නුඹම පමණයි මා පතන්නේ

නුඹම පමණයි මා පතන්නේ

M.A.R.D.Jayarathna

විසිතුන්වන කොටස

බැඳීමක් නිසා ඉපඳුණු ආදරයක ආත්මීය කතාව


https://telegra.ph/%E0%B6%B1%E0%B6%B9%E0%B6%B8-%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA-%E0%B6%B8-%E0%B6%B4%E0%B6%AD%E0%B6%B1%E0%B6%B1-03-19-22


👆👆👆👆👆



විසිදෙවන කොටසට 



....................................................................





"තීනූ හොල්මන් කියලා දෙයක් නෑනේ ළමයෝ .. හොල්මන් කියන්නේ හෙලවෙන මනස "




"අනේ මේ තමුසේ හිතන්නේ මට පිස්සු කියලද අරලියා .. මම මේ ඇස් දෙකටම දැක්කා හොල්මනක් .. මගේ ජීවිතේ පලවෙනි පාරට හොල්මන්ක් දැක්කා ඕයි"




ඇත්තද හොල්මනක් දැක්කද .. දැන් මොකෑ දන්නේ නෑ කරන්න කියන්නේ හස්බණ්ඩා ... ප්‍රේට්රන්ට් බලපත්‍රයක්වත් දෙන්න වෙයිද මන්දා හොල්මන සම්බන්ධව තීනූවගේ පෞද්ගලික අයිතිය ඔප්පු කරන්න .. ජල සන්නිය හැදිලා වගේ වෙව්ල වෙව්ල කිසි විලිලැජ්ජාවක් නැතුව ගොන් කතා කියන හැටි විතරක් 




තීනූ හිටියේ පණ යන තරමට බය වෙලා කියලා මට හොඳටම තේරුණේ අපේ අම්මා කාමරේට එන සද්දේ ඇහිලා තීනූ මාව පොඩි වෙන තරමට තදින් බදාගනිද්දී 




කිව්වත් වගේ මූ සිරා කරා හොල්මනක්වත් දැකලද .. තොවිලයක්වත් නටන්න වෙයිද මන්දා මේ බය විල්ලේ හැටියට .. 




මගේ තුරුලටම තද වෙලා ඉදපු තීනූ දිහා බලාගෙනම අම්මා ඇස් වලින් ඇහුවේ මෙයැයිට මේ එකපාර හැදිලා තියන ලෙඩේ මොකක්ද කියලද කොහෙද.. එයාට පස්සේ උත්තරයක් දෙන්නම් කියලත් මම කිව්වේ ඇස් වලින් වගේ .. ඒ නිසාම අම්මා රූම් එකේ ඩෝ එකත් වහගෙන යන්න ගියත් තීනූ නෙමේ එක දශමයක්වත් මාව ඇතැරියේ .. තීනූ පැනීම් නිසා ඉළ ඇට ටිකත් කුඩු කරගෙන අසාධ්‍ය වෙලා අනාථ නාථ වෙලා මොංගල් වෙලා ඉදපු මම එහෙම්ම හිටියේ මේ වෙලාවේ තීනූව ඈත් කරන එක හොඳ වැඩක් නෙමේ කියලා තේරුණ නිසා 




එයාගේ ෆෝන් එකත් තවත් මොහොතකින් රිංග් වෙන්න ගත්තත් මේ මනුස්සයා නෙමේ මගෙන් දශමෙකටවත් ඈත් වුණේ .. මංජුසාවටම තියන්න හොඳා මේ මනුස්සයගේ රිලා ගතිත්




"තීනූ බලන්නකෝ ඉම්ෆෝට්න්ට් කෝල් එකක්ද දන්නේ නෑනේ "




"හ්ම් හ්ම්"




ඔලුවත් දෙපැත්තට වන වන හුක් හුක් ගෑව කැත විතරක් .. 




