පිස්සු හැදෙයි සඳ බැබළෙයි 😼💗

පිස්සු හැදෙයි සඳ බැබළෙයි 😼💗

Nadu 💕

32 කොටස

පිස්සු හැදෙයි සඳ බැබළෙයි 😼💗


31 කොටසට



දවස් ගනන් සති ගනන් ගෙවිලා යන්නේ හිතන්නෙවත් නැති තරම් ඉක්මනට



එදා අර දවසේ දැක්කත් හරි ආයෙ දැක්කෙම නෑ අර මගේ නපුරු මෑන්ස්ව...දැන් මාසයක් විතර වෙන්නත් එනවා...ගෙදර තත්ත්වෙත් ටික ටික සාමකාමී වීගෙන ආවට මොකද මොකක් හරි දේකට බනින්න පටන් ගත්තොත් නවතින්නේ ලව් එකක් අල්ලගෙන...ඔක්කොමත් හරි ඒ කොල්ලව ගෙදරත් ගෙන්නගත්තා නේද කියලා අම්මා කියවන්න ගද්දි තමා එපාම වෙන්නේ...නැන්දම්මාගේ හිත දිනාගෙන හිටියේ මෑන්ස්...අපරාදේ හැබැයි ඒ මහසියත්...මගේ වාසනාවටද කාගෙ වාසනාකටද මන්දා අම්මා ඔය ගෙදර ආපු සීන් එක තාත්තට කියලා නෑ...කිව්ව නම් ඉතින් අම්මත් ගස් මාත් ගස්




උදේ ඉඳන් රෑ වෙනකම් කන එකයි බොන එකයි නිදියන එකයි ඇරෙන්න වැඩකට කියලා හරියට කරේ දඟලලා දඟලලා හොයාගන්න ෆිල්ම් එකක් බලපු එක විතරයි




අදත් ඉතින් සුපුරුදු පරිදි අම්මගේ කටේ බලේටම වගේ නවයත් පහුවෙලා නැගිටලා පහළට බැස්සේ



මල්ලි මෑන්ස් කුස්සියට වෙලා අම්මා එක්ක මොකක්ද පචයක් කෙලිනවා දාගෙන



"යන්නම් හා නේද"



කොහේ යන්නද දන්නෑ හදන්නේ...මට තමා කොහෙවත් යන්න නැත්තේ...දැන් මාසයක් තිස්සේ මේ ගේ අස්සේ...නිවාස අඩස්සියේ දාලා වගේ හරියට



උගේ ඔලුවටත් එකක් ගහගෙනම මල්ලි මෑන්ස්ගේ එහා පැත්තෙන් ෆැන්ට්‍රිය උඩින්ම වාඩිවෙද්දි අම්මා රැව්වා රැවිල්ලක් ආයේ නෑ ඉතිම්...කවුද අනේ ඔය රැවිලි ගනන් ගන්නේ



"කොහෙද යන්නේ තමුසේ"



"තමුසෙට වැඩක් නෑනේ ඒක"



"ආයේ පටන් ගත්තද දෙන්නා"



"මේ මෙයානේ ඉතින්"



"මං කොහෙද...තමුසෙනේ දැන් මගේ ඔලුවටත් ගහගෙන ආවේ මෙතන"



"ගහන්න හරි ඔලුවක් තියන එක ගැන සතුටු වෙනවා"



කියපු එක ගනන්වත් ගන්නේ නැතුව අම්මා දිහාට හැරිලා,



"තාත්තාගෙන් අහලා කියනවද...හා නේහ්"



"කොහෙද මෙයා යන්න හදන්නේ අම්මා"



ඇහුනේ නැති ගානට එයා එයාගේ වැඩේ...පොඩ්ඩක් ගනන් ගන්න බෑද ඉතින්...වැරැද්දක් වුනා තමයි...ඒක ඉතින් දැන් ඉවරයිනේ...එහෙමයි කියලා මෙහෙම වෙනස්කම් කරන එක හරිද මං අහන්නේ...දුකයිත් එක්ක අප්පාහ්



ඇත්තටම කඳුළු එන එක නම් මහා කරදරයක්...ඇයි වදේ ඕනෙ වෙලාවටයි එපා වෙලාවටයි හැම එකටම පොඩ්ඩක් දුක හිතුන ගමන් ගලාගෙන එන්නේ ගඟ වගේ...ඒකත් ඕනි වෙලාවක නම් නෑ



නහයත් උඩට ඇද ඇද ම ඉඳන් හිටපු තැනිනුත් බැහැලා එන්න හදද්දි,



"මොකද ඕයි"



ගාගෙන ඉස්සරහට කකුල දික් කරද්දි තල්ලුකරලා දාලා කෙලින්ම දිව්වේ කාමරේට



වෙච්ච දේ වෙලා ඉවරයිනේ...ඒකට මෙහෙම කරන්න ඕනිද...මාසයක් විතර තිස්සේ කතා කරන්නෙත් නැතුව හිටියා...මේ මල්ලි කියන ගල් බමුණා නැති වුනා නම් ඇත්තමයි මේ කාමරේ අස්සෙම මැරිලා ගියත් බලන්නවත් එන එකක් නෑ වගේ මේකක් තිබ්බේ



