මැසේජ් එකක් එවල ගෙදර එන්න කියල. රිප්ලයි එවන්න එපා කියන්නෙ ඇත්තෙත් ඒක තමා එහෙනං. කොල්ලො ආදරය ඉස්සරහ එහෙමත් රැවටෙනව නේ බං.


"තමුසෙට පිස්සුද නංගි. ඇඳුමක් දාගන්නව. මම යනව යන්න."


" හා හා ඉතින් අපි කැතයිනෙ. ඔයා නං පිරිමියෙක් වෙන්න බෑ. මෙහෙම දැකලත් මෝඩය වගේ යනව නං"


මේකිගෙ කට කැඩෙන්න ගාතෑකි දැන් නං.


මේකිත් ටවල් එක ආපහු ඇඳගත්ත නිසා මම ඒකි දිහා බැලුව. ඒත් ඉඳින් බාගෙට බාගයක් එලියෙ.


"මේ නංගි. වේ@කමේ යන එකයි පිරිමිකමයි තමුසෙ මට කියල දෙන්න එන්න එපා. තමුසෙ තමුසෙගෙ වැඩක් කරන් පාඩුවෙ ඉන්නව. අනුන්ගෙ සම්බන්ධතා කඩන්නැතුව."


කියල ඇරිය ඕනෙ මගුලක් කියල.


"හා හා යනව යනව තව මුකුත් නෑ. නිකං බැලුවෙ ඉතින්. ඔච්චර මල පනින්න දෙයක් නෑ. දැන් යන්න. ඇන්ටිලත් එනව ඇති"


මමත් පුප්පගෙනම ආව නිශූලගෙ ගෙදරින් එලියට. මෙහෙමත් ගැනු ඉන්නවනෙ ඉතින්. ඒ අතින් නිශූ කොච්චර අහිංසකද. එහෙම කෙල්ලෙක් ලැබෙන එක නං මගෙ පිනකට තමා. ලස්සන තිබ්බට අසික්කිත විදිහට හැසිරෙන අසික්කිත විදිහට කතා කරන අය උඹලත් දැකල ඇතිනෙ. මෙන්ශන් කරල පාවල දීපං ඕකුන්ව😂

සිද්ද උන දේ නිකං මල්ටි බැරල් ගහනව වගේ මතක් වෙන්නෙ. අහක බැලුවට ඇඟ පෙනුනනෙ ඉතින්. ඔක්කොම බැලුවෙත් නෑ හැබැයි. හී හී. මරු හැබැයි.

නගාගෙ ඇඟ දැකල අහක බලපු අහිංසක මම

මල පැනගෙන ගෙදරට එනකොට නැන්දලත් පන්සලට යන්න හදනව.


"නැන්දෙ ඇයි අද හැමෝම මේ පන්සල් යන්නෙ. මොකක් හරි විෂේශ සිදුවීමක් ද ගමේ."


"ආ යොහාන්.... දාන ශාලාව හදන වැඩේ හෙට පටන් ගන්නවලු. අද හාමුදුරුවො බණක් කියනව ඒකට. ඔයත් එනවනං එන්න."


පන්සලට යන්නත් බයයි හැබැයි. උපාලි මාමා ඇතිනෙ. හෙමීට වසන් වෙලා ඉන්න ඕනෙ ගියත්.


අඩේ.... නිශාධිත් පන්සල් ගියා කිව්වනෙ. නෑ නෑ. යමං පන්සලට. උපාලි මාමට බම්බු ගහගන්න කියල. ඇයි යකෝ.


නැන්දටත් කියල සැනිකෙට සුදු කමිසෙකුයි ශෝටයි ගහන් එයාලත් එක්කම පයින් ආව.


පට්ට සෙනගක් පන්සලේ. මේ සෙට් එක අස්සෙ නිශූව හොයන එක තමා ගේම. කමක් නෑ. සහභාගි වීමනෙ වැදගත්. හම්බුන්නැත්තං ආපහු ගෙදර එනව. සරලයි.


මම මල් වට්ටියකුත් අතේ තියන් එහෙ මෙහෙ ඇවිද්ද බොරුවට. එතන කට්ටිය පැදුරු එහෙම එලාගෙන දැන් වාඩි වෙනව. අන්තිමට 7ට බණ පටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දි මම නිශූව දැක්ක. එයා කෙලවරේම මුල්ලකට වෙලා බිම බලන් ඉන්නව. නිශූගෙ අම්මලත් නෑ එතන. පිටිපස්සෙම නිසා එතන කාටවත් මීටර් වෙන්නෙත් නෑ. මම පැණි කුරුල්ලා වගේ පියාඹල ගිහින් එයා ලඟින් වාඩි උනා.


