නුඹම පමණයි මා පතන්නේ

නුඹම පමණයි මා පතන්නේ

M.A.R.D.Jayarathna

විසිහතරවන කොටස

බැඳීමක් නිසා ඉපඳුණු ආදරයක ආත්මීය කතාව


https://telegra.ph/%E0%B6%B1%E0%B6%B9%E0%B6%B8-%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA-%E0%B6%B8-%E0%B6%B4%E0%B6%AD%E0%B6%B1%E0%B6%B1-03-19-23


👆👆👆👆👆



විසිතුන්වන කොටසට 



....................................................................





තීනූගේ මහා හොල්මන් නාට්‍යමය දර්ශනය අවසානයේදී එයැයිට ඕන වුණේ හැකි ඉක්මනට අපේ මහ ගෙදරින් මංගච්චලා එයැයිගේ ගෙදරට පදිංචියට යන්න .. බැරි වෙලාවත් ඔය හොල්මන ආයේමත් ඇවිත් බෙල්ල මිරිකලා ගියොත් සදා සොන්ති භවන්තුතේ කියලා තීනූට තේරුම් ගිහිල්ලයි තිබ්බේ මයේ හිතේ 




තීනූවට ඕන වෙඩිමක් කරගනින් කියලා හිතන් දිගටම අපේ මහ ගෙදර නැවතිලා ඉන්න මට ඕන උනත් අපේ අම්මා ස්වාමීයාට කීකරු සුචරිත ප්‍රියමනාප ගුණ ගරුක භාර්‍යාවක් වෙන්නේ කොහොමද කියලා දිගින් දිගටම මට ලෙක්චර්ස් දෙන්න පටන් ගත්තා නිසාම මම ඒකමතිකව තීරණය කළා තීනූවත් එක්ක යන දේවාලෙක යන්න ... තීනූවගේ ගොන් ජෝක්ස් අහහෙන ජොලියක් දාගෙන ඉන්න එක දාහෙන් සම්පතයි අපේ අම්මගේ කුජීත ලෙක්චර්ස් අහන් ඉන්නවට වැඩිය 




මම තීනූවත් එක්ක යන්න ලෑස්ති වුණත් අපේ අම්මා පසු බැස්සද .. නෑ මිත්‍රවරුනි .. ඒ පාර අපේ අම්මා මාව කොහේදෝ මන්දා තියන පුස්තකාලේකට පංගරාර්තු කරලා ප්‍රීතීමත් යුග ජීවිතයකට උපදෙස් කියලා පොත් සෙට් එකක්ම මට කියවන්න ගෙනත් දුන්නා 




ප්‍රීතීමත් යුග දිවියකදී ප්‍රධානම කාරණය දෙදෙනා අතර පවතින මනා අන්‍යෝන්‍ය සබඳතාවයි




අන්‍යෝන්‍ය සම්බන්ධේ නම් වැඩි වෙලා තියෙන්නේ දැන් .. මගේ හැම මඟුලටම හොස්ස දාන හස්බණ්ඩගේ හොක්ක තලන්න හිතෙනවා මට වෙලේකට .. මූට ඕන දේකුත් නෑ එපා දේකුත් නෑ .. හස්බණ්ඩා හිතන් ඉන්නේ මම ඒ යකාගේ පෞද්ගලික දේපළක් කියලද කොහෙද ඕන ඕන හැටියට පරිහරණය කරන්න 




ඉවසීම ඔබගේ විවාහ ජීවිතය ප්‍රීතිමත් කරයි 




කොයි වෙලෙත් මගේ ඉල ඇට ටික ලෙෆ්ට් කරන්න බලන් ඉන්න හස්බණ්ඩත් එක්ක මොන ඉවසීමක්ද යකෝ .. මේ පොත් ලියන එව්වෝ එනවද අර මෝඩ හස්බණ්ඩා පෙරේතයා පොලේ ගැහුවා වගේ මගේ ඇඟට කඩන් පාත් වෙද්දී ඉල ඇට ටික හදලා දෙන්න .. අම්මපා තීනූවගේ දත් වහල්ල බඩට යන්න එකක් දීගන්න තියේ නම් මට ඊට වඩා සතුටක් නෑ .. කොහොම තියෙයිද ඉස්සරහ දත් සෙට් එක හලාගත්තු හස්බණඩා දත් නැති කට මට පෙන්නාලා තීනූවා හිනා වෙලා වගේ ඉදිද්දී .. මල් හතයි ඒ මල්වල පෙති හතයි ඔක්කොම මල් පෙති ගොඩයි ..




