උරුම නැති ප්‍රේමය - පහලොස්වන දිඟහැරුම

උරුම නැති ප්‍රේමය - පහලොස්වන දිඟහැරුම

Gethmina Bandara |° ✍



කලින් කොටසට....

https://telegra.ph/%E0%B6%8B%E0%B6%BB%E0%B6%B8-%E0%B6%B1%E0%B6%AD-%E0%B6%B4%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA---%E0%B6%AF%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B7%80%E0%B6%B1-%E0%B6%AF%E0%B6%9F%E0%B7%84%E0%B6%BB%E0%B6%B8-03-17


එතැන් සිට....


දිනූගේ හිත හෙල්ලිලා තිබ්බේ කියන්න යාලුවෝ දැනන් හිටියෙත් නෑ ටික වෙලාවක් කතා කර කර ඉදපු එක නවත්තලා යාලුවෝ දෙන්නටත් සමුදීලා ඇදට වැටුනා.ඇදට වැටුනු දිනූටනම් සිහිය තිබුනේ නෑ තාම ඉන්නේ ටවල් එක පිටින් කියන එකවත් අත්තම්මා ඇවිල්ලා කීවාට පසුවයි ඇයටත් ඒක මතක් උනේ ඉක්මනට ඇදෙන් බැහැලා අල්මාරියෙන් බ්ලවුස් එකකුයි ජීන්ස් එකකුයි අරන් ඇදගෙන ආයෙම ඇදට වැටුනේ පොඩි නින්දක් දාන්න හිතාගෙන.


ඒත් දිනූටනම් නින්ද කියන එක ඇය ලගටවත් ආවේ නැති තරම් ඔලුවට ආවේම ආඩම්බර චානූගේ රුව.යාලුවන් එක්ක කීවා දේවල් එක්ක මතක අලුත් උනායෙන් කෙල්ල තවත් කල්පනා ලොවේම ගිලුනා.හිතා ගන්නවත් බැරි වෙන්න ඇති දිනුලිටම මට මොකක්ද මේ හැඳුනු පිස්සුව කියලා ඒ තරම් කෙල්ලගේ හිත හෙල්ලිලා තිබ්බේ ඒ ආඩම්කරකමට.

ටිකෙන් ටික කාලේ ගත වුනේ දිනුලි ගමට ඇවිල්ලා දින සතිවලට පෙරලිලා සති දෙකකුත් උනායෙන් පස්සේ...


කොහොමින් කොහොමහරි දැන් දිනු වගෙම චානුත් උදේ දැක්කාම ගුඩ්මෝර්නින් කියන තරමට යාලුවෝ වෙලා දෙන්නගේ ෆෝන් නම්බර් පවා මාරුකරගන්න තැනටම ඒ යාලුකම වර්ධනය වෙලා තිබ්බේ. පිටින් පේන කෙනෙක්ට ඒක යාලුකමක් වෙනකොට ඔවුන් දෙදෙනාගේ හිත් වල වෙන වෙන හැඟීම් වල සලකුනුත් ටික ටික පෙන්නුම් කරලා තිබ්බත් දෙන්නා ඉදියේ නොදන්නවා වගේ ඉස්සර නොවී.චානුට දැන් දිනූගෙන් අහන්නම හිත ඒත් ඉස්සර වෙලත් බෑ." එයා හිතයි මං යාලුවෙක් වෙලා තියෙන්නේ වෙන දෙයක් හිතාගෙන කියලා " වෙලාවකට එහෙම හිතන චානුකම පස්සේ හිතනවා " එයා කොලඹ කෙල්ලෙක් ඕවා ඒම ගානක් නැතුව ඇති" හිනාවෙවී හිතුවේ වහලය දිහා බලාගෙන.ඒ ඒක්කම චානුගේ ෆෝන් එක වයිබ්‍රේට් උනේ කල්පනා දැහන බිඳිමින්.ස්ක්‍රීන් එකේ වැටිලා තිබ්බේ දිනුගේ මැසේජ් ඇලට් එකක් දැක්ක ගමන් කොල්ලා ඇදේ ඉද්ද ගැහුවා වගේ නැගිටලා ඉදගත්තේ හිත අස්සෙන් එන සතුටත් හිතේ රදවගෙන.


" Hi Chanu Mk.?"

" Monawath na dinuu karapu de kiwoth oya hinawei "

" aneeeh ! Na kiyannakooo "

" na mekai mn hitha hitha hitiye oya gana "

" aneeh yanawa boru nokiya tompachaya"

" aththa mantale kiwe "

" me me mantale kiyanna epa "

" hari madem "

" chanu ammi call 📞 karanawa man passe msg dannam harid "

" ah hari ada ground enawada "

" ow man ennam budusarani "

" budusarani "


මැසේජ් හුවමාරුව ඉවර කරල දිනු ගියේ අම්මගෙන් ආවා කෝල් එක උත්සන්න.චානු ආයෙම කල්පනාවට වැටුනේ දිනු එක්ක කතා කරත් දැයෙන සැනසීම ගැන කල්පනා කර කර.මේ කෙල්ලට මං මේක කියන්න , කොල්ලෙක් ඉන්නවද දන්නෙත් නෑ.

