වඩින තුරු සඳ - 19

වඩින තුරු සඳ - 19

Ravindu T. Chandrasekara

වඩින තුරු සඳ - 19

පෙර කොටසට


https://telegra.ph/%E0%B7%80%E0%B6%A9%E0%B6%B1-%E0%B6%AD%E0%B6%BB-%E0%B7%83%E0%B6%B3-18-10-08


සර් එහෙම කීවට පස්සෙ අපි ආපහු හිටපු තැන් වලම වාඩි වුණා.


"හරි ඉතින් කොහොමද පේපර් එක?"


සර් ඇහුවා.


තැනින් තැන කසුකුසුවක් එක්ක ළමයි හැරි හැරි කතා කරන්න ගත්තා.


"හා හා සද්දෙ නවත්තන්න. අත උස්සන්න බලන්න පේපර් වලින් ඕවරෝල් ගත්තම පේපර් එක අමාරු අය."


සර් හෝල් එක පුරාම ඇස් යවන ගමන් කීවා. එච්චරම අමාරුවක් තිබ්බෙ නැති නිසා මං අත උස්සන්නෙ නැතුව හිටියා.


" ම්ම්ම් හොඳයි. පේපර් එක මධ්‍යස්ථ මට්ටමේ කියන අය."


" මං ඒකට අත උස්සව්වා."


ලාවට කසුකුසුවක් ආව නිසා මං වටපිට බැලුවා. පන්තිය දිහා බලපු මගේ මුළු කටේ කෙළ හිඳිලා ගියා. මොකද මුළු පන්තියෙන්ම අටක් විතර තමා අත උස්සව්වේ. අපේ සෙට් එකේ මේධනා ඇර අනික් ඩබලම අත උස්සලා.


පන්තිය දිහා බලලා යන්තම් හිනා වෙච්ච සර් ආපහු කතා කරන්න ගත්තා.


"අත් පල්ලෙහාට දාන්න.පේපර් ලේසි කියන අය කෝ?"


හැමෝම වටපිට බැලුවා. ඒත් කවුරුත් අත උස්සලා තිබ්බේ නෑ.


"කාටවත්ම ලේසි නැද්ද? කෝ අත උස්සන්න."


සර් ආයේ පාරක් හෝල් එක පුරාම ඇස් දුවවව්වා.


"කාටවත්ම ලේසි නැද්ද?"


සර් හිනා වෙවී ඇහුවා.


"හරි කමක් නෑ. ඒ කියන්නෙ බහුතරයකට පේපර් එක සෑහෙන්න අමාරුයි. කීපදෙනෙක්ට මධ්‍යස්ථයි. කාටවත්ම ලේසි නෑ."


සර් සාරාංශය කීවා.


"හොඳයි. එහෙනම් මේකට අත උස්සන්න. කෙම්ස්ට්‍රි ෆිසික්ස් දෙකෙන් ලේසිම කෙම්ස්ට්‍රි කියන අය?"


සර් කීවට පස්සෙ භාගයක් විතර ඒකට අත උස්සව්වා.


"ෆිසික්ස් එක ලේසි කියන අය?"


ඒකට නම් ගැම්මට මම අත උස්සව්වා.


"හොඳයි. ඒකට නම පනහට පනහ වගේ ඉන්නවා. දැන් තමා වැදගත්ම දේ කතා කරන්නෙ. ළමයි මේ පේපර් විභාග මට්ටමට හදපු ඒවා. වෙන බයිලා නෑ. මේ පාර එයි කියලා අපේක්ෂා කරන විදිහට හදලා තියෙන්නේ. ඒ කියන්නේ අනුමාන නෙවෙයි. පේපර් එකේ ව්‍යුහය ගොඩක් දුරට ඔය වගේ වෙයි. එතකොට ඉතින් ඔයාලා විභාගෙට මේ ඉන්න මට්ටමෙන් ගිහින් ප'ෆෝම් කරොත් එන්නේ ඔය ලකුණ තමා. දැන් ඔයාලාගේ පේපර් වලින් තව කෙම්ස්ට්‍රි දෙවෙනි කොටස පේපර් පහළවක් විතර බලන්න තියෙන්නේ. ෆිසික්ස් ඔක්කොම බලලා ඉවරයි. මේ MCQ ටික බලන්න තියෙනවා. එච්චරයි."