මාව දැකපු ගමන් කලබල කරල යන්න හදනකොටම එයාගෙ අතින් අල්ලන් එතනින් ඉන්න කිව්ව.


බණත් පටන් ගත්ත දැන්. හැමෝම හොඳින් ඒ දිහාවට කන් දීගෙන ඉන්නව. මගෙ හිතේ දුවන්නෙ නිශූගෙ නංගිගෙ වැඩෙයි නිශූ එක්ක යාලු වෙන විදිහයි අනං මනං මගුල් ටිකක්.


විනාඩි 15 ක් විතර ඔහොම මුකුත් වෙන්නැතුව ගෙවිල ගියා. එක පාටම හෙන ගහන්න වගේ මගෙ කකුලක් නිශාධි කෙනෙත්තුව. කකුල තද කරගෙනම ඉන්නව.


මමත් එයාගෙ අත එහාට කරන්න දගලනව. නිශාධි රැව්ව රැවිල්ලක් මගෙ දිහා බලල. මාව නිකං පිච්චෙනව වගේ බං.


නිශූට මල පැනල හැබැයි එක සිය ගානකට. වැරැද්දක් කියන්නත් බෑ ඉතින්.


බණ ඉවර වෙලා පැදුරු එහෙම අකුලල නැන්දලයි නිශූගෙ අම්මලයි ගියා බෝධිපූජා කලමනා අස්පස් කරන්නයි අනං මනං වලට. ඒ අස්සෙ නිශූ මාව එක්කන් පන්සලෙන් එලියට ආව. ඇවිල්ල කෙලින්ම ගියේ කොහෙටද දන්නවද.


😵 අපි සුරුට්ටුව ගහපු කැලේ අස්සට. මේ මහ රෑ මොන මහසෝන ඕක අස්සෙ ඉන්නවද දන්නෑ. මොකාවත් අපි මේක අස්සට රිංගනව දැක්කෙ නෑ කියල සැක හැර බලාගන්න ආපහු වටපිට බලල අපි ඇතුලට ආව.


"යොහාන් මෙතන නේ මහලොකු වීරවැඩේ කලේ තමුන්"


"අනේ නිශූ ඒක ඉවරනෙ දැන්. අමතක කරල යාලු වෙමු අපි හානෙ." මම එහෙම කියල නිශූව බදාගන්න ගියේ.


"අහකට යනව රස්තියාදුකාරය. තියෙන තරමක් ජරා වැඩ ඔක්කොමත් කරල තව මාවත් අල්ලන්න එනවද. ඕනෙවට නිදහස දීපු එකේ වැරැද්ද. එදා පලවෙනි දවසෙම ගෙට ගන්නැතුව නැන්දට අහු කරල දුන්නනං අද හැදිලනෙ."


කච කචේ පටන් ගත්ත ප්‍රෙන්ස්. එයාටම එපා වෙලා නැවත්තුවොත් මිසක ඉතින් ඕක ආපහු නවත්තන එක නං බොරු බං.


"දැන් තමුන් මටත් වඩා මේ වගේ තැන් වලට ඇවිල්ල ගංජ සුරුට්ටු බොන එකටනෙ ආදරේ කරන්නෙ නේ"


"අනේ එහෙම එකක් නෑ නිශූ. අනේ ඉතින්"


"එහෙනං පෙන්නනව තමුන් ඔය විකාර වලට වඩා මට ආදරෙයි කියල."


ආදරේ කියන්නෙ හෙන පුදුම දෙයක් බං. ඒක පෙන්නන්න බැ ඉතින්. අඩු ගානෙ ආදරේට නිර්වචනයක් වත් නෑනෙ. මට ඉතින් ආපහු හඳට යන්න වෙනව නිශූට ආදරේ පෙන්නන්න.


"ඇයි කට නැද්ද දැන්? මොකෝ කතා නැත්තෙ"


ආදරේනෙ පෙන්නන්න කිව්වෙ. පෙන්නන්නම්.


මම නිශූව ඇගට තද කරන් එයාගෙ තොල් වලට හාදු වැස්සක් දුන්නා.........


මුලින් මාව එහාට තල්ලු කලත් ටිකකින් ඒක නැවතිලා එයත් මගෙ ඇඟ වටේ අත් දෙක දාගත්ත. විනාඩියක් විතර කිස් කරල අන්තිමට තොල් දෙක වෙන් වුනා.


නිශූ බිම බලන් ඉන්නව. මමත් එයා දිහා බලන් ඉන්නව.


"යොහාන් ඔයා මට ඇත්තටම ආදරෙයි නං මේ වැඩ නවත්තන්න යොහාන්. ප්ලීස්. මම වඳින්නම් ඔයාට ඕනෙ නං" කියල එක පාටම නිශූ එතන දණගහන් මට වඳින්න ගත්ත.


