පිස්සු හැදෙයි සඳ බැබළෙයි 😼💗

පිස්සු හැදෙයි සඳ බැබළෙයි 😼💗

Nadu 💕

33 කොටස (අවසානයට පෙර කොටස)

පිස්සු හැදෙයි සඳ බැබළෙයි 😼💗


33 කොටසට



ගෙදර ගියපු ගමන් කෙලින්ම ගියේ කාමරේට



ඇතුළට ගියා විතරයි ෆෝන් එකේ සිහියෙන් ගිහින් අතේ තිබ්බ බෑග් එක ටේබල් එක උඩින් තියද්දි ඒක ආයෙම බිම...බිම වැටුන එක අරන් තියන්න හදද්දි දැක්කේ බිම හිටපු පොඩි සතාව



කෑගහපු පාරට අම්මයි මල්ලියි දෙන්නම මෙතන



"මොකද ඕයි"



"මේ..."



"මොකද ළමයෝ කෑගහන්නේ"



"මේ කැරපොත්තෙක් අනේ"



"😂"



අම්මා මටත් ගස්සගෙන යද්දි මේ බූරු පුතා මෙතන හිනා වෙනවා



"මොකද තමුසෙ හිනා වෙන්නේ"



"ඊයා ඕයි තමුසෙ නම් 😂"



"මේ මේකව අයින් කරනවකෝ"



"😂"



"අයින් කරනවකෝ වදේ මේකව"



"ඉන්නවා ඔහොම"



ගාගෙන කැරපොත්තාවත් අයින් කරලා බොරුවටත් එක්ක හිනා වෙවී ඒ මෝඩයා ගියේ...පිස්සු තියන්නේ මහ




________________________________________________


.


.


.


.


.



හිතා ගන්නත් බෑ වගේ...මාස ගානක් අවුරුදු ගානක් ගෙවිලා ගිහින්...




අද ඉරිදා නිවාඩු දවස නිසා ටිකක් වැඩිපුර නිදාගන්න හිතාගෙන හිටියට මොකද උදේ පාන්දර මහසෝන් යක්ෂණී වගේ අපේ ගෙදරට පාත් වුන මගේ අතිජාත මිත්‍ර රත්නය නිසා මගේ නින්ද ලෙෆ්ට් වෙලාම ගියා...නින්දට බායි කියලා ඒකි ඇවිත් මාව ඇහැරවද්දි අටට විතර ඇති




"මොකක්ද වදේ...නිවාඩු දවසටවත් ටිකක් නිදාගන්න දෙන්න බෑද"




"අනේ උඹේ නිවාඩු දවස...අනිත් දවස්වලටත් නැගිටින්නේ අටත් පහුවෙලා නේද...පුදුමයි උඹව තාම ඔය ජොබ් එකේ තියන් ඉන්නවා"



"අනේ මේහ් එහෙම කියන්නෙපා ඉතින් පව්නේ...මාව අයින් කරන්නේ නෑ එහෙම ලේසියෙන්...මාව අයින් කරොත් ඉතින් ආයේ අලුතින් සෙකට්‍රි කෙනෙක් හොයාගන්න වෙනවනේ"



"උබේ බාප්පගේ කම්පැනි එක කියලා හිතාගෙනනේ යන්නේ"



"හිතාගන්න දෙයක් නෑනේ බන් ඉතින්...මගේ මොකද ජනිත්ගේ මොකද...උගේ බාප්පා කියන්නේ මගෙත් බාප්පා තමා...එතකොට ඉතින් ආයේ ඒකේ හිතන්න දෙයක් නෑනෙ...එයාගේ බාප්පගේ කම්පැනි එක කියන්නේ ඉතින් මගේ වගේ තමා"



"අනේ මේහ් උඹත් එක්ක කියවන්න ගියොත් ඉවරයක් නෑ...කෝ බන් උබලගේ අම්මලා"



"දැන්ද උඹට ඒක මතක් වුනේ...ඒ දෙන්නා ගියා උදේ පාන්දර කොහෙද මන්දා මළගෙදරක ද කොහෙද"



"නැගිටලා ලෑස්ති වෙයන්කෝ ඉක්මනට"




