❤️🔥 චණ්ඩි රැජිණ 🔥❤️

❤️🔥 චණ්ඩි රැජිණ 🔥❤️

☠__️️H@R|e¥__•__QU¡Nn️__☠️

14 වන කොටස


පෙර කොටසට





දිල් 





ඇනවසරි කේක් එක කපලා එහෙම කට්ටිය වැල්ල දිගේ එක පේලියට වාඩි වෙලා හිටියා.ජීවිතේ මට මොන දේ නැති උනත් මෙහෙම ලගින් ඉන්න සහෝදරයෝ ටිකක් ලැබිලා තියෙනවා.


ඇහැ අගට ආව කදුලක් පිටිඅත්ලෙන් පිහිදාන ගමන් මං නැගිට්ටේ හට් එක ගාවට ගිහින් මොනව හරි බොන්න කියල හිතාගෙන.අරුන් ටික තවම ඉදගෙන කයිය ගහනවා.


බීම එකකුත් අතට අරන් මං ආයි එන්න හැරෙද්දි දැක්කේ අහිංසව.ඒත් තනියම නෙවේ කෙල්ලෙකුත් එක්ක.නානගෙ පෙට්ටි කඩේ ලග ඉදගෙන උඩ පැන පැන ඉස්සො වඩේ කනවා දෙන්නත් එක්ක.


අහිංස මාව දකින්න කලින් මං එතනින් ඉක්මන්ට එන්න ආවෙ මාව දැක්කොත් ආයිත් කතාවට එයි කියල හිතලා.අපේ පාර්ටි හට් එක හැමෝටම හුගක් නෝට් වෙලා තිබුනා.සදියා පුළුවන් උපරිම විදියට හැම තැනක්ම සරසලා තිබුනේ.


හට් එක ගාවින් හැරිලා මට වැඩි දුරක් එන්න ලැබුනේ නෑ.


දිල්...


අහිංස මගේ පැත්තට දුවන් ආවා.ඒ පස්සෙන් අර කෙල්ලත්...


දිල්...දිල්...

ඔහොම පොඩ්ඩක් ඉන්න...ප්ලීස්...


මගේ දකුණු අතින් තද කරලා අල්ලගෙන අහිංස මට තවත් ලං උනා.


මේහ්...පිස්සු ද තමුසෙට...අතාරිනවා මාව...කිව්වහම..තේරෙන්නෙ නැද්ද..අතාරිනවා...


මං අත ඇදලා අර ගෙන අහිංස දිහාට ඔරවලා එන්න ආවා.


මොකද බන් උනේ...


මුකුත් නෑ...පිස්සෙක්...


ඒහ්..අර දොස්තරය නේද ? තව කෙල්ලෙකුත් එක්ක..


ඔව්..උගෙන් වැඩක් නෑ..යමන්...


මං සදියවත් ඇදන් ඇවිත් ආයිමත් ගිහින් ඉද ගත්තා.ටික වෙලාවකට පස්සෙ උරහිසට උඩින් හැරිලා බැලුවේ අහිංස තවමත් බලන් ඉන්නවද කියල දැන ගන්න.


හිටපු තැනටම වෙලා අහිංස තවමත් අපි ඉන්න දිහා බලන් කල්පනා කර කර හිටියා.අර කෙල්ලත් අහිංසගෙ උරහිසට අත තියන් මොනවදෝ කියෙව්වා මං දැක්කා.


අහිංසව දකින් දකින් සැරයක් ගානෙ ඒ කටහඩ ඇහෙන ඇහෙන සැරයක් ගානෙ මගෙ හිතට එච්චර කේන්තියක් එන්නෙ ඇයි කියල මට තවම හිතා ගන්න බෑ.









අහිංස 







අහිංස අයියා...


නෙතුකිගෙ කටහඩින් මං ආයිමත් පියවි සිහියට ආවා.මං මොකද්ද ඒ කලේ...දිල්ව තවත් කේන්ති ගැස්සුවා නේහ්...


අයියා....


මොකද...තමුසෙ ?


අ..අනේහ්..ඇයි මේ..කේන්තියෙන් ඔයා ?


ම..මට..හ්...අයිම් සොරි නෙතුකි...


මං නිකරුනේ ඒ කෙල්ලටත් කෑගැහුවා නේද කියල මට හිතුනෙ පස්සෙ.


මොකද්ද ඔයාට තියෙන ප්‍රශ්නෙ...? කවුද අර ගර්ල්...?


දිල්...


ඔයා මට එයා ගැන කියල නෑ නෙ..

ඔයා අර ගිෆ්ට් එක ගත්තෙ එයාටද ?


හ්ම්ම්ම්...


කෙල්ල ඇවිත් මං ගාවින් ඉදගෙන උරහිසට අතක් තියාගෙන හරි අහිංසක විදියට බලන් හිටියා.ටික වෙලාවකින් ආයිමත් කතා කරන්න ගත්තා.


ඔයාලා දෙන්න අතරේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනව නේද ?එයා එච්චර ඔයත් එක්ක තරහින් ඉන්නෙ ඒකනෙ ?