සෑම විටම අනෙකාට ප්‍රියමනාප ලෙසින් හැසිරෙන්න 




ඔය වෙලේට තමයි මට හිතෙන්නේ හස්බණ්ඩා නැගිටින වෙලාවක් බලලා මේ පොත ලියපු ඩෑල් එක අපේ ගෙදරට එක්කන් එන්න .. 




අවදිවන්න අවදිවන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ ඔබ හිතනවාට වඩා සොඳුරු විනෝද බර තීනූ ලොවක ජීවත් වෙන්නේ




තීනූ උත්තමයා මහ සද්දෙට කෑ ගහ ගහ ෂෝට් කෑල්ලකුත් ගහගෙන උදේ පාන්දර කරන විකාර රංගනේට මට දැන් වමනෙට වගේ .. ඊට පස්සේ ගේදෙක වෙන්න ඩෙත් මියුසික් එකකුත් දාගත්තේ නැත්තන් මිනිහට කෑවේ නෑ වගේ .. උදේ හතට කලින් අපේ ගෙදරට මොකෙක් හරි ආවොත් එහෙම තීනූවාව දැකලා බය වෙනවා ආයේ දෙකක් නෑ ගෝතිකයෙක් ගෙට පැනලා කියලා .. ඒ තරම් අජූවයි අපේ මිනිහගේ කෙරුවාවා .. මාත් ඉතිං ඊට දෙවෙනි නෑනේ 




උදේ පාන්දර කුණු කෙළ පිටින් තේ පානය කිරීම 

නයිටියක් ඇඳ නිදියෑවහොත් උදැසනම ෆ්‍රී ෂෝ නැරඹීමේ අනගි අවස්තාව 

නින්ද නිසා විසිරී ඇති කොණ්ඩ කෑලීද විසිරී ඇති ඇඳුම්ද ගඳ ගසනා කටද උදෑසනම නින්ද කැඩීම නිසා ඇති වූ කෝපවත් මූණද සමඟ මළ යක්සනියෙකු මෙන් පෙනි සිටීම 

අහල ගම් හතකට ඇහෙන සද්දෙන් තීනූවාගේ නොසණ්ඩාල හැසිරීම පිළිබඳ විලාප තැබීම 




ඔය තියෙන්නේ අපේ ප්‍රසන්න හැසීරිමෙන් බිඳක් .. බල්ලෙක්වත් පස්පාගන්නේ නෑ මේ භූත කෙරුවාව දැනගත්තොත් 




කිසිඳු විටක තුන්වෙනියෙක් මැදිහත් කර නොගන්න 




ඇයි මේ අපහාස .. දෙකක් විතරක් මොකෝ තුනක් හතරකුත් පුළුවන්නේ .. අපේ තීනූවට පහ හයක් ඊටත් වැඩිය උනත් කන්ට්‍රෝල් කරන්න බැරි කමක් නෑනේ .. ලිස්ට් එකේ මුලින්ම ඉන්නේ ඉතිං රිලා රූප රාජිණි කිරුළ පිට පිට කිහිප සැරයක්ම දිනා ගත්තු සරාගී සුරූපී මංජුසාව .. ඊට පස්සේ ග්‍රීන් සුභා එකේ ඩිරෙක්ටර් සුභානි .. ඔෆිස් එකේ සීනියර් සෙක්‍රටි කෙල්ල අමායා .. සුපර් මාර්කට් එකේ බ්‍රාන්ච් මැනේජර් ගයනි .. අළුතෙන් ඉන්ටර්නල් ආපූ කොණ්ඩේ ක්‍රේල් කෙට්ටු කෙල්ල අප්සරා .. සිල්ක් නදී ටෙක්ස්ටයිල් ෂොප් එකේ අතිතිකාරායගේ දුව හිරුණි .. පන්සල පාරේ ඩ්‍රයිවර්ගේ දුව කුමුදුනී .. ඒ විතක්ද තීනූට වඩා දෙතුන් ගුණයක්ම වයස වැඩි ඇන්ටිලා කීයක් ඉන්නවා කියලද ... ර්ර්ර්ර්ර්ර් මට එන තරහා .. 




