පළමු ආදරය❤️

පළමු ආදරය❤️

DK

( 53 කොටස Written By DK 🌼)

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

52 වැනි කොටස

https://telegra.ph/%E0%B6%B4%E0%B7%85%E0%B6%B8-%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA-10-24


( 53 කොටස Written By DK 🌼)




ට්‍රිප් එක දා ගත්තේ දෙසැම්බර් මාසේ........

අවුරුද්දේ අග නම් තමා ඒත් ඉතින් මේ අවුරුද්දේ යන්නම ඔනේ කිව්වා නිසා මේ මාසේ දා ගත්තා........

යන්නේ නම් තැන් දෙකක යනවා මුලින්ම නුවර දළදා මාළිගාවට යනවා ඊට පස්සේ යනවා ගාල්ලේ...........


දවස් 3 ක ට්‍රිප් එකක්


මෙහෙන් යන ගමන්ම දළදා මාළිගාවට ගිහින් එහෙන්මම යනවා ගල්ලේ.......


කට්ටියම කිව්වේ Beach යන්න ඔනේ කියලා 

කට්ටියම කිව්වේ ගෑණු ළමයි ටික මාත් ඇතුලුව


Beach එක තමා ප්‍රධානම තැන.....

ඊට අමතරව තව යනවා කිව්වා.......



දවස් තුනක් නිසා මරු.......



ඔහොම ට්‍රිප් එක ගැන කතා කරලා අයියලා ගියා ගෙදර...........




උදේනම කැම්පස් යන්න ඔනේ.........


නැගිටලා කැම්පස් යනවා ගෙදර එනවා කනවා නිදා ගන්නවා.....

ඕක තමා දෛනික ජීවන රටාව මගේ........


අලුතින්ම ඇඩ් උනා මලක් කඩන එක තමා.........



මේ මාසෙත් ඉවර වෙලා දෙසැම්බර් මාසේ ආවා.......


වෙනස් උනේ අක්කා කැම්පස් Out වෙන එකයි අපි දෙන්නා 2nd Year එක උන එක තමා



සතුටින් කාලේ ගෙවිලා ගියා.......


ටිකෙන් ටික ට්‍රිප් එක යන දවසත් ලං උනා........


අම්මාගේන් අවසරේ ගන්න බටර් ගාලා ගාලා බොහොම අමාරුවෙන් කැමති කර ගත්තා........


අම්මලා කොහොමත් බර බරේ දානවානේ අනික දවස් තුනක් නේ.........



ගෙදරින් කොහොම හරි කැමැත්ත අරන් චතූ ගේ ගෙදරිනුත් කැමැත්ත අර ගත්තා.......

චතූගේ අම්මා නම් මම යන නිසා මගේ විශ්වාසෙට යන්න කිව්වා............



ඒ නැන්දටත් තේරෙනවා මම විශ්වාස කරන්න පුලුවන් කෙල්ලෙක් කියලා........


ඒකට අපේ අම්මලා චතූ තමා හොදම.......


කමක් නෑ කමක්.නෑ ඔහොම යන්කෝ.........



අනිද්දා තමා ට්‍රිප් එක යන්නේ.....


අපි අද කැම්පස් ගිහින් එද්දි අයියයි පොඩී ඇවිල්ලා හිටියා........


පොඩී කියන්නේ කාවින්ද අයියා ගෙදරට පොඩී කියලා කියන නිසා මම එහෙම කියන්නේ


රුසිරු අයියාට ලොකූ කියලා කියන්නේ.........



අත් දිග ෂර්ට් එකට කලිසම යට කරලා Office කිට් එකෙන් මාර අමුතු හැන්ඩි ලුක් එකක් තියෙන්නෙ අයියගේ........


මම ටිකක් වෙලා බලන් හිටියා එයා දිහා වශිවෙලා වගේ........


හතරදෙනාම කාර් එකෙ නැගලා ආවා පොඩි රෙස්ටුරන්ට් එකකට........


රෙස්ටුරන්ට් එකට ඇවිල්ලා කාලා ඉවර වෙලා අපි ගියා පාර්ක් එකක් වගේ එකකට........



