කෝපි පාට පෙම්වතී

කෝපි පාට පෙම්වතී

BrOwN sOuL 🤎✨

විසි පස්වන දිගහැරුම

කෝපි පාටින් සිත්තම් කළ ඇගේ ප්‍රේමය


පෙර කොටසට

https://telegra.ph/%E0%B6%9A%E0%B6%B4-%E0%B6%B4%E0%B6%A7-%E0%B6%B4%E0%B6%B8%E0%B7%80%E0%B6%AD-04-20



" ඇත්තටම කොහෙද සදරු දැන් අපි ඉන්නේ " මන් හෙන සීරියස් මූඩ් අහනකොට මුන් ඔක්කොම හිනා වෙනවා

" බූරුවෙක් වගේ හිනා වෙන්න එපා බන් ... ඇත්තටම අහන්නේ මන් "

" මෙච්චර දුරක් කිසිම ප්ලෑන් එකක් නැතුව එන්නේ නෑනේ මැට්ටියේ " ආයේ අර පච හිනාව දාලා ඩ්‍රයිව් කරනවා


ටිකකින් වාහනේ නැවැත්තුවේ හොටෙල් එකක් ගාවින් වෙද්දි අපි බහින්නත් කලින් සදරුයි ශාක්‍යයි අපිට ඉන්න කියලා ඇතුලට ගියේ ටිකකින් අපිටත් එන්න කියලා කියද්දි


එයාලා රිසෙප්ශන් එක ගාව අයිඩින්ටි කාර්ඩ් දීලා හෙන නාඩගම් ගොඩක් නටනකන් මායි සිතාරායි පාඩුවේ වාඩි වෙලා වෙල්කම් ඩ්‍රින්ක් එක බිබී උන්නේ


" යමු " සදරු ඇවිත් කියද්දි අපි දෙන්නම නැගිට්ටේ අරකි ගිහින් උගේ අතේ එල්ලෙද්දි

ඇත්තමයි මුන් දෙන්නට තැනක් නොතැනක් නෑ ලවු කරන්න ගියාම

මොනා වුණත් මේ වගේ වෙලාවක පාඩුවේ ඉන්න එපැයි


අපි රූම් එකට යද්දි බෑග්ස් ටිකත් රූම් එකට ගෙනත් තියලා


" ඔක්කොම බෑග් ඇයි මේකට ගෙනත් .. අපි දෙන්නගේ රූම් එකේ කී එක දෙන්න මන් මේ ටික තියලම එන්නම් " මන් කියද්දි සදරු මහ අමුතු හිනාවක් දාන් බලන් ඉන්නවා

" අපි දෙන්නගේ කිව්වේ මොන දෙන්නගෙද "

" මගෙයි මේකිගෙයි " මන් රවලා කියද්දි

" වෙන රූම් නෑ එකයි තියෙන්නේ "

" ඇහ් " මායි සිතාරයි දෙන්නම එකට කියද්දි මුන් දෙන්නා ගොන්නු දෙන්නෙක් වගේ හිනා වෙනවා

" මේකේ හතර දෙනෙක්ට ඉන්න පුලුවන්ද ගොනෝ "

" දෙකක් බුක් කරා බන් ... ඒ වුණාට බුක් වෙලා තියෙන්නේ එකයි "

" ඒක මාර කතාවක්නේ "

" මේ කාලෙට කොහොමත් හොටෙල්ස් බුක් කරන්න අමාරු නිසා කලින්ම ඔන්ලයින් බුක් කරේ .. දන්නෙ නැද්ද පොඩ්ඩක් ඩාං වෙනවා ඩූං වෙනවා "

" එතකොට "

" දැන් ඉතින් අනිත් රූම් ඔක්කොම බුකින්ලු .. මේක විතරයි තියෙන්නේ " මායි සිතාරයි දෙන්නම මුන් දෙන්නව අලු කරන බැල්මකින් බලන් ඉද්දි

" වැරදි කරන එක මනුස්ස ගතියක් සමාව දෙන එක දේව ගතියක්නේ ශුඩු නෝනා " සදරු සිතාරගේ කරටත් අතදාගෙන කියනවා

" දැන් මොකද්ද එතකොට කරන්න යන්නේ " මන් ටිකක් හයියෙන් අහනකොට

" ලොකු අවුලක් වෙන්නෙ නෑ ශෙරා ... ඔයාලා උඩ ඉන්න අපි යට ඉන්නම් " ඒ එයා

ආවයින් පස්සේ මාත් එක්ක කතා කරපු දෙවෙනි පාර

මෙච්චර වෙලා කියෝ කියෝ හිටපු මන් නිකන්ම සයිලන්ට් වෙද්දි මන් වටයක් කැරකිලා රූම් එක දිහා බැලුවේ මේකා මේ කිව්ව උඩ කෑල්ල මොකද්ද කියලා