තව මට කඩ පාඩමෙන් කියතහැකි .. ඔය මම දන්න ඒවා .. තව ඉතිං අටවෙනියෝ නමවෙනියෝ දහවෙනියෝ ඔය ඕනෑ තරම් ඇබැර්තූ තියනවා අපේ අන්තඃපුරේ මහා රජ්ජුරුවන්ට




අනේ මගේ කට 




තරහටම පොත අල්ලලා විසික් කරත් හරි යාන්තමට හයි වෙලා තිබ්බ පොතේ පිටකවරෙයි පිටු ටිකයි ගැළවිලා මගේ අතට ආවේ නැද්ද කියහන්කෝ .. ඔය ඉතිං කළේ .. දැන් දීහන්කෝ මේ මඟුලේ පොතෙත් අලාභේ .. මටමයි වෙන්නේ 




"අරලියා ලෑස්ති වෙන්නේ නැද්ද අනේ .. තාම ලෑස්ති නැද්ද ?"




නෑ යකෝ ලෑස්තිනම් පේනවනේ .. මෙතන එනවා මඟුල් අහගෙන .. දෙනවා මම හස්බණ්ඩට රට පොල් පේන්න හවායි වලට පයින් එක්ක .. අපරාදේ තව ටිකක් කලින් ආවනම් දෙන්න තිබ්බා පොතෙන්ම ඔය උද්දච්ච ඔලුව කුඩු වෙන්න එකක් .. එතකොටවත් ඔය මෝඩ මොලේ පෑදෙයිනේ .. මෙච්චර සිරියාවට ගෙදර ගෑණී ඉදිද්දී එක එක ස්කුරුප්පු අස්සේ රිංගන්න හොඳ නෑ කියලා .. අම්මපා තීනූවා හොඳයි වසරේ හොඳම කුකුල් ස්වාමීයාට හිමි කුසලානේ දෙන්න නම් 




"කුටු කුටු ගාන්නේ මොකද ඒ පාර ?"




කුටු කුටු ගාන්නේ කිචි බිචි ගාන්න බැරි හින්දා .. මම කුටු කුටු නෙමේ චර බර ගෑවත් තවුසෙට මොකද පොල් කෑ දැත්තෝ 




මටම මුමුණ ගන්න ගමන්ම අල්මාරියේ තිබ්බ ඇඳුම් ටිකත් අරන් ඇඳ උඩට දැම්මේ ඇඳන් යන්න එකක් බලන්න 




ඒ එක්කම වගේ ඩෝ එකට ගහපු සද්දේ නිසා මම දොර ඇරලා බැලුවේ කව්ද කියලා .. 




"අම්මා "




මූණත් හොඳටම රතු කරගෙන අම්මා හිටියේ හෙනම බැරෑරුම් ස්වරූපයකින් මූණත් පුරවගෙන 




"දෝණී පොඩ්ඩක් එන්නකෝ එළියට "




අම්මා මාවත් ඇඳන් එයාලගේ බෙඩ් රූම් එක හරියට ගියේ මාවත් පුදුම කරලා .. 




"ඇයි අම්මා "




"තීනූ පුතාගේ ඇඟට හොල්මනක් වගේ පැනලා තියෙන්නේ වසූදගේ පුතා "




අම්මා ඊළඟට කියද්දී මම අහගෙන හිටියේ එළියට පනින්න දඟලන ඇස් දෙක අදහගන්න බැරුව 




"මොකා .. එහා ගෙදර වසූදා අක්කගේ පොඩි තැනද හොල්මන් කරලා තියෙන්නේ ?"




"ඔව් ළමයෝ ඊයේ කෝට් ගිහින් එද්දී පොඩි එකා වසූදගෙයි චාමරගෙයි ඇඟටත් පැනලා හොල්මන වගේ ... මේ ගොල්ලෝ අහලා බලද්දී තමයි කියලා තියෙන්නේ එහා ගෙදර අයියව බය කරලා පන්නලා දාන්න හිතාගෙන ඔයාගේ බැල්කනියට පැනලා හොල්මන් කළා කියලා "




මොහොතක් යනකම් මම හිටියේ මේ දේ විශ්වාස කරන්නත් බැරුව .. තවත් මොහොතකින් බකස් ගාලා එළියට පැනපු හිනාවත් එක්ක කට පුපුරවලා ගියේ බිමටත් වැටිලා බඩත් කොර වෙන සයිස් එකට 




