පිස්සු හැදෙයි සඳ බැබළෙයි 😼💗

පිස්සු හැදෙයි සඳ බැබළෙයි 😼💗

Nadu 💕

31 කොටස

පිස්සු හැදෙයි සඳ බැබළෙයි 😼💗


30 කොටසට




නිශිනි ගෑනිච්චි

ඇත්තමයි පේන්න බෑ මට මේකිව නම්



කාලෙකට පස්සේ මොන මගුලකටද දන්නෑ මේ කෝල් ගන්නේ



"හෙලෝ"



"හෙලෝ හෂී...මාව අඳුරගන්න පුළුවන් ද"



හෙලෝ හැෂී...යැයි යැයි තමා



අඳුරගන්න පුළුවන් වුනාට කමක් නෑ...ඒකි දැනගන්න ඕනෙ නෑනෙ ඒක...නැත්තම් හිතයි තාම ඉස්සර හිටපු ගොනාමයි කියලා...මුන්ගේ නම්බර්ස් තියන් ඉන්නේ වෙන මොකටවත් නෙවෙයි...මෙහෙම හදිස්සියේ හරි කෝල් එකක් මැසේජ් එකක් ආවොත් මොකාද කියලා දැනගන්න ඕනෙ නිසා



"කවුද කතා කරන්නේ"



"අයියෝ ඔයාට මගේ කටහඬින්වත් අඳුරගන්න බෑද අනේ"



කටහඬින් අඳුරගන්න මේකි මොකියක් කියලද දන්නෑ හිතන් ඉන්නේ...ෆෝන් එකෙන් අත දාලා දෙන්න හිතෙනවා ගොන් වැස්සිට 😑



"බෑනෙ..."



"අයියෝ මං නිශිනි අනේ"



හැයියෝ හැයියෝ තමා...නම ඇහෙද්දිත් දෙන්න හිතයි මෝඩ ගෑනිට



"ආ...කියන්න නිශිනි"




"මේ මං නිකන් ගත්තේ...මොකද ඉතින් කරන්නේ දැන්"



නිකන් නම් ගත්තා වෙන්න බෑ මොකක් හරි අංචියක් අදින්න තමා මේකි කතා කරොත් කතා කරන්නේ



"මුකුත් නෑ...ඉන්නවා ගෙදර"



"ආ මේ...ඔයයි ජනිතුයි ආයේ එෆෙයාර් එක පටන් ගත්තද"



පිස්සු හැදෙයි සඳ බැබළෙයි

ඔය පැන්නේ එළියට



ඕකට තමා මේ මාව මතක් වෙලා තියන්නේ මේ ගෑනිට...මාසයක්වත් ගියේ නෑ මුන් සේරම දන්නවද කොහෙද ඒක...ඕනෙ නැති දෙයක් නෑ මුන්ටත්...හිටපන්කෝ කරන්න හොඳ වැඩක්



"ආයෙ පටන් ගත්තද කිව්වේ"



"නැ ඔයාලා බ්‍රේකප් වෙලා නේහ් හිටියේ...ඒකයි"



"අපි බ්‍රේකප් වෙලා හිටියේ නෑ...බොරුවක් කියලා කවුරුහරි ඔයාට"



"ජනිත්මයි දවසක් කිව්වේ මට"



දෙයියනේ දෙයියනේ හොඳක් වෙන්නෑ මේ මනුස්සයාට නම්...වැහි නැති හෙන වැදෙන්නේ මේ කරන වැඩවලට නම් ඇත්තමයි...මදැයි බොරුවක් කියන්න ගියා...ඒකවත් නිදහසේ කියාගන්න නෑනේ මේ මනුස්සයාගේ වැඩත් එක්ක



හරි දැන් ඌයි මායි බ්‍රේකප් වුනා තමා ඒක මොකටද මේකිට කියන්න ගියේ...ඒකත් වෙන කවුරුහරි කියලා නම් හිත හදාගන්න තිබ්බා...ජැනිත්මැයි දැවසක් මැට කිව්වේ...යැයි යැයි තමා




"හෙලෝ හෂිනි"




"මේ හරියට ඇහෙන්නේ නෑ මට"




"පස්සේ ගන්නම් එහෙනම් මං"




කියද්දිම මෙහෙන් මං කෝල් එක කට් කරලා ඉවරයි...පච වෙන එකේ සීමාවක් නෑනෙ යකෝව්...ඒකත් කර වහන්තරාව ඉස්සරහා



ර්...

එන තරහක් මට...



ඇත්තටම මායි අර යක්ෂ මනුස්සයයි බ්‍රේකප් වුන දවසේ රෑ කෝල් කරාට පස්සෙ ද කොහෙද මේ අද ගත්තේ



එදා අරගෙනත්,



"මේ ඔයයි ජනිතුයි බ්‍රේකප් වුනාද"



අහද්දිත් ගත් කටටම මං



"නෑ පිස්සුද"



අහද්දි ඒකි,



"මොකක්ද හලෝ බොරු කියන්නේ...ඔයාට කොහොමත් එයාව මැච් වෙන්නෙත් නෑ අනේ"



ගාපි ඒ ගෑනි...කටට ආපු හැම වචනෙම කියලා ඒකිට ඒ වෙලාවේ බනිද්දි අන්තිමට ඒකි කලින් කියපු කතාවේ වචන මාරු කරලා,



"අපෝ ඔයාව නම් ජනිත්ට මැච් වෙන්නේ නෑ කොහොමත්"



ගාගෙන තමා ඒකි කෝල් එක කට් කරේ...අනේ හෙනම ගහපන් මේ ගෑනිට



එදායින් පස්සේ ආයේ දැකපු තැනකවත් මාත් එක්ක කතා කරන්න ආවෙත් නෑ...මං කතා කරන්න ගියෙත් නැ



අදත් දැන් මං ඔය බොරු කිව්වට ඒකි දන්නවද දන්නෑ මං කිව්වේ බොරු කියලා...අනේ මට මොකද...අපි නම් තෙමෙයි වැස්සට




ර්...

මතක් වෙද්දිත් තරහයි මට මේකත් එක්ක



පිස්සු හැදෙයි සඳ බැබළෙයි

කෝ අර බිම් බෝම්බ දෙක



එළියට යැව්වා යැව්වමයි ආයේ ආවෙත් නෑ...මටත් අමතක වුනානේ උන් දෙන්නව...උන් දෙන්නට තියන විසෙත් එක්ක උඩ ඉඳන් පහළට පනින්න උනත් බැරි නෑ...පුංචි මාව මරන් කයි මුන් දෙන්නා නැති වුනොත් එහෙම



පහළට යද්දි උන් දෙන්නා ටීවි එක ඉස්සරහට වෙලා මොනාද කනවා...මං මෙතන රත් වෙලා ඉන්නවා...මේ බිම් බෝම්බ දෙක කනවා දාගෙන හොඳට....උන් දෙන්නටත් ගස්සගෙනම උඩට යන්න හැදුවට එයාලා දැන් යන්න හදන්නේ කියලා ඇහෙද්දි ආයේ හැරිලා ගිහින් බොරුවට හිනාවෙවී ඉඳලා එයාලත් ගිහාම ආයේ කාමරේට රිංගගත්තේ



________________________________________________




ඊළඟ දවසේ නම් උදේ නැගිටපු ගමන් මේ පිස්සන් කොටුව වගේ තියන කාමරේ අස්කරන්න කියලා හිතාගෙන ආවට කම්මැලි වගේ...




ඒ අස්සේ අම්මා පහළ ඉඳන් කෑගහනවා ඇහුනට එන්නම් එන්නම් ගගා ඉඳලා අම්මගේ අඩි සද්දේ ළඟ ළඟම ඇහෙද්දි තමා ඔක්කොම පැත්තකට දාලා දිව්වේ...දිව්වට වැඩක් නෑ ළඟටම ඇවිල්ලා ඉවරයි



"මොනවා කරනවද දන්නෑ මේක අස්සට වෙලා...බ්ලා බ්ලා බ්ලා"




අම්මා ඇවිත් පුරුදු තැටියම ප්ලේ කරන්න ගද්දි මට නෙවෙයි වගේ පහළට බැස්සේ...පුදුම වදයක් වුනානේ අප්පා මේකත් මහ



පිස්සු හැදෙයි සඳ බැබළෙයි

මෙයා මොකද මේ...