දන්නෙම නැතුව ඇද උඩම නින්ද ගියේ ඇස් පියාගෙන දිනුගේ දඟකාර රුව මවාගෙන හීන දකින්න ගිහිම්.තදටම නින්ද ගිහින් හිටපු චානුකට නැගිට්ටුනේ සදුන්ගේ සද්දෙට.


" චානුවෝ.... උබ නැද්ද යකෝ..."

"ආහ් සදුන් ඉදාන් මං එන්නම් නින්ද ගියා බං ඇවිත් ඉදගනින් ඇතුලෙන්"


" ඇතුලේ ඉදගන්න නෙමේ රිලවෝ වරෙන් පිට්ටනියට යන්න අරුන් ඇවිල්ලා ඇති "


" අඩෝ අද කලින්ම ඇයි"

" අනේ මේ චානුවෝ කුනුහර්ප අහගන් නැතුව වරෙන් 3:30 පහුවෙලා දැන්" සදුන් එහෙම කීවාට පස්සේ කලබලෙන් නැගිට්ටේ දිනුත් එනවා කීවා නේද මතක් වෙලා.


ඇදෙන් පැන්න චානු ඇවිද්ද නෙමේ දීවා දොරකඩට.සදුන්ට හිනා ඉතින් මුගෙ කලබලේ දැකලා.


" මොකද බං කුලප්පුව ඒ පාර"

" නෑ බං ඒම එකක් නෑ"

" අනේ පලයන් බල්ලො ඇයි අර කෙල්ල මොනාවත් කීවද "

" පිස්සුද හරකෝ ඉදහන් මං අම්මට කියලා එන්නම් ටිකක් නිදාගත්තා බං "

" ආහ් හරි වරෙන්කෝ ඒනම්"

යකෝ මුට උන විපර්යාසයක් සදුන් හිතුවේ ගේ ඇතුලට යන චානු දිහා බලාගෙන කල්පනා කරමින්.කොහොමින් කොහොමහරි දෙන්නා ග්‍රවුන්ඩ් එකට එනකොට අනිත් අය ක්‍රිකට් මැච් එක පටන් අරන් ඕවරේකුත් ගහලා ඉවරයි...

දිනූයි සිඟිතියි ඇවිල්ලත් පැයකට වඩා ගිහින්.ග්‍රවුන්ඩ් එකට කිට්ටු වෙත්ම මුලින්ම චානුකලව දැක්කේ බැටින් සයිඩ් එකේ හිටපු නිමේෂ්.


" නාලකයා අන්න අරුන් දෙන්නත් එනවා.."


"ඉතින් බලපංකෝ ආයෙම මුල ඉදලා ගහන්න ඕනීද"


"එහෙම ඕනි නෑ උන්ව දෙපැත්තට දාලා ගමු"

"කොහෙද යකෝ මෙච්චර වෙලා ගියේ බලපං අපි ඇවිල්ලා ඕවර් දෙකක් සෙල්ලම් කරත් එක්ක" චානුකයි සදුනුයි ලගට ආපු ද්වෙලේ නාලක ඇහුවා.


" කොහෙද බං මං මුන්ගේ දිහා යද්දි කොල්ලා දවල් හීන බලනවා"


" ඈ යකෝ මූ නිදාගෙනද ඉදියේ "


" ඔවු බං ගිහිල්ලත් මං විනාඩි තුන හතරක් කතා කරහම ඇගමැලි කඩ කඩ ආවේ"


" උබට අසනීපද බං වෙනදා වෙලාවටම උබ ලා එනවත් එක්කනේ අපි හිතුවේ අද එන් නැතුව ඇති කියලා..."


"අනේ මංදා බං ඒවානම් හැබැයී මූව අද එලියට ගන්න අමාරු උනා මනමාලයෙක් වගේ ග්‍රවුන්ඩ් එකට එන්නත් ලෑස්තිවුනේ කෙල්ලො හොදයි". සදුන් හිනාවෙවි කීවේ නක්කලේට.


"අනේ මේ සදුන් නිකන් හිටන් බොරු කියන් නැතුව"


"නෑ නෑ සදුනා බොරු කියන්නේ නෑ කෝමත් මූ මේ ටිකේ වෙනස් හා නැද්ද උබලා මොකද කියන්නේ" නාලක ඇහුවේ අනිත් කොල්ලන්ගෙන්.

අනිත් කොල්ලන්ගේ ඒකට එක එක නානාප්‍රකාර කියන දේවල් ඇහෙද්දී චානුක දැක්කේ ඒ පැත්ත බලන් ඉන්න දිනූව ඒත් එක්කම දීනූ අත වැනුවා හින්ද මුන්ගේ බේරිලා යන්නේ කෝමද කල්පනාකරන්න උනා.



ඊට පස්සේ මොකද වුණේ කියලා බලන්නනම් ටිකක් ඉවසලා ඉන්න වෙයි අනිත් කොටස වෙනුවෙන්...

හුඟ කාලෙකට පස්සේ ලමායී මේ කතාව ආයෙම ලීවේ ඉතින් මං හිතනවා රියෑක්ෂන් කොමෙන්ට් නම් ආයෙම මේක වෙනුවෙන් වැටෙයි කියලා..

ඉතින් අවසරයි අදට සමුගන්න,තෙරුවන් සරණයි.


Gethmina Bandara |° ✍️


Channel 👇 🦋

දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚


https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J


https://t.me/TheAuthorNaughty


Contact Whatsup - +9477 949 7303

Report Page