දෙයි හාමුදුරුවනේ කවුරු විශ්වාස කරයිද අර රොබෝ ටික්කගේ මස්සිනා වගේ ඉන්න තීනූවා අල්ලපු ගෙදර අවුරුදු අටේ ඇට්ටරයගේ ජෝක්ස් එකකට බය වුනා කියලා .. සෝ ෆනී අප්පා .. ආතල් ජීවීතේ කියන්නේ මේකට තමා 



"දෝණී නැගිටනවා .. අර ළමයට එහෙම ඔය කතාවක් කියන්නේ නෑ හරිද.. ලැජ්ජ හිතෙයි .. පුතා බය වෙලා නම් ඉන්නේ ඔයා හිමිහිට එයාගේ හිත හදන්න බලන්න .. ඔයා හරි දැනගෙන ඉන්න ඕන නිසයි මම මේක කිව්වේ .. අම්මපා දෝණී ඕක අල්ලන් අර ළමයට මොකක් හරි කතාවක් කිව්වොත් ඔයා මගෙන් ගුටි කනවා "




යකෝ .. නැන්දම්මා මදිවට ඒ පාර අපේ අම්මත් පටන් ගත්තා තීනූවාගේ යුක්තිය සඳහා මෙහෙයුම .. ඒත් අපේ අම්මා ගැන දැනන් හිටපු නිසාම එයා අදහස් කළේ මොකක්ද කියලා දැනන් හිටපු නිසාම මම එයාගේ කම්මුලකුත් සිපගෙන ආයේ මගේ කාමරේට ආවේ තීනූවා ඉස්සරහා කොහොම හිනානොවී ඉන්නද කියලා හිතන ගමන් 




"මොකෝ තමුසේ හිනාවෙන්නේ?"



ඇඳුමුත් අහුර අහුර ඉදිද්දී සැරින් සැරේට නැගිච්ච මගේ බහුභූත හිනාව කාගෙන ඉන්න බැරි තැනද කොහෙද තීනූවා ඇහුවේ 



"මොකුත් නෑ"

 



මම කියලා දැම්මේ කටින් පයින්න දඟලන හිනාව වළක්ව ගන්න උත්සහ කරමින්.. මගේ මූණේ මස්පිඬු පවා නළියන්න ගත්තේ හිනාව නතරකරගන්න ගිහින් .. 




"නේත්‍රයා ගත්තද ඔයාට කෝල් එකක් .. ?"




තීනූ නේත්‍ර ගැන මතක් කරද්දිම මටත් බර හුස්මක් අතඇරුණේ ඉබේම හිනාවත් නතරවෙලා යද්දී .. එදා තීනූලගේ පාර්ටී එක දවසෙදි මාව අපේ ගෙදරින් දාලා ඩොක්ටර්ව ඩ්‍රොප් කරලා එන්නම් කියලා ගියපු මිනිහා අද වෙනකම් උබ උන්නද මළාද බලන්නවත් කෝල් එකක්වත් දුන්නේ නැත්තේ මගේ හිතත් හොඳටම රිදෙද්දී .. ඔය බූරූ නේත්‍රයට වටිනවද මට ඔහොම කරන්න .. මම කොච්චරනම් කෝල්ස් ගත්තද .. මූ නෙමේ එකකටවත් ආන්සර් කළේ .. ගං කබරයට අගේට පුළුවන් අපේ අම්මට විස්තර කතා කියන්න යස අපූරුවට .. මට හෙලෝ කිව්වහම දත් ටික හැලෙයි ඔය හැල ගෙම්බගේ



"නෑ ඔයාට කතා කළාද ?"




"ම්ම් .. ආයෙමත් ඇමරිකාවේ යන්න මිනිහගේ කල්පනාව "




....................................................................



විසිපස්වන කොටසට .....



💛..........💛..........💛..........💛..........💛..........💛



ආන් නේත්‍රත් රටින් යන්නලු හදන්නේ .. අදහසක් කියාගෙන යන්න හොඳේ .. තව ගොඩක් කොටස් ගාණක් නෑ මේ චැප්ටර් එක ඉවර වෙන්න .. ළඟදිම ඉවර වෙයි 



💛..........💛..........💛..........💛..........💛..........💛



By

rash 💛


Report Page