කෝපි පාට පෙම්වතී

කෝපි පාට පෙම්වතී

BrOwN sOuL 🤎✨

Mini Bonus #12

කෝපි පාටින් සිත්තම් කළ ඇගේ ප්‍රේමය


පෙර කොටසට

https://telegra.ph/%E0%B6%9A%E0%B6%B4-%E0%B6%B4%E0%B6%A7-%E0%B6%B4%E0%B6%B8%E0%B7%80%E0%B6%AD-04-19-2



අම්මාටත් කතා කරලම අපි හතර දෙනාම පිටත් වුණේ සදරුගේ කියවිල්ලට


ශාක්‍ය ඩ්‍රයිව් කරද්දි එහා පැත්තේ ශිට් එකේ සදරු

පිටිපස්සේ අපි දෙන්නා


" මොනා හරි කියපන්කෝ ශෙරා ... " සදරු කියද්දි මන් හිනා වෙලා ශටර් එකෙන් එලිය බලාගත්තේ සැරෙන් සැරේ මිර එකෙන් මන් දිහා බලන් ඒ ඇස් මගාරින්න


" මොකද බන් උබලට වෙලා තියෙන්නේ ... " ආයේ කියන්නේ වාහනේට නැග්ග වෙලේ ඉදන් ඌ හැර අනිත් හැමෝම වචනයක්වත් කතා නොකරපු නිසා


" මොනා වෙන්නද හලෝ අපිට "


" මුකුත් වෙලා නැත්තන් කමක් නෑ ඉතින් "


එතනින් ඒ කතාව ඉවර වෙද්දි මන් සිතාරාගෙ උරහිසට හේත්තු වුණේ පොඩි නින්දක් දාන්න

ඊයේ රෑත් හරි හැටි නින්දක් නැති නිසාද කොහෙද ඔලුවත් ටිකක් රිදෙනවා


" අපෝ ... ගමන් පටන් ගන්නත් කලින් මේකි නිදිනේ " ලා නින්දේ හිටපු මට සදරුගේ කතාව ඇහෙද්දි මට පොඩි හිනාවක් ගියේ මන් ඇස් දෙක තවත් තදේට පියා ගද්දි


" නිදි නෑ තනිකර බොරුව ... අර ඉන්නේ හොදට හිනා වෙවී "


වෙනදා වගේම නිවිච්ච කටහඩකින් එහෙම කිව්වේ එයා

ශාක්‍ය ඔව් එයා තමා ඒ .. අපි වාහනේට නැග්ගට පස්සේ එයා කතා කරපු පළවෙනි පාර

ඒකත් මන් ගැන

ගොඩ දවසකින් ඒ කටහඩ ඇහුනෙත්


" නිදි නෑ මන් " මන් හිමීට මුමුණන ගමන් නැගිට්ටේ ලා හිනාවක් මූණේ රදවගෙනමයි


සදරු මන් දිහායි ශාක්‍ය දිහයි බලලා අමුතු හිනාවක් දාද්දි

සිතාරා උන්නේ ෆෝන් එක දිහා බලාගෙන





ගෙදරින් ඇවිත් දැන් පැය එකහමාරක් විතර

වැඩිය වාහනත් නැති නිසා ශාක්‍ය හෙන ස්පීඩ් ඩ්‍රයිව් කරන්නෙත්


අපි පහුකරන් යන වාහන දිහා ඔහේ බලන් හිටිය මම ගැස්සිලා ගියේ ෆෝන් එක වයිබ්‍රේවට් වෙන සද්දෙට


කවුද කියලවත් නොබලම කෝල් එක ආන්සර් කරේ ඒ නිසා


" හෙලෝ .. "

" කොහොමද ඉතින් ඔයාගේ පික්නික් එක ... තාම යනගමන්ද ඉන්නේ " ඉබේම ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා බැලුනේ ඒ එයාමද කියලා බලන්න


" ශෙරා .. අහන්ගෙනද ඉන්නේ "

" ඔ .. ඔව් සර් "

" ඉතින් .. "

" අපි දැන් කොයි හරියෙද ඉන්නේ සදරු " මන් ඇහුවේ කෝල් එක මියුට් කරලා

" දැන් නම් ... මත්තල පැත්තේ "


