♡ රාගයේ විලාපය ♡
DrgNo❦ දෙවන දිගහැරුම ❦

ඉතින් කතාව මතකනෙ බීල ගිහින් පාරෙ වැටිල ඉන්නකොට නිශාධි මාව එයගෙ ගෙදර එක්කන් ගිහිල්ල කවල පොවල නාවල ඇඳේ නිදිත් කරවල මට ආදරෙයි කිව්ව..........
[ කලින් කොටසට ]
එතැන් සිට......
ආදරෙයි....... හත්තික්කේ යකෝ කෙල්ලෙක් මාත් එක්ක එක ඇඳේ ඉඳන් මට ආදරෙයි කිව්ව. මම ඉතින් ජොනතන් සින්ස් වගේ ගැම්මට "නිශාධි මමත් ඔයාට ආදරෙයි" වගේ ලයින් එකක් දීල කෙල්ලගෙ ඇගට පැනල ඩිස්ටි ඩිඩිං කරන්න හදනකොටම , කරුමෙ පාත් උනා.
එක පාරටම එයාලගෙ ඉස්සරහ දොර ඇරෙන සද්දයක් ආව.
"දෝණි අපි ආවා. ඔයා ඇහැරිලාද"
නිශාධිට වඩා මම බය උනා ඒ කටහඬට. ශුවර් එකටම නිශාධිගෙ අම්මල ගෙදර ඇවිල්ල. අනිව තව ටිකකින් මේ කාමරේටත් එනව. තමන්ගෙ දෝණි පොඩ්ඩ වෙන කොල්ලෙක් එක්ක ඇඳේ ඉන්නව කියල දැක්කොත් කෝමද. ඒකිට වඩා මට තමා "මේ සැප ලෝකේ කටටද ඕනේ" වෙන්නෙ.
"යොහාන් ඉක්මන් කරන්න. මෙන්න ෆෝන් එක ඔයාගෙ. ඔය ජනේලෙන් යන්න. මෙහෙ එන්න එපා කොහේ හරි යන්න. අනේ ඉක්මනට යන්න."
නිශාධි කිව්වෙ පට්ටෙටම බය වෙලා.
මමත් ඉතින් සැනිකෙට ෆෝන් එකත් එයාගෙ තාත්තගෙ ජම්පරේ වගේ සාක්කුවකට දාගෙන මගෙ නින්ජා ස්කිල්ස් උපයෝගී කර ගනිමින් කැම්‍රියා වගේ ජනේලෙන් එලියට ගිහින් පැන්න වත්තට. වත්ත මැද්දෙන් සේප් එකේ දුවන් ගිහින් තාප්පෙට නැගල එහා පැත්තෙ පාරට පැනල එහෙන්ම ගෙදර ගියා.
පට්ට පාන්දර නිසා යක්කු පෙරේතයො කුම්භාණ්ඩයො සෙට් එකම මතක් වෙන්න ගත්ත. පිටිපස්සෙන් මහසෝන ඇවිල්ල capac gamuthe අහනව වගේ කන්දෙක අස්සෙ ලාවට ඇහෙනව. ඉතින් යන ගමන් සේප් එකේ ඉතිපිසෝ ගාථාව කිය කිය ගියේ. හිටි ගමන් ඒ අස්සෙන් ජයමංගල ගාථාත් කියවෙන්න ගත්ත. ඒක අහන් ඉන්න යක්කු පෙරේතයො ටික👇😅

ඔහොමෙයින් ඔහොමෙයින් ඉක්මනට නැන්දලගෙ ගෙදරට ඇවිල්ල මල්පෝච්චිය යට තියල තිබ්බ යතුරත් අතට අරන් දොර ඇරන් ඇතුලට ගියා. කාටවත් නෝන්ඩි උනේ නෑ. එහෙමම දොර ලොක් කරල ඇඳට ගිහින් පොඩ්ඩක් ඇල උනා.
යකෝ කෙල්ලෙක් එහෙම ගෙදර ඇඳ උඩටම ගෙන්නන් මට ආදරෙයි කිව්ව නේ. අතටම ආපු පට්ට චාන්ස් එකක් නං මිස් උනා. ඒත් ඕයි.අඩෝ මං එච්චර හැන්ඩියෙක්ද . තව කීයක් ඔහොම හිතෙන් මාව එයාලගෙ ක්‍රශ් කරන් ඇතිද හුම්ම්..... ඔය වගේ බහුබූත හිත හිත එහෙමම නින්ද ගියා.
"සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන්" කිය කිය ලස්සන පිට්ටනියක ඉඳන් නිශාධි මට කතා කරනව. එක පාටම අහස කලු කරන් යක්ශයෙක් වගේ එකෙක් පත පිහියකුත් අමෝරන් ඈතින් දුවන් එනව. යකෝ ඒ සඳලි.
උඩ ගිහින් ඇහැරුනේ මොන මල දානයක්ද ඒ පාත් උනේ කියල හිතන ගමන්. ඒ පාර සඳලි, හීනෙන් ඇවිල්ලත් මට වධ දෙනවද මංද. ශුවර් එකටම ඕකි මට පිල්ලියක් එවල ඇති.
දවලුත් වෙලා එලිය වැටිල.
එහෙමම ගත්ත ෆෝන් එකත් බලන්න. නිකං ඕෆ් වෙලා විතරයි. ෆෝන් එක ඔන් කරපු ගමන් මැසේජ් කෝටියයි. මිස් කෝල් අනන්තයයි. කව්ද බං ඒ. ඒ නිශාධි. සේප් එකේ අදාල තැනට සෙට් වෙන්න කියල හිතන් දැම්ම මැසේජ් එකක්.
"හායි"
මොන rply ද. මෙන්න කෝල් එකක් එනව. හොඳට පුරුශ ධෛර්ය්‍යය අරන් answer කලා කෝල් එක. අනිත් පැත්තෙන් ඇහුනු පලවෙනි වචනෙටම අර පුරුෂ ධෛර්ය්‍යය කොහෙන් ගියාද දන්නෑ.
"මෝඩ වස්සො" "මොකක්ද කලේ මෙච්චර වෙලා. කෝල් කීයක් ගත්තද මං. මෝඩය. මං හිතුව ඊයෙ රෑ මොකක් හරි වෙලා කියල."
"අනේ සොරි දැන් ඇහැරුනේ. ඇහැරුනු ගමන් ම තමයි මේ ෆෝන් එක ඔන් කරන් ඔයාට මැසේජ් එකක් දැම්මෙ. ඊයේ ඉතින් වෙන දෙයක් වෙන්න තිබ්බෙ ඔයාලගෙ ගෙදර තමයි"
නිශාධි ටිකක් දුකෙන් වගේ,
"යොහාන්.... මාත් එක්ක තරහද මම ඊයෙ කියපු දේට. මට ඒක තවත් ඉවසන් ඉන්න බැරි උනා"
"එහෙම දෙයක් නෑ නිශාධි. මමත් ඔයාට කැමැත්තෙන් හිටියෙ ඉස්සර ඉඳන්. ඒත් ඔයා මට වඩා අධ්‍යාපනයට අදරය කරයි කියල හිතල යාලුකම නැති කරගන්න බැරි නිසා මම මුකුත් නොකිය හිටියෙ"
"මෝඩය"
"අම්මල ඉන්නවද. අදත් එන්නද මං ඔහේ. ඊයෙ අවුලක් ගියෙ නෑනෙ." ආපහු නිකං ටෙන්ට් එක වදිනව වගේ.
"එපා මෝඩයො තාත්තට නිවාඩු දැන් සතියක්.ඊයෙ අවුලක් උනේ නෑ. ඒත් අවදානමක් ගන්න එපා."
"අවදානම වගේද ඔයා එක්ක ඉන්නකොට" මම ඉතින් තනිකරම වැල වරක ගෙඩියක් මතක් කරන් කිව්ව.
"මෝඩයො. තාත්තට අහු වුනොත් හම ගහයි අපි දෙන්නවම. ආ ඒක නෙවෙයි. ඔයාගෙ ඇඳුම් ටික මෙහෙ තිබුනාවෙ."
යසයි යසයි. යට ඇඳුමත් එහෙ. නිශාධි නං සීරියස් වගේ.
"හා හා ඒකට කමක් නෑ කෑවද දැන් උදේට."
"තාම නෑ කමු අපි යමු."
උදේට කමු කියල බායි කියල අනං මනං කියල කෝල් එක කට් කලා. ඩයලොග් අනාගතය ඇදයි. ඒ ටිකට 34ක් කැපිල. yacai besike putho yacayi.
දැන් ඉතින් කරන්න දේකුත් නැති නිසා දැන් ඉස්සරට වඩා ඩේට කාඩ් ෆෝන් කාඩ් අත්‍යවශ්‍ය වෙන බව දන්න නිසාත් ආපහු නාගත්ත ටවුම පැත්තෙ යන්න හිතන්.ඊට පස්සෙ ගැම්මට වැඩ්ඩ වගේ ඇඳුමක් ඇඳගෙන ගියා ගරාජ් එකට. 😎. නෑ මට බයිසිකල් පදින්න බෑ. ගරාජ් එකට ගියේ ගෙදර යතුර එල්ලන්න. බස් එකේ යන්න වෙන්නෙ.

බස් හෝල්ට් එකෙත් අමර කට්ටක් කාල ඉන්නකොට ඔන්න එනව අපේ පාරෙ ලස්සනම බස් එක. සා වෑව්. ආම්දරේ හිතෙනව. එන්ජිම දැන් වැටෙයි දැන් වැටෙයි කියල බයේ යන්නෙ. හැබැයි ඉතින් ලොවෙත් මූ හප්පගන්නෙ නං නෑ. මොකද ඉස්සරහින් එන වාහනේට තේකකුත් බීල ආවෑකි මූ යන වේගෙට. ඉතින් බස් එකේ පට්ට සෙනගක්. මොන මගුලෙ යනවද දන්නෑ මෙච්චර සෙට් එකක්. ශුවර් එකටම ගෙදර කාල ඉන්න බැරුවට බස් වල යනව ඇති. හෑ..... අඩේ මාත් එහෙමයි නේ කියල මතක් උනාම.

ඔන්න හෙන දිග ගමනකට පස්සෙ ආව ටවුන් එකට. බස් එකෙන් බැස්ස ගමන් ඈතින් නිකං දැකල පුරුදු මූණක් යනව වගේ දැක්ක නිසා ඒ පැත්ත හොඳට බැලුව. සඳලි වෙන උද්දික පුතෙක් එක්ක බස් ස්ටෑන්ඩ් එකේ අත් වැල් පටලවගෙන හරි ආදරෙන් ඇවිදිනව. අම්නේ ඉතිම්. ජාතකේ දිග අරින්න කියල හිතල ඒ පැත්තට යන්න හැදුවත් ඔය කරන සක්කිලි වැඩ වලට රිටන් එක ආපහු හම්බෙනව කියල දන්න නිසාම ආපහු කකුල පස්සට අරන් අනිත් පැත්තෙ cd කඩේට ගියා.
"හු@න පොලීසියක් මේක"
සීඩි කඩේ එකාට මෙලෝ සිහියක් නෑ. ඌ කන පැලෙන්න මනඃකල්පිතගෙ පොලිසිය කියන පට්ට කුණුහරප රැප් එක මුලු ටවුන් එකටම ඇහෙන්න දාගෙන නිදි.
සැනිකෙට ගිහින් බෆල් එකේ volume එක බිංදුවටම අඩු කරල ඌව ඇහැරවල සීන් එක කිව්වට පස්සෙ තමා ඌත් ආපහු මේ ලෝකෙට ආවෙ.
cd ටිකක් තෝරල උගෙන්ම ෆෝන් කාඩුත් අරන් රුපියල් 600ක් කුඩු කරන් කඩෙන් එලියට එනකොටම මූණ ඉස්සරහ සඳලීයි ,අර මතීශ කියන උද්දික පුතයි.
"මතීශය කොහොමද ඉතින්." මම අකම්පිත ධරණි වගේ ගැම්මට අරූගෙ මූණටම ඇහුව.
"අවුලක් නෑ බං. කඩේට ආව පොඩ්ඩක්"
"ආ එල එල බං. සඳලි ඉතින් මොකෝ වෙන්නෙ" මම සඳලි දිහා බලන් ඇහුව.
ශුවර් එකටම ඕකි හිතනව ඇත්තෙ ,"මොනා වෙන්නද තිරිසනෝ පව් නොදී පලයන් කියල වෙන්නැති"
"වරදක් නෑ යොහාන්. හොඳින් ඉන්නව"
අඩෝ හොඳින් ඉන්නවලු එයා. මමනෙ මේ හරක වගේ බීගෙන චාටර් උනේ. අම්මප කන පැලෙන්න එකක් ගහල ටවුන් එකේම භීශනේ ඇති කරල සෙට් එක බස්සල ගෙවල් ගිනි තියල අතුගාලම දාතෑකි. ඒත් අවුලකට තියෙන්නෙ මම තාම ඉස්කෝලෙ වලියකටවත් ගිහිල්ල නෑ. මම අර කටින් වලි වලට යන ජාතියෙ එකෙක්. හී හී.
"හරි හරි එහෙනං දෙන්නටම සුභ මංගලම්. අශ්ඨක කියද්දි කෙල්ලව හයියෙන් අල්ලගනින් මතීශයො" කියල මම කැපුනෙ තැනට සුදුසු වචන ටික කියාගත්තට හිතේ සතුටින්. අරුන් දෙන්නත් කන්පියුස් උන්ගා බුන්ගා සීන් එකේ දෙන්නට දෙන්න බලන් ඉන්නව.
ඕනෙ මගුලක් දැන් කරගත්තු දෙන් කියල ආපහු ගෙදර එන්න බස් එකට නගින්න ආව. කරුමෙ කොච්චර ලොකුද කියනව නං අර ආපු බස් එකේමයි යන්න වෙන්නෙ. ඔය මගුලෙ නං යන්නෑ කියල හිතල ගියා අපේ කොල්ලො සෙට් වෙන පොට් එකට මොකා හරි ඉන්නවද බලන්න.
ටහුඩු..... මෙන්න සෙට් එකම ඉන්නව මෙතන. අද නං සප්පායම් වෙලත් නෑ වගේ මොනවත්. කයිය ගගහ ඉන්නව.
ආතල් එකක් නං ගත්තෑකි. ඒත් මුන් එක්ක හිටියොත් නිශාධිට කෝල් එකක් ගන්න බැරි වෙනව. පුලුවන් තරන් මේ සම්බන්ධෙ ගැන අඩු ප්‍රචාරයක් දීගන්න තිබ්බ නං සේපෙ ඉඳතෑකි. මොකද නිශාධි එක්ක යාලු උනාට ආතල් ගන්න බෑ වගේ මතයක් ඉස්සර ඉඳන්ම අපේ උන්ගෙ ඔලුවෙ තිබ්බ. ඒ කියන්නෙ රාගයෙන් තොර ආදරයක්. ලොකෙ චාටර්ම දේ.
ඉතින් ඒ දිහාවට යන්නැතුව අර ලස්සන බස් එකට නැගල ගෙදර ආව කොට කොට. ඇවිල්ල කෙලින්ම කාමරේට ගිහිල්ල ෆෝන් කාඩ් එකකුත් දාගෙන කෝල් එකක් ගත්තා නිශාධිට.
"යොහාන්.. කියන්න"
"නිකං ගත්තෙ. කෑවද දවල්ට. මම මේ ටවුමට පොඩ්ඩක් ගිහින් දැන් ගෙදර ආව. දැන් මේ කන්න හදන්නෙ"
"මම කෑව ඔයත් කන්න. අද මට ආපහු කතා කරන්න වෙන එකක් නෑ යොහාන්. අපි අද මාමලගෙ ගෙදර යනව.එහෙ කරදරයක්ලු. රෑ වෙයි එනකොට. ඔයා ගොඩක් රෑ වෙනකං ඉන්න එපා නිදාගන්න."
"අවුලක් නෑ මම ඉන්නම් ඔයා පරිස්සමට ගිහිල්ල එන්නකො."
ඔහොම ටිකක් වෙලා කතා කරල ගියා කන්න දවල්ට. බත් එකත් බෙදාගෙන අරගත්තු cd එකක ෆිල්ම් එකකුත් බල බල කෑව. A/L කාලෙ ඉඳන්ම විනාඩි 8යි තත්පර 32න් කාල ඉවර කරන්න පුලුවන් බත් පිඟාන කන්න, පැය 1යි විනාඩි 45 ක විතර ෆිල්ම් එකක් ම බලපු සක්කිලි ගතිය මට තිබුණ.
ඉතින් උඹලටත් ඒ පුරුද්ද තියෙනව නං ෆිල්ම් එකක් බලන්නැතුව පොතක් කියව කියව කාපං. ඔවදනක් හොඳේ.
කාල බීල ෆිල්ම් එකත් බලල ජීවිතේ ගැන කල්පනා කරන්න ගත්ත ඇඳට වැටිල. ඒක තමයි ආතල්ම වැඩේ. සැපට බඩ පැලෙන්න කාල කාල මෙලෝ සිහියක් නැතුව ජීවිතේ ගැන කල්පනා කරන එක.
නිශාධිගෙ හැඩරුව කියන්නත් බැරි උනානෙ ඉතින්. නිශාධි මට වඩා කොටයි. සාමාන්‍යෙන් අඩි 4'5 ක් විතර.හැබැයි හොඳට පිරුණු ඇඟක් තිබ්බ. කොල්ලො උනත් එයා දිහා බැලුවට ටෝක් කලේ නැත්තෙ එයාගෙ මනසෙ දුවන්නෙ අධ්‍යාපනේ විතරයි කියල හිතල. මොකද නිශාධි හෙන උනන්දුවෙන් ඉගෙන ගත්තු කෙනෙක්. කවුද දන්නෙ මම ගැන මෙහෙම හිතන් හිටිය කියල.
නිශාධිගෙ අම්මගෙ නම කාන්ති. එයයි අපේ නැන්දයිත් පොඩි කාලෙ ඉඳන්ම යාලුවො. අපේ නැන්දගෙ නම නිලානි. ඉතින් ඉස්සර ඉඳන්ම මේගොල්ලො එකට ට්‍රිප් යනව වගේ කතා මට නැන්ද කියල තියෙනව.
ඉතින් ටිකක් වෙලා හිතුව හොඳට ළඟ ළඟ සිද්ධ උනු දේවල් ටික.
ඊයෙ සීන් එකෙන් පස්සෙ පොඩි දෙයක් හිතේ හොල්මන් කරන්න ගත්ත. නිශාධි මට ආදරෙයි කිව්ව. මමත් එයාට කැමති කිව්ව. නිශාධිට මම කැමති උනත් ඒක ආදරයක්ද කියල සැකයි මට.
"පුතා ඔයා ගෙදරද"
නැන්ද කතා කරනව ඇහුන පහල.
"කියන්න නැන්දේ" කියාගෙන මමත් පහලට ගියා.
"පුතා අපි යනව නිශාධිලගෙ මාමව බලන්න. ඇක්සිඩන්ට් වෙලාලු. එයාල වෑන් එකක් කතා කරගන්නම් කිව්ව අපිත් යනව නං. ඔයා එනවනං එන්න. රෑ වෙද්දි එන්න පුලුවන් වෙයි කිව්ව ආපහු."
