❣️❣️ දේව් ❣️❣️ තෙවන දිගහැරුම

❣️❣️ දේව් ❣️❣️ තෙවන දිගහැරුම

~ අහස්මා ~
දුක මැදින් ආදරය අකුරු කරන යෞවනියකගේ ආදර අන්දරය

02 ට - https://telegra.ph/දව--දවන-දගහරම-06-17


" චූටී.. ඔයාට කෝල් එකක් නේද? "


" හරි අම්මා එනවා.. " 


මේ වෙලාවෙ කවුද අප්පා... මගෙන්ම අහ ගන්න ගමන් ගියේ කවුද කතා කරන්නෙ බලන්න.. ආහ් මේ අපේ ලොකූනෙ..


" ඔව් කියන්න අයියා.. " 


" චූටි කේශ් එන ගමන් කියල කෝල් කරා.. ට්‍රැෆික් එකට අහු වෙලාලු.. දැන් ලගම එනව කිව්ව.. පොඩ්ඩක් පරක්කු වෙයි ආ.. "


" අහ් හරි අයියා.. "


මදෑ.. අපිට කිව්වට එයාලටත් පරක්කු වෙනවනේ.. 


" කවුද දෝණි කතා කරේ.. "


" අයියා කතා කරේ අප්පච්චි.. කේශ් අයිය පොඩ්ඩක් පරක්කු වෙයි කියල කියන්න ගත්තෙ "


" ආ.. මොනා උනත් කේශ් හොඳ දරුව නේද මැණිකේ... "


අපේ අම්මට අප්පච්චි කතා කරන්නෙ මැණිකෙ කියල අප්පච්චිගෙ මැණිකනෙ ඉතින් 


" ඔව් නිහාල්.. කිසිම ලොකුකමක් නෑ.. බලන්න පුදුම හැදියාවක් තියෙන්නෙ "


" ඔය ඉතින් ඔයාලටත් මං ඇරෙන්න අනිත් හැමෝම ලොකුයි.. අපි නරකයිනෙ ඉතින් "


" අම්මෝ මේන් අපේ දෝණිට ඉරිසියා හිතිල.. කවුද කිව්වෙ අපේ දෝණි නරකයි කියල.. ඔයා කොච්චර හොඳයි ද ?"


" ඒ උනාට අප්පච්චී.. මට වඩා පිට අය ලොකුයිනෙ ඔයාලට "


" තාත්තණ්ඩි තමා හුරතල් කරන්නෙ.. ඔය පේනවනෙ.. අච්චර හොඳක් කරන්න එන ළමයට කතා කරන විදිය.."


" අයියෝ අම්මා.. මං දැන් එහෙම එකක් කිව්වද? ඔයත් අනේ මන්ද එල්ලෙන්නමයි එන්නෙ... "


" හරි හරි දැන් අම්මයි දූයි දෙන්නම ඕක නවත්තන්නකෝ.. අර දරුව ආවද කොහෙද.. දෝණි යන්න ගිහින් බලන්න.. "


" ආ කේශ් අයියෙ.. "


" දේව්.. වතුර එකක් අරන් එනවකො බන්... හරිම මහන්සියි.. "


" ආ අයියේ.. "


" තෑන්ක්ස් දේව්.. "


" පුතා ඔෆිස් එකේ ඉඳලමද ආවෙ "


" ඔව් තාත්තෙ.. අද පොඩ්ඩක් වැඩ වැඩී.. ඒ අස්සෙ ට්‍රැෆික් එකට අහු උනානෙ.. 


දේව්.. එහෙනම් පටන් ගමු.. අපි එලියටම යමු නේද.. නිදහසේ වැඩ ටික කරන් යන්න පුලුවන් "


" හරි අයියා.. ඔයා යන්න මං එන්නම් "


පොත් ටිකත් අරන් මං මිදුලට යද්දි කේශ් අයිය ෆෝන් එකට ඔලුවම ඔබාගෙන බරටම වැඩ.. මං එන සද්දෙ ඇහිලද කොහෙද කේශ් අයිය ඔලුව උස්සල බැලුවා.. 


හිනා වීගෙනම එතනට ගියපු මමත් පොත් ටික ටේබල් එකෙන් තියල වාඩිඋනා.. 


ඈ.. මේ මොකද මේ.. මෙයාට මොනා වෙලාද? කන්න වගේ මගේ දිහා බලන් ඉන්නෙ.. දේව් හොදට බලපන්.. උබේ මොකක් හරි අවුලක් ද දන්නෑ... කොහෙද උබටත් සිහිය නෑනෙ..