" යනගමන් ඉන්නේ තාම ... මත්තල හරියෙලු "

" ලු කියන්නේ ඔයා දන්නෙ නැද්ද කොහෙද ඉන්නේ කියලා "

මන් ලාවට හිනා වුණේ කියන්න දෙයක් නැති කමට

" හරි හරි එහෙනම් .. පරිස්සමින් "

" හරි සර් "

" සර් නෙමේ ශෙහාන් ... ගිහින් කෝල් එකක් දෙන්න මට " 


" මන් ගිහින් කතා කරන්නම් ශෙහාන් " ඒක ආයේ රිපීට් කරේ සර් කෝල් එක කට් කරලා කියලා දැනගෙනමයි


මගෙ මූනේ ලා හිනාවක් ඇදුනේ මිර එකෙන් මන් දිහා සැරෙන් සැරේ බලන් ඒ ඇස් දැකලා


" කවුද බන් ඒ " ෆෝන් එක තියෙනවත් එක්කම පිටිපස්ස හැරිලා සදරු අහද්දි මන් හිනා වුණා විතරයි


" තව ගොඩක් දුරයිද සදරු "


" ටිකක් තියෙනවා තව ... පැය තුනක් තුනහමාරක්වත් යයි "


" ඉන්න හොටෙල් එකේ ෆොටෝ එකක්වත් පෙන්නනවකෝ හලෝ අඩුම "

" මොන හොටෙල් එකක් ගැනද බන් මේකි මේ කියන්නේ " සදරු නෝන්ඩි හිනාවක් දාන් ශාක්‍යගෙන් අහද්දි එයත් හිනා වෙලා උරහිස් හැකිලුවේ දන්නේ නෑ කියන්න

" ඇයි දැන් අපි ඉන්න තැන "

" ඒවා ඉතින් උබලනේ දන්නේ "

" ඒ කියන්නේ " 

" මන් හිතුවේ ඉතින් ඔයාලා තැනක් බලන්න ඇති කියලා "

" මොකක් ?? "

" ඔව් ඇයි "

" සිරාවටද කියන්නේ ඔය "

" ඔව් ඔව් බන් ඉතින් "

" ඔය ඕන එකක් කරගනීනේ බන් .. මොනා හරි වුණොත් මේ දෙන්නව එලියට දාලා අපි දෙන්නා කාර් එක ඇතුළේ ඉමු " සිතාරා හිනා වෙවී කියද්දි මන් සදරුට රවලා ශටර් එකෙන් එලිය බලාගත්තේ

සෙට් එකම මොක්කුද වගේ හිනා වෙනකොට




" ඒ .. නැගිටිනවා ශෙරායා " සුපිරි නින්දක් දාගෙන හිටපු මම ඇහැරුණේ සිතාරාගෙ ටකරං වොයිස් එකට

" මොකද බන් බොරුවට කෑගන්නේ .. කොහෙද මේ " කාර් එකත් නවත්තලා සදරුයි ශාක්‍යයිත් නැති තැන මන් අහද්දි සිතාරා පෙන්නුවෙ ඉස්සරහ තිබ්බ රෙස්ටුරන්ට් එක


" කන්න නැවැත්තුවේ ... අර දෙන්නා ගියා "

" මට කන්න බෑ ඒ .. සැන්විච් කෑවෙත් මේ දැන්නේ "

" කන්න බැරි වුණාට කමක් නෑ වරෙන් යන්න "


මාවත් ඇදන් සිතාරා රෙස්ටුරන්ට් එකට ගියා


අපි යද්දිත් අර ඩබල වාඩි වෙලා මෙනූ එක බලනවා

ඒ දෙන්නව දැක්ක ගමන් මාවත් මග දාලා සිතාරා දුවන් ගිහින් වාඩි වුණේ සදරුගේ එහා පැත්තෙන්

කොහෙ ගියත් උන් දෙන්නා එකලගනේ


මන් සිතාරා දිහා බලද්දි ඒකි ශාක්‍යගේ එහා පැත්තේ තියෙන පුටුව පෙන්නුවේ වාඩි වෙන්න කියලා