හෙ හේ උඩ තව කෑල්ලක් තියෙනවා ඇත්තටම


මායි සිතාරයි උඩට ගියේ සදරුයි ශාක්‍යයි එලියට ගිහින් එන්නම් කියලා ශේප් එකේ මාරු වෙද්දි


වොශ් එකක් දාගෙන ඇදට වැටුනේ මහන්සියට පොඩි නින්දක් දාන්න


" ඒ මෙහෙ එනවකෝ ශෙරායා ... ඉක්මනට වරෙන් බන් "

" මොකද බූරුවෝ කෑ ගහන්නේ " නැගිටින්න කම්මැලි නිසා මන් අහද්දි අරකි ආයේ බෙරිහන් දෙනවා

මාත් නැගිටලා ගියේ බැල්කනි එකට


වාව් ... මාර ලස්සන වීව් එකක්

බැල්කනි එක තිබ්බේ තේ වත්තටක ෆේස් කරලා

මාරම ලස්සනයි

දවල් වෙලත් තාම තියෙන මීදුම

අහස අල්ලන්න තරම් උස ගස් පේළිය

ලා කොල පාටින් වැහිලා ගිය තේ වතු

තැනින් තැන තේ ගස් එක්ක ඔට්ටු වෙන තේ දලු නෙලන කට්ටිය

ඒ හැමදේකින්ම ඒ ලස්සන තව තව වැඩි කලා


" ලස්සනයි නෙහ් " සිතාරා බැල්කනි එකේ තිබ්බ පුටුවකින් වාඩි වෙලා කියනවා

" හ්ම් " මාත් එයාගේ එහා පැත්තෙන් වාඩි වෙන්න යද්දිම

" ඒ කොෆී එකක් හදන්න වතුර තියලා එනවකෝ "


කිචන් එකක් නැති වුණත් කොෆී එකක් හදාගන්න ඕන කරන හැමදෙයක්ම වගේ රූම් එකේ තිබ්බ ටේබල් එක උඩ තියෙද්දි

මන් එතනම තිබ්බ වතුර බෝතලයක්ම කේතලේට හැලුවේ වතුර ගන්න වෙන ක්‍රමයක් නැති නිසා

වතුර එක තියලා මන් ආයෙත් බැල්කනි එකට ගියේ ඒ සීතල විදින්න තිබ්බ ආසාවට


" වතුර තිබ්බෙ කොහොමද "

" අර ටේබල් එක උඩ තිබ්බ බෝතලේකින් "

" මෙහෙ වතුර හෙන පිරිසිදුයි ඒ ... සින්ක් එකෙන් ගත්තත් අවුලක් නෑ "

" දැන් තියලා ඉවරනේ ඉතින් "


මන් ඒ පරිසරේ දිහා වශී වෙලා බලන් උන්නේ

දවස තිස්සේ ෆෝන් එකටයි ලැප් එකටයි කොටු වෙලා ඩිගිටල් ලෝකෙක ජීවත් වෙලා මේ වගේ කොල පාටින් විතරක්ම පිරුනු පරිසරයක් දකිද්දිත් ඇස්වලට සනීපයි


" ශෙරා .. අම්මට කතා කරාද " මන් ඔලුව හොලවලා නිකන් ඉද්දි සිතාරා ආයෙමත් කතා කරනවා


" උබ තාම කියන්නේ එදා කියපු දේමද "

" මොකද්ද එදා කියපු දේ "

" ශාක්‍යට කොච්චර ආදරේ වුණත් ආයෙ කවමදාවත් ඌව එපා කියලා "

මන් ඔලුව හෙලෙව්වේ ඔව් කියා ගන්න බැරි කමට


එදා එහෙම කිව්වට ඇත්තටම මට ආයෙ එයාව එපාද

මට එහෙම ඉන්න පුලුවන් වෙයිද

මේ පැය ගාණටම මගෙ හිත කොච්චර වෙනස් වුණාද

එයාව එපා කිව්ව හිතම එයා නැති අඩුව පාලුව ගැන හිත හිත ලත වුණාද

මේ තප්පර කීපෙකට කලිනුත් මේ පරිසරය සීතල විදිද්දි එයත් මෙතන හිටිය නම් කියලා හිතුවද


" ශාක්‍ය එහෙම කරේ මොකක් හරි සාදාරණ හේතුවකට නම් "

" මටවත් නොකියා එහෙම මාව අතාරින්න එයාට මොකද්ද තියෙන සාධාරණ හේතුව "

" අපි දන්නෙ නෑනේ බන් "