ම්හූ.. කිසි අවුලක් නෑනෙ.. මේ ඉන්නෙ මං... යස අපූරුවට 


කිසි සද්දයක් නැතුව කේශ් අයිය තාමත් මං දිහා බලාගෙන.. බැරිම තැන ඇයි කියල මං ඇහුවෙ ඇස් දෙකෙන්..


" තමුසෙ අද හරිම ලස්සනයි දේව්.. "


ඈහ්.. මේ මොකද මේ.. කවදාවත් නැතුව..


"ඇයි අද මොකද.. වෙනද හිටපු දේව්ම තමා හලෝ අදත් ඉන්නෙ.. විහිළු කරන්නෙපා ඉතින් " 


මං එහෙම කිව්වෙ මේ දෙන්නගෙ විහිළු ගැන මං හොඳට දන්න නිසා..


" විහිළු නෙමේ දේව්.. අද තමුසෙ මාර ලස්සනයි.. තමුසෙ ඔය ෆ්‍රොක් එක වැඩිය අඳින්නෑනේ... බලනවකෝ ඒක ඇන්දම තමුසෙ මාර ලස්සනයි "


මං ඇඳන් හිටියෙ මං ආසම බ්ලැක් ඇන්ඩ් වයිට් ෆ්‍රොක් එක.. ඒකට තියෙන ආසාව නිසාම මං වැඩිය අඳින්නෙ නෑ.. පරිස්සමට අරන් තියල තියෙන්නෙ 


මං මේ විකාර හිත හිතා හිටියට තාමත් කේශ් අයිය කිසි වෙනසක් නැතුවම මං දිහා බලාගෙන ඉන්නවා.. ඒ ඇස්... කවදාවත් නැතුව ඒ ඇස් දිලිසෙනවා.. ඒ ඇයි කියන්න මං දන්නෑ... 


එකපාරටම ආපු සීතල හුළඟ හමාගෙන ගියේ නාල කඩා හැලෙන්න දාගෙන හිටපු මගේ කොණ්ඩෙන් කෙස් රොදක් මූණට වට්ටවල..


හීනෙකින්වත් හිතපු නැති විදියට ලස්සන හිනාවක් මූණට ගෙනාපු කේශ් අයියා කොණ්ඩෙ මූණෙන් අයින් කරේ මගේ මූණටම එබීගෙන.. 


සත්තයි ඒ බැල්ම නම් මට දරාගන්න බෑ... මාව රතු උනා.. ශේප් එකේ බිම බලාගත්ත මං බලන් හිටියෙ මෙයා පාඩම පටන් ගන්නකම්..


තව පොඩ්ඩක් එහෙමම ඉදපු කේශ් අයියා එකපාරටම ගැස්සිලා වගේ...


" හරි තමුසෙ කියනවකො බලන්න තමුසෙට අමාරු පාඩම් මොනාද කියල... කෝ ඉතින් ඉක්මන් කරනව.. "


කිසි දෙයක් නොවුන ගානට එයා උගන්නන්න පටන් ගත්ත..


........................................................


දවසින් දවස ගෙවිල ගියේ exam එක ළං වෙද්දි .. ඒ වගේම හැම ඉරිදම කේශ් අයිය අපේ ගෙදර ආවා.. එයාට පිං සිද්ද වෙන්න මං දැන් physics වලට මාරම ආසයි.. හැබැයි එදා මුල්ම දවසෙ වගේ කිසි දෙයක් ආයෙ උනේ නෑ... මාත් ඉතින් ඒ ගැන වැඩිය හිතන්න ගියේ නෑ... 


සශිය කියපු විදියට ඉශානුත් මං ගැන අදහස අත ඇරගෙන... ඒක නම් ලොකු දෙයක්...


........................................................


හෙට තමා exam පටන් ගන්නෙ.. අම්මා අප්පච්චී ලොකූ හැමෝම කිව්වෙ මෙච්චර දවසක් මහන්සි උන නිසා අද පොඩ්ඩක් ෆ්‍රී එකේ ඉදල වේලාසන නිදාගන්න කියල.. ඒ හින්දම රෑට කාල කාමරේට ආවෙ නිදා ගන්න බලන්.. 


සශියටත් කෝල් කරල ෆෝන් එකේ අලාම් එකත් තියපු මං ඇඳට පැන්නෙ මගේ හීනෙ ගැන හිතන ගමන්.. 


දන්නවද මගේ හීනේ පේරා ❤️


කොහොම හරි පේරාදෙණිය කැම්පස් එකට යන්නයි මට ඕනෙ.. ඒක පොඩි කාලෙ ඉඳලම මගේ හීනයක්...


එකපාරටම ෆෝන් එක වයිබ්‍රේට් උනා.. කවුද කියල බලද්දි මැසේජ් එක කේශ් අයියගෙන්..