ඩෙන්ඩ ඩෙනා නා ඩෙන ඩෙන ඩෙන්ඩ ඩෙනෝ....
ගැම්මට
ඩෙන්ඩ ඩෙනා නා ඩෙන ඩෙන ඩෙන්ඩ ඩෙනෝ
අත් උස්සල.

මේවනෙ අඩේ නිව්ස්. මෙහෙම පොට්ට චාන්ස් හම්බෙන්න නං ඉතින් පෙර ආත්මෙක පන්සලක් වත් හදල දීල තියෙන්න ඕනෙ.
"ආ යමු නැන්දෙ. මටත් වෙන වැඩක් නෑනෙ කරන්න." මම සේප් එකේ කිව්වෙ මල්සරා වගේ ආතල් එකේ කිව්වොත් නැන්දට සැක හිතෙයි කියල හිතල.
"මම කියන්නං කාන්තිට එහෙනං." කියාගෙන නැන්ද ගියා.
මමත් සැනිකෙට උඩට ඇවිල්ල ලෑස්ති උනා.
විනාඩි 5කින් විතර නිශාධිගෙන් කෝල් එකක්.
"මෝඩයො ඔයත් එනවද අපිත් එක්ක යන්න."
"යෑස් මැඩම්. කුළුඳුල් ප්‍රේමවන්තිය සොයා ආවා රැයේ"
"මෝඩය මෝඩය මෝඩය. රස්තියාදුකාරයෙක් වගේ ඇදන් එන්න එපා. ලස්සනට ඇඳන් එන්න. මං තියනවා ලෑස්ති වෙන්න යනව."
"හරී" කියල මමත් ෆෝන් එක තිබ්බ.
උම්මා අනං මනං නැත්තෙ තාම යාලු වෙලා දවසයි නෙ ඕයි.
ඉතින් 6ට විතර පොඩ්ඩක් හවස් වෙලා තියෙද්දි වෑන් එක ආව අපේ ගේ ගාවට. මාමව බලන්න යනව කිව්ව්ට නිකං නෑගම් යනව වගේ බඩු ගොඩ ගහල වෑන් එකේ. වෑන් එකේ හිටියෙ නිශාධියි එයාගෙ අම්මයි තාත්තයි වෑන් එක එලවන පොරයි විතරයි. නිශාධිගෙ තාත්ත ඩ්‍රැයිවර් ලග සීට් එකේ එහාපැත්තෙ ඉස්සරහම යනව ටයිටැනික් නැවේ කැප්ටන් වගේ. අම්මත් ඊට පිටිපස්සෙ එකේ. නිශාධි පිටිපස්සෙම. මැද්දෙ සීට් එකේ බඩු ගොඩ ගහල.
අපේ නැන්දත් පට්ට කටර් එකක් නිසා නිශාධිගෙ අම්ම එක්ක සෙට් වෙලා කයියක් ගහන්න ඉස්සරහින් වාඩි උනේ මාව පස්සට දාල.
දැන් නිශාධියි මමයි විතරක් පිටිපස්සෙ. අපිට ඉස්සරහ සීට් එකේ බඩු ගොඩගහල නිසා අපිව එච්චර මීටර් වෙන්නෙත් නෑ. අපි පොඩි කාලෙ ඉඳන් යාලුවො නිසා අපි ගැන බයක් හිතෙන්නෙත් නැතුව ඇති.
මමත් කලින් මිස් උනු චාන්ස් එක මේකෙන් අල්ලනව කියල හිතාගෙන ගේමට එන්ටර් වෙන්න හිතාගත්ත.
ඔන්න දැන් ටයිටැනික් නැව පිට වුනා මාමලගෙ ගෙදර. නැවේ රොමෑන්ටික් ස්ටෝරි එක ඊළඟ කොටසින්.