"කෝ මාව පොඩ්ඩක් අතාරින්න .. මම ගන්නම් ෆෝන් එක"




"එපා.....හ් ..... අනේ"




යකෝ මේ මොන වින්නැහියක්ද තීනූවට මේ වුණේ .. මොන්ටිසෝරී යන ඇට්ටර කෙල්ලෙක් ගාණට පොළොවෙත් අඩි හප්ප හප්ප මේ මනුස්සයා මේ මොනවා කරනවද මන්දා .. තීනූවගේ ජෙන්ඩර් එකවත් වෙනස් වෙලාද මේ පොඩ්ඩට .. මොකෙක් හරි දැක්කොත් එහෙම ඇසිඩ් ගහලා අභාවාප්‍රාත වෙන්න වෙන්නේ මූටයි මටයි .. 




"තීනූ මගේ යකා අවුස්සන්න එපා .. හොඳ හිතින් මාව අතෑරලා බලනවා අර කතා කරන්නේ කවුද කියලා .. මෙතන කෝලම් කරනවා"




මගේ සද්දේ හොඳටමද කොහෙද තීනූ මූණත් තහඩුව බෙරි කරන්ම මගෙන් ඈත් වුණේ මූට හොඳවැයින්ම මම රවද්දී .. මේ යකා ඇත්තමයි මගේ පෙශරුත් වැඩි කරන්න මේ හදන්නේ.. 




"අම්මා "




මගෙන් එහාට වෙච්ච තීනූ ඒ පාර කෑ ගහන්න ගත්තේ සියළු හොල්මන් දූරින් භූත කරන්න පුළුවන් කට්ටඩියෙක් ඇමතුව ගාණට .. මොනා උනත් නැන්දම්මා කතා කළේ දෙයියෝ බැලුවා වගේ .. නැත්තම් ඉතිං අද රෑට නටපන්කෝ තොයිලෙකුත් තීනූවගේ යකා එලවන්න 




ඒ පාර තීනූවා බිමිනුත් වාඩි වෙලා ඒ ටූ ඉසෙඩ් නැන්දම්මට විස්තර කරන්න ගත්තේ කොහොමද තීනූ වගේ බලවත් රාජවාංශික සිරා කරා ඩයල් එකක්ව මෙලෝ වැඩකට නැති ගෝත හොල්මනක් බය ගැස්සුවේ කියන එක .. 




"අම්මා අම්මා හොල්මන ආවා අම්මා .. මම නිදාගෙන ඉඳිද්දී හූ කිව්වා අම්මා කණ ගාව .. මගේ අම්මා ඇගේ මවිල් පවා කෙළින් වුණා මේන් මෙහෙම .. මේ බලන්න අම්මා "




තීනූවා හිටියේ ෆුල් නාට්‍යමය සීන් කෝන් එකකට වෙලා .. අතින් පයින් විස්තර කර කර .. ෆෝන් එකෙන් කතා කර කර කටත් හද හද හැම හැඟීමක්ම මූණෙන් ඇඳ ගන්න ගමන් එයා අම්මත් එක්ක කතා කළේ වටේ පිටේ ගැන කිසිම අවදානයක් නැතුව වගේ .. එයා ළඟින්ම බිමින් වාඩි වෙලා මම බලාගෙනම හිටියේ එයාගේ ඒ හුරතල් මූණ දිහා .. අනේ ඔයා මාත් එක්කත් ඔය තරම්ම ආදරෙන් කතා කරනවනම් .. ඔය වගේම හුරතලෙන් කියවනවනම්.. අනේ මම කොච්චරනම් ආසද කියලා ඔයා දන්නවද මගේ තීනූ .. දන්නවා මම අම්මා ගැන ඔය හිතේ තියන ආදරය ගෞරවය ඔය හිතේ එයාට තියන තැන කවමදාකවත් මට ගන්න බැරි වෙයි කියලා .. ඒත් ඒ ආදරේ ගෞරවයේ තැනේ භාගයක්වත් මට දුන්නා නම් මම මේ ලෝකේ ඉන්න වාසනාවන්තම ගෑණී වෙයි මහත්තයෝ 