එයාගෙ ලග මගේ නම්බර් එක තිබ්බට මට මැසේජ් දාල නෑ මෙ වෙනකම්.. එහෙම එකේ අද ඇයි මෙයා... ම්ම්ම් කෝ බලන්න... 


👨 Dev mm Kesh.. 


👩 Aaa.. ow aiya kiynn


👨 Mkd krnne.. nidid oya


👩 Mmmm.. tham nm na aiye.. nid gnn kiyl thm bluwe.


👨 Ow ek hodyi.. ad mhnsi wenn ona na.. 


👩 Hri aiy


👨 Dev mn msg kre oyt wish krnn.. Exam ek hodt krnn one hrid? Oyt bri na ne.. 


👩 Mmmmm...


👨 Good luck Dev 🙂 Ehenm dn oy nid gnn..


👩 Thanks aiyee..


👨 Hri mnika.. good night budu sarnyi..


👩 Hri aiya... budu sarnyi good night 


මං හිතුව හරි exam එකට wish කරන්නයි මෙයා මැසේජ් කරේ... ඒත් අන්තිමට මොකක්ද ඒ එයා කිව්වෙ.. මැණික..... 


විහිලුවට වෙන්නැති... ඒත් කවදාවත් එයා එහෙම කියල නෑ...


මොනාද බන් දේව් උබ ඔය හිතන්නෙ.. පිස්සුද උබට.. මනුස්සකමට කියන්න ඇත්තෙ.. මල විකාර නොහිත නිදාගනිම්.. මං මටම හිතෙන් බැන බැන නිදා ගත්ත..


ඊළඟ දවසෙ උදෙන්ම නැගිටල රෙඩි උනේ exam එකට යන්න.. 


අම්මා රසම රස කිරිබතක් හදල මට ළඟටම ගෙනත් කැව්ව... සුබ නැකතින් එළියට බැස්ස මගේ ඉස්සරහට අම්ම ආවෙ සුදුමල් දාපු වතුර වීදුරුවක් අරං.. වතුර උගුරක් බීල අම්මටයි අප්පච්චිටයි වැඳල ලොකූ දිහාවට හැරෙද්දි... 


..කේශ් අයිය.. 


ඇයි චූටි සර්ප්‍රයිස් උනාද... ඔයාට විශ් කරන්න කේශ්ටත් එන්න ඕනෙ කිව්ව.. 


සර්ප්‍රයිස්දත් අහනව.. කවුද හිතුවෙ මේ උදේ පාන්දර මෙයා මෙහේ ඉඳියි කියල.. මං එහෙම හිත හිතා ඒ දෙන්නටත් වැඳල අප්පච්චි එක්ක scl එකට ආවා...


......................................................


ඒ මාසෙ ගෙවිල ගියේ මාර ඉක්මනට.. යන්තම් exam ඉවරයි.. 


අවුරුදු දෙකහමාරක විතර මහන්සියට හරියන්න papers තුනම ලොකු අමාරුවක් උනේ නෑ..


දැන් ඉතින් free එකේ ඉන්න තමා තියෙන්නෙ.. යාලුවො එක්ක ඇවිදින්න ගියා අයිය එක්ක විකාර නැටුවා... අම්ම එක්ක රණ්ඩු ඇල්ලුවා... අප්පච්චි එක්ක හුරතල් උනා... 


ජීවිතේ මාරම නිදහස්... 


ඔහොම ටික දවසක් යද්දි මගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවෙ සේව් කරල නැති නම්බර් එකකින්... 


Hi


මේ කවුද මේ.. වැරදිලා ආපු එකක් වෙන්නැති.. එහෙම හිතල ෆෝන් එක පැත්තකින් තියන කොටම.......


........................................................


ඉතුරු ටික හෙට තමා ඉතින්... කතාව ඉක්මන් වැඩී කියල කියන්නෙපා... තාම පටන් ගත්තෙවෙත් නෑ... ඉස්සරහට කතාව වෙනස්ම පැත්තකට යයි... 


ඔයාලගෙ අදහසත් කොටාගෙන යන්න... දේව් කේශ්ට දෙනවද ඉශාන්ට දෙනවද.. නැත්නම්.........


අඩුපාඩු ඇති ආ මගේ පලවෙනි කතාව... කලින් ලියාගෙන නෙමෙයි එවෙලෙට හිතන දේ ටයිප් කරන්නෙ.. ඒක නිසා අවුල් ඇති.. හැමෝටම තෑන්ක්ස් 🙂 ආදරෙයි ❤️


ආයෙත් එන්නම්.. මං අහස්මා...❤

Report Page