උරුම නැති ප්‍රේමය - දාහතරවන දිඟහැරුම

උරුම නැති ප්‍රේමය - දාහතරවන දිඟහැරුම

දඟකාර රචකයාගේ පන්හිඳ |° - Gethmina Bandara



දාහතරවන දිඟහැරුම


" Sunorahe hena thuru " දිනුලි ෆෝන් එක රින්ග් වුණේ ලස්සන හින්දි ගීතයක නාදයෙනි.


" චූටී දූ... චූටී දූ අන්න කෝල් එකක් ඔයාට "


" ආහ් හරි අත්තම්මේ මේ එනවා "


" අම්මිලා වෙන්නැති මං හිතේ "


දිනූ ඇඟ සෝදලා රෝස පැහැති තුවාය ඇඟ පටලන් ආවේ කෝල් එක ආන්ස්වර් කරන්නය.කැබිනට් එක උඩ තියලා තිබුණු ෆෝන් එකක් අතට තුවාය පිටින්ම ඇදට වැටුනේ ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ වැටිලා තිබුණු ජනනි නිසාය.


" ආන් පිස්සි කොහොමද " දිනුලි ෆෝන් එක ආන්ස්වර් කල සැනින් කීවේය.


"අපි පිස්සියෝ නිසානේ අපිව අමතක කරපු උන්ට කෝල් ගන්නේ " තරහෙන් වගේ ජනනි කතා කලාය.


"අයියෝ සුදු මොකෝ මේ තරහා ගිහින්"


"තරහා තමයි උඹට අපිම කෝල් කරන්න ඕනී"


" කෝ මෙහෙ දියන්කෝ " සකුනි දුරකථන ජනනිගෙන් ඉල්ලගත්තේ මේ කන්කරච්චලේ ඉවසන්න බැරි කමටය.


" හෙලෝ දිනූ... "


"අඩේහ් ජනනි ඔහේ ආවද උඹ ඉවර ඇති ඒනම්"


"ඒවානම් කියලා වැඩක්"


"ආහ් ඇත්තද උඹ දැන් ඒමද හා ඕම යමංකෝ ඒනම්" ජනනිගේ කුනු කුනුව දිනුලි අහන් හිටියේ හිනාවෙමිනි.


" අපේ හරි හරි විහිලුවක් කරේ යක්ෂණියෝ "


"තොගේ ලේ බොනවා හොදේ "


" පේනවනේ දිනු මේකි "


" ඔව් ඔව් ඇහෙනෝ කනක් ඇහිලා ඉන්න නැතුව ඇති හී.... "


" ඔව් බං ඒක නෙමේ මොනාද විස්තර "


" කතාවක්වත් නැත්තේ අපිව අමතක වෙන්න තරම් මොනාහරි වෙලාද "


"අමතක වෙලා නෑ හලෝ මෙහෙම පොඩ්ඩක් සිග්නල් අඩුයි හුලඟ වැඩිනේහ්"


" ඒකමද නැත්නම් වෙන මොනාහරි වෙලාද "


" තාම නම් මුකුත් නෑ ඉතින් 😇"


" ඒ කියන්නේ ඉස්සරහට වෙයි වගේ ද "


" හී වෙන්නත් පුලුවන් මං කියන්නම්කෝ පස්සේ "


" ආහ් ආහ් හොරේ දැනුනා... " ජනනි විහිලු කරන්න ගත්තේ හිනාවෙමිනි.


"ඔය ඉතින් බලපංකෝ දැම්ම පටන් ගත්තනේ ඒම මුකුත් නැහැ තාම"


" හරි අගේ නොකර කියපංකෝ කොල්ලා ලස්සන සුදුද උසද " ඒ ඇහුවේ ජනනිය.


"යකෝ මේකී බලපංකෝ"


"ඒකනේ මේකිටනේ හදිස්සිය 😂"


"ආහ් හරි හරි උඹම කියපංකෝ ඒනම්"


" හරි අහනවකෝ මේමයි මම එයා ටිකක් විශේෂයි වගේ පෙනුනා "


" ඒ කීවේ දිනූ " සකුනි අහනකොට ජනනි පුදුමයෙන් වගේ බලන් ඉදියේ කොල්ලොන්ව Care නොකරන මේකි කොල්ලෙක් විශේෂයි කීවාම පුදුම නිසා.


ෆෝන් එකේ ස්පීකර් ඔන් කරලා තිබුණ නිසා දිනූ කියපු දේ සකුනිට මෙන්ම ජනනිට ඇසුනේ අප්‍රභංෂයක් විදිහට. මෙවර කට ඉස්සර වුණේ සකුනිගේ වුවත් ජනනිද කට හදමින් උන්නේ කුමක් හෝ ඇසීමටයි.



"නෑ එ..යා මේ...." දිනූ ගොත ගැහුවේ කොහොමද මුන්ට මේක විස්තර කරන්න කියලා හිතාගන්න බැරුවය.


" මොකෝ කිකිලි කෙකර ගාන්නේ " ජනනිගේ කටහැකර් කට ඇවිස්සුනේ එවෙලෙයි.


" ඉන්නවකෝ ඕයී පොඩ්ඩක් කියන්න දීලා මෙතන කