♡ රාගයේ විලාපය ♡

♡ රාගයේ විලාපය ♡

DrgNo

තෙවන දිගහැරුම

RL
මතකනෙ. කලින් පාර ඇඳේ ඉන්නකොට මුකුත් කරගන්න බැරි උනා. දැන් වෑන් එකේ වෙනමම සීන් එකක් අදින්න තියෙන්නෙ. ටයිටැනික් ආදර කතා වස්තුව ආපහු ලියන්න තිබ්බ ඒත් සින්දු කිය කිය ඉන්න වෙලාවක් නෑනෙ. ඇක්සිඩන්ට් එකක්නෙ.


[ කලින් කොටසට]




එතැන් සිට.....


වෑන් එකේ ඇතුලෙ ලයිට් එකකින් ඔක්කොම පේන්න එලිය වදිනව. මගෙ වැඩේට බාධාවක් උනත් නිශාධිව බලාගන්න පුලුවන් උනා හොඳට.


මමයි නිශාධී හාවක් හූවක් නැතුව අහක බලන් යනව දැන්. කෝල් කලාට මැසේජ් කලාට මෙහෙම මූණට මූණ හම්බුනාම කොර වෙනව කියල කලින්ම දැනන් හිටිය. මොකද සඳලි එක්ක යාලු උන මුල් කාලෙත් ඔහොම්මයි.


ඒත් සඳලි එක්ක කවදාවත් මෙහෙම යන්න හම්බුනේ නෑ. කොටින්ම එයාව සතියට එක පාරයි හම්බුනෙත්. ඒ අතින් නිශාධි මටම මවපු කෙනෙක් වගේ.


නිශාධි ඇඳන් ඉන්නෙ රතු පාට දණහිස ලඟට කොට ගවුමක්. ඒකෙ මෝස්තර ටිකක් එක්ක හොඳ කැටයම් පාරක් දාපු ගවුමක්. අමුතු ලස්සනක් තිබ්බ ඒකෙ. කොණ්ඩෙ හොඳට පීරල නිකං වෙඩිමකට යනව වගේ තමා ඇවිල්ල තියෙන්නෙ.


මම ආවෙ ඉතින් ශෝටයි බාට දෙකයි ගහගෙන ගමේ යනව වගේ. මොන කැටයම්ද බං අපිට. අපි සරල කොල්ලො.


"මෝඩයො මොනව හරි කියන්නකො" නිශාධිගෙ කටහඬ ඇහිල අර හිත හිත හිටපු ඒව චක බ්ලාස්ට් උනා.


"මොකක්ද කියන්නෙ ඉතින්. හිමීට කතා කරන්න නැන්දලට ඇහෙයි"


"හිමීට හරි කතා කරන්නකො ඉතින්" නිශාධි නිකං තරහෙන් වගේ කිව්වෙ.


මටත් සෙකන්ඩ් වෙන්න බෑනෙ නිකං පඹය වගේ එතන ඉඳන්. ඕන මගුලක් වෙච්චදෙන් කියල ඊළඟ පියවරට ගියා.


හෙමීට නිශාධිගෙ අතක් අල්ලගෙන ඇඟිලි ටික පටලවගත්ත. නිශාධිත් මුලින් ගැස්සුනාට පස්සෙ ශේප් එකේ හිටිය. මෙතන ලොකුවට ගේමක් ගහන්න බෑ. හදිස්සියෙවත් කවුරුහරි දැකල තඩි අයිස් කුට්ටියක වද්දල ටයිටැනික් නැව ගිල්ලුවොත් එහෙම. දෙන්නටම කෙල වෙනවනෙ. ඉතින් සේප් එකේ ගේම ගැහුවෙ.


නිශාධිත් මගෙ අත තද කරන් ඉන්නව.


"මගෙ ඇඳුම් ටික පිලිවෙලට තියෙනව නේ. ඔයා කිව්වනෙ රස්තියාදුකාරයෙක් වගේ එන්න එපා කියල. ඉතින් නියම ජෙන්ටල්මන් කෙනෙක් වගේ ශෝටක් ගහන් ආව ඔන්න."