මන් ඒ වචන ඇහුණ නෑහුණ ගානට ඇතුලට ගියේ අපි දෙන්නගේ කොෆී එක හදන්න


සිතාරාගෙ එක බැල්කනි එකේ ටේබල් එකෙන් තියලා මන් ආයෙම උඩට ආවේ ඇස් දෙකට පොඩි විවේකයක් දෙන්න කොෆී එක බීලා එහෙන්මම ඇල වුණේඑ නින්ද යන්නෙ නැති වුණත් ඇස් දෙක පියාගෙන ඉන්න


මට එහෙන්ම නින්ද ගිහින් වෙනකොට




shakya pov :


" මට ශෙරායව ඕනේ බන් " සදරුත් එක්ක අපි ඉන්න රූම් එකට යන අතරේ මන් කිව්වේ ඌ මන් දිහා කන්න වගේ බලද්දි

" ආයේ කවදාවත් මගෙ අතින් ඒ වගේ වැරැද්දක් වෙන්නේ නෑ බන් ... මට ඒකි නැතුව ඉන්න බෑ "

" ආයේ කේන්දරකාරයෙක් කිව්වොත් උබෙන් ඒකිට අපලයි කියලා ගමේ උන් කිව්වොත් උබ එක්ක හිටියොත් ඒකිට හොදක් වෙන්නෑ කියලා ... කැම්පස් යන කාලේ අපි හැමෝටම සල්ලි නෑ තමා බන් .. පාර්ට් ටයිම් එකක් කරලා අමාරුවෙන් රෝලක් ගන්න්නේ .. ඒත් දැන් උබ ලෝයර් කෙනෙක් .. එකිත් ලෝයර් .. කවදා හරි උබලා දෙන්නටම ඒ වගේ තැනකට එන්න පුලුවන් කිය්ලා දැන දැනත් මට සල්ලි නෑ ඒකි දුක් විදී අනන් මනන් බයිලානෙ උබ කාලේ කිව්වේ .. ආයෙ උබට එකපාරට සල්ලි නැති වෙයි කියලා හිතුනොත් එහෙම ...... ඒකි ආයෙත් එහෙම දුක් විදිනවා බලන්න බෑ මට "


" උබලා කාටවත් මාව තේරෙනෙන් නෑ බන් .. තේරෙන්නෙ නෑ "

" ආයෙ එහෙම වෙන්නෑ බන් ... මට එකම එක චාන්ස් එකක් දියන් .. එකපාරක් තනියම කතා කරන්න ඕනේ මට "

" අද මොනා හරි වෙලා අවුලක් වුණොත් හෙට වෙඩින් එකට ගිහිනුත් මූඩ් ගනවා ඩබලම "

" හෙට රෑ මට තනියම කතා කරන්න එකම එක චාන්ස් එකක් දියන් බන් "


අපි රූම් එකට යද්දිත් ශෙරායා නිදි


" ඒ කොහෙ හරි යමුකෝ අපි " සිතාරා ඇවිත් සදරුගේ අතේ එල්ලිගෙන කියනවා

" ශෙරායා ඇහැරුනාම යමු නෙහ් " සදරු කියද්දි

" එහෙම නෙමේ අනේ .. අපි දෙන්නා මේ ... "

" උබත් යමන් " සදරු කියද්දි අරකිගේ මූණ තැලිච්ච තක්කාඅලි ගෙඩියක් වගේ

" උබලා දෙන්නා ගිහින් වරෙන් .. මන් ඉන්නම් "

උන් දෙන්නා යන්න යද්දි සදරු ආයෙත්

" ශෙරායා නැගිට්ටොත් කියහන් අපි ගියා ඉක්මනට එනවා කියලා .. අනන් මනන් කියන්න ගිහින් වැඩේ චා කරන්න එපා හෙට ගේමක් ගහමු "


උන් ගිහින් පැයකටත් කිට්ටුයි බැල්කනි එකට වෙලා හිටියේ ශෙරායා ඇහැරිලා යටට ආවොත් මන් විතරක් ඉන්න නිසා අවුල් යයි කියලා


එන්න එන්නම සීතල වැඩි වෙද්දි ඇතුලට ගියේ ශර්ට් එකක් දාගන්න

ඒත් එක්කම උඩ තට්ටුවෙන් හීන් ඉකියක් ඇහෙද්දි


" ශෙ .. ශෙරායා " දෙපාරක් නොහිතම මන් උඩට යද්දි කෙල්ල තාම නිදි


එකදිගට ඇස්වලින් කදුලු ගලද්දි ඔහේ මොනාද මන්දා කියවන්නේ කොට්ටෙත් තුරුල් කරන්


" ශෙරා .. " කදුලු පිහදන ගමන් මන් කතා කරේ කෙල්ලව ඇහැරවන්න


" ඇ.. ඇයි එහෙ..ම .. අ..අනේ එ..එපා .. ඔ..ඔයා ..න..නවත්තන්නකෝ " තේරුමක් නැතුව ඔහේ මොනාද කියවනවා


