♡ රාගයේ විලාපය ♡

♡ රාගයේ විලාපය ♡

10

දස වන දිගහැරුම

කෝමද කණට ගහපු ගැහිල්ල. අපේ ගමේ හඳට යන්න තියෙන අඩිපාර හොයන්න ගිහිල්ල නිශූට මාට්ටු උනා. කම්මුලේ වේදනා ප්‍රතිග්‍රාහක හිරිවැටෙන්නම නිශූ මට ගැහුව. ගහපු ගැහිල්ලට ආපහු ගහයි කියල බයටම නිශූට ඇත්ත කිව්ව ඉතින්.


[ කලින් කොටසට ]




එතැන් සිට....


"දෙයියනේ යොහාන්..... මොනාද ඔයා මේ කරන්නෙ" නිශූ ඇස් දෙකෙන් කඳුලු පෙරාගෙන අත් දෙකෙන් කට වහන් මගෙන් අහනව.


"අනේ වස්තුව එහෙම ලොකු දෙයක් නෙවෙයි අපි යමුකො දැන් මෙතනින්. හානෙ. හරි නෑනෙ"


"ඇයි යොහාන් ඔයා මට මෙහෙම කරන්නෙ. ඇයි දෙයියනේ මම ඔයාට දුක් දෙනවද. මගෙන් ඔයාට වැරැද්දක් උනාද. මෙහෙම කාලකන්නි වැඩ කරන්නෙ ඇයි ඔයා."


තත්වය නං සීරියස් කියල හොඳටම මීටර් උනා. බිව්ව වගේ නෙවේනෙ ඉතින්. මේක පොඩ්ඩක් කචල් වැඩක්නෙ කලේ අපිත්. නිශාධිව මෙතනින් ශේප් කරල අරන් යන එක තමා ලොකුම ගේම දැන්. මෙයා මෙතන කෑ ගහන්න ගත්තොත් අනාථයි.


"අනේ නිශූ දැන් යමුකො අපි මෙතනින්. අනේ යමුකො."


නිශාධි අඬනව හෝ ගාල. වටේ පිටේ එවුන් දැක්කොත් එහෙම හිතයි මායි කුමාරයයි පේශලයි නිශාධිට මොකක් හරි කරල කියල. බොරුවට අවධානමක් ගන්න බෑනෙ ඉතින්.


මම එහෙම්ම අරුන් දෙන්නට එතනින් මාරු වෙයන් කියල නිශාධිගෙ අතින් ඇදන් ආව. නිශූගෙ නංගිත් එතකොටම එලියට ආව පන්සලෙන්.


"අක්කෙ ඇයි මේ අඬන්නෙ" නංගි නිශූගෙන් අහනව ඇස් දෙක ලොකු කරගෙන.


"මුකුත් නෑ නංගි අපි යමු ගෙදර. මට මීට වඩා මෙතන ඉන්න ඕනෙ නෑ තව"


නිශූ එහෙම කියල මම අල්ලන් ඉඳපු අතත් ගස්සල දාල නංගිත් එක්ක යන්න ගියා.


මෝඩ වැඩ කරන එකේ සීමාවක් නෑනෙ බං මගෙ. ශිශ්. නිකං ඉල්ලං පු@ මාමයිට් ගාගත්තනෙ. දැන් නිශූව ශේප් කරන්න නං බං මම ගින්නට පැනල පොඩි ඇක්ට් එකක් දාන්න ඕනෙ සීතා කුමරිය වගේ. අර මොකක්ද පිරිසිදු ද මොකක්ද සීන් එක බලන්නෙ. අන්න ඒ වගේ. නැතුව නං නිශූ ආපහු මාත් එක්ක කතා කරනව බොරු.


ඒ ගැන හිත හිත ඉන්නකොට නිශේධනය වෙලා තිබ්බ වේදනා ප්‍රතිග්‍රාහක එකින් එක ආපහු සක්‍රීය වෙන්න අරන්. කම්මුල පුපුරු ගහනව. ඉතින් කම්මුල අත ගගා එහෙමම පන්සල ඇතුලෙ ටැප් එකෙන් මූණ හෝදගන්න පන්සලට ගියා. ටැප් එක ලගට බෝධීන් වහන්සේ මරුවට පේනව. ටැප් එකෙන් වතුර ටිකක් මූණට දාගන්න කොට නිකංම බෝධියත් පේනව ඉතින්.