ඒවා කොහොම මොනා වුනත් මං දැන් ඉන්නේ බැල්කනි එකේ...අර අරහේ අම්මත් එක්ක කියව කියව හිටපු එකා ඇඳෙ ඉඳගෙන හති අරිනවා....ඇයි දෙයියනේ මේකා මගේ පස්සෙන් දුවගෙන ආවේ නිකන් මම මැරෙන්න යනවා කියලා හිතාගෙන වගේ



ඔය අස්සේ මගේ මොළේට ආවේ මෙතනින් පැන්නොත් මොනා වෙයිද කියලා...මැරෙන්නේ නම් නෑ ඔලුව කොහෙහරි ඇනුනොත් ඇරෙන්න...අතක් පයක් කැඩිලා තමා නවතින්නේ...ඒ අදහස අතෑරලා දාන එක ඇඟට ගුණයි...මේකෙන් පැනලා අතක් පයක් කැඩිලා එක තැනකට වෙලා විඳවන්න වුනොත් එහෙම...අනේ අම්මේ බෑ




හති ඇරලා ඉවර වෙලා බකපණ්ඩිත මෑන්ස් ඇවිත් එහා පැත්තෙන් හිටගෙන,




"මොකක්ද ඕයි වෙලා තියන්නේ තමුසෙට"




"ඇයි මොකද"




"මොකද අහන්නේ...පොඩ්ඩක් ඇත්නම් කඩාගෙන බිඳගෙන යන්නේ මොකද"



"ඕනෙ නිසා...මට ඉන්න දීලා යනවද යන්න මෙතනින්"



"තමුසෙ එනවද ගමනක් යන්න"



"මං එන්නෑ"


"කොහෙද කියලාවත් අහනවකෝ...පව් අර සිත්මල් අයියා"



පිස්සු හැදෙයි සඳ බැබළෙයි

සිත්මල් නෙවෙයි ගොන්මල්



"මොකටද පව්"



"නෑ නෑ...සිරාවටම එන්න බෑද"



"කොහෙද"



"එනවද නැද්ද කියනවකෝ"



"නෑ එන්නේ නෑ"



"ඔය බලහන් ඉතින්...අරූ පව් කියන්නේ නිකන් ද ඉතින් මං...ඌත් පව් මාත් පව්"



"ඇයි"



"ඇයි අහන්නේ...ඌ අරහේ මට කෑගහනවා ගෙදරට මොනාහරි කියලා එක්කන් වරෙන් කියලා...එක්කන් යන්න හදද්දි මේකි බෑ ගානවා"



මේකා යකෝව්

දෙන්න පුළුවන් හොම්බ කට සමතලා වෙන්න



"ඉතින් දැන් කොහෙද අහද්දි ඒක කියන්නෙත් නැතුව එනවද යනවද අහන්නේ"



"ආයේ ඉතින් මං තමුසෙව අපායට එක්කන් යන්නේ නෑනෙ"



"හරියට බැලුවොත් ඒකත් එක්තරා විදිහක අපායක් තමා"



"😂 එනවද තමුසෙ"



"අම්මා යන්න කිව්වද මට"



"ඔව් ඕයි...තාත්තා ගෙදර එන්න කලින් එන්න ඕනි"



ආයේ ඉතින් මොකට බෑ කියනවද...ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනිනේ...ලෑස්ති වෙලා එළියට බැස්සේ මගේ සුදු මහත්තයාව බලන්න යන්න



"තුන වෙද්දි දෙන්නාම ගෙදර ඉන්න ඕනි"



ගාගෙන පටන් අරන් කන පිරෙන්න දේශනේකුත් අහගෙනම ගෙදරින් එළියට පැනගත්තේ...එකත් පහුවෙලා ගෙදරින් එද්දිත්




පිස්සු හැදෙයි සඳ බැබළෙයි

තාත්තා...




ටවුන් එකට ගියා විතරයි...මගේ වෙලාව නම් මාර සුබයි වගේ



"ඒයි මල්ලි"



"මොකද ඕයි"



"අර බලනවකෝ පාරෙන් එහා පැත්තේ"



"අම්මටසිරි...එනවා යන්න ඉක්මනට"



ගාගෙන යනවා නෙමෙයි දුවනවා...හෙමින් පලයන් බූරුවෝ



අදත් නිකමට හරි දැක්කොත් නම් දෙන්නවම හමගහනවා ෂුවර්



ඇවිත් නැවතුනේ අර මනුස්සයා ගල් පිළිමේ වගේ හිටගෙන ෆෝන් එකත් කනේ ගහගෙන ඉන්න තැන...මොකී එක්කද දන්නෑ මෙච්චර සිරික්කිය දාගෙන කියවන්නේ...අපි එනවා දැකපු පාර ගෝන් එකත් සාක්කුවට දාගෙන මෑන් ඉස්සරහට ආවේ



"උපරිම පැය බාගයයි ආ...තාත්තා දැක්කොත් ඔක්කොම ඉවරයි"



"හරි හරි ඕයි"