" ශෙරා ... ඒයි අහන්නකෝ ලමයෝ .. ශෙරායා "

ඒත් එක්කම හිතපු නැති වෙලාවක එකපාරට කෙල්ල මට තුරුලු වුණේ වුණේ මොකද්ද කියලා තේරෙන්න මට ටික වෙලාවක් යද්දි

එන්න එන්නම මට තුරුලු වෙන්නේ මොනාද කිය කිය


" ශෙරායා .. " මන් හිමීට ඔලුව අතගාන ගමන් කියද්දි එකපාරට කෙල්ල ගැස්සුණා


ඒත් එක්කම මාව එහාට තල්ලු කරේ හිතාගන්න බැරි විදිහට




sheraya Pov :


කවුරු හරි මගෙ ඔලුව අතගානවා වගේ දැනෙද්දි මන් හිතුවේ සිතාරා කියලා හිතාගෙන

නෑ ඇස් අරින්නත් කලින් මට ඒ සුවදෙන්ම දැනුනා ඒ සිතාරා නෙමේ


ඒ එයා ..

ශාක්‍ය


මන් උන්නේ ටී ශර්ට් එකක්වත් නැති ඒ නිරුවත් පපුවට තුරුලු වෙලා

අවුරුද්දකට විතර පස්සේ ලැබුණ ඒ උණුහුම

මට ඕන වුණේ ඒ මගෑරුණු කාලෙටම හරි යන්න ඒ පපුවට තුරුල් වෙලා ඉන්න වුණත්


මන් එයාව තල්ලු කරන ගමන් එයාගෙන් ඈත් වුණේ

මගෙ හිතට තරවටු කරගන්න ගමන්


" හිතෙන හිතෙන වෙලාවට මගෙ ජීවිතේට යන්නයි එන්නයි .... තමුසෙ .. තමුසේ හිතන් ඉන්නේ කවුරු කියලද ආ .. මට මගෙ පාඩුවේ ඉන්න දෙන්න ශාක්‍ය .. ආයෙත් ඕනේ නෑ .. කවදාවත්ම ඕනෙ නෑ " බොහොම අමාරුවෙන් වචන එකතු කරන් එහෙම කියලා මන් නැගිටලා යන්න හදද්දිම ආයෙත් එයා මගෙ අතෙන් ඇදලා එයා ගාවට ගත්තේ මෙච්චර වෙලා වැටෙන්න පොරකාපු කදුලු පාලනයක් නැතුවම ඔහේ වැටෙද්දි


" මට සමාවෙයන් බන් " මගෙ මූණ ඒ අත් දෙකට මැදි කරන් කියනවා

" මන් දිහා නොබලා ඉන්න තරමට අප්පිරියද මාව " ඒ වචන ඇහෙද්දි මෙච්චර වෙලා බිම බලන් හිටපු මන් එයා දිහා බැලුවේ ඉබේටම


ටික වෙලාවක් අපි අතර කතාවක් නොවෙද්දි මන් උන්නේ ඕනෑවටත් වඩා කළු පාට ඒ ඇස් අතරේ අතර මන් වෙලා


මෙච්චරකල් වළලලා තිබුණ ආදරේ ආයෙ දලු දන්න පටන් අරන් වෙනකොට

කළු ගලක් කරන් තිබුණ මගෙ හිත ආයෙමත් දියවෙන්න පටන් අරන් තිවුනා


ඒත් එක්කම කවුරු හරි දොරට ගහනවා

එයාටයි මටයි දෙන්නටම දොර අරින්න යන්න උවමනාවක් නැතත් සදරුගෙන් ආපු කෝල් එක නිසා එයා දඩි බිඩියේ පහළට ගියේ මන් ආයෙත් තදේට ඇස් පියා ගද්දි


" ශෙරා ... නිදිද ඕයි තාම " සදරුලා තමා ඇවිත් තියෙන්නේ

"  නෑ නෑ එනවා " එහෙම කියාගෙන මන් යටට ගියේ කාටත් නොපෙනෙන්න ඇස් දෙකත් හෝදගෙනමයි




පරක්කු වෙලා හරි එපියක් දුන්නා හරිද

මෙහෙම ගිහින් ආයෙත් මේ ඩබල සෙට් වෙයි වගේ නෙහ් ඒයිලා

ඒ වුණාට එහෙම එකපාරට සෙට් කරාමත් කිසි ගතියක් නැහැනෙ හලොව්


කොහොම හරි කමෙන්ට් කරන ළමයින්ට පැලෙන්න ආදරෙයි මේ ලමයා 😌🤎



https://t.me/brown_Soul_personal_blog



BrOwN sOuL 🤎







Report Page