❣️❣️ දේව් ❣️❣️ පළමුවන දිගහැරුම

❣️❣️ දේව් ❣️❣️ පළමුවන දිගහැරුම

~ අහස්මා ~
දුක මැදින් ආදරය අකුරු කරන යෞවනියකගේ ආදර අන්දරය

පෙරවදනට - https://telegra.ph/දව--පරවදන-06-17


🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶

උදේ පාන්දර කවුද යකූ සින්දු කියන්නෙ...

ඈහ් ආපෝ මේකිනෙ මේ..


" මොන වදයක්ද බන් උදේ පාන්දර... ඈ සශියො" 


" ආපෝ බන් උබ තාම නිදිද "


" තාම නිදිද? බලපන් වෙලාව.. තාම තුන හමාරයි.. වැඩ ඉවර කරල නිදා ගන්න ආව විතරයි... මගුල " 


" හරි හරි බන්.. සොරි ඉතින් " 


" හ්ම් හ්ම් කියනවකො ඉතින් මොකක්ද වෙන්න ඕන " 


" මේකයි බන්..... මේ.... "


" මොකද බන් කියනවනම් කියපන්කො... තෙපර බාන්නැතුව.. "


" හරි හරි මේ.. ඉශාන් මට මැසේජ් කරා... " 


" ඉතින්.. ඈ බන් උබ ඕක කියන්නද මේ මට කෝල් කරේ "


" නෑ නෑ බන්.. "


" එහෙනම් "


" මේකයි බන්... ඌ කියනව ඌ උබට ලව් කියල "


" මොකක්... පිස්සුද බන්.. "


" මොනා උනත් ඉතින් ඌ හොඳ එකා බන්.. මං දන්නෑ.. උබම කියන එකක් කියපන්කො.. " 


" දන්නවනෙ බන්.. මං ඕව ගැන හිතන්නෑ කියල.. අනික බන් ඌට කියහම් ඕක නවත්තල දාන්න කියල.. දන්නවනෙ බන් අපේ අයිය දැනගත්තොත් එහෙම... "


" හ්ම්ම් ඒකත් ඇත්ත.. "

 

" ඒකනෙ සශියො.. "


" හ්ම්ම් බන්.. ඒනම් උබ නිදාගනිම්.. සොරි ආ නින්ද කැඩුවට "


" අනේ මේ.. මං කියන්නෑ උබට.. උබට තිබ්බනෙ ඕක හෙට clz එකේදි කියන්න.. අනේ මන්ද බන් උබත්... "


" හරි හරි බන් බායි ආ.. බුදු සරනයි "


" හ්ම්ම් බන්.. උබත් ඕව හිත හිත ඉන්නැතුව පොතක් පතක් බලාගනිම්.. "


" අම්මෝ මේකි... හරි බන් බායි "


" බුදු සරනයි "


ආහ් දැන් ඕගොල්ලො බලනව ඇති මේ මොකක්ද මේ කියල.. කියන්න අමතක උනානෙ.. මං දෙව්ලි...දෙව්ලි සූරියවංශ. පවුලෙ අය යාලුවො මට ආදරේට කියනෙ " දේව් "

ඔය දැන් මගෙ නින්ද කැඩුවෙ මගෙ අතිජාත පාප මිත්‍ර සශිනි.. ඉතින් මේ මගේ කතාව..


දැන් ඉතින් ආයෙ මුලක ඉදන් නිදාගනිම්කො මේකිට පින් සිද්ද වෙන්න..

නෑ නෑ ඒ ගැන කලබල වෙන්නෙපා.. ලෝකෙ පෙරලුනත් දෙයියනේ කියල මට හොඳට නින්ද නම් යනව


...............................................................


" චූටි දූ... නැගිටින්න ලමයෝ.. අද උදේම යන්න ඕන කියල කිව්ව නේද?? " 


උදෙන්ම අවදි උනේ මගේ සුපුරුදු එලාම් එක.. මගෙ සුදු අම්මගෙ කෑ ගැහිල්ලට.. 


" හරි අම්මා.. තව විනාඩි පහයි.. "


කාටද පුලුවන් මේ සීතලේ නැගිටින්න... ඔන්න ඔහේ තව පොඩ්ඩක් වෙලා නිදාගන්නව... කියල හිතන් අනිත් පැත්තට හැරුන විතරයි.. 


