❣️❣️ දේව් ❣️❣️ දෙවන දිගහැරුම

❣️❣️ දේව් ❣️❣️ දෙවන දිගහැරුම

~ අහස්මා ~
දුක මැදින් ආදරය අකුරු කරන යෞවනියකගේ ආදර අන්දරය

01 ට - https://telegra.ph/දව--පළමවන-දගහරම-06-17


" දේව් වාඩි වෙයන්කො..." 


" කියපන්කො "


" මේකයි බන් සීන් එක... මං ඊයෙ උබට කිව්වෙ බන් ඉශාන් උබ ගැන ඇහුව කියල.. "


" ඔව්... ඉතින් "


" ඉතින් බන් මං කිව්ව උබ කියපු විදියට.. "


" අහ් එහෙනම් එච්චරනෙ බන්... "


" නෑ බන්.. ඒකනෙ වැඩේ.. 

ඉශාන් අද මං එක්ක clz එකට ආවෙ.. "


" ඉතින් "


" ඉතින් කියන්නෙ බන් මිනිහ කියනව සෑහෙන කාලෙක ඉදන්ලු උබට ට්‍රයි කරේ.. උබේ හෙන ලයින්ලු.. යාලුකමට ඇරෙන්න වෙන විදියකට ඌ දිහා බලන්නෙම නෑ ලු.. "


" ඉතින් බන් ඒක යකාගෙ කතාවක්නෙ.. යාලුවෙක් දිහා යාලුවෙක් විදියට නැතුව වෙන කොහොම බලන්නද ඌ කියන්නෙ.. "


" ඒක තමා බන්.. ශිට් මටත් එපා උනා.. හැබැයි දේව් දැන් නම් ඌ ඇනයක් වෙන්න එන්නෙ ආ... ඔන්න බලපන්කො "


" එහෙම උනොත් බලමුකො බන්.. අපේ අයිය ගැන දන්නවනෙ.. "


" අම්මෝ ඔව්.. උබේ පස්සෙන් ආපු කීදෙනෙක් උබලගෙ අයියගෙ සංග්‍රහය භුක්ති වින්දද නේ.. "


" අම්මෝ මතක් කරන්නෙපා.. මේ උබේ ඔය හැකර කට වහ ගනින්.. අන්න සර් එනව.. "


එදා දවසම කිසි අවුලක් නැතුව ගත වෙලා ගියා... සශිය කියපු විදියට ඉශාන් කතා කරන්න එයි කියල හිතුවත් ආවෙ නෑ... ඒකත් හොඳයි නැත්නම් මං මොනා කියල කියන්නද.. මේ අහිංසක මට ඕව තේරෙන එකක්යැ..


.........................................................


කතාව ඊලග ටිකට යන්න කලින් මං ගැනයි මගේ පවුලෙ අය ගැනයි විස්තර ටිකක් කියල ඉන්නම්නේ

මං ගැන දන්නවනෙ.. දෙව්ලි අකිත්මා සූරියවංශ.. එතකොට මගෙ අප්පච්චී ප්‍රින්සිපල් සර් කෙනෙක්.. අම්ම ටීචර් කෙනෙක්.. එහෙම කිව්වම ඔයාලට හිතා ගන්න පුලුවන් නේ... අපේ ගෙදර ඉතින් නීතිමය රාමුවක් යටතේ වගේ තමා

එතකොට මගෙ වන් ඇන්ඩ් ඔන්ලි අයිය බබා තමා දිනූෂ සූරියවංශ.. අම්මයි අප්පච්චිටයි පස්සෙ මං වැඩිපුරම ආදරේ එයාට තමා... දැනට ඔය ඇති..


.......................................................

 

" හම්මෝ බන් හරිම මහන්සියි.. " 


" උබට නම් මොකද උබව ගන්න අයිය එනවනෙ.. ඒකට අපි.. පලකො දැන් බස් එකේ "


" හ්ම්ම් හ්ම්ම් "


සශිය කිව්ව වගේම අයිය clz එක ගාවට ඇවිත් තිබ්බ.. මාත් ඉතින් මාරම ආසයි අයිය එනවට.. මග දිගට මොනාහරි ඉල්ලල අයියගෙ පර්ස් එකට විදින්න පුලුවන්නෙ..