පිස්සු හැදෙයි සඳ බැබළෙයි

උදේ පාන්දර ඇවිත් මගේ නින්දත් කඩලා දැන් මොන මලදානෙක යන්නද දන්නෑ ලෑස්ති වෙලා



"ඒ පාර කොහෙ යන්නද ලෑස්ති වෙයන්කෝ ගාන්නේ"



"ලෑස්ති වෙයන්කෝ"



"උබ නම් මහ මල ඇණයක්...නිවාඩු දවසෙවත් ගෙදර ඉන්න නෑනෙ"



ඒකිටත් බැන බැනම ගියේ වොෂ් එකක් දාගෙන ලෑස්ති වෙන්න...



අම්මටත් කෝල් කරලා කියලා දෙන්නත් එක්කම යන්න හැදුවේ...ලෑස්තිවෙලා ගේට් එක ගාවට යන්න හම්බුනේ නෑ අර ගෙදර ඉන්න නසරානියා බෙරිහන් දෙනවා උගේ කාමරේ ඉඳන්



"මොකද බන් අරූට වෙලා තියන්නේ"



"කවුද බන් දන්නේ...හිටපන්කෝ පොඩ්ඩක්"



කියාගෙන එළියට තිබ්බ අඩිය ආපිට ගේ ඇතුළට තියලා කෙලින්ම ගියේ උගේ කාමරේට



"මොකද ඕයි ගිරිය කඩන් බෙරිහන් දෙන්නේ"



"මගේ චාජර් එක කෝ"



"මං දන්නවද ඒක"



"අනේ හොයලා දෙනවකෝ"



දෙන්න පුළුවන් මුගේ හොම්බයි කටයි බොම්බයි මොටයි වෙන්න...යන්න ගියපු ගමනත් දාලා දුවන් ආවේ මුගේ මගුලේ චාජර් එක හොයන්නද යකෝව්



"මං මේ ගමනක් යන්න හැදුවා විතරයි...හොයාගන්නවා ඕක"



"කොහෙද යන්නේ...කාත් එක්කද යන්නේ"



"මං දන්නෑ...ආශි ආවා"



"පරිස්සමෙන් ගිහින් එනවා එහෙනම්"




මල්ලිටත් යන්නම් කියාගෙන සුබ මොහොතින් එළියට බැස්සා...වැඩක් නෑ මොහොත සුබයි කියලා නම් කියන්න් බෑ.. එළියට බහිද්දිම ඉස්සරහා ගෙදර රොයිටර් එක මේ පැත්තට හැරවිලා



"ගුඩ්මෝනින් දුව"



කතා කරද්දිත් කතා නොකර යන එක හරි නෑනෙ ඉතින්...ඒක නිසා විරිත්තගෙන කතා කරේ



"ගුඩ්මෝනින් ආන්ටි"



"කොහෙ හරි යන්නද"



"ඔව් ආන්ටි"



"ගොඩක් දවසකින් දැක්කේ...එක පාරට අඳුරගන්නත් බැරි වුනා මට"



අනේ මේ ගෑනිගේ වාචාල කටේ සද්දේ යකෝව්...අඳුරගන්න බැරි වුනාලු ගාන්නේ හොඳට ඇස් දෙකම මෙහෙට දාගෙන ඉඳලා...ඒ මදිවට ගොඩක් දවසකින්ලු දැක්කේ...හැමදාම උදේට මාව දකිනවා නේද යකෝව්



ලාවට හිනාවක් දාලා ගිහින් එන්නම් කියන්න කට හදද්දිම,



"කෙට්ටු වෙලා ද මන්දා මේ ළමයා දැන්"



ඔව් ඔව් කෙට්ටු වෙලා කන්න නෑනෙ අපිට...ගෙනත් දෙන්න බැරි වෙයිද දන්නෑ කන්න මුකුත්...අතුගාන්න ආවා නම් ඒක කරපන්කෝ ගෑනියේ



ඒකටත් හිනාවක් දාගෙනම දැන් නම් යනවාමයි කියලා කියන්න හදද්දි ආයෙම,



"මං හිතුවේ ගෙදර කවුරුත් නැතුව ඇති කියලා...පාන්දර වාහන සද්දෙකුත් ඇහුන නිසා"