මොකක්දෝ මංද අමුතු ෆීලින් එකක් නිකං ඇග පුරා දුවනව වගේ. හිතල කලේ නැතත් බෝධිය ලගට ඇවිදන් ගිහින් බෝ මලුවෙ පැත්තකින් ඉඳගත්ත නිකං බිම. මාරම සනීපයි බං.


උඹලටත් කියන්නෙ ඔය අධික පීඩනයක් ඔලුවට අරන් වැඩ අනාගන්න උන් ඉන්නව නං පන්සලකටම යන්න ඕනෙ නෑ. ගිහිල්ල ලොකු ගහක් දිහා බලන් හිටහං. ඒකෙ කොල හෙල්ලෙන දිහා බලන් හිටහන්. උඹලට හිතෙයි මේක පිස්සුවක් කියල. ඒත් ටිකකින් බලහංකො. මාරම සනීපයි ඔලුවට.


මාත් බෝ ගහ දිහා ඔහොම ටිකක් වෙලා බලන් ඉඳල ගෙදර ආව. එන ගමන් නිශූලගෙ ගෙදෙට්ටත් ඇහැ කරකවල ආව නිකං. ගෙදර ඇවිල්ල ඇඳට වැටුනත් නින්ද යන්නෑ. වැඩක් කරන්න ගත්තට වැඩක් කරන්නත් බෑ. නිකං ඉන්න බෑ වගේ. ඉතින් කෝල් එකක් ගත්ත නිශූට.


ම්ම්ම් හ්හ්හ් නෝ ආන්ස්වර්. දැන් කොහොමත් එයා ෆෝන් එක උස්සන එකක් නෑ.


ආ කියන්නත් බැරි උනා නිශූට තියෙන්නෙ අර නොකියා පොඩි බටන් කට්ටක්. මට තියෙන්නෙ ඉතින් huawei ලොකු පෝන් එකක්. හරිත....


මට මේ ෆෝන් කාඩ් දදා නිශූ එක්ක චැට් කරල අන්තෙටම හිඳෙනව හැමදාම. ඒ නිසා එයාට ෆෝන් එකක් අරන් දෙන්න විදිහක් ගැන මාන බල බල හිටියෙත්.


ඔහොම මනෝ පාරක් ගගහ ඉන්නකොට කුමාරයගෙන් කෝල් එකක් ආව.


"අඩේ යොයියා අවුලක් නැද්ද බං."


"නෑ නෑ බං ශේප් ශේප්" (මොන ශේප්ද යකෝ, ඔලුව ගිනි අරන් ඉන්නෙ)

"ආ හරි හරි. මම හිතුව සැරටම ගැස්සුනා කියල වැඩේ. අඩෝ ඒ ගහපු ගැහිල්ල මට ගැහුව නං මමමං අනිත් පැත්තට දෙනව දෙකක් හොම්බ රිවට් වෙන්න."


මූ තාම මරු විකාරෙන් කතා කරනවද කොහෙද. නිශූට හොම්බ රිවට් වෙන්න දෙන්න ගිහිල්ල නිශූ මගෙ සුසුම්නාව ගලවල ගනී අතට. අනික මට කිසිම තරහක් ආවෙ නෑ නිශූ එක්ක.


"නෑ නෑ එහෙම අවුලක් නෑ බං. ඇයි කෝල් එක ගත්තෙ."


"යොයියා මේ අර අපේ පොට්ට සුමිත රට ඉඳන් ඇවිල්ලු. පොර තෑගි ගෙනල්ල. යනවනං යමු. වූහාන් වල ඉඳලනෙ ඇවිල්ල තියෙන්නෙ. ආයෙ ගමකට බඩු ඇති"


"අප්පටසිරි ඒමද. එහෙනං යමන් නේ. නිකං දෙනව නං අපායට ටිකට් එක හරි ගන්න ඕනෙ කියනවනෙ බං."