වෙන වාඩි වෙන්න තැනකුත් නැති එකේ මන් එතනින් වාඩි වුණේ

අවුරුදු ගාණක් මන් ආපස්සට යද්දි


හරියටම එදා සිතාරගෙ බර්ත් ඩේ එක

සදරුයි සිතාරයි සෙට් වුණ දවස

සිතාරයි සදරුයි එදා වගේම අදත් එකට ඉද්දි අපි දෙන්නා ...... 🙂❤️‍🩹


කොච්චර ලගින් හිටියත් අපි අතරෙ කියන්න නොතේරෙන අමුතු දුරස්තකමක් තියෙනවා කියලා දැනෙද්දි මන් කිසිම වෙනසක් නොකර සිතාරා දිහා බලලා හිනා වුණේ හැමදේම හොදින් කියන්න


කාලා වැඩි වෙලාවක් නොයිදම අපි ආපහු පිටත් වුණේ සදරුට තියෙන හදිස්සියට


දැන් සදරු ඩ්‍රයිවින් ශීට් එකේ ඉන්නකොට ශාක්‍ය ඊට එහා පැත්තේ


ටික වෙලාවක් යනකන් අපි කවුරුත් කතා නෑ


" මොනාද බන් මේ සිංදු .. වෙන එකක් දාහන්කෝ "

එතකොටම ශාක්‍ය චැනල් එක මාරු කරේ ඉස්සර එයා වගේම මාත් ආස සිංදුවක් ප්ලේ වෙද්දි



මතකයන් ඔබේ සිතේ තබාගෙන
දුක් විදිනා මා ඔබගේ පළමු පෙම්වතා
සුවඳ පොදට පවා ඔබ පෙම් කරනා
අදටත් මම ඔබගේ පළමු පෙම්වතා

අදටත් මම ඔබගේ පළමු පෙම්වතා

සිනාසෙන්න නොහැකිනම් මට හඬන්නට
ඔබ ළඟමයි හැමදාමත් කැමති ඉන්නට
සිනාසෙන්න නොහැකිනම් මට හඬන්නට
ඔබ ළඟමයි හැමදාමත් කැමති ඉන්නට
ඉමු කඳුළැලි ගලා යන්න යනතුරුවත් මට
ඉඩ දෙන්නකො ඔබගේ ළඟම ඉන්නට

මතකයන් ඔබේ සිතේ තබාගෙන

දුක් විදිනා මා ඔබගේ පළමු පෙම්වතා

සරසවන්න ජීවිතය මට හැමදාක
ඔබේ හදින් මා ලැබුවේ කුළුඳුල් පෙම
සරසවන්න ජීවිතය මට හැමදාක
ඔබේ හදින් මා ලැබුවේ කුළුඳුල් පෙම
ජීවිතයම වරදාලා ගියමුත් පවට
වෙනසක් නෑ ආදරයේ මම තව ඔබට


මතකයන් ඔබේ සිතේ තබාගෙන
දුක් විදිනා මා ඔබගේ පළමු පෙම්වතා
සුවඳ පොදට පවා ඔබ පෙම් කරනා
අදටත් මම ඔබගේ පළමු පෙම්වතා
අදටත් මම ඔබගේ පළමු පෙම්වතා
අදටත් මම ඔබගේ පළමු පෙම්වතා



අදටත් මම ඔබගේ පළමු පෙම්වතා 🥺❤️‍🩹


සින්දුව හීමීට මුමුණන ගමන් ඒ වචන ටික ටිකක් බර කරලා කියන ගමන් සැරෙන් සැරේ මන් දිහා බලන් එයා


ආයෙ කවදාවත් එපා කියලා කිව්වට ඒ හිනාව කතාව

ඔක්කොටම වඩා හැමදාම වගේ මාව අතරමං වෙන ඒ ඇස් දිහා බලාගෙන මට ඒක කරන්න පුලුවන් වෙයිද




ඉතින් එහෙම පුලුවන් වෙයිද ඒයිලා

ඔන්න දිග එපියක් ඉල්ලපු ළමයින්ට


පැයක් විතර ගියා මේ ළමයට ඕක ටයිප් කරන්න

ඒක නිසා මේ ළමයගේ හිත පිරෙන ලස්සන කමෙන්ට් එක්ක දාන් යන්න ඒයි


https://t.me/brown_Soul_personal_blog






BrOwN sOuL 🤎✨



Report Page