ඔය පේනවනේ ඕනෙ නැති දෙයක් නෑ මේ ගෑනිටත්...මෙයාට මේ දැනගන්න ඕනෙ අම්මලා කොහෙද ගියේ කියලනේ...කෙලින්ම ඇහුවා නම් ඉවරයිනේ ඉතින්...නිකන් මොකටද වටේ යන්නේ



"අම්මලා ගියේ උදේ...මල්ලියි මායි ඉන්නවා...මං ගිහින් එන්නම් ආන්ටි"



"ආ කොහෙද ගියේ අම්මලා"



ර්...

මේ ගෑනිට සිංහල තේරෙන්නේ නැද්ද යකෝව්...අතේ තියන කොස්ස අරන් ඒකෙන්ම ඔලුවට ගහන්න හිතෙනවා දැන් මට



"මළගෙදරක"



"ගොඩක් දුරද"



"දන්නෑ ආන්ටි...ගිහින් එන්නම් මං...පරක්කු වෙනවා"



කියාගෙන ආශිවත් ඇදගෙන දුවගෙනම ආවේ තව අහන්න ප්‍රශ්න වැලක් ඔය ගෑනිගේ කටට එනවා කියලා හොඳටම දන්නැ නිසාමයි



හති දාගෙනම දෙන්නත් එක්ක බස් හෝල්ට් එකට ආවේ



"අම්මෝ ඕයි...මහන්සියි යකෝව්"



"ඕන්නැති දෙයක් නෑනෙ අර ගෑනිටත් මහ"



එයාටත් බැන බැනම විනාඩි විස්සකින් විතර දෙන්නම ටවුන් එකේ



"දැන්වත් කියපන්කෝ මොකටද එක්කන් ආවේ කියලා"



"යමන්කෝ"




ර්...

කොහෙද යන්නේ කියපන් ගෑනියේ




මාවත් ඇදගෙන ගිහින් නැවතුනේ කොෆි ෂොප් එකක් ගාව...මාව එළියේ දාලා ඒකි ඇතුළට යද්දි මාත් ඒ පස්සෙන්ම ඇතුළට ගියේ මොන නැටුමකට ආවද දන්නෑනේ කියලා හිත හිතා




මම ඕවා මේවා හිත හිතා උඩ බලන් ගිහින් නැවතුනේ ආශිගේ ඇගේම හැප්පිලා...




මේකි ඇස්වලින් වාඩිවෙයන් වගේ එකක් කියද්දි මං බැලුවේ එහා පැත්තේ ටේබල් එක දිහා...ඒකේ එකෙක් වාඩිවෙලා ඉන්නවනේ යකෝව්




ආයෙම ඇස්වලින් ඔතනින් වාඩිවෙයන් ගෑනියේ වගේ එකක් කිව්වත් මං තාම කටත් ඇරන් මෙතන බලන් ඉන්න නිසාද කොහෙද ඇදගෙනම ගිහින් මාව එතන වාඩිකරවලා මේකිත් මට එහා පැත්තේ අර බෝයිට ඉස්සරහින් ඉඳගන්න ගමන් මේකි හිනාවක් දාගෙනම,



"සොරි විහේන් පරක්කු වුනා ටිකක්"



ගාද්දි ඉස්සරහා ඉන්න එකා දත් සෙට් එකම පෙන්නලා විරිත්තගෙන,



"කමක් නෑ ආශි...මාත් එච්චර වෙලා නෑ ඇවිත්"



පිස්සු හැදෙයි සඳ බැබළෙයි

මොකක්ද යකෝව් මෙතන වෙන්නේ




කන්ෆියුස් උන්ගා බුන්ගා වෙලා එහා පැත්තේ ඉන්න එකී දිහා බලද්දි ඔහොම බලන්න එපා යකෝ වගේ බැල්මක් දාලා අතත් කෙනිත්තුවා මගේ...රිදුනා ඒක නම්



"හෂී මේ මං ඔයාට කිව්වේ අර..."