"අන්න ඒකයි බං. උඹ කෝමත් මොලකාරයනෙ. චීත්ත ඉස්සරහ පදිරි උනාට."


"අනේ නිකං හිටින්. මේ යමන්. මම එන්නං ටවුමට. උඹ ටවුමට ඇවිල්ල රින් කට් එකක් දියන්"


"එලම බං එලම."


ෆෝන් එක තියල අපහු ලෑස්ති උනා. මදැයි අද සැපේ නිදගන්න හිටිය. ඒත් නින්ද වගේද නිකං හම්බෙන තෑග්ග.


ආපහු ඒ ගමන්ම ලෑස්ති වෙලා ටවුමට ගියා. කුමාරය එක්ක ගමනක් යනව කියන්නෙ නිකං ටස්මේනියන් යකාව කැලේකට අතෑරිය වගේ වැඩක්. පාරෙ පුරාම කෑ ගගහ පජාත වෙවී නෝන්ඩිම උනා.


පස්සෙ අපි පොට්ට සුමිත්ලගෙ ගෙදරට ආව දෙක විතර වෙනකොට. උට පොට්ට සුමිත් කියන්නෙ බං ඌ පොට්ටය නිසා නෙවෙයි. ඌ ඉස්සර කෙල්ලො දෙන්නෙක් එක්ක යාලු වෙලා එක සැරේ ලව් දෙකක් කරන් ගියා. ඕකෙන් එක කෙල්ලෙක්ට තමා මූ සිරා ලව් කලේ. ඒ උනාට දෙන්නටම බොක්ක දීගෙන වගේ හිටියෙ.


කෝම කෝම හරි දවසක් මූ ටවුන් එකේදි අර එක කෙල්ලෙක්ගෙ පිටිපස්සට ඇවිත් ඒකිගෙ අතින් අල්ලල. ඕක බලන් ඉඳල බස් ස්ටැන්ඩ් එකේ බස් එකක නැගල හිටපු අනිත් කෑල්ල. කෝම හරි මූ දැකල බස් එකේ ඉඳන් එක කෙල්ලෙක් මූ දිහා බලන් ඉන්නව. මූ සැනිකෙට අර අතින් අල්ලන් ඉඳපු කෙල්ලගෙ අත අතෑරල බස් එකේ කෙල්ල ලගට ගිහින් කියල තියෙන්නෙ "අනේ මම හිතුවෙ ඒ ඔයා කියල" කියල.


ඉතින් වැඩේ කෙල්ලො දෙන්නටම මාට්ටු වෙලා මුට බැනල තමුසෙ අපි පොට්ටයො කියලද හිතන් ඉන්නෙ කියල. එදා ඉඳන් මූ පොට්ට සුමිත්. පොර A/L ඉවර උන ගමන්ම රට ගියා. ඔය දැන් තමා ලංකාවට ඇවිල්ල තියෙන්නෙ.


අපි ඉතින් ගෙදරට ගිය ගමන් හෙන ආගන්තුක සත්කාර එක්ක පිලිගත්තෙ. හරි ගිහිල්ලනෙ දැන්.(අපේ ගෙවල් වලට ඇවිල්ල ප්ලේන්ටියකට වඩා මුකුත් ගන්න බෑ ඉතින්)


කුමරයට ස්මාට් වොච් එකක් ගෙනල්ල ඌ. කුමාරය දැන් ඕක විකුණල ඒ සල්ලි වලින් කසිප්පු හරි ගහනව කියල හොඳාකාරවම දන්නව සුමිත. ඒක නිසාම උට ටිකක් ගන අඩු වොච් එකක් ගෙනල්ල දීල. මටත් දුන්න ටිකක් ලොකු පෙට්ටියක්.


ඒක වානිශ් එකකින් ඔතල බුලට් පෲෆ් වෙන්නම.


"යොහානය ගෙදර ගිහින් බලහන් බං. මෙතන දිග අරින්න එපා." සුමිත කිව්ව විදිහට නං වැදගත් භාණ්ඩයක් වගේ. මම එහෙම්ම ශොපින් එකක් දාගෙන ආගිය තොරතුරු කතා කරගෙන හෙම කුමාරය එක්ක එන්න පිටත් උනා.