" චුටි දූ.. මාව ඔතනට ගෙන්න ගන්න එපා... නැගිටින්න.. නැගිටල අයියට මේ තේ එක ගෙනිහින් දෙන්න.. "


හයියෝ.. අපේ අම්මට නම් මාත් එක්ක ලොකු ඇරියස් එකක් තියෙනව... මොනා කරන්නද ඉතින්..


" එනව අම්මා.. "


" ගුඩ් මෝනින් මගෙ සුදු අම්මියෝ... "


" හ්ම්ම්.. කෝ කෝ එහාට වෙන්න.. ඇගේ එල්ලෙන්න ආවෙ පොඩි එකා වගේ "


" පොඩී තමා.. තාම දහ අටක් නෑ "


" ආ සුදු දෝණි... උදෙන්ම නැගිටල වගේ "

අනේ මේ ඉන්නෙ මගෙ මුලු ලෝකෙම.. මගේ අප්පච්චි.. 


" ආ ඇහුන නේද දෝණියැන්දගෙ කතාව.. ඔයා තමා නිහාල් මේ ලමයව හුරතල් කරන්නෙ.. "


" අම්මෝ.. අපෙ සුදු අම්මත් ඉතින් පොඩ්ඩ ඇත්නම් කේන්ති ගන්නවනෙ.. තරහ ගන්නෙපා සුදූ.. ඔයා වයසට යයි..."


" චූටී.. දැන් පැහිල වැඩී ආ.. "


හරිනෙ අහ ගත්තනෙ.. තව හිටියොත් උදේ පාන්දරම මගෙ සායම දිය වෙනව.. 


" කෝ දෙන්න අම්මෙ අයියගෙ තේ එක.. "


" දැක්කද තියෙන කපටිකම.. බලන්න නිහාල්.. "


" හරි හරි අම්මා.. මං තාම ඔයාගෙ චූටි නේ... " එහෙම කියල අම්මට කිස් එකකුත් දීල මං ආවෙ අයියගෙ රූම් එකට..


" අයියා.. මං එන්නද "


ම්ම්... සද්දයක්වත් නෑනෙ.. මේක ගෙදර නැද්ද

ගිහිල්ලම බලමුකො.. ආපෝ.. නිදාගෙන ඉන්න ලස්සන විතරක්.. කබරය පොලවෙ ගැහුව වගේ


" ඒ නිදිකුම්බරය.. නැගිටින්න.. තේ එක බොන්න.. "


" ම්ම්.. ආ චූටි.. කීයද බන් වෙලාව.. " 


" හතට කාලයි අයියෙ නැගිටින්නකො.. මාව clz එක ලගට ගෙනිහින් දාන්නත් ඕනෙ "


" මොකක් එච්චර දවල් වෙලාද.. දෙයියනේ.. මට පරක්කු වෙනව.. " එහෙම කියාගෙන දඩි බිඩි ගාල ඇදෙන් පැනපු පාර අපේ ලොකූ බිම


" මොකද උබ හිනාවෙන්නෙ ආ "


" හදිසි නෑ අයියෙ.. තාම හය පහු උනා විතරයි.. ආ මේ තේ එක බොන්න.. "


" උබට මම.. "


...............................................................


කොහොමින් කොහොම හරි ලේස්ති වෙලා clz යන්නයි ලෑස්තිය.. ආ අනේ අමතක උනානෙ.. මං ලබන පාර exam කරනව.. bio තමා ඉතින් කරන්නෙ.. ඩොක්ටර් හීනෙ කෙසේ වෙතත් කොන්දොස්තර කෙනෙක් හරි වුනොත් ලොකු දෙයක් කියලයි දැන්නම් හිතෙන්නෙ.. ඒත් ඉතින් කෙල්ලෙක්ට ඒකත් කරන්න බෑ නේ.. දුක තමා...