කොහෙද යකෝව් මට කිව්වේ...යන්නේ කොහෙද අහද්දි ඒකවත් නොකියා නේද මාව එක්කන් ආවේ



කට ඇරලා මූ ඉස්සරහම කවුද කියලා අහන්න බැරුකමට අසරණ ලීලාවෙන් මේකිගේ මූණ දිහා බලන් ඉද්දිම මගේ වාසනාවට ද මොකටද මන්දා ඉස්සරහා ඉන්න මෑන්ස්ට කෝල් එකක් ආවේ



"මට විනාඩියක් දෙන්න ආශි"



ගාගෙන මෑන්ස් නැගිටලා යද්දි මෙච්චරවෙලා වහන් හිටපු කට ඇරියා මං



"කවුද යකෝ මේ"



"ඇයි යකෝ මතක නැද්ද උඹට එදා අර අපේ ගෙදර ආවා කිව්වේ මං උඹට"



"කවුද යකෝ...තේරෙන්න කියපන්කෝ"



"මගේ මිනිහා යකෝව්"



පිස්සු හැදෙයි සඳ බැබළෙයි

කවදද යකෝව් මේකි බැන්දේ



"උඹ මටත් නොකියා මූව බැන්දද...කැත වැඩ ඕයි"



"වෙඩිමක් කියවන්න එපා බන් රෙද්දහ්...අර මං කිව්වේ බන් ප්‍රපෝසල් එකක්...මතක්..."



ඉතුරු ටික කියන්න හම්බුනේ නෑ නැගිටලා ගියපු මෑන්ස් ආයෙම දත් සෙට් එකම පෙන්නගෙන හිනාවකුත් දාගෙන එනවා මේ පැත්තට එනවා පෙනෙද්දි කියන්න ගියපු එකට්ග් නැවැත්තුවා මේ ගොනිච්චි


අනේ දෙයියනේ පිස්සු හැදෙන හිනාවක්නේ යකෝව් මුට තියන්නේ...දැන්නේ දැක්කේ නල දතකුත් තියනවා...කොල්ලෙක් හිටියා කියලා මොකද ඔහොම හිනා වෙද්දි මේ අපේ හිත් වුනත් ගැස්සිලා යනවා කියලා තේරෙන්නෙ නැද්ද යකෝව්...වැඩක් නෑ ඒත් ඔක්කොටම කලින් මං කලින්ම හොයාගත්තානේ එක වඳුරු වහන්සේ කෙනෙක්ව...ඒක මට හොඳටම ඇති



වෙලාවට මූට කෝල් එකක් ආවේ...නැත්තම් ඉතින් මෙතනින් යනකන්ම මොකාද මේ කියලා දැනගන්න වෙන එකක් නෑ



දැන් සති දෙක තුනකට කලින් අපේ මේ ආශි කෙල්ලව බලන්න මනමාල බුවෙක් ආවා උන්ගේ ගෙදර...ගෙදරට එන එකාට කැමති වෙන්න ඕනෙ නෑ ඕකා ආපු ගමන් උඹව බැඳගෙන යන්නේ නෑනෙ කියලා ඌ ඉස්සරහට පලයන් කියලා මුන්ගේ ගෙදර මිනිස්සු මේකිට මල් තියලා වැන්දේ නැති ටික විතරයි...එදා නිවාඩුවක් දාගන්න බැරි වුන නිසා මට යන්න බැරි වුනා මුන්ගේ ගෙදර



එදා හවස කතා කරත් මේකිගේ කිසි කැමැත්තක් කියලා දෙයක් තිබුනේ නෑ මං දන්න විදිහට නම්...හැබැයි ඉතින් පස්සේ යම් දෙයක් සිදු වී ඇති හැඩයි...ඒක අහගන්නත් ඉතින් මෙතනින් යනකම් ඉන්න එපැයි...මේකි කිව්ව විදිහට මොනා වෙලා හරි මේකි මූට කැමති වෙලා වගේ...අකමැති වෙන්න හේතුවකුත් පේන්න නෑනෙ ඉතින්...මේ පිස්සු හැදෙන හිනාවට ඕනි එකියක් අහුවෙනවනේ යකෝව්