තෙරුවන් සරණයි කියල ඔලුව අතගාන්නතේ.......

කණ පලාගන්න තමා වෙන්නෙ ඉතින්. මම සෙනිකව නිශූව නැගිට්ටෙව්ව.

"එපා වස්තුව මම ආපහු මුකුත්ම කරන්නෑ මැණික මට සමාවෙන්න"


"හම්ම්. මටත් සමාවෙන්න ඔයාට ගැහුවට."


"හරි මං ඔයාට සමාව දෙනව නිශූ." හී හී.


"මෝඩ මැටි කරත්තෙ. දැන් යමු අම්මල හොයනව ඇති අපිව."


"යමූ"


නිශාධිව මුලින් යවල මම ටිකකින් ගියා. පාරෙ හිටිය පොඩි එකෙක් නං දැක්ක සීන් එක. ඌත් හෙණ පැණි හිනාවක් දාන් නිශූගෙයි මගෙයි දිහා බලන් ගියා. දැන් කාලෙ ඉන්න පොඩි උන් වයසට වඩා මුහුකුරා ගිහිල්ල කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.


නිශූ අම්මල ඉන්න තැනට ගියා. මමත් ඉතින් ඔය පොඩ්ඩක් පන්සල වටේ ඇවිද ඇවිද හිටිය. උපාලි මාමව දකින දකින සැරයක් ගානෙ මම😂👇

ඔය ඕනෙම තැනක ඉන්නව නේ බං හෙන කැ@යො කියල හිතන් ඉන්න සෙටාර් එකක්. whatsapp වගේ social media වල පොරවල් වෙන සෙට් එකක්. නිකං ගෲප් වල මරාගන්නව , ඔය spam මැසේජ් එව එව ෆෝන් වලට කෙලිනව. හෙනම මැරයො කියල ඉතින් හිතන් ඉන්නෙ.


අපේ ගමෙත් හිටිය ඔහොම දෙතුන් දෙනෙක්. ඕකෙ මහ එකාගෙ නම තමා සිතිර. නම නං හෙනම අහිංසක පාටයි. ඒ උනාට මිනිහ තමා ඔය කෝල් කරල බය කරන ඒව වගේ ගෑනු වැඩ කරන සෙට් එකේ ලොක්කා.


ඉතින් මම පන්සලේ ඇවිද ඇවිද ඉන්නකොට සිතිරයයි උගෙ ගෝලයො දෙන්නෙකුයි හම්බුනා මූණට.


"ආ මල්ලි. රුපියල් 20ක් දීපං"


ඔන්න ඉල්ලුව හිඟන්නො ටික සල්ලි. උන් සල්ලි ඉල්ලන එකට මගේ ප්‍රතිචාරය😂

මම උන්ව ඇහුන්නෑ වගේ පාස් කරන් යන්න හැදුවෙ.


"ඒ ප@යො ඇහෙන්නැද්ද තොට. විස්සක් දීල පලයන්"


දැන් තමා රතු කට්ට පනින්නෙ ඉතින්.


"මේ මල්ලි හිඟන්නො වගේ සල්ලි ඉල්ලන්නැතුව කට වහන් හිටපං."


"මොකක්ද යකෝ කියන්නෙ" කියාගෙන එකෙක් ආව ඉස්සරහට.


"හෝව් හෝව් පන්සලේ ඉන්නෙ. එලියට යමන් වලියක් ඕනෙම නං"


මම නිකං දස කැ@ය වගේ ටෝක දෙන නිසා උන් පොඩ්ඩක් සරෙන්ඩර් උනාද කොහෙද. සිතිර කියන එකා අනිත් ඩබලත් එක්කන් එතනින් හිමීට කැපිල ගියා.


අම්මෝ යකෝ. තව පොඩ්ඩක් හිටිය නං එතනම යනව. අමරෙට බය වෙලා හිටියෙ මම. කලිනුත් කිව්වනෙ මම වලිවලට යන එකෙක් නෙවේ කියල. නිශූ දැක්කනං එහෙම මම චාටර් නිසා මම එහෙම කිව්වෙ.


මැරයො ටිකට ටෝක දැම්මට පස්සෙ මම😎

"යොහාන් ආ මේ ඉන්නෙ. යමු ගෙදර වැඩ ඉවරයි මෙහෙ" නැන්දයි මාමයි එනව මගෙ දිහාට.


පස්සෙ අපි තුන් දෙනාම ගෙදර ආව නිශූලත් එක්ක. මුකුත් කරන්න බෑ ඉතින් කට්ටිය ඉන්නවනෙ. නිශූලගෙ ගේ ගාවින් එයාලට බායි කියාගෙන අපිත් ආව ගෙදර.