" අම්මා.. එහෙනම් මං යනවා.. බායි අප්පච්චී.. "


" හරි දෝණි පරිස්සමින් ආ "


" හරි අප්පච්චී.. "


" අයියට කරදර නොකර යන්න චූටී.. බුදු සරනයි "


" හරි හරි අම්මා... බුදු සරනයි "


මං මේ clz යන්න හදන්නෙ අපෙ අයියගෙ ප්‍රාණ සමාන බයික් එකේ


" දේව් අල්ලන් ඉන්නව ඈ.. නැත්නම් මට වෙන්නෙ හොස්පිට්ල් ගානෙ යන්න.. "


" අපෝ අයිය.. මොනාද මේ උදේ පාන්දර කියවන්නෙ.. යංකෝ මට පරක්කුයි.. "


" උබට කොහෙද බන් පරක්කු.. මටනෙ පරක්කු... "


අපේ අයිය ඔය වැඩට යනව වගේ කෑ ගැහුවට ඔය යන්නෙ ජොබ් එකකට නෙමෙයි ඉතින්.. එයාල මාර මීටර්.. exam ඉවර වෙලා කැම්පස් යන්න ඉන්නෙ.. දැන් එයයි එයාගෙ යාලුවයි දන්න කියන මේ පාර exam කරන අයට පොඩියට clz කරනව..


අපේ අයිය කරන්නෙ chemistry එතකොට එයාගෙ හොඳම යාලුව කරන්නෙ physics මට එපා කරපුම subject එක.. අපේ අයිය කියන්නෙ එයාගෙ යාලුවට කියල මට ගෙදරදි උගන්නනව කියල.. හෙන මීටර් කියලනෙ හිතන් ඉන්නෙ ඉතින්


" ආ බහිනව ඉතින්.. "


" අම්මෝ මෙච්චර ඉක්මනට ආවද.. තෑන්ක්ස් අයියා.. ආදරෙයි ආ "


" අනේ උබේ ආදරේ.. පල පල.. මට පරක්කු වෙනව.. " 

 

" හරි නරකයි අයිය ඔයා.. මං යනවා.. පරිස්සමින් යන්න.. "


" හ්ම්ම්.. මේ දේව්.. සල්ලි තියෙනවද ලග.. ඕනෙද "


නිකම් දෙනවනම් කවුද එපා කියන්නෙ.. 


" ම්ම් තාත්තා clz එකට නම් දුන්න අයිය"


" ම් ආ ආ මේක තියාගන්නවකො.. මං දන්නවනෙ උබේ පෙරේතකම ගැන.. මොනාහරි අරන් කනවකො.. "


" අනේ... ලව් යූ අයියා... "


" හරි හරි යනව දැන්.. අර උබලගෙ clz එකේ ලමයිනුත් බලන් ඉන්නව " 


" හරී පරිස්සමින් යන්න "


දැන් ඉතින් පෝලිමේ ඉදපන්කො... 


ඔක්කොම කරල tute එකත් අරන් clz එකට ආවෙ සශියව හොයන්.. 

හෑ කෝ මේකි.. වෙනද ඉන්න තැන නෑ නෙ.. හෑ... 

අපි ඉතින් හැමදාම ඉන්නෙ පිටිපස්සෙම පේලියෙ තමා..

ආහ් අර ඉන්නෙ... 


" ගුඩ් මොනින් මගෙ සශියෝ... "


" අප්පේ මේකිගෙ බටර් පාර.. හොදකට නෙමෙයි වගේ.. " 


" අනේ බන් මේ " 


" හරි හරි.. මේ දේව් වාඩි වෙයන්කො... උබට කියන්න ලොකු කතාවක් තියෙනව.. "


" හා කියපන්කො බලන්න... "


...............................................................


ඉතින් සශී දේව්ට කියන්නෙ මොකක්ද? ඊලග කොටසෙන් තමා කියවන්න වෙන්නෙ.. 


මේක මගේ පළවෙනි කතාව.. ගොඩාක් දිගට ලියන්න බලාපොරොත්තුවක් නෑ.. අඩුපාඩු ගොඩක් ඇති.. අත්දැකීම් නෑ.. හිතට ආපු අදහසක් නිසයි ලියන්නෙ.. කමෙන්ට් එකක් දාන්න... යෝජනා චෝදනා ගල් මුල්.. ඕනෙ එකක් භාර ගන්නව

ගොඩක්ම අවුල් වගේ නම් කියන්න.. ලියන එක නවත්තන්නම්.. ඔයාලගෙ කමෙන්ට් අනුව තමා ලියන්නෙ.. 🙂❤️ 

ආයෙත් එන්නම්... මං අහස්මා..❤️


Report Page