මං මෙතන මනෝ ගගහා ඉද්දි මේ ලෝකෙට ආවේ ෆෝන් එකේ සද්දෙට...ඔය ඉන්නේ ඉතින් මගේ යක්ෂාරූඪ මනුස්ස පරානේ...කතා කරන්න හොඳ නෑ ඕකත් එක්ක



ඒ වුනාට බෑනෙ...ආන්සර් කරලා කනේ තියාගත්තා විතරයි



"කොහෙද ඉන්නේ"



"මේ මෙහෙ"



"මෙහෙ කියන්නේ කොහෙද"



"කොෆි ෂොප් එකේ...ඇයි"



"කොතනද"



"මේ බෑන්ක් එක ඉස්සරහා...ඔයා කො..."



ර්...

ගොන් මිනිහා...කතා කර කර ඉද්දිම කට් කරානේ...මහ මොන වඳුරෙක්ද මන්දා




"කවුද ජනිත් ද"




"ඔව් ඔව්"




විනාඩි විස්සක් විතර මේ මෑන්ස් එක්කත් කයියක් දාන් ඉද්දි ඔන්න මට පේනවා ඩෝ එකෙන් ඇතුළට පුරුදු රුවක් ඇදෙනවා...සති දෙකකින් විතර දැක්කෙත්



වටේට ඇස් යවලා මාව දැකපු පාර පොර පිඹගෙන ඇවිත් නැවතුනේ අපි හිටපු ටේබල් එක ගාව



මේ මොකාද වගේ බැල්මට් එකකින් මගේ දිහා බාන් ඉද්දි මෝඩ හිනාවක් දාගෙන බැලුවේ මගේ එහා පැත්තේ ඉන්න මගේ ප්‍රාණ සම මිතුරිය දිහා



සට පට ගාලා ඉඳන් හිටපු තැනිනුත් මේකි නැගිටලා,



"විහේන් මේ ජනිත්...ජනිත් මේ විහේන්"



ගාද්දි අර මෑන්ස්ට ලාවට හිනාවක් දාලා මගේ ඉස්සරහින් ඉඳගතිපි මේ මනුස්සයා...අනිත් ඔක්කොමත් එක්ක හිනාවෙවී මී මනුස්සයා මේ ඉස්සරහම ඉන්න මට රවනවා හැටට හැටේ...මොන වරදක් කරාට ද යකෝව් මට රවන්නේ මේ යකා



පොඩ්ඩක් හිටපන්කෝ මේකගේ මොකක්ම හරි වෙනසක් තියනවා වගේ



පිස්සු හැදෙයි සඳ බැබළෙයි

මේ මෝඩයාට කියන සිංහලක් තේරෙන්නේ නැති හැටියක්



ආයිම දාගෙන කරාබුවක් මෝඩයා වගේ



ර්...

දැන් මාසයක් දෙකක් ඇති දාන් හිටපු මගුල අන්තිමට ගලවලා දාපන් කියලා...ඒ කිව්වෙත් කීවෙනි පාරටද කියලා මටවත් මතක නෑ...අදත් දාගෙන ඇවිත් ඒ මගුල



"ගිහින් එන්නම් මචන්"



කියාගෙන මෑන්ස් නැගිටිද්දි මං බැලුවේ මුගේ මූණ දිහා...උඹත් නැගිටලා වරෙන් වගේ එකක් ඇස්වලින් කියද්දි,



"මාත් ගිහින් එන්නම්"



කියාගෙන මෑන්ස්ගේ පස්සෙන්ම එළියට ගියා...හිටපන්කෝ අල්ලගන්න මේ යකාව මං දැන්



මෑන්ස්ගේ පස්සෙන් ගිහින් නැවතුනේ එයාගේ මහ ලොකු වාහනේ ඉස්සරහා



මෑන්ස් එහා පැත්තේ ඩ්‍රයිවින් ශීට් එකෙන් වාඩිවෙද්දි මං මෙහෙන් පැසෙන්ජර් ශීට් එකෙන් වාඩිවුනා...