" අම්මා... ඔයාගෙ චූටි දූ ආවා.. "


" අපෝ බන් ඝන්ටාර ගහන්නෙපා.. අර බලනවකො අහල පහල ගෙවල්වල මිනිස්සුත් බලනව "


" අනේ නිකම් යන්න අයියා.. එයාලට ඕන නම් බලපු දෙන්.. මට මොකද " එහෙම කියාගෙන මං ගේ ඇතුලට දිව්වෙ මගෙ සුදු අම්මා හොයාගෙන.. නිකම්ම නෙමයි.. මහ හයියෙන් සින්දුවක් කියාගෙන..


" ආහ්... "

එකපාරටම මාව හැප්පුනේ කුස්සිය පැත්තෙ ඉදන් ආපු කාගෙහරි ඇඟේ වැදිල.. 


" කොහේ බලාගෙනද මෝඩියේ යන්නෙ.. බලනවකො ඉතින්.. බීම එක ඇඟේනෙ.. ශිට් "


කවුද යකූ මේ.. මගේ ගෙදර ඇවිත් මගේ ඇඟේ හැප්පිල මටම සද්ද දාන්නෙ.. එහෙම හිතාගෙනම ඔලුවත් අත ගගා ඔලුව උස්සල බලද්දි දැක්ක දෙයින් ලැජ්ජාවට මාව දිය වෙලාම ගියා... 


ඒ වෙන කවුරුත් නෙමෙයි.. අපේ අයියගෙ අතිජාත මිත්‍ර අකේශ් බණ්ඩාරනායක..රටම දන්න BA Fashion එකේ අනාගත අයිතිකාරයා... 


" මොනා උනත් සින්දුව නම් ලස්සනයි දේව්... " එයා නෝන්ඩියට වගේ කියල මහ හයියෙන් හිනා උනා.. ඇත්ත මං ඒ වෙලාවෙ සින්දුව කිව්වෙ නෑ.. ඒක කෑව..

අපොයි දෙවියනේ.. 

මොන ලැජ්ජාවක්ද මේ උනේ.. උඩ බලාගෙන ගිහින් මේ යකාගෙ ඇගේ හැපුනනෙ.. ඒ මදිවට සින්දුවක් කෑ ගගහ කිය කිය.. ඇයි දෙවියනේ ඔයා මටම මෙහෙම කරන්නෙ.. මේ අහිංසක දේව් ගැන දුක නැද්ද 

ගෙදර අය එක්ක කොහොම හිටියත් අයියලගෙ යාලුවො ඉස්සරහ මං ඉතින් ඩීසන්ට් පිට ඉන්නව.. දැන් ඉතින් මදෑ වෙච්ච සංතෑසිය..


" සො.. සොරි අයියා.. මං ඔයාව දැක්කෙ නෑ "

එහෙම කියපු මම කෙලින්ම දිව්වෙ කාමරේට.. වෙච්ච ලැජ්ජාවෙ හැටියට සමාජෙට මූන දෙන්නෙ කොහොමද 


කාමරේට ගිහින් වොශ් එකක් දාල ඇඳුමක් දාගෙන පහළට ආවෙ අකේශ් අයිය ගිහින් ඇති කියල හිතන්... 


කොහෙද ගිහින් නෑ.. මේ ඉන්නෙ.. ශේප් එකේ එයාව මග ඇරල කුස්සියට ගියේ අම්මගෙ රස තේ එක බොන්න.. අම්ම හදල තිබ්බ තේ එකත් අරන් මං ආවෙ එලියෙ අඹ ගහ යටට.. එතන තමා මං ඉන්න ආසම තැන.. හරිම නිදහස්.. බෙන්ච් එකෙන් වාඩි වෙලා තේ එකත් බොන ගමන් හීන ලෝකෙක හිටපු මං එකපාරටම ගැස්සුනේ කවුරු හරි ලගින් වාඩි වෙනව දැනුන නිසා.. බලද්දි කේශ් අයිය.. 


" මෝඩියේ මේ හවස නෑවද? ආ "


හරි ඔන්න පටන් ගත්ත.. දෙන්නම එකයි.. අයියට එහා මෙයා මට කෑගහන්න ගියාම.. 


" ඔව් ඉතින් මාර මහන්සියි අප්පා.. ඉතින් නෑව.. "


" මහන්සියි කියල නාල හරියනවද.. තමුසෙගෙ ඔය කොන්ඩෙ යනව ඕයි.. මොළයක් නැද්ද ආ "

 

" ආ කේශ් මොනාද මේකි කියන්නෙ "


හරි නෙ ඔය ආවෙ.. එච්චරයි අඩුවට තිබ්බෙ..


