❤️🔥 චණ්ඩි රැජිණ 🔥❤️

❤️🔥 චණ්ඩි රැජිණ 🔥❤️

☠__️️H@R|e¥__•__QU¡Nn️__☠️

16 වන කොටස


පෙර කොටසට




දිල්






දෙයියනේ ආන්ටි මොනවද මේ අහන්නේ...


ඇයි දුව...මොකද මේ...? මං ඇහුවේ ඔයාගෙයි අපේ පුතාගෙයි අතරේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවද කියල.


අනේ..නෑ නෑ ආන්ටි..අපි...


පූර්වයි මායි යාලුවෝ විතරයි කියල කියන්නයි මට ඕනෙ උනේ.ඒත් ඒකත් බොරුවක්නෙ.


හරි හරි ඒක අමතක කරන්නකෝ..ඔයා මොනවද දුව කරන්නෙ ?


අහ්..ආන්ටි...මං පොඩී.ජොබ් එකක් කරනවා...


පූර්වයා කලින් කිව්ව නම් අම්මා මට එන්න කිව්වෙ ප්‍රශ්නවිචාරාත්මක වැඩසටහනකට කියල මොනව හරි බොරු ටිකක් ගොතන් එනවනෙ.ඉදල ඉදල මටත් වෙන දේවල්.


අම්මා...දැන් කතා කලා ඇති නේද ?

මාත් යන්න ඕනෙ දැන්..

මෙයාටත් වැඩ ඇතිනෙ..

නේද දිල්කි...


ඔ..ඔව් ආන්ටි..මං ගිහින් එන්නම්..


පරිස්සමින් යන්න දුව..ආයිත් එන්න මාව බලන්න...


හරි ආන්ටි..මං එන්නම්..


දෙවියො එව්වා වගේ වෙලාවට පූර්ව එතනට ආවේ.ගේ ඇතුලට ගිහින් කැප් එකයි ජැකට් එකයි අරන් මං කාර් එකට නැගලා ස්ටාට් කරන්න හැදුවා.


ඔහ්...ශිට්...මේකට මොකද්ද උනේ..


ආන්ටිව කාමරෙන් තියලා පූර්ව වාහනේ එලියට ගත්තා.


මොකද උනේ ?


අහ් නෑ මේක ස්ටාට් වෙන්නෙ නෑ නෙ.


ඒ මොකද ?


දන්නෙ නෑ...උදේ කිසිම ලෙඩක් තිබ්බෙ නෑ නෙ.


ම්ම්ම්...කාට හරි කෝල් කරල වාහනේ ගැරේජ් එකට ගෙනිච්චා නම් හරි..ඕනෙ නම් මං ගැරේජ් එක ගාවින් ඔයාව..


නෑ ඕනෙ නෑ..මං ටැක්සියක් ගන්නම්.


නිකම් ටැක්සි වලට ගෙවන්න ඕනෙ නෑ නෙ.මාත් යන්නෙ ඒ පැත්තෙන්..වාහනේට නගින්න.


එක පාරට මේ හුචක්කුවටත් මොනව උනාද මංදා..දැන් ඉතින් මේ භූතයගෙ පොලිස් ජීප් එකේ යන්න එපැයි.







පූර්ව 






දිල්ව මේ විදියට පොලිස් ජීප් එකේ දාන් අරන් යන්න මට කාලයක් ලොකු වුවමනාවක් තිබුනා.ඒත් අද ඒ තත්වෙ වෙනස් වෙලා කියල මට දැනුනා.එයා අද මට කලේ ලොකු උදව්වක්.


මගේ අම්ම වෙනුවෙන් එයා ලොකු අවදානමක් ගත්තේ.ඒ නිසා මගේ හිත පොඩ්ඩක් විතර හෙල්ලුනා කිව්වොත් හරි.අම්මා දිල්ගෙන් අපි දෙන්නා ගැන ඇහුව දේ...මං දුර තියා අහගෙන හිටියේ.


කවදාවත් වෙන්න බැරි දෙයක් උනත් නොහිතුව විදියට මං දිල් ගැන වෙනස් විදියකට හිතන්න පටන් අරන් කියල මට හිතුනා.කැප් එකත් පහලටම කරන් කෙල්ල ඇවිත් ජීප් එකට නැග්ගා.

වචනයක්වත් නොකියා දෙන්නම ගමනාන්තය වෙනකම් ගියා.


තැන්කිව්...


හ්ම්...ඔයාටත්...

අම්මා වෙනුවෙන් අද ආවට...


ඔයාගෙ අම්මා හොද කෙනෙක්...එයාව හොදට බලාගන්න...


ආයිත් එයාව බලන්න එන්න පුළුවන් නෙ ?


හ්ම්...මං එන්නම්...හැබැයි...


මොකද්ද ?


නෑ මුකුත් නෑ...

ම්ම්ම්...මේ දේ අපි දෙන්නා විතරක් දැන ගත්තහම ඇති..