සර් කීවා. මූ නම් යකෙක්ද කොහෙද.අච්චර තඩි පේපර් ගොඩාක් ඔච්චර ඉක්මණට බලලා ඉවර කරන්න පුලුවන් කාටද?


"දැන් අහගන්නකෝ"


සර් ආපහු කතා කරේ මගේ කල්පනාවට බාධා කරන ගමන්.


"මං ප්‍රශ්න අහනවා. ඔයාලා උත්තර දෙන්න ඕනේ. හැබැයි මේවා කෑ ගහලා කියන්න ඕනේ නෑ. තමන්ගේ හිතින් මේවට උත්තර දෙන්න. අවංකව උත්තර දීලා බලන්න තමන් කොයි තැනද ඉන්නෙ කියලා."


එහෙම් කියපු සර් ලොකු හුස්මක් ගත්තා.


"ඔයාලා වෙනදට වඩා පාඩම් කරන්න ගත්තද?"


සර් ඇහුවා.


ඔව් ඒක නම් ඇත්ත. මොකද වෙනදට වඩා පාඩම් කරන්න මම පොත් අල්ලපු නිසා.


"හරි ඒකට උත්තරය තමන්ම හිතාගත්තා නම් මේකට උත්තරය හිතාගන්න. පටන් ගත්ත පේපර් එකට වඩා අන්තිමට ලියපු පේපර් එකේ මොකක්හරි ලේසියක් තිබ්බද?"


ඔව් පොඩ්ඩක් නම් එහෙම ගතියක් තිබ්බා තමා.


"ඔය ප්‍රශ්න වලට උත්තර හොඳට කල්පනා කරන්න. ඇයි එහෙම වුණේ කියලත් කල්පනා කරන්න. මතක තියාගන්න අනිද්දා අනිවාර්යයෙන් දෙමාපිය රැස්වීම තියෙනවා. අනිවාර්යයෙන් හැමෝගෙන අම්මලා තාත්තලා එන්න ඕනේ. කලින් කියපු විදිහට තමන්ගේ ළමයා ගොඩ යනවට කැමැත්තක් නැත්තං හෙට රැස්වීමට ආවෙ නැතුවට කමක් නෑ. මොකද මේක ඔයාලගෙ ඒලෙවල් ජීවිතේ හැරවු ලක්ෂ්‍ය වෙන්න පුළුවන්. එහෙනම් හෑමෝම දැන් පන්තියට යන්න. මම එන්නම් තව පැය බාගෙකින්. ඔයාලා ඒ අතරතුර ඉන්ටවල් එක අරන් කන්න."


එහෙම කීවට පස්සෙ අපි නැගිට්ටා. පේපර් ටික එකතු කරගන්න සර් දිහා බලන් හිටපු මම සෙට් එකත් එක්ක අන්න ලෑස්ති වුණේ මේකා නිසා සිකුරාදා රෑ මං ගුටි කන්න වෙනවා නේද කියලා හිත හිත.


පන්තියට ඇවිත් බත් කාපු අපි අත් හෝදන්න ගියා.


"එක්කෙනෙක් අත උස්සනවා අද එයාට පේපර් එක අනික් අයට වඩා ලේසි කියලා"


කවුදෝ මට පස්සහින් ඉඳලා කීව නිසා අපි ඔක්කොම හැරිලා බැලුවා. මට පස්සහින් ඉමේෂා තව කෙල්ලො හතරදෙනෙක් වට කරන් කියවන්න ගත්තා. ඉමේෂා ඒ කියපු කතාවට අර කෙල්ලො ටික මහ හයියෙන් හිනා වුණා.