"ම්ම්ම්ම් හොඳයි හොඳයි. නියම ජෙන්ටල්මන්ල කලිසමේ සිප් එක ඇරන් යන්නෑ නේ හැබැයි." නිශාධි කිව්වෙ අදාල ප්‍රදේශය දිහා බලන ගමන් කට කොනින් හිනාවක් දාගෙන.


"හු@නව දාල" මට කියවුනේ ඉතින් ඕක සාමාන්‍ය දෙයක් හින්ද.


ඒත් නිශාධිගෙ ශබ්දකෝශයේ හැටියට ඒ වචනෙ ජීවිතාන්තය දක්වා බරපතල වැඩ ඇතුව මැරෙන වෙලාවෙත් එල්ලල මරන්න තරන් ලොකු වැරදි වචනයක්.


නිශාධි එක පාරටම ගස්සල අත අහකට අරන් අනිත් පැත්ත බලාගත්ත.


සිප් එකත් වහල දාල "තරහද " කියල හිමීට ඇහුව.


නෝ ආන්ස්වර්.


සුටුස් ගාල එක පාටම වෑන් එක ඇතුලෙ තිබ්බ ලයිට් එක පිච්චුනා. ඉස්සරහට සෙට් එකම ඒක දිහා බලපු නිසා මම ටාස් ගාල නිශාධිගෙන් එහාට උනා එතන නෝන්ඩි කන්න බැරි නිසා.


"ඕක දැන් කීප පාරක්ම පිච්චුනා අයියෙ. ඔතනට වතුර යන කේස් එකක් තියෙනව. එහෙ ගිහිල්ල හදාගමු. ඇතුල කලුවරේ තමයි යන්න වෙන්නෙ. අවුලක් නෑනෙ." ඩ්‍රයිවර් කාරය නිශාධිගෙ තාත්තට කිව්ව.


මම නිශාධි දිහා බලනකොට එයා මට නිදාගන්න කියල ඔලුව පාත් කරල පෙන්නනව.


මමත් ක්ශණික ඇලට් එකක් දැම්ම කටත් ඇරන්.


"අවුලක් නෑ. ළමයි දෙන්නත් නිදි. කාන්ති ඔයාලත් නිදා ගන්න. තව වෙලා යයි ටිකක්. "


යකෝ නිශාධිගෙ මොලේ. මාව ඉක්මනට නිදි කෙරෙව්වෙ තාත්තට සැකයක් ඇති නොවෙන්න. පුදුමයක් නෑ එයා හැමදාම පංතියෙ උඩ ලකුණු වල ඉඳල මම පහල හිටපු එකේ.

(උඹලටත් කියන්නෙ මොන මගුල කරන්නත් කලින් හොඳට ඉගෙන ගෙන හිටපන්)


ඔහොමම සයිලන්ට් එකේ ටිකක් දුර ගියාම නිශාධි එකපාටම මගෙ ඇඟට කඩන් වැටුන පන නෑ වගේ. බැලින්නං එයා නින්දෙන් වගේ මගෙ උරහිසට ඔලුව තියාගෙන.


වා නං වා , පෝ නං පෝ , කම්මග්ගෝ චිකාගෝ වගේ මේ චාන්ස් එකෙනුත් වැඩක් ගත්තෙ නැත්තං මම බටර්ෆ්ලයි කෙනෙක්.


එහෙම්ම එයාගෙ ඔලුවට උඩින් අත දාල කරවටේ අත දාන් ඇඟට තද කරගත්ත. අවුලක් නෑ ඉතින්. නිදිනෙ අපි.😅. මෙතන අහවල් මගුල කලත් නින්දෙන් නෙ කරන්නෙ.


නිශාධිත් මට හොඳට තුරුල් උනේ නිකං මේ කාලාන්තරයක් තිස්සෙ අපි ලව් කරනව වගේ. පස්සෙ තමා තේරුනේ කෙල්ලො තමන්ගෙ සිහින කුමරා එක්ක යාලු උනාම ලෝභ නැතුව ඔක්කොම පූජා කරනව කියල.