හ්ම්ම්...මං එයාට..ලොකු බොරුවක් කලා..එයා කවදාවත් මට ඒකට සමාවක් දෙන එකක් නෑ.


එයා ඔයාට ඇත්තටම ආදරෙයි නම් එයා ඔයාට අනිවාරෙන්ම සමාව දෙනවා අයියා..


නෙතුකි...මං...


හා හා..දැන් ඉතින් ඔයා කියන්න එපා ඔයා එයාට ආදරේ නෑ ඔයාලා යාලුවො විතරයි කියල..


එහෙම දෙයක් නෙවෙයි..නෙතුකි..


අයියා...මට ඔයාගෙ ඇස් වලින් පේනවා ඔයා එයාට කොච්චර ආදරෙයි ද කියල...


නෙතුකි..මං...ඒක නෙවෙයි..ඔයාට...


ඔහෝ...එහෙනම් මේක තවම ඒකපාර්ශ්වික ආදරයක් ද ?


හ්ම්ම්ම්..


ඔයා එතකොට එයාට කිව්වෙ නැද්ද...


නෑ...එයා මට කවදාවත් කැමති වෙන එකක් නෑ.ඔයාම දැක්කනෙ.








පූර්ව 








අම්මා..හැම තිස්සෙම අරකි ගැනමයි බන් කියවන්නෙ.


කවුරු ගැන ද ?


දිල් ගැන බන්.


එහ්..ඒ මොකෝ බන් ?


එදා මාව බේර ගත්තෙ ඒ දැරිවි...මට එයාව මුනගස්සන්නෙ කවද්ද කිය කිය අහනව හැම තිස්සෙම.


ඉතින් ඉතින් දැන් මොකද කරන්නෙ උබ.?


මොනව කරන්න ද කියල හිතා ගන්න බැරුව බන් තමයි බන් මාත් ඉන්නෙ..


ම්ම් අරකිත් එක්ක කතා කරලා ශේප් එකක් දාගන්න බැරි වෙයිද ?


කව්ද දිල් එක්ක ද ?


ඔව් නැතුව..


පිස්සු ද උබට..උබ හිතනවද ඒකි එයි කියල ?


අහල බලන්න එපැයි ඉතින් එනවද නැද්ද කියල.


ඉදල ඉදල මාත් ලෝක අමාරුවක වැටුනේ.ඒකිට රිද්දන්න ඕනෙ කියල මං හිතන් ඉන්නව ඒ උනාට.අනේ මංද බන්..


අපි මොනව හිතුවත් වැඩක් නෑ බන්..සේරම වෙන්නෙ අර උඩ ඉන්න කෙනා හිතන විදියටනෙ.

ඒ වගෙන් වැඩක් නෑ රෑ වෙලා යමන් කාල එමු.


වික්‍රමරත්නට කියහන් අර නඩුවෙ ෆයිල් ටික ආයි චෙක් කරන්න කියල.ඇක්සිඩන්ට් එක ගැන ගත්ත කට උත්තර ගැන එහෙම මුකුත් විස්තරයක් තිබුනෙ නෑ නෙ.


ම්ම්...පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා ඇති බන්.මං කියන්නම්.

දැන් යමන්.


උබ පලයන්.මං දැන් ගෙදර යනවා.


හරි ගන්න එහෙනම් පරිස්සමින්..

මං ගියා..








දිල්






රෑ 12 ත් පහු වෙලා අපි කට්ටිය විතරයි වෙරළේ ඉතුරු උනේ.රාසම්මලගේ ගෙදර ඒ ලග තිබුනු නිසා අපි එදා රෑ එහේ නතර වෙලා උදේම ගෙදර යන්න කතා උනා.


සතුට වැඩිකමට ඩිලා සුපිරියටම ගහලා නැගිට ගන්න බැරුව අනිත් උන්ගෙ කරපිටින් ගියේ.ඌවත් වාහනේට දාලා මං හයිලෙවල් එකට වාහනේ දැම්මා.


ඩෝං.....🚓💥🚗


ඉස්සරහින් තිබ්බ පොලිස් ජීප් එකේ කාර් එක වැදුනා.ලොකු ඩැමේජ් එකක් නම් නෑ ඒත්.පොලිස් ජීප් එකක්නෙ.රිවස් එකට ගන්න කියල බැලුවත් තව කාර් එකක් පිටිපස්සෙන් තිබුනා.


කර කියා ගන්න දෙයක් නැති නිසා මං වාහනෙන් බැහැලා ජීප් එක ගාවට ගියා.


හැප්පුන සද්දෙ ඇහිලා ලග තිබ්බ කඩේ ඉදන් එලියට දුවන් ආවේ...


පූර්ව...


මට කියවුනා.


ඔහ්..මොකද්ද උනේ ?


පොඩ්ඩක් වාහනේ වැදුනා..ලොකු ඩැමේජ් එකක් නෑ නේ?


දිල්...මොකද උනේ...