මං තේරෙනවා..ම්ම්ම් පරිස්සමින් යන්න..


හ්ම්...




අඩෝ...මොකද්ද බන් අද උදේ උනේ?


මොකද්ද ?


උබ දිල්ව ජීප් එකේ දාන් ඇවිත් අර ස්ටා ගැරේජ් එක ගාවින් බැස්සුවා කියල කියන කතාව..


ඔව්...


මො..මොකක්..යකෝ..උබ මොකද්ද ඒකි එක්ක..


මං උබට කිව්වෙ..අම්ම ඒකිව අහනව කියල.මට ඊයෙ රෑ ඒකිව හම්බුනා.මං ඉතින් ඒ ගැන ඇහුවා..ඒ නිසා...


ඒ නිසා ඒකි උදේ උබලගෙ ගෙදර ආවා...


ඔව් බන් ඔව්...


අඩෝ.පූර්වයා..මට නම් විශ්වාස කරන්න බෑ උබ..ඒකිව දැන් ගෙදරත් ගෙන්නන්...








අහිංස 





දැන් හැමදාම උදේට මට ටී එක හදන් එන්නෙ නෙතුකි.කාමරේටම ඇවිත් මාවත් ඇහැරවලා තමයි කෙල්ල යන්නේ.


අයියා..නැගිටින්න...


මං ඇදේ ඉදගෙන ශර්ට් එක අදින ගමන් කෙල්ලට කතා කලා.


නෙතුකි...


ඕ...


අද පොඩි ගමනක් යමුද ?


කොහෙද ?


අද දිල්ගෙ බර්ත්ඩේ එක...


ඔහෝ...යන් යන්...මං හිතුවා ඔයා මට යන්න අඩගහන්නෙ නැතුව තනියම යයි කියල.


ඔයත් අවොත් සමහර විට එයා...


ඒත් මං ආවොත් එයා ඔයා ගැන වැරදියට හිතාවි නේද ?


ම්ම්...එහෙම හිතයිද ?


හරි හරි ඒක ඉතින් ගිහින්ම බලමුකො..මං ශර්ට් එකක් අයන් කරන්නම් එහෙනම්.ඔයා ඉක්මන්ට රෙඩි වෙන්න.


තැන්කිව් නෙතුකි..


ඒ මොකටද අයියා...


මං වෙනුවෙන් මේ කරන දේවල් වලට...ඔයා ඇත්තටම මෙහෙම මගෙ ලගින් ඉන්න එක මට ලොකු හයියක්...


ඒක මගේ යුතුකමනෙ අයියා...කෝ..බොන්න ටී එක..දැන් නිවිලත් ඇති.



නෙතුකියි මායි 9 වෙද්දි දිල්ගෙ ගෙදරට ගියා.යද්දි හැම තැනම බැලුන් දාලා සරසලා.කට්ටිය බරටම වැඩ.මාව දැකලා කීපදෙනෙක් වාහනේ ගාවට ආවා.


දොස්තර මහත්තයා...මොකද මේ පැත්තේ ?


කාර් එකේ ශට්ල් එකට එබිලා එකෙක් ඇහුවා.


මට දිල්ව හම්බවෙන්න ඕනෙ.


එයාව අද හම්බවෙන්න බෑ..පේනව ඇතිනෙ.මෙහෙ ලොකු වැඩක් කියල.


මේ අයියේ...අපි එයාගෙ යාලුවෝ..මේ එයාට ගිෆ්ට් එකකුත් අරන් ආවෙ බර්ත්ඩේ එකට විශ් කරන්න..අනේ ප්ලීස්...


සදියට ගිහින් කියපන්..දොස්තර මහත්තයා ඇවිත් කියල...


ටික වෙලාවකින් ඇතුලට ගිය කෙනත් එක්ක එලියට ආවෙ සදීප්...







දිල් 






කෙල්ලෙක් එක්ක...


ඔව් බන්...පොඩි කෙල්ලෙක් එක්ක ඇවිත් තියෙන්නෙ..

මොකද කරන්නෙ..හරවලා යවන්නම් ?


එපා...


මං එහෙම කිව්වෙ ඇයි කියල මටවත් හිතා ගන්න බැරි උනා.


අද වගේ දවසකත්...ඒවගෙන් වැඩක් නෑ..

ඒ දෙන්නට ඇතුලට එන්න දෙන්න..


ඌ ඇවිත් මොනව කිව්වත් උබ කලබල නොවී ඉදහන්..


හ්ම්..යෙෂූ කොයි...


අර ඉන්නෙ අද උදේ ඉදන් කේක් එකක් බදාගෙන..

මං කෝකටත් කියල තව එකක් ඕඩර් කලා.ඕකි හදන ඒව කටේ තියන්න පුළුවන් වෙයිද කියල කවුද දන්නෙ ?


අ..අරුන්ව ඇතුලට ගද්දි චෙක් කරල ගනින්..මතකනෙ..


