❤️🔥 චණ්ඩි රැජිණ 🔥❤️

❤️🔥 චණ්ඩි රැජිණ 🔥❤️

☠__️️H@R|e¥__•__QU¡Nn️__☠️

15 වන කොටස


පෙර කොටසට





අහිංස 





කවුද එයා? මොනව කරන කෙනෙක් ද ?


එයාගෙන් දැන් වැඩක් නෑ අයියා අපි ඔයාගෙ එක්කෙනා ගැන බලමුකො මුලින්ම.


නෙතුකි කතාව වෙන පැත්තකට හරවන්න ට්‍රයි කලා.

ඒත් මට එයාගෙ කතාව තවත් පැහැදිලිව දැන ගන්න ඕනෙ උනා.


නෙතුකි...


ම්ම්ම්...


ඔයා ආදරේ කරන කෙනා වෙන කාට හරි ආදරේ කරනවද ? ඒකද ඔයා අකමැති ඒ ගැන කතා කරන්න.


හ්ම්..ඔව්..


අපරාදෙ..ඇයි ඉතින් ඔයා එයාට කලින්ම කිව්වෙ නැත්තෙ ඔයා එයාට ආදරෙයි කියල 


මට කියන්න ඕනෙ උනා.ඒත් මට බැරි උනා.ඒ වෙනකොටත් එයා වෙන කෙනෙක්ට ආදරේ කරනව කියල මට තේරුනා.


ඔයා කොහොමද ඒ දේවල් දරා ගෙන ඉන්නෙ.


ම්ම්...දන්නෙ නෑ.දුකයි තමයි.වෙලාවකට කෑගහල අඩන්න හිතෙනවා.ඒත් එතකොටම මට හිතෙනවා..


මොකද්ද ?


මං ප්‍රාර්ථනා කරන්නෙ එයාගෙ සතුටමයි හැමදාමත්.එයාව මට නොලැබුනත් මං එයාටමයි ආදරේ කරන්නෙ..ඒකෙ වෙනසක් නෑ අයියේ.


කෙල්ලො කියන්නෙ හරි පුදුම ජාතියක් නෙතුකි...


මට කියවුනා.


ඇයි එහෙම කියන්නෙ ?


තේරුම් ගන්නම බෑ.හරියට අහස වගේ.හරිම සංකීර්ණයි...ගුප්තයි...එක එක වෙලාවට එක එක විදියයි.


දිල්කිත් එහෙම ද ?


හ්ම්ම්...එයාව නම් ඔයා තරම්වත් තේරුම් ගන්න බෑ මට.


ඔයාට පුළුවන් වෙයි...


අහස දිහා බලන් දිග හුස්මක් අරන් එහෙම කියල එයා මං දිහා බැලුවා.ඒ ඇස් වල තිබ්බ විශ්වාසය මට දැනුනා.නෙතුකි කතා කරපු හැම වචනයක්ම හිතට අවංකවම කිව්ව දේවල් කියල මට තේරුනා.







පූර්ව 







ඔන්න අම්මා...අද මං අම්මගෙ යාලුවෙක්ට එන්න කියල කිව්වා අම්මව බලන්න.


කවුද ?


දිල්කි...අර එදා අම්මව හොස්පිටල් අරන් ගියේ.


අනේහ්...පුතා...


අම්ම ඉතින් හැමදාම කියවනවනෙ එයා ගැන.මං එයාට කිව්වා අම්මව පොඩ්ඩක් බලලා යන්න කියල ඇවිත්.


කොච්චර දෙයක්ද පුතා...

කෝ...ඉතින් ආවෙ නැද්ද තාම..


අම්මා අහද්දිම වාහනේක හෝන් එකක් ගහනවා ඇහුනා.


ඇවිත්...මං එක්කන් එන්නම්..


මං ගේට්ටුව ඇරලා කෙල්ලට ඇතුලට එන්න කියල අතින් කියාගෙන කාමරේට ආවා.


ජැකට් එකයි කැප් එකයි ගලවලා සෝෆා එක උඩින් තියලා කෙල්ල කාමරේ ගාවට ආවා.

ඇස් වලින් ඇහුවා අම්මා කොහෙද කියල...


අර කාමරේ...ඇතුලට යන්න...අම්මා ඉන්නවා.