මග දිගට ආතල් ගන්න ඔනෙ තරන් චාන්ස් තිබ්බත් උදේ වෙච්ච සීන් එකට තාම කචල් මට. නිශාධි අඬපු විදිහයි මට කතා කරපු විදිහයි. ශික්. මම මහ කාලකන්නියෙක්නෙ. දැන් එයාව ශේප් කරගන්නත් ඕනෙනෙ ඉතින්.


බස් එකෙන් බැහැල ගෙට ගොඩ වෙලා එහෙම්ම කාමරේට ගියා. ගිය ගමන් අරූ දීපු පාර්සලේ දිග ඇරිය.


ටහුඩූ...... ඇපල් ෆෝන් එකක්😍.

(මෙහෙම යාලුවො හෙන දුර්ලභයි ඈ.රැවටෙන්න එපා බොරුවට. කතාවට ලිව්වෙ😂)


සුමිතට දීර්ඝ මැසේජ් එකක් යැව්ව ආදරෙයි බං පණහ් මගෙ වගේ රටේ නැති හැම මගුලම දාල නැති සෙනෙහසක් හිතට මවාගෙන. ෆෝන් එක නැන්දලටත් පෙන්නුව.


අඩේ ඒක නෙවෙයි. දැන් මට පුලුවන් නෙ නිශූට මගෙ ෆෝන් එක දෙන්න මට මේක තියාගෙන.🤩. අඩෝ ඩයලොග් උඹ මගෙ සල්ලි කාපු කාලය අවසානයි.


නිශූට ෆෝන් එක දෙන්න කලින් එයාව ශේප් කරන් ඉන්න එපැයි.


ඔහොම අලුත් ෆෝන් එකේ වැඩ කෑලි බල බල ඉන්නකොට මට මැසේජ් එකක් ආව.


අඩේ නිශූගෙන්... මොකක්ද කියල තියෙන්නෙ.

'යොහාන් පහට විතර එන්න ගෙදෙරට. අම්මල නංගි එක්ක පන්සලට යනව මම අසනීපයි කියල නැවැතුනා. රිප්ලයි එවන්න එපා. පහට එන්න'


හම්මෝ ඇති යන්තං. ඒ වැඩෙත් ගොඩ ඒනං. දැන් ඉතින් තව කණේ පාරවල් කීපයක් කාල හරි නිශූව ශේප් කරන්න පුලුවන්නෙ.


පහ වෙනකං බලන් ඉන්න මම😂👇

දන්නවද බං. කවදාවත් වැඩක් කරන්න නිවැරදි වෙලාව එනකං ඉන්න එපා. ඒ බලන් ඉන්න වෙලාවෙ තව වැඩක් කරන්න. එහෙමයි දියුණු වෙන මිනිස්සු.


මමත් ඉතින් අර කිව්ව වගේ තව වැඩක් කරන්න ගත්ත. සුභ මොහොත බලා ඇඳට වැටිල incognito tab එකක් එහෙම ඕපන් කරගෙන කොටු කොටු දාන ජපාන සටන් ෆිල්ම් එකක් බැලුව අතට exercise එකක් දෙන ගමන්.

(අවලං කතා නං මවාගන්න එපා මම මේ කියන්නෙ The Last samurai film එක ගැන හොඳේ)


ඕම ඉන්නකොට වෙලාවත් ලං වුනා. හොඳට 'සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි කියල , මොකක්ද මංද ලිඳෙන් දිය ඇදලා නාලා...... හැඩවැඩ වෙලා, ලස්සන සලු පලදා, නිශූ මැණික හොයාන ගියා.


ගෙට ලං වෙන කොටම දැක්කෙ ගෙදර දොර එහෙම වහල no one home ස්වරූපයක් පෙන්නුම් කරන බව.


සේප් එකේ දොරේ බෝලෙ කරකවල දොර ඇරගෙන ඇතුලට ගිහින් දොර වැහුව. කවුරුත් නෑ වගේ සද්දයක් බද්දයක් නෑ. නිශූගෙ කාමරේට ගියාම නිශූත් නෑ කාමරේ. බාත් රුම් එකේ ශවර් එක ඇරල ඇහෙනව. නිශූ නානව ඇති. camac na ducac na. hee hee.