මමත් නිශාධිගෙ සිහින කුමරා උනාට එයා බොහොම පරිස්සමෙන් වැඩ කලේ. මගෙ අත එයාගෙ පපුවෙ ගෑවෙනකොටම සැනින් එසැනින් අත අහක් කරල දානව.


(පපුවෙ අදාල ප්‍රදේශය😅)


මමත් ඉතින් අසහනකාරය නිසා ආපහු ආපහු පපුවටම ඒම් කරන් ඉඳල වාහනේ බ්‍රේක් කලොත් හරි හැරෙව්වොත් හරි ඩෝං ගාල පපුවෙ වද්දනව. ඒක තමා අවුරුදු 4ක ආදර ජීවිතේකටම කෙල්ලෙක්ගෙ පපුවක අත වැද්දුව හරි පළවෙනි පාර. නැත්තන් අතින් මිසක් ඊට එහා මයිල් ගහක් වත් අල්ලල නෑ. ඒත් ඉඳියෙ නිකං ළමයිත් හදපු එකෙක් වගේ.


දෙතුන් පාරක්ම ඔහොම වද්දනකොට නිශාධි මං දිහා රවල බලල,

"එපා මෝඩයෝ රිදෙනව" කියල රහසින් කිව්වා.


ආතල් කෙසේ වෙතත් මගෙ කෙල්ලට රිද්දන්න බැරි නිසා එයාගෙ කරට අත දාල එහා පැත්තෙ අතිනුත් අල්ලන් උරහිසට තද කරන් ටිකක් දුර ආව.


ටිකකින් එයා අතක් අරන් මගෙ අනිත් උරහිසින් තියල බෙල්ල අතගෑව.


ආදර කතාව ඔහොම ලස්සනට ගලාන යන කොට අර ඩ්‍රයිවර් කාලකණ්නියට හදිස්සියක් කියල කඩයක් ගාව නැවැත්තුව. නිශාධිගෙ තාත්තත් බැහැල රෑට කාල යමු කිව්ව. මක් කොරන්නද ඉතින්. ආතල් කුඩු කලාට අර යකාට නං හෙන ගහන්න ඕනෙ. නිශාධිටත් මල පැනල.


රෑට කන්න කොත්තුයි , පරාටයි අරගෙන එතන ඉඳන්ම කෑව. මම වටා ගෙතුණු ප්‍රෞඩත්වය විදහා පාපු කතා ඔක්කොම අර එක කොත්තු පිඟානක් නිසා සුනු විසුනු උනා. කන්න ගියාම කොල්ලොන්ට මැරුනත් කමක් නෑ කියනවනෙ.


ඉතින් වෙනද වගේම කොත්තුව සවලෙන් ගහනව වගේ කාගෙන කාගෙන කාගෙන ගියා. නිශාධිගෙ මූණ අටපට්ටමකට පොල්ලෙන් ගහල වගේ. මමත් ඉතින් හී.... ගාල හිනා වෙලා ඒ මුකුත් ගනන් ගන්නැතුව කාගෙන කගෙන ගියා.


කාල ඉවර වෙලා ආපහු වෑන් එකට ගියාට පස්සෙ ඔක්කොම අවුල් උනා. නිශාධිගෙ අම්මට නිදාගන්න ඕනෙ කියල එයා නිශාධිත් එක්ක පස්සට ගියා. මම නැන්දත් එක්ක ඉස්සරහ ආව.


පැයකට විතර පස්සෙ නිශාධිලගෙ මාමගෙ ගෙදරට ආවෙ. ඒ එනකොටත් එතන නිකං වෙඩින් එකක් වගේ. නිශාධිගෙ මාමා එසේ මෙසේ පොරක් නෙවේ කියල තේරුනේ එතකොට. මිනිහලු ඒ පැත්තෙ ලොකුම පෝසතා. හෙන බිස්නස් තොගේකුත් කරනව.