ඉස්සරහට වැටුන කෙස් රොදක් කන ගාවින් රදවගෙන කෙල්ල සැකෙන් වගේ කාමරෙ ඇතුලට ගියා.කිචන් එකට ගිහින් මං ෆ්‍රිජ් එකේ තිබ්බ බීම එකක් කඩලා ඒකත් අරන් කාමරේට ගියා.


යද්දි කෙල්ල ඇද කෙලවරින් ඉදගෙන ඉන්නවා.අම්මා දෝතින්ම කෙල්ලගෙ මූණ අල්ලගෙන මොනවදෝ මුමුණනවා.








දිල්






එයාගෙ අම්මව මුනගැහෙන්න මට තනියම එන්න කියල පූර්ව මොකක් හරි මාව කොටු කර ගන්න ප්ලෑන් එකක්වත් ගහල තියෙනවද කියල මං මුලින් හිතුවා.


ඒත් එක පාරට කාමරේට මං ඇතුල් වෙද්දි ඒ දැක්ක දේ නිසා එක මොහොතකට මගේ හිතත් කඩන් වැටුනා.පූර්වගෙ අම්මා හරි කරුණාවෙන් මං දිහා බලන් හිටියා.


එන්න...ඇතුලට...


ආන්ටි...කොහොමද ආන්ටිට දැන් ?


මං හොදින් ඉන්නව දරුවෝ..


එදා ඉතින් කතා කරලා යන්නවත් බැරි උනා නෙ.මට පූර්ව කිව්ව ආන්ටි මාව අහනව කියල හැම තිස්සෙම.


අනේ..ඔව්..මට දවස් කීපයක්ම ඔයාව හීනෙනුත් පෙනුනා දරුවෝ..


ආන්ටි කාලා එහෙම ද ?


ඔව් දැන් පුතා බෙහෙත් එහෙම දීලා ගියේ...

ආ ඔය එන්නේ...


දිල්...


පූර්ව බීම වීදුරුවක් ගෙනත් දික් කලා.දැන් මොකද කරන්නෙ.


ම්ම් දැන් බොන්න බෑ.මාත් එන ගමන් කාලා ආවේ.


මං නැගිටලා කිව්වා.


බය වෙන්න එපා..මේකට මුකුත් දාලා නෑ.මං ඒ වගේ @#$% එකෙක් කියල හිතන්න එපා.


පූර්ව මගේ හිත කියෙව්වා වගේ ලගට ඇවිත් රහසින් කිව්වා.ආන්ටි දිහා බලලා මං වීදුරුව අතට අරන් ආයි ඉද ගත්තා.


පුතා..මාව එලියට එක්කගෙන යන්න..මට මේ දරුවා එක්ක පොඩ්ඩක් නිදහසේ කතා කරන්න ඕනෙ.


පූර්ව ආන්ටිව දෑතින්ම අරන් එලියට එන්න කියල මටත් කියල එලියට ගියා.කාමරෙන් එලියට ඇවිත් මං වටපිටාව බැලුවා.මුලු ගේම පූර්වගෙ පොඩි කාලෙ මතක සටහන් වලින් පිරිලා.


සම්මාන සහතික පවා ලස්සනට පිලිවෙලට අරන් තියලා තිබ්බා.පූර්වගෙ තාත්තා ඉන්න කාලේ මේ තුන් දෙනා කොච්චර සතුටින් ඉන්න ඇතිද කියල තේරුම් ගන්න මේවා දකින ඕනෙම කෙනෙක්ට පුළුවන්.










අනේ අද චුට්ටක් අසනීපෙන් ඉන්නෙ🥺 මන්🥺🤧🤧🤒

එපිය ටයිප් කර ගත්තෙත් චුට්ටක් අමාරුවෙන්...🤕🤕 


ඉස්සරහට දිග එපිසෝඩ් දෙන්නම්🤕♥️





මං ✍️අමා❤️





ඉදිරියටත් මං ලියන නවකතා කෙටිකතා කියවන්න මගේ Personal Blog එකට එන්න 💞🌝🧚


👇👇👇👇

ᗩᗰᗩᗩ'ᔕ ᑭEᖇᔕOᑎᗩᒪ ᗷᒪOG



Report Page