ගාගෙන මේ මනුස්සයා මගේ ඇතිනුත් අල්ලන් ඉස්සරහට යද්දි මල්ලි මෑන්ස් හැරිලා ගියේ මොනාද බඩු වගයක් ගන්න ඕනි කියලා



නිදහසේ කතා කරන්න කියලා හිතාගෙන බෙන්ච් එකක් හොයාගෙන ගිහින් වාඩිවුනා විතරයි,



"ආ නංගී"



පිස්සු හැදෙයි සඳ බැබළෙයි

මදැයි නිදහසේ කතා කරන්න කියලා ආවා...නිදහස ලෙෆ්ට් 🥲



සහස්කාරයා කොහෙන්ද මන්දා මෙතන්ට පාත් වෙලා...ආවේ මොකාද බලන්න පිටිපස්ස හැරිලා බලපු මගේ එහා පැත්තේ ඉන්න මනුස්සයත් මූ කොහෙන් මෙතන්ට පාත් වුනාද කියලා හිත හිතා වගේ



"උඹ මොකද මෙහෙ"



"ඇයි අපිට එන්න හොඳ නැද්ද"


ගාගෙන මේකා ඇවිත් අපි දෙන්නව දෙපැත්තට කරලා මැදින් වාඩිවෙලා කියවනවා දාගෙන...මේකා නම් මහ මොකෙක්ද මන්දා



"පස්සේ වරෙන්කෝ දැන් ගිහින්"



"ඔය පේනවනේ බන්...මේකා මේ එක බඩවැල කඩාගෙන ආපු සහෝදරයා වගේ ඉන්න මාව කපලා දාන්න හදන හැටි...කමක් නෑ කමක් නෑ උඹලට හරියනවා නම් එච්චරයි මටත් ඕනි...මං යනවා බන්...උඹලා සතුටින් හිටපන්"



ගාගෙන බොරුවට කඳුළුත් පිහද පිහදා නහයත් උඩට ඇද ඇද ගස්සගෙන යනවා මේ මනුස්සයා...පිස්සු ද මන්දා



________________________________________________



අපේ අම්මා වෙලාවට කලාවට වැඩ...හරියටම දෙකයි වෙලාව...කෝල් එකක් අම්මාගෙන්...එකක් ආන්සර් කරන්නේ නැතුව ඉද්දි තව එකක්...නවතින්නෙම නැති පාර තුන්වෙනි කෝල් එක ආන්සර් කරාම අම්මා,



"කොහෙද ඉන්නේ"



"මේ එන්න හද්දන්නේ"



"කිව්ව වෙලාවට දෙන්නම ගෙදර ඉන්න ඕනි"



ගාගෙන අම්මා ෆෝන් එක තිබ්බේ



"මොකද කිව්වේ"



"කිව්ව වෙලාවට ගෙදර ඉන්න ඕනි ලු"



"කිව්ව වෙලාව කියන්නේ...කීයටද එන්න කිව්වේ"



"තුන වෙද්දි ගෙදර එන්න කිව්වා"



"දෙකත් පහුවෙලානේ දැන්...ඉන්නවකෝ මල්ලිට කතා කරලා බලමු"



ගාගෙන මේ මෑන්ස් මල්ලිට කෝල් එකක් ගද්දි විනාඩි දහයෙන් ඌ මෙතන...ඌත් එක්කම සහස්කාරයත් ඇවිත්



උන් දෙන්නා ඉස්සර වෙද්දි මං තාම මෙතන...මං බලන් හිටියේ ඒ තද කළු පාට ඇස් දිහා



"මොකද ඕයි...කාලා ඉවරද මාව"



කොහෙද ඉතින් රොමෑන්ටික් වෙන්නවත් දන්නවා ඇයි මේ යක්ෂාරූඪ මනුස්සයා...මෑන්ටත් රවාගෙනම,



"මං යනවා"



ගාගෙන හැරෙද්දිම මේ යකා අතින් ඇදලා ගත්ත පාර නැවතුනේ මෑන්ස්ගේ පපුවේ



මගේ නළලට ඒ තොල් තද කරලා,



"පරිස්සමෙන් යන්න"



කියාගෙන මෑන්ස් එහාට වෙද්දි,


"ඔයත් පරිස්සමෙන් යන්න"



ගාගෙන මං යන්න හැරුනේ වයිබ්‍රේට් වෙන ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහාත් බලාගෙනම



අම්මාගේ කෝල් එකත් ආන්සර් කරලා,



"දැන් මේ එන ගමන්"



කියපු පමාවට ඒකත් කට් කරලා මල්ලිත් එක්කම දිව්වේ බස් එකට



යාන්තම් තුනයි කාල පහු වෙද්දි දෙන්නට ගෙදර යාගන්න පුළුවන් වුණා



"පිස්සු හැදෙයි සඳ බැබළෙයි

අම්මාආආආ"


________________________________________________




බලමු තව එකකින් ඉවර කරගන්න පුළුවන් වෙයිද කියලා 🥲



කමෙන්ට් එකක් දාන් යන්න 🙂💗



𝓝𝓪𝓭𝓾 💕

Report Page