"ඔය ගෙවල්වල මහ උන්ගෙයි පොඩි උන්ගෙයි කල් ක්‍රියාවේ තරමට ඕවෑ ඔය අමනුස්ස බලවේග නොහිටියොත් තමා පුදුමේ ... වෙන එකක් ඕන නෑ උබේ ගෑණීගේ මූණ බලපන්කෝ ලේ කලඳක් තියනවා කියලද .. බලපන්කෝ මූසල පාට .. ඔය මහ අම්මණ්ඩියෙක් ඉන්නවා දැක්කත් ඇති දවසම මූසලයි "




තීනූගේ මූණ දිහා බලාගෙනම හිතේ ආදරේ මහ හුඟක් පුරවගෙන ඉදපු මාව එකපාරටම ගැස්සිලා ගියේ එහාපැත්තෙ ඇහිච්ච තීනූගේ අම්මගේ කටහඬට 




ගැස්සිච්ච තීනූ මාව දැක්කේ ඒ එක්කමද කොහෙද .. ෆෝන් එකත් අතකට හිරකරගෙන එයා මහ හයියෙන් කාමරෙන් එළියට ගියේ මම එයාගේ පස්සෙන් පන්නයි කියලා හිතන්ද කොහෙද 




ඉදගෙන ඉදපු තැනින් නැගිට ගන්නවත් පණක් නොවිච්ච මම ඔහේ බලාගෙන හිටියේ ඇස් වලින් කඳුළු කඩන් හැලෙද්දී 




මම මූසල කෙල්ලෙක්ද .. මම කෙසේ වෙතත් මගේ අම්මා 




දකින හැම වෙලාවකම හිනාවකින් මූණ පුරවගෙන ඉන්න .. ලෝකේ ලස්සනම කරුණාවන්තම හදවත තියන ලෝකේ හැම දරුවෙක්ටම එයාගේ දරුවෙක් තරමටම ආදරෙන් සළකන කාගෙවත් හිතක් රිද්දන්න හිතාගෙන වචනයක්වත් නොකියන මගේ ලෝකේ සුරංගනාවී මූසලියක්ද 




ඒ සිතුවිල්ලම මගේ හුස්ම හිර කරවන්න වගේ ආවා 




"රන් ... රන් .... මොකද පුතේ ? "




කාමරේ දොර ඇරිලා අම්මා ඇතුළට ආවේ මටත් කතා කර කර .. මම හිටියේ දිගටම බිමින් වාඩි වෙලා .. නැගිටගන්නවත් පණක් නෑ වගේ .. 




"රන් ඇයි මැණික මේ අඬන්නේ .. රන්"


 


මාවත් බලෙන්ම වගේ නැගිට්ටුවන් එයාගේ තුරුලට මාව හිර කරගෙන වගේ අම්මා ඇහුවේ .. එයාගේ කටහඬ තිබ්බෙත් හොඳටම දියාරු වෙලා ගිහිල්ලද කොහෙද .. මගේ එක කඳුලක් ඇති මගේ අම්මාව දවසක් අඬවන්න ... ඒ නිසාම මම හැදුවේ කදුළු පිහිදන් හිනාවෙන්න .. ඒත් හිනාවක් ගන්න බැරිතරමට හිත රිදිලයි තිබ්බේ



"පුතා හයියෙන් හයියෙන් පහළට බැස්සා .. මම ඇහුවත් මුකුත්ම කිව්වේ නැති හින්දයි මම මේ දුවගෙන ආවේ .. ඇයි මැණික මේ අඬන්නේ .. මේ ඉතිං බලන්නකෝ ඔයා මාවත් අඬවනවා"




"අම්මා"




කඳුළු ඔක්කොම පිහිදලා දාලා මම බැලුවේ ඒ බොඳ වෙලා තිබ්බ ඇස් දිහා .. මම ඔයාට ගොඩක් ආදරෙයි මගේ අම්මේ .. ඒ ඇස් දිහා බලද්දී මට දැණුනේ එච්චරයි ... තීනූ වැරදි නැහැ .. මගේ අම්මා මට වටින තරමටම එයාගේ අම්මත් එයාට වටිනවා කියලා මට හිතන්න තිබ්බා 



"අම්මා රහසක් කියන්නද "




"ම්ම් මොකක්ද මැණික ?"