හරි බන්..උබ දැන්වත් එලියට වරෙන්..ඕක අස්සෙ තැපල ඉන්නෙ නැතුව..


හරි හරි උබ පලයන්කො දැන්...




පාටි එක පුරාම අහිංස මං එක්ක කතා කරන්න ගොඩක් ට්‍රයි කලා.ඒත් මං කලේම එයාව මගාරින එක.එක සැරයක් අර කෙල්ලත් මාව හොයන් ආවා.


දිල්කි අක්කා...පොඩ්ඩක් ඉන්නකො..


කියන්න 


මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනෙ.


මොනව ගැන ද ?


අහිංස අයියා ගැන.ඇයි අක්කා ඔයා එයාව මෙහෙම මගාරින්නෙ..


ඒකට හේතුව මට වඩා හොදට එයා දන්නව.ඔයා එයාගෙන් අහන්න..ඒ ඇයි කියල.


හරි හරි ඒවගෙන් වැඩක් නෑ..මට ආයි ඔයාව මීට් වෙන්න පුළුවන් වෙයිද ?


මොකටද ?


ඔයත් එක්ක පර්සනල් දේවල් ටිකක් තියෙනවා කතා කරන්න.

මට ඔයාගෙ නම්බර් එක හරි දෙන්නකො..ප්ලීස්...


කෙල්ල දිගින් දිගටම ඉල්ලද්දී මටත් කර කියා ගන්න දෙයක් නැති උනා.







අහිංස 






පාටි එකේ අන්තිම හරියේදී දිල් මං ගාවට ආවා.ඒ නෙතුකිගෙ අතින් අල්ලගෙන.


ම්ම් තැන්කිව් දෙන්නටම..අද ආවට.


මං දිහා නොබලම කෙල්ල කියන් ගියා.


අක්කී මතකනෙ මං කිව්ව දේ..


හ්ම්ම්...


එහෙනම් අපි යනවා..බායි..



දිල්කි...


මම ආයි වතාවක් දිල්ගෙ අතින් අල්ල ගත්තා.කෙල්ල බිම බලන් ඔහේ හිටියා.

ක්ශනික සිතුවිල්ලකින් මං ඒ සිනිදු අත සිප ගත්තා.


කෙල්ලගෙ ඇස් මොහොතකට ගැස්සුනේ උන දේ හිතාගන්න බැරුව.හැමෝම අපි දිහා බලන් ඉන්න බව දැනුනු නිසා මං හෙමින් කෙල්ලගෙ අත අතෑරලා නෙතුකිගෙ පස්සෙන් කාර් එක ගාවට වෙනකම් ආවා.


ආයි හැරිලා බලන්න කියල හිත කිව්වත් ඒකෙන් කෙල්ල තවත් අපහසුතාවයට පත් වෙයි කියල හිතලා මං හිත පාලනය කර ගත්තා.

නෙතුකිගෙ මූනෙ හරි අව්‍යාජ හිනාවක් රැදිලා තිබුනා.




මොකෝ මෙතන නැවැත්තුවෙ ?


මොනව හරි බීලා යමු...


ඕකේ...

අයියා...


ම්ම්...


ඔයා හැමදාම ඔහොම හිනාවෙලා ඉන්නකො...බලන් ඉන්නත් ආසයි ඔය හිනාව.


ඇත්තට...


ඔව්ව්...

දිල්කි අක්කා නම් ඇත්තටම පුදුම වෙන්න ඇති ඒ වෙලාවෙ..


මං කලේ වැරැද්දක් ද කියල හිතෙනව නෙතුකි..


මොකක්...ඒක කොහොමද වැරැද්දක් වෙන්නෙ...

මං කිව්වනෙ අයියා..එයා ඔය තරහ හැමදාම හිතේ තියන් ඉන්නෙ නෑ කියල.දැන් දැක්කනෙ..


ඔයා නිසා තමයි හැමදේම මෙහෙම හොදින් උනේ..


පිස්සු...

මං මොනවද අනේ කලේ..


එහෙම කියාගෙන කෙල්ල කාර් එකෙන් එලියට බැහැලා කැෆේ ශොප් එක ඇතුලට ගියා.නෙතුකි වදයක් කියල මං මුලින් හිතුවත් දැන් බලද්දි එයා තමයි මගෙ හීන හැබෑ කර ගන්න මාව හොයන් ආව සුරංගනාවි...






Comment එකක් දාන්න ❤️❤️❤️

Comment කරන හැමෝටම ගොඩක් ආදරෙයි 😘😘😘




මං ✍️අමා❤️





ඉදිරියටත් මං ලියන නවකතා කෙටිකතා කියවන්න මගේ Personal Blog එකට එන්න 💞🌝🧚


👇👇👇👇

ᗩᗰᗩᗩ'ᔕ ᑭEᖇᔕOᑎᗩᒪ ᗷᒪOG


Report Page