මමත් ලාවට පැත්තෙන් පැත්තෙන් ගිහින් ඇඳේ හිටපු මාම එක්ක පොඩියට ටෝකක් දාල සෙට් කරන් ඉඳිය. හදිස්සියකට ළඳරු ණයක් වත් ගන්න උනොත් බං.😅. ඇයි දැන් ඒ ගැම්මෙන් නෙ ඉන්නෙ.


"යොහාන් මෙහෙට එන්න" නිශාධී ළඟ තිබ්බ කාමරේක දොර රෙද්දක් අස්සෙ ඉඳන් මට අඬගැහුව.


"ඇයි නිශාධි."


" ඇයි මං ළඟට එන්න හේතු ඕනෙද"


මෙයා බලහන්කො. මුලින්ම යාලු වුනේ මාත් එක්ක. ඒත් ටෝක දෙන්නෙ නිකං වෘත්තීයමය පෙම්වතියක් වගේ. ඇයි යකෝ.


"එහෙම දෙයක් නෑ ඉතින්. මෙතන ඉඳල අහුවුනොත් කාට හරි. ඇයි දැන් කතා කලේ කියන්නකො."


"ගවුමෙ සිප් එක ඇරල දෙන්න. වෙන කියන්න කෙනෙක් නෑ. අම්මල ගියා උඩහට." කියල එයා කොණ්ඩෙ ඉස්සරහට දාන් පිටිපස්ස හැරුණ.


බොරු කියන්න ඕනෙ නෑ කෙල්ලෙක්ගෙ ගවුමක සිප් එකක් කෙල්ලගෙ ඇඟේ අත වදින්නැති වෙන්න අරිනව කියන්නෙ යකාගෙ කටේ තියෙන මැණිකක් ගන්න යනව වගේ. ඕනෙ බම්බුවක් කියල මම එයාගෙ උරහිසට අතක් තියල සිප් එකේ උඩින් අල්ලන් පාත් කලා යටටම. කලු පාට පටියකුත් පෙනුණා රසිකයනි. අපි නං දන්නෑ ඕව හුම්ම්....


"මෝඩයෝ එච්චර එපා දැන් යන්න යන්න. මෙතනින්." කියල මාව තල්ලු කලා කියපියකො.


"ඉතින් සිප් එක ඇරල දුන්නට මුකුත් දෙන්නැද්ද මට"


"ආ මේකත් අරන් යන්න දැන්" කියල මගෙ කම්මුලට උම්ම එකක් දුන්න😍. දීල මාව තල්ලු කරල දොර වහපු එක වෙනම දෙයක්. උම්ම එකක් දුන්නනෙ. ඒකනෙ වටින්නෙ.

උම්ම එකෙන් පස්සෙ මම😋

මමත් ඉතින් සියුමැලි ඔබෙ වත රැඳි ඒ දෙකොපුල කී කතා කිය කිය චූන් එකේ හිටිය. ගෙයක් දොරක් උනත් කඩන්න පුලුවන් හයියක් හිතට ආවෙ.

මගේ සිනා මුව මඬල දැකල උඹලටත් හිතට සතුටක් ආවෙ නැත්තං උඹල හෙන තිරිසන්නු බං. එහෙම සතුටක් ඇවිල්ලක් මූණෙ හිනාවක් ආවෙ නැත්තන් උඹල මනුස්සයො වෙන්න බෑ.


මාමගෙ කකුලෙ ඔපරේශන් එකක් කරන්න වෙලාලු. ඉතින් මගෙනුත් කැමැත්ත අරන් අපි දවස් දෙකක් එහෙ ඉන්න කතා උනා.