පොඩී චතූ අනික් පැත්තට යද්දි අපි දෙන්නා ළඟ තිබ්බ බංකුවෙන් ඉද ගත්තා.......


මගේ එහා පැත්තෙන් ඉදගෙන මංදිහාම බලන් ඉන්නවා.....



මොකද මේ..........



ඇයි........



ඔහොම බලන් ඉන්නේ........



ඇයි බලන් ඉන්න එපා ද



එහෙම නෙමේ.......



බලන් ඉන්න එපා නම් කියන්න........



එහෙම නෙමේ අනේ....



ඔයා දිහා බලන් ඉන්න හිතෙනවා.....



ආආ එහෙමද......



හ්ම්ම්ම්ම්ම් ඔව් අනේ.....



බලන් ඉන්නකෝ එහෙනම්......



මැණික........



හ්ම්ම්ම් කියන්න........



අම්මාලා යන්න කිව්වද ට්‍රිප් එක........



අම්මෝ පුදුම බටර් පාරක් ගෑවේ අයියේ..........



ඒ ඇයි ඒ.....



යන්න එපාමයි කිව්වේ......



ඊටපස්සේ 



මම කියලා කියලා තමා යන්න කිව්වේ.......

තාත්තා අවුලක් නෑ අම්මා තමා......

අනික අයියා දවස් තුනක් නේ



අම්මලා එහෙම නම් තමා කෙල්ලොන්ට......

ඔව් දවස් තුනක් නම් තමා.......



එකනේ අයියේ......



අපේ අම්මට ඉතින් කෙල්ලෝ නෑනේ.....




ඉස්සර නෑ තමා අයියේ.......... දැන් ඉන්නවා දෙන්නෙක්......




අහ් ඔව් ඔව් එක ඇත්ත.......

දැන් අපි බෑණලා වෙලා ඔයලා දෙන්නා දුවලා වෙයි.........



අම්මා ආස ඇති නේ දුවලට.........



හ්ම්ම්ම් මල්ලි නංගි කෙනෙක්ට ආසයි වගේම තමා දුවෙක්ට ආසයි අම්මා......



දැන් ඉතින් එක්කෙනෙක්ට දෙන්නෙක් ඉන්නේ.........



ඔව්.......



ඔයා ආස දුවෙක්ට ද පුතෙක්ටද.......



එහෙම නෑ දෙන්නටම ආසයි දෙන්නම අපේ නේ.......



එක ඇත්ත........



අපේ ගෙදර යන් දවසක.......

චතූවත් එක්කගෙන්.......



මරු.........



ඇයි.........



අම්මා හතරදෙනාටම ගහලා පන්නයි.........



එහෙම නෑ 

අම්මා කැමති වෙයි දෙන්නටම........



එහෙමද.......



ඔව් අපි දෙන්නටත් වඩා ආදරේ කරයි ඔයාලට.......



එහෙනම් යන්.......



යන්නකො ඉක්මනටම.......



අපෙ අම්මලා කැමති වෙයිද......



මොකටද



මේ සම්බන්දේට.........



මම හිතන්නේ කැමති වෙයි මොකද අකමැති වෙන්න හෙතුවක් නෑ නෙ.......



හ්ම්ම් එක ඇත්ත......


මම එහෙම කියලා අයිය්ගේ අත වගේ මගේ අත් දෙක දාලා මම එයාගේ ඇගට හේත්තු උනා.......



අයියේ.......



කියන්න......




අර එදා අක්කගේ ආච්චිගේ මළගෙදර ගියාම අපේ තාත්තා අම්මා අක්කා ආවේ......



හ්ම්ම්ම් ඔව් 



එදා එයාලා යද්දි ඔයාට අපේ තාත්තා මොකක්ද කිව්වේ........ අර පිටටත් තට්ටුවක් දාන ගමන්.......



අහ් ඒකද.....



ඔව්.......



ඔයාලගේ තාත්තා කිව්වේ......

අපේ සුදූට හොද අයියලා ටිකක් ඉන්නවා සහෝදරයෝ වගේ.....

මම ඒක දැක්කා මම මේ හිටපු ටිකට.....

මට ඒකට සතුටුයි......

පුතේ...... එයාගේ ඉස්සර ඉදන්ම තිබ්බ හීනය්ක් මේක...... මේ කැම්පස් එකට එන එක......