නැන්දගෙයි මාමගෙයි පොඩියට කුසු කුසුවක් මට මග දිගට එනකොටම මීටර් උනා පොඩ්ඩක්. වැඩිය ගනන් ගත්තෙ නෑ.


අඩෝ නෝ බං..... මම පන්සලේ බීල කවි කියපු එක මාට්ටු වෙලාද.... කෙලිනවනෙ තාප්පෙටම ඉතින්.


යකෝ තව එකක්... නිශූගෙ නංගි දැන් නිශූට කේලමක් කියයිද දන්නෑ මම නංගිට කරදර කරන්න ගෙට ආව කියල.


අඩෝ අඩෝ.... කෙලවීමක් තමා තියෙන්නෙ සුපිරියටම ඉතින්.


අද දවසම වැඩ කලා වැඩී වගේ. එහෙ මෙහෙ ඇවිදල එහෙම පට්ට අමාරුයි දැන් නං. ඉක්මනට වොශ් එකකුත් දාගෙන ඇඳුමක් දාගන්නකොටම නිශූ කෝල් කරනව.


"හෙලෝ නිශූ කියන්න"


"ආ යොහාන් මේ කැම්පස් වලට ගන්න මාක් එක දාල. අනේ ඔයාට බලන්න පුලුවන්ද මගෙ එකත් එක්කම."


හත්තික්කේ.... කෙලපං මටම කෙලවපං. ප්‍රශ්න කෝටියක ඉන්න කොට තවත් ප්‍රශ්නයක් ඔලුවටම කෙලිය මාව ඩිම් වෙලා යන්නම.

"හා.... හරි නිශූ මම බලන්නම්." ගොතත් ගැහෙනව බං දැන් නං.


"හරි යොහාන් තෑන්ක් යූ. ආ ඒක නෙවෙයි මේ නංගි මට අමුතු කතාවක් කිව්වනෙ දැන්."


හරියට හරිනෙ. ඔය කරල තියෙන්නෙ වැඩක්.


"මො.. මොකක්ද නිශූ කිව්වෙ"


"පස්සෙ ඒක බලමු. ඔයා අරක බලන්නකො. අපි කැම්පස් තේරිලාද කියල."


"හරි නිශූ මම බලල මැසේජ් එකක් දාන්නම්."


"හරි මැණික කන්න රෑට. උම්ම්ම්මාහ්හ්හ්හ්හ්"


"ඔයත් කන්න... උම්මාහ්හ්හ්හ්හ්හ්හ්"


නිශූ කෝල් එක ඉවර කරල සැනිකට ගියා විභාග අංක දෙකත් හොයාගෙන සයිට් එකට.


නිශාධීයි මමයි තේරිලා තිබ්බ කෝස් එක දැක්කම තමා මට හික් ගෑවුනේ.😂.


අපි දෙන්නම ඩෙන්ටල් සිලෙක්ට් වෙලා පේරාදෙණියෙ. අඩෝ පහරයක් යකෝ. නිශූත් එක්කම. හුරේ.......


මේ සුභ ආරංචිය නිශූටත් කියල මම නැන්දලට මේක කියන්න ගියා සැනිකෙට.


මම යනකොට මාමයි නැන්දටි සාලෙ කතා කර කර ඉන්නව.


මාව දැකපු ගමන් කතාව නවත්තල දාල මගෙ දිහා බැලුව දෙන්නම.


"නැන්දේ මේ මන් ඩෙන්ටල් සිලෙක්ට් වෙලා. මේ බලන්නකො" කියල ෆෝන් එක පෙන්නුව.


"ආනේ ශෝක් නෙ" කියල නැන්දයි මාමයි මාව බදාගත්ත.


ඔහොම ඉතින් ආතල් එකේ එයාල එක්ක කතා කර කර ඉන්නකොට මාම පොඩ්ඩක් සීරියස් මූඩ් එකක් අරන් මට කතා කලා.


"යොහාන් මට ඔයාගෙන් අහන්න දෙයක් තියෙනව."


හුට.... ඔන්න පන්සලේ සීන් එක අහන්න යන්නෙ. දැන් අහයි බිව්වද කියල. ඇයි බොන්නෙ කියල. දැන් බනී මට. මම අනාථයි. මම මිසින්.


"කියන්න මාමෙ"


"ඔයාට කාන්තිලගෙ දුවත් එක්ක මොකක් හරි සම්බන්ධයක් තියෙනවද. අපි දැක්ක ඔයා එයාගෙ අතින් අල්ලන් පන්සලේ ඇවිදිනව."


මේ කතාව ඇහුවට පස්සෙ මම

මතු සම්බන්ධයි.......




ඔයාගෙ මූණට හිනාවක් ආව නං ඒ ඇති. මේ දවස් වල උඹලගෙ comment බල බල ආතල් එකේ ඉන්න මම.

Report Page