මාවත් ඒ පපුවට හේත්තු කරන්නම අම්මා ඇහුවේ මගේ නළලත් ඉබින ගමන් 




"තීනු .... අපේ තීනූ.. , අම්මා"



" ඔව් තීනූ... "



"තීනූ ප්‍රෙග්නන්ට් අම්මා! "



"මොකක් !"



"ඔව් අම්මා දැන් මාස දෙකකුත් වෙන්න එනවා .. ඔයා කාටවත් දැනගන්න තියන්න එපා හරිද ..මාස තුන පහු උනහම කියමු "




මම කිය කිය හිටියේ හෙනම බැරෑරුම් ස්වරූපයකින් ... අපේ අම්මා ඇස් උඩ තියන් අහන් හිටියේ වචනයක්වත් කියාගන්න බැරි තරමට පුදුම වෙලාද කොහෙද 




"රන් මැණික ඔයාට පිස්සුද ? "




"මට පිස්සු නෑ අම්මා .. තීනූ අම්මා කෙනෙක් වෙන්නයි යන්නේ .. ඔයාට මුණුබුරෙක් හුරතල් කරන්න පුළුවන් දැන් .. ඔයයි තාත්තයි සතුටු වෙන්න ඕන ඔයාලගේ බෑණා ගැන .. එයා ඔයාලව ආච්චියි සීයයි කරන්න යන්නේ "



"රන් ජෝක්ස් දැම්මා ඇති දැන් .. පුතාට ඇහුනොත් එහෙම එයාට මොනවා හිතෙයිද .. හරිනම් ඔයයි දැන් අපිව ආච්චියි සීයයි කරන්න ඕන "



සැක් ඒ මොකද්ද ඒ වුණේ .. තීනූවට අඹරපු ගුලිය මට ගිළුනවත්ද 



"බොරු කියලද අම්මා හිතන්නේ ..ඔය දැන් පහළට දිව්වෙත් වමනෙට එනවා කියලා ... ඒකනේ ඔයා කතා කළත් උත්තරයක්වත් නොදී දිව්වේ .. ඇඹුල් මොනා හරි ලෑස්ති කරන්න අම්මා .. මම යනවා තීනූව ක්ලීනික් එකට එක්ක යන්න ලෑස්ති කරන්න .. දැන් ඉතිං මාස දෙකකුත් පහු වෙලානේ .. පරිස්සන් කරගන්න එපා මම එයාව "




කට පුපුරලා යන හිනාවකුත් එක්ක අම්මට කියලා දාලා මම වේගෙන්ම පහළට ගියේ අම්මා මොන මොනවදෝ කියලා මට බනිද්දී




....................................................................



විසිහතරවන කොටසට ....  



💛..........💛..........💛..........💛..........💛..........💛



ආන් තීනූ ප්‍රෙග්නන්ට්ලු 😂 

මට කරන්න දෙයක් නෑ අරලියා කැමති නෑ තීනූට රිද්දන්න .. අනිත් එක තීනූයි අරලියයි කියන්නේ බෝයිෆ්‍රෙන්ඩ් ගර්ල් ෆ්‍රෙන්ඩ් නෙමෙයිනේ .. ඒ නිසා හිතූ හිතූ පරිදි යාළුවෙන්න තරහා වෙන්න ඒ දෙන්නට බැරුව ඇති .. තීනූත් එයාගේ අම්මා ඉස්සරහා අසරණයි .. කවුරු උනත් තමන්ගේ අම්මට රිද්දන්නත් කැමති නෑනේ 


නේත්‍රව නම් කවුරුත් ඉල්ලන්න එපා .. දෙන්නේ නෑ .. දෙන්නේ නෑ නෙමේ දෙන්න බෑ 



ඔයාලා react එකක්වත් දාලා යන්න ඉතිං හොරා වගේ යන්නේ නැතුව 



💛..........💛..........💛..........💛..........💛..........💛



By

rash 💛


Report Page