ඔයාගෙ බොස් මගේ වාහනේ හප්පලා...


හිතල හැප්පුවෙ නෑ..අනික..මේ පොඩ්ඩක් වැදුන විතරයි...


ඔව් ඔව් මේ..ලයිට්ස් කුඩු...


හරි හරි ඉන්ස්පෙක්ටර් ගාන කියන්නකො..අපි ගෙවන්නම්..


සදියා ඉස්සරහට එන්න හදද්දී මං ඌව පිටිපස්සට කර ගත්තා.


ටික වෙලාවක් සද්ද නැතුව කල්පනාවෙන් බලන් හිටපු පූර්ව මං දිහා බලලා පැත්තකට අඩ ගැහුවා.


දිල්..මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනෙ..









පූර්ව 







වාහනේ හැප්පුන එකට පොඩි කේන්තියක් ඇති උනා තමයි.ඒත් එක පාර හිතට ආව අයිඩියා එකක් නිසා ඒ කේන්තිය ටිකක් අඩු උනා.


මේක දුරදිග ගෙනියන්න ඕනෙ නෑ..අපිට ගාන කිව්වොත්..


ඒ ගැන කතා කරන්න නෙවේ එන්න කිව්වෙ..


මං කිව්වා.


එහෙනම් ?


කෙල්ල ඇස් දෙකත් ලොකු කරන් ඇහුවා.


මං මේ උන සිද්ධිය අමතක කරල දාන්නම්.ඒත් එක කොන්දේසියක් මත..


මොකද්ද ? කොන්දේසිය ?


ඇත්තටම කිව්වොත්...මේක ඔයාගෙන් මං ඉල්ලන උදව්වක්..කාටවත්ම මේක දැන ගන්න තියෙන්නත් බෑ.


මොකද්ද ?


අම්මා දිල්ව මුණගැහෙන්න කැමැත්තෙන් ඉන්න බව මං කෙල්ලට කිව්වා.ටික ටික කෙල්ලගෙ මූණ වෙනස් උනා.


මේක පොලිසියෙ මුකුත් ප්ලෑන් එකක් නෙවෙයිනෙ ?


කිසිම ප්ලෑන් එකක් නෑ.මං මේ දේ ඉල්ලුවෙ මගෙ අම්මා වෙනුවෙන්.රාජකාරි වැඩ මං පෞද්ගලික ජීවිතේ එක්ක පටල ගන්න කෙනෙක් නෙවෙයි.


මං මේකට බෑ කියල කිව්වොත්..


ඒක ඉතින් ඔයාගෙ කැමැත්ත...


විනාඩියක් විතර කාර් කී එක දබර ඇගිල්ලේ දවටගෙන කරක කරක ඉදලා කෙල්ල යන්න හැරුනා.


මං එන්නම්...


ඒ වචන දෙක ඇහුන ගමන් මං මොහොතක් හිතේ ගැඹුරුම තැනකින් අසීමිතව සතුටු උනා.








අහිංස 






අනේ අයියා...ඔහොම කල්පනා කර කර දුකින් ඉන්න එපා..අපි මොනව හරි කරමු එයාගෙ හිත හදන්න.


කොෆී මග් එකත් මගෙ අතට දීලා ලගින් ඉදන් නෙතුකි කිව්වෙ අවංකවමයි කියල මට තේරුනා.


ඔයා ආදරේ කරල තියෙනවද ?


මං එක පාර ඇහුවම කෙල්ලගෙ මූණ වෙනස් උනා.


හ්ම්ම්...


ඒ ගැන මට කියන්න බැරි ද ?


බැරි නෑ...පුළුවන්...


එහෙනම් කියන්න..මං කැමති ඔයාගෙ කතාව දැන ගන්න.


හ්ම්ම්...

මං එයාට ආදරේ කලේ මට යන්තම් තේරෙන් වයසේ ඉදලා.ඒත්...අපි ඉක්මන්ටම වෙන් උනා.මගේ හිතේ තිබ්බ ආදරේ එයාට කියන්න කලින්ම අපි වෙන් උනා.


ඊට පස්සෙ...


ඊට පස්සෙ..මට අවුරුදු ගානක් යනකම් එයාව ආයි දකින්න ලැබුනෙ නෑ...


දැන් එයා කෝ ?


එයා ඉන්නවා...ඒත් දැන් මට එයාට ලං වෙන්න බෑ 


ඇයි ඒ ???


දිග හුස්මක් හෙලලා නෙතුකි හරි අසරණ විදියට මං දිහා බැලුවා.










Comment එකක් දාන්න ❤️❤️❤️

Comment කරන හැමෝටම ගොඩක් ආදරෙයි ❤️❤️❤️😘😘😘



මං ✍️අමා❤️ 



ඉදිරියටත් මං ලියන නවකතා කෙටිකතා කියවන්න මගේ Personal Blog එකට එන්න 💞🌝🧚


👇👇👇👇

ᗩᗰᗩᗩ'ᔕ ᑭEᖇᔕOᑎᗩᒪ ᗷᒪOG



Report Page