" නෑ බන් බලපන්කො මේ මෝඩි මේ රෑ නාලනෙ.. "


" කියල වැඩක් නෑ බන්.. මෙයාට ඕක කියනවට වඩා හොඳයි නිකම් ඉන්න එක.. "


" ඒකනෙ අයියා.. දැන් ඉතින් ඔය ඇතිනෙ.. "


" ම්ම් ඒක නෙමෙයි.. ඇයි බන් දිනූ උබ මට අද එන්න කියල කිව්වෙ.. මුකුත් හදිස්සියක් ද"


" නෑ නෑ බන්.. මට උබෙන් පොඩි උදව්වක් ඕනෙ.." 


" ඒ මොකක්ද "


" අයියා ඔයාල දෙන්න කතා කර කර ඉන්න මං තේ හදන් එන්නම් නේ " එහෙම කියල මං යන්න හැදුවෙ.. 


" නෑ නෑ උබ ඉන්න.. උබටත් අදාලයි මේක"


" ම්ම් කියන්නකො එහෙනම්"


" මේකයි කේශ්. උබට පුලුවන් ද මේකිට physics ටිකක් කරල දෙන්න.. මේකි physics අල්ලන්නෙම නෑ බන්.. "


" ආහ් නෑ අයියා ඕන නෑ.. කේශ් අයියට වැඩ ඇතිනේ.. එයාට කරදර කරන්න ඕන නෑ.." ඇත්තටම මං එහෙම කිව්වෙ මට physics එපාම වෙලා තිබ්බ නිසා.. 


" ආ උබ ඉදපන් ඒ ගැන අපි බලාගන්නම්.. මොකෝ කියන්නෙ කේශ්.. උබට වෙලාවක් තියෙයිද උබලගෙ බිස්නස් එකේ වැඩත් එක්ක... "


" අහ් අවුලක් නෑ බන්.. මං කරල දෙන්නම්.. දේව් ඔයාට ඉරිදට clz තියෙනවද "


" නෑ අයියා.. "


" හරි එහෙනම් ඉරිද හවසට රෙඩි වෙලා ඉන්නවකො.. මේ සතියෙ ඉදන්ම පටන් ගමු.. හරි නෙ.. අනික ඉතින් දන්නවනෙ ආ මාත් එක්ක සෙල්ලම් බෑ.. හරියට වැඩ කරන්න ඕනෙ ආ.. " කේශ් අයිය එහෙම කිව්වෙ ටොක්කකුත් ඇනල.. 


" ආව්.. " මං ඔලුව අත ගා ගත්තෙ ලොකූට හිතෙන් බැන බැන.. දැන් ඉතින් මෙයාගෙන් ඉගෙන ගන්නව කියන්නෙ හැමදාම මේ වගේ ටොකු කන්න වෙනව කියන එක තමා..


" එහෙනම් බන් මං ගිහින් එන්නම්.. තාත්තා අද වේලාසන එන්නත් කිව්ව.. ඒනම් අපි ගියා දේව්. මේ ඉරිදට රෙඩි වෙලා ඉන්නවකො.. "


" හරි කේශ් පරිස්සමින් පලයන්.. "


" හරි අයියා බුදු සරනයි "


........................................................


දවසින් දවස ගෙවිල ගියේ පාඩම් වැඩවලටම මාව හිරකරලා.. ඉශාන් ගැනවත් කේශ් අයියගෙ physics පාඩම් ගැනවත් මට මතක් උනේම නෑ.. ඉරිදා උදේ ලොකූ යන්න කලින් කිව්වමයි මතක් උනේ... 


වැඩ ටික ඔක්කොම ඉවර කරල කේශ් අයිය එන්න කලින් නාල කාල රෙඩි වෙලා හිටියෙ පොඩ්ඩක් හරි පරක්කු උනොත් එයාට තරහ යන නිසා.. 


........................................................


කතාව අවුල් වගේද මන්ද.. බොළඳයිද කියලත් හිතෙනවා.. 

ඒ වගේ නම් කියන්න.. 😢 

කමෙන්ට් එකක් දාගෙන යන්න🙂 ඔයාලගෙ කමෙන්ට් අනුව තමා ලියන්නෙ.. අඩුපාඩු අදහස් කියන් යන්න 🙂❤️පොඩ්ඩයි කියල කියන්න එපා.. රෑ වෙලා දිග කොටසක් දෙන්න බලන්නම්කො...


ආයෙත් එන්නම්.. මං අහස්මා..❤️

Report Page