මෑන් මෙතන ඉඳන් අතින් අල්ලන්න හදද්දිම ගසලා දාලා අහක බලාගද්දි,



"මොකද ඕයි"



රවලා ආයෙම අහක බලාගද්දි,



"මොකද ඕයි වෙලා තියන්නේ"



"මොකටද ඕක ආයේ කනේ එල්ලගත්තේ"



දැන් ඇහෙනවා මට එහා පැත්තේ ඉන්න එකාගේ හැක හැක ගාන ගෙඹි හිනාව...මොන ගෙම්බෙක්ද මන්දා



"😂 කනේ නැතුව වෙන කොහෙද ඕයි එල්ලන්නේ මේක"



"ඕනෙ මගුලක එල්ලගන්නවා එහෙනම්"



කියාගෙන පුළුවන් තරම් රවාගෙන බහින්න් හදද්දි,



"තමුසෙ හරි ලස්සනයිනේ ඕයි රවද්දි"



කියන්නෑ ඉතින් මං තමුසෙට ලස්සන...මෝඩයා



"හරි හරි ඕයි...මේක දැම්මට මුකුත් වෙන්නෑනෙ"



"මං යනවා"



ගාගෙන ආයෙම පාරක් යන්න හැදුවට බෑ මේකත් එක්ක



"හරි හරි...මේ අහනවකෝ"



"මොකද"



"මොකද ඕයි ගහන්න වගේ කතා කරන්නේ...එනවකෝ ළඟට"



ගාගෙන ළඟට ඇදලා අරගත්ත පාර මෑන්ගේ පපුවේ නැවතුනේ...හිතන්නවත් වෙලාවක් නොතියා ඒ තොල්වලින් මගේ තොල් අල්ලගද්දි දෙන්නම විනාඩි ගානකට වෙනම ලෝකෙක වගේ...ඒ පහස ටිකෙන් ටික රළු වෙද්දි මගේ අතින්ම එයාගේ ශර්ට් එක පොඩි වෙනවා මට දැනුනත් මගේ හිතත් ආසා කරා ඒ හැඟීම විඳගන්න



විනාඩි ගානකට පස්සේ ෆෝන් එක රින්ග් වෙනවත් එක්කම ගැස්සිලා ගිහින් එහාට වෙලා බැලුවේ කවුද මගේ ෆැන්ටසිය කෑවේ කියලා



"හෙලෝ අම්මා"



"කොහෙද ළමයෝ ඉන්නේ...මල්ලිත් ගියාද ඔයත් එක්ක"



"එයා ආවේ නෑ...ගෙදර හිටියා මං එද්දි නම්"



"එන්නේ නැද්ද දැන්ම"



"දැන් එනවා"



"පරිස්සමෙන් එන්නකෝ එහෙනම්"



කියලා ෆෝන් එක තියද්දි,



"යන්...මං දාලා එන්නම්"



"එපා එපා...මං යන්නම්"



කියලා මං කිව්වට 'හා එහෙනම් යන්න' කියයි කියලද ඉතින්



එපා කිව්වට මාව ගිහින් දානවාමයි...ඒක හොඳටම දැනගෙනත් මොකක්ද එකකට බොරුවට එපා ගානවා හැමදාම



අපරාදේ ආශිගෙන් කතාව අහගන්නත් බැරි වුනානේ...පස්සෙම අහගන්නවා ඒක...මං ගෙදර යනවා කියලා ආශිටත් මැසේජ් එකක් දාලා මං මේ මෑන්ස් එක්කම ආවා



වෙනදා වගේම අපේ ගෙදරට ටිකක් මෙහායින් වාහනේ නවත්තද්දි,



"පරිස්සමෙන් යන්න"



කියාගෙන බහින්න හැදුවට ඊට කලින් පේනවා ඉස්සරහා හිටන් ඉන්න ඩයල් එකක්



පිස්සු හැදෙයි සඳ බැබළෙයි

පළාතම ගිනි තියයි දැක්කොත් එහෙම ...




________________________________________________




මේක අන්තිම කොටස කියලා හිතාගෙන ටයිප් කරන්න ගත්තට හරි ගියේ නෑනෙ 🥲


අන්තිම එපියෙන් හම්බෙමු ළමයි 🥹💗



𝓝𝓪𝓭𝓾 💕

Report Page