පහළට යද්දිම පේනවා සෙටියට වෙලා ඉන්න කැම්පස් බුවාව...ඊට එහා පැත්තේ එයා මෙහෙට සම්ප්‍රාප්ත වෙද්දි උස්සන් ආපු බඩු ගොඩ



මේ මොකද කියලා හිතන ගමන් ම පහළට බැහැලා එතන ඉන්න බැරි නිසා කුස්සියට යන්න හදද්දි මගේ පස්සෙන්ම ආපු අම්මා,



"මේ ළමයා යන්න හදන්නේ"



කියනකොට යන්නේ කොහෙද අහන්න වගේ අම්මගේ මූණ දිහා බලද්දි ඉස්සරහා ඉන්න මෑන්,




"මට ඉන්න බෝඩිමක් හම්බුනා චූටි"




ගාද්දි පළවෙනි පාරට චූටි කියද්දි කේන්ති ගියේ නෑ මට...අමුතු තාලේ හිනාවක් දාන් ඉන්නේ...හරියට නිකන් අසරණ වෙලා වගේ එකක් මට පේන්නේ...ඕනෙ එකෙක්ට දුක හිතෙනවා ඒ මූණ දැක්කාම...මොනා කරන්නද ඉතින් මූණ දිහා බලලා හිනාවක් දාලා බිම බලාගද්දි,




"මං ගිහින් එන්නම් ආන්ටි"




ගාගෙන ඇවිත් අම්මට වැන්දේ




"අනේ මන්දා...කිව්වට අහන්නෙත් නෑනෙ මේ ළමයා"



අම්මටත් හිනාවක් දාගෙන මගේ පැත්තට හැරිලා,



"ගිහින් එන්නම් චූටි...මල්ලිට කියන්න මං ගියා කියලා"



කියාගෙන එළියට යන්න හැදුවට කොහෙද ඉතින් මේ අම්මත් එක්ක බේරෙන්න බෑනෙ දාහක් උපදෙස් දීලා ඉවර වුනාට පස්සේ තමා ඒ මනුස්සයට යන්න දුන්නේ...සිරාවටම කෝ දැන් මේ මල්ලි කියන එකා...අර දවස්වල පණ දෙන්න වගේනේ මුන් දෙන්නා හිටියේ




පව් කියලත් හිතෙනවා යන හැටි දැක්කම...නෑ එක්කෝ පව් නෑ...මහ නසරානි මිනිහෙක්නේ...එයා නෙවෙයි පව් මමයි පව්




එයා යනවත් එක්කම ආයේ කාමරේට යන්න හදද්දි ඔන්න ඇහෙනවා අම්මාගේ කතා...ඕක ඇහෙන්න කලින් තමා යන්න හැදුවේ...කොහෙද අම්මා මට කලින් ඉස්සර වෙලානේ




අන්තිමට ඒ මනුස්සයා ඉන්න තැනක් හොයාගෙන මේ ගෙදරින් එළියට බැහැපු එකටත් වැරදිකාරයා වෙලා තියන්නේ මම...අනේ අපි නම් තෙමෙයි වැස්සට



ඕනෙ එකක් කියවලා ඇති වෙන වෙලාවක ඇති වෙයිනේ කියලා හිතාගෙන කාමරේට ගිහින් දොරත් වහගත්තා...දැන් ඉතින් මෙලෝ දෙයක් ඇහෙන්නෙත් නෑ




වහපු දොරත් ඇරගෙන ආයේ එළියට ගියේ මල්ලි කොහෙද බලන්න...දොර ඇරන් යද්දිත් මේ යකා මහා ලොකු වැඩක...මං එතන්ට ආවා කියලා දන්නෙත් නෑ වගේ....ෆිල්ම් එකක් බලනවා ඇඳ උඩ පෙරළීගෙන...මූ නම් ඉන්නේ මේකටම සමවැදිලා වගේ...මොකෙක්වත් ඇවිත් උස්සන් ගියත් දන්නැති වෙයි මේ යකා




මොනාදෝ කනවත් එක්ක මට දෙන්නෙත් නැතුව...ඔලුවට එකක් ගහපු පාර පිට උගුරෙත් ගියාද කොහෙද



"මොන හු..."