මට කෑම බීම අනං මනං මුකුත්ම ප්‍රශ්නයක් උනේ නෑ. තිබුණු එකම ප්‍රශ්නෙ නිශාධි ළඟඳි මගෙ හැඟීම් ඇවිස්සෙන එක පේනවට මට තිබ්බ එකම දේ නැති වීම. ඔව් මිත්‍රවරුනි. ඔබ හිතුව හරි. එක යට ඇඳුමෙන් දවස් තුනක් ගේම ගහපු මිනිස්සු ලෝකෙ නෑ බං. ලෝකයාට බම්බු ගහන්න කියල දැන් ලූස් පිට අඳින්න තමා වෙන්නෙ.

camac na ducac naha. ඔක්කොම වෙන්නෙ හොඳටයි.


ඒ දවස් දෙකේ විශේශ සිදුවීමක් කියල උනේ ඉතින් හැමෝටම පේන්න ටෙන්ට් එක වැදුණු එක තමයි. නිශාධිත් දැක්ක. එයා අහක බලන් ගියා. මම කියල ඉතින් මොනා කරන්නද. මගේ නෙවෙයි වගේ ගියා.


නිශාධිගෙ මාමගෙ ඔපරේශන් එකෙන් පස්සෙ අපි ආපහු එන්න ආව. ඒ එනකොටත් අපි දෙන්න වෙන වෙනම ආවෙ. වෑන් එක අපේ ගෙවල් ළඟින් නවත්තල අපි දෙන්නවත් බස්සල ගියා. නිශාධිට flying kiss එකකුත් දුන්න මං. ඒව ගැන එච්චර තේරුමක් නෑ එයාට. මගෙන් අහනව ඇයි කියල.


ආපහු කාමරේට ගිය ගමන් ෆොන් එක අරන් නිශාධිට මැසේජ් එකක් දැම්ම.


' රෑට මොනාද කන්නෙ '


' අම්ම උයනව යොහාන්. ඔයා මොනාද කන්නෙ '


' නැන්ද ගියා කඩෙන් මොනා හරිගේන්න. '


' ම්ම්ම්ම් මටත් ටිකක් '


' හා..... හබුන් කියල කන්න.... '


' මෝඩය. යොහාන් දැන් යමු. හරි මහන්සි මට. රෑට බඩපිරෙන්න කාල නිදා ගන්න. බුදු සරණයි. උම්ම්මා..... '


' හරී..... ඔයත් කාල නිදා ගන්න...... උම්ම්ම්මා...... '


මම ෆෝන් එක තියල ඇඟත් හෝදන් ඇඳුමක් දාගෙන නැන්ද ගෙනාපු බත් එකත් කාල නිදාගන්න ගියේ හිතේ පට්ට සැහැල්ලුවකින්.


ජීවිතේ පළවෙනි පාරට කෙල්ලෙක්ගෙන් මට කිස් එකක් හම්බුනා. මාව විශ්වාස කරල මට කියල ගවුමෙ සිප් එක ඇරගත්ත. කෙල්ලොන්ට ඒක මහ දෙයක් නොවෙන්න ඇති. ඒත් මට නං ඒක නිකං හඳ තරණය කලා වගේ තමයි.


මට ඒත් එක්කම හිතුන නිශාධි මගෙ ජීවිතේ තැනක් වෙන් කරගෙන නේද කියල. ආතල් වලට එහා ගිය දෙයක් නිශාධි ගැන මට හිතෙන්න අරන්. නිකං එයා නැතුව මාව පිච්චෙනව වගේ. ඔව්.. මම එයාට ආදරේ කරන්න පටන් අරන්.


ටිරිං ටිං.


ෆෝන් එකට මැසේජ් එකක් ආව.


' අනේ යොහාන් මට ඔයා එක්ක කතා කරන්න ඕනෙ පොඩ්ඩක්. අපි පොඩ්ඩක් හම්බෙමුද. ප්ලීස්. හෙට උදේට හම්බෙමු. අනේ යොහාන් ප්ලිස්. මම සඳලි '


මොන උට්ටක්ද මේ. ආදරේ ගැන කියන්න පටන් ගත්තු ගමන් හෙනහුරා වොයිස් කට් එවනව වගේනෙ ඕයි.

මොනා වෙයිද ඉතින්......... බලමු ඊළඟ කෑල්ලෙන්......

Report Page