මම ඇඳෙන් වාඩි වෙලා බලන් හිටිය එයා දැන් ටවල් එකකුත් ඇඳන් කාමරේට එනකං......🤤


"මැණිකේ මගේ හිතේ.... නනනා නුරා හැඟුම් යාවී....." කාමරේ ලග ලගම සින්දුවක් කිය කිය කෙනෙක් එනව ඇහෙනව.


😲ඒ නිශූගෙ කටහඬ නෙවෙයි...!


මොන හත්තිලව්වක්ද මේ වෙන්න යන්නෙ. සෙනිකට ගිහින් ජනේලෙට දාල තියෙන දොර රෙද්ද අස්සෙ හැංගුනා. නැත්තං දූශණ ඡෝදනාවක් එල්ල කරන්න මම මේ කරන හරිය හොඳටම ඇති. කෙලවෙන්නෙ මටමයි බං.


දොර රෙද්ද අස්සෙන් මට හොඳට එලිය පෙනුනත් කාමරේ ඉන්න එකෙක්ට දොර රෙද්ද ඇතුල පේන්නෑ.


ඔන්න කාමරේ කර්ටන් එකත් ඈත් කරන් සාලුවකුත් ඇඟේ පටලවන් කලව වලින් බාගෙට බාගයක් එලියෙ දාන් වන වන එන්නෙ වෙන කවුරුත් නෙවේ.....


නිශූගෙ නංගි....! අර මෝහිනි කිට් එක ඇඳන් හිටපු ගෑනී....


මේකි දැන් සාලුව ගලවල ඇඳුම් මාරු කරන්න අරන් මම ඉන්නව දැක්කොත් නං අනිව කෑ ගහනව ලොවෙත්. ඊට ඉස්සෙල්ල කරන අටමගලයක් කරල එක්කො මෙතනින් පැනල යන්න ඕනෙ නැත්තං මේකිව මෙල්ල කරගන්න ඕනෙ.


වෙන කරන්න දෙයක් නෑ මේකී මාව දැක්කොත් එහෙම මම අනාථයි. කෝමද ගම වටේ යනකොට මම කෙල්ලො නානව බලන් ඉන්නව ඉඳල මාට්ටු කියල. නම්බුව ලෙප්ට්.


වැඩේට බැස්ස ඒනං.


මම ඒකි වෙන පැත්තක් බලනකං ඉඳල අතින් මූණත් වහගෙන කඩාගෙන දුවන් ගියා කාමරේ දොරෙන් එලියට යන්න කියල හිතාගෙන.


කරුමෙ ඉන්නවනෙ බං කරුමෙ. ඕක හැමතැනකටම හරස් වෙලා මට කෙලෝනව.


කඩාගෙන දුවන් ගියාට අතින් මූණ වහන් ගිය නිසා මට සයිඩ් එක පෙනුන්නෑ. අරකි මෙහාට ඇවිල්ල දොර ගාව හරස් උනා. මම ඩෝං ගාල ගිහින් ඒකිගෙ ඇඟේ වැදිල ඒකිවත් පෙරලගෙන ගෙම්බ පොලේ ගැහුව වගේ වැටුන බිම.


වැටුන එක නං කමක් නෑ හැබැයි. අරකි වැටුන පාර සාලුව ගැලවිලා ගිහින් කකුල් අත පය හතර පැත්තට ගිහිල්ල එතන වෙනම විනාසයක් වෙලා...... ඒකි දැන් මගෙ ඉස්සරහ නූල් පොටක් වත් නැතුව බිම වැටිල ඉන්නව😐.


මගෙ මොලෙන් එකක් කියනව හිතෙන් තව එකක් කියනව.


(නිශූට වරදක් කරන්න එපා බං. උඹ අහක බලාගනින්. නැත්තං දුවපං - හිත)


(මෙහෙම අවස්ථාවක ඔය මුකුත් නොකර කාලයට ඉඩ දීල ශෝ එක බලන්නත් පුලුවන් හැබැයි - මොලය)


ඉතින් මම කරන්න ඕනෙ හිත කියන දේද මොලේ කියන දේද......

මතු සම්බන්ධයි....



Report Page