මම අකමැති උනෙත් නැත්තේ එකයි පොඩි කාලේ ඉදන්ම තිබ්බ එකක් ඒක.......

මෙහෙ ඉන්න ටිකේ පොඩ්ඩක් එයාව බලනවද පුතේ එයාව......

මම ඔයාටම කියන්නේ මට ඔයාගෙන් දැනුනා ඒක.....



ඔය ටික කිව්වේ ඊටපස්සේ මම කිව්වා......



අනේ එක මොකක්ද තාත්තේ........

මම එයා ගැන බලන්නම්.........

තාත්තා බය වෙන්න එපා....... 



අහ් ඔයා තාත්තා කියලා කිව්වද.......



ඔව්.....



මොකුත් කිව්වෙ නැද්ද.....



නෑ එයා ඒකට කැමති වගේ.....



හරි හරි....... 

හරිම කෙනාට තමා කියලා තියෙන්නේ ඒක......



ඒක ඇත්ත සමහරවිට තාත්තට හිතුනද දන්නේ නෑ නෙ......

මම ඔයාට කැමතී කියලා.....



කියන්න බෑ බබෝ........

මම එහෙම කියද්දි එයා....





එයාගේ තොල් මගේ නළල උඩින් තියලා ආදරේ පිරුණු හාදුවක් දුන්නා.......

ඒ ආදරේ පිරුණු හාදුව මම විදින ගමන් එයාට තවත් තුරුල් උනා.......




ටිකක් වෙලා කතා කර කර ඉදලා පොඩී චතූ ආවා........


 


අපි යන් අයිස්ක්‍රීම් කන්න........පොඩී පොඩි එකෙක් වගේ මූන ඇල කරන් අපි දිහා බලන් කිව්වා......




අපි දෙන්නත් යන් කියලා නැගිට්ටා.......





අයිස්ක්‍රීම් ලොරිය ගාවට ගිහින් චොක්ලට් අයිස් කෝන් හතරක්ම ගත්තා අයියා......


මොකද අපි හතරවෙනාම චොක්ලට් පෙරෙතයෝ......



අපි ආවා බංකු පැත්තට ඇවිල්ලා ඉදගෙන ඒක කෑවා.....



අයියා මල්ලිලා එයාලගේ Girlfriend එක්ක මෙහෙම ඉන්න එකත් මාරයි මොකද සමහර ගෙවල්වල් සහෝදරයෝ මෙවාට කැමති නෑ නැත්තම් යාලු වෙලා ඉන්න කෙනාට කැමති නෑ ඒ වගේ පොඩි පොඩී සීන් තියේනේ ඒත් අපිට එහෙම නෑ.......



කලා කට්ටියම ගෙදර එන්න ආවා.......



අයියලා අපිව ගෙදරට දාලා එයාලත් ගෙදර ගියා.......



අපි දෙන්නත් ඇග හොදාන් කාමරේට ඇවිල්ලා හෙට කැම්පස් නැති නිසා කැම්පස් එකෙ වැඩ ටිකත් පොඩ්ඩක් බලන් එමාගෙනුත් අහලා අනිද්ද යන එක ගැන නිදා ගන්න් ආවා.......







ඉස්සෙල්ලම කියන්න ඔනේ සමාවෙන්න මට කතාව දාන්න බැරි උනා...

හේතුව මම අසනීප වෙලා හිටියේ මේ දවස් ටිකේ..........

අසනීප උනත් කතාව දන්න ඔනේ නිසා මම මේ දැම්මේ......

ඒ වගේම කතාව දන්නේ නැද්ද කියලා මගේ Inbox අවා අයටත් Comment Group එකේ අහපු අයටත් මට අසනීපයි කියලා දැනගෙන කතා කරපු අයටත් ගොඩක් Thank You.....

මං ගැන හොයලා බලනවට........ආදරෙයි ගොඩක්❤️❤️❤️❤️❤️❤️



අසනීප අස්සේ කතාව Type කරලා දැම්මේ අමාරුවෙන් ඒක නිසා Comment එකක් දාන් යන්න........

කතාව ගැනත් Comment එකක් දාන්න.........

🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼







Report Page