"තනූ යමන් මෙතනින්. ඕකිගෙ කුනු කතා අහන්න ඕනේ නෑ."


තත්සරණි කීවෙ මගේ අතින් අදින ගමන්.


"නෑ ඉඳපන් මේකිට මොනවාද ඕනේ කියලා බලාගන්න."


මං කීවා.


"හොඳම සීන් එක තමා ඒකි ගිය පාර පන්තියේ අන්තිමයා"


ඉමේෂා ආපහු හයියෙන් කීවා. දැන් නම් ෂුවර් මේකි මේ කියවන්නෙ මං ගැන කියලා.


"අර පන්තියේ පළවෙනියා දෙවෙනියා වුණ එවුන් වත් අත උස්සන්නෙ නෑ. අන්තිමයා ගැම්මට අත උස්සනවා. සර්ගෙන් අවධානෙද දන්නෙ නෑ ඉල්ලන්නෙ"


හයියෙන් හිනා වෙවි කීව ඉමේෂා දිහාවට හැරිච්ච මම ඉමේෂා ළඟට ගියා.


"තොට මොකක්ද වෙන්න ඕනේ?"


මං ඇහුවා.


"ආ මෙයා මොකද මේ ටිපර් වෙලා. මොකද උනේ?"


ඉමේෂා ආයෙත් හයියෙන් හිනා වෙලා ඇහුවා.


"ඉමේෂා මං හොඳින්ම දන්නවා තමුසේ ඔය කීවෙ මං ගැන කියලා. මොකක්ද තමුසෙට වෙන්න ඕනේ?"


"ආනේ..... ඔයාද ඒ අවධානෙ ගන්න දඟලව්වේ? මං මේ නිකන් කටකතාවක් කීවේ. මං දැන් නේ දන්නෙ ඒ ඔයා කියලා."


එහෙම කියපු ඉමේෂා ආයෙත් හයියෙන් හිනා වුණා. මාව චොර වුණා කියලා ඒ වෙලාවෙමට තේරුණා.


"උඹ මට ඉස්කෝලෙ ඉන්න දෙන්නෙත් නෑ. අර යෂෝගව අවුස්සලා ගෙදර ඉන්න දෙන්නෙත් නෑ. උඹට මොනවාද ඕනේ?"


"ගෑණි හරියට ඉන්නවා නම් ඕනෙ මිනිහෙක් ඉන්නවා හලෝ. උඹ ගාව නැති සැප හොයාගෙන ඌ එක එකී ගාවට යන එකටත් තෝ මටද වැරැද්ද දාන්නෙ? උඹ ඌට හරියට සළකනවා නම් ඌට ඕනේ දේවල් දීලා ඌ මෙහෙම මං ගාවට ඇවිත් එක එක ඒවා ඉල්ලන්නෙ කියන්නෙ නෑ."


ඉමේෂා ඒ කියපු කතාවට නම් මට සෑහෙන්න මළ පැන්නා.


"මොකක්ද තෝ කීවෙ?"


ඉස්සරහට පැනලා ඕකිට දෙකක් නෙලන්නම් කියලා මං හිතාගෙන ඉස්සරහට පැන්නා.


"මොකක්ද ඔතන වෙන්නෙ?"


ඉමේෂාට දෙකක් නෙලන්නම් කියලා අත උස්සපු මම එතනම නැවතුනේ එතන ඉඳන් කතා කරපු කෙනා දැකලා......

--------------------------------------------------------

හරි ඉතින් අපි ඊළඟ කොටසින් හම්බ වෙමු. ගොඩක් චැනල් වල කමෙන්ට් නම් වැටෙන්නෙ නෑ. ඒ නිසා කතාව මං දෙන එක නවත්තන්න හිතෙනවා. මොකද මං ආසාවෙන් ඇවිත් බලන්නෙ කමෙන්ට් නිසා. අනේ පුලුවන් හැමෝම එක emoji එකක් හරි දාල යන්න. හැමෝම පරිස්සමෙන් ඉන්න. බුදුසරණයි


-- විදූ

Report Page