"මොකද නැවැත්තුවේ...ඉතුරු ටිකත් කියන්න එපැයි"



"මොන මගුලක්ද ඕයි කරන්නේ...තව ටිකෙන් කාපු එකත් හිර වෙනවා"



යැයි යැයි තමා



"හිර වුනේ නෑනේ ඉතින්"



මටත් රවලා ආයෙම ලැප් එකට ඔලුව ඔබාගෙන ඉවරයි



"මේ අහනවකෝ"




"ම්ම්"




"ඕක නවත්තලා බලනවකෝ පොඩ්ඩක්"




"තමුසෙ නම් මහ වදයක් ඕයි...පව් අර සිත්මල් අයියා"



පිස්සු හැදෙයි සඳ බැබළෙයි

යකෝ මූ



ඒ පාර මේ යකා සිත්මලෙක් අල්ලගෙන...අනේ ඕකගේ මල...මල පනින එක විතරයි තියන්නේ



"මොකක්ද ඕයි ඔය විකාර නම"



"ඉතින් යකෝ උගේ නමනේ...සිත්මල්...ලස්සනයි නේද ඕයි"



අනේ හරි ලස්සනයි...කොහෙද දන්නෑ මල් මල්



"කොහෙද දන්නෑ නේද ඕයි උගේ මල් මල්..."



"මල් මල්...කියන්නෑ මං තමුසෙට මල් මල්"



"හරි හරි 😂...මොකටද දැන් ආවේ"



"ඇයි අර අයියා යද්දි කතා කරන්නවත් ආවේ නැත්තේ"



"මොනා කතා කරන්නද ඌත් එක්ක"



"කලින් කතා කරානේ හොඳට"



"කවුද ඉතින් දන්නේ ඌ ඔහොම චීත්තයක් කියලා...දැන් ද ගියේ"



"ඔව්...තමුසෙටත් කියන්න කියාගෙන ගියේ"



"තමුසෙට නම් පිස්සු අක්කේ"



"ඇයි"



"මොකටද ගියේ ඌ යන වෙලාවේ එතන්ට"



"මං ගියපු එකක් නෑ...අම්මා ඇවිත් එක්කන් ගියේ"



"යනවකෝ දැන්වත් මේක බලාගන්න දීලා මට"




"යනවා තමා මෙතන ඉන්න ආවේ නෑ"



ගාගෙන කොට්ටෙනුත් එකක් ගහලා ගස්සන් ආවේ කාමරේට



ක්ෂණික ආපු මොකක්ද එකකට ගත්තා එහෙමම අර මෑන්ස්ට කෝල් එකක්



"ඇයි"




"ඇයි අහන්නේ ගත්ත ගමන්...මොකක්ද අප්පා ටික්.."




"ආදරෙන් කතා කරන්න දන්නෑ ඕයි...ඇයි ගත්තේ"




යැයි යැයි තමා...මෝඩයා




"අර අයියා ගියා"




"මොන"



"අපේ ගෙදර හිටියේ අනේ"




"මං දන්නවා ඕයි"




පිස්සු හැදෙයි සඳ බැබළෙයි

මේකා යකෝව්



"ඔයා කොහොමද ඒක දන්නේ"



"ඌ මට කිව්වා ඊයේ ඉන්න තැනක් හම්බුනා කියලා"




"ඒ ඇයි එයා ඔයාට කියන්නේ...ඔයා එයාගේ භාරකාරයා ද...අනික මේ..."




"එක එක අහනවකෝ...එක පාර උත්තර දෙන්න අහන එක මතක තියෙන්නෙත් නෑ බන් ඔහොම අහද්දි"



"ඇයි එයා ඔයාට කතා කරේ"



"එහෙම තමා ඕයි...ඌ මට ඊයේ රෑ කෝල් කරලා කිව්වේ ඉන්න හොඳ තැනක් හම්බුනා අද යනවා කියලා"



"හරි මං අහන්නේ ඇ..."



"උගෙන් වැඩක් නෑනෙ දැන්...ඌ ගියා එච්චරයි"



ර්...

කියන්න යන එක කියන්න දෙන්නේ නැතුව මැදින් ඇඩ් දානවනේ මේ මනුස්සයා



තව ටිකෙන් අමතක වෙනවා අර නිශිනි ගෑනි කතා කරපු එක කියන්නෙ...මේවා කියලා තියන එක ඇඟට ගුණයි



"ආ මේ අහන්නකෝ"



"ඉක්මනට කියන්න"



"මොකද ඔච්චර හදිස්සි"



"බඩගිනි ඕයි...කන්න ඕනි"



අපෝ සාගතේක ඉඳලා වගේ කතාව මෙයාගේ



"කලින් කන්න එපැයි"



"ඒක වැඩක් නෑ...මොකක්ද කියන්න ගියේ"



"අර නිශිනි කතා කරා ඊයේ මට"



"ඒ මොකටද"



"ඒ මොකටද නෙවෙයි...ඔයා කවදද එයාට කතා කරේ"



"මං...මං මොකටද ඒකිට කතා කරන්නේ"




"මං දන්නවද ඒක"



"මොනවද කිව්වේ"




ඒකි කියපු ඒවයි මං කියපු ඒවයි සේරම කියලා ඉවර වෙද්දි එහා පැත්තෙන් ඇහෙනවා මට මේ ගස් ගෙම්බගේ ගස් ගෙඹි හිනාව...හරි ලස්සන හිනාව කියලද දන්නෑ හිතන් ඉන්නේ



"මොකද"



"පිස්සු ඕයි තමුසෙට 😂"



"ඇයි"



"ඇයි අහන්නේ...මොකටද ඔහොම බොරු කියන්නේ...බොරුවක්වත් හරියට කියාගන්න බෑනෙ ඕයි 😂"



හරි ඉතින් ඒක එච්චර තාත්වික නෑ තමා...එහෙමයි කියලා ඔහොම හිනාවෙන එක හරිද මං අහන්නේ...හොඳ වැඩේ මටත්...වැඩි හොඳට කියලා හැම මගුලම කියන්න යනවට



"දැන් ඔය කතාවේ කොයි කෑල්ලටද ඔච්චර හිනා යන්නේ"



"තමුසෙගේ මෝඩ කතා ඔක්කොටම හිනා යනවා ඕයි...කරොත් කරන්නේ මහ මෝඩ වැඩක්...කිව්වොත් කියන්නෙත් මහ මෝඩ කතාවක්...බලපන්කෝ බොරුවක්..."



ර්...

ඔයිට හොඳයි මාව කෑවා නම්...නෝන්ඩි වෙනවා කියලා මෙහෙමත් පුළුවන් ද අප්පාහ්



"එතකොට ඔයා මොකටද එයාට කතා කරන්න ගියේ"



"මං කතා කරන්න ගියේ නෑ...ඒකිමයි මේ ටවුන් එකේදි ළඟට ඇවිත් කතා කරේ...එතකොට තමුසේ ගැනත් අහපු වෙලාවේ මං ඕක කිව්වේ"



"හරි ඉතින් මොකටද බ්‍රේකප් වුන එකක් එයාට කිව්වේ"



"මං කිව්වේ නෑ බන් ඕවා...ඒකි දන්නවා ඇති කලින් ඒක"



ඔය අස්සේ මට ඇහෙනවා මොකෙක් හරි එකෙක් මෑන්ස්ට කතා කරනවා,



"එනවා නම් ඉක්මනට වරෙන්"



ගගා කෑගහද්දි,



"කෑගහන්නේ නැතුව හිටපන් හු#% එනකම්"



කියලා කෑගහද්දි,



"පස්සේ ගන්නම් මං"



"කොහෙද යන්න හදන්නේ"



"කොහෙවත් යන්නෑ...මේ කොල්ලෝ වගයක් ඇවිත්"




මං මුකුත් කියන්නත් කලින්ම මේ යකා,




"පරිස්සමෙන් ඉන්නවා"



"ඔය..."



පිස්සු හැදෙයි සඳ බැබළෙයි

කියන්න ගියපු එක කියන්නත් කලින් තියලත් ඉවරයි...මෝඩස් 😒




________________________________________________



ඇයි ඇත්තටම මුලදි තිබ්බ කමෙන්ට්ස් නැත්තේ දැන් 🙂



ආයේ කොටස් දෙකයි ළමයි...ඉවර කරනවා මං මේක



කමෙන්ට්ස්වත් නැතුව ලියන්න බෑ මෙහෙම...එපා වෙනවනේ 😒💔



𝓝𝓪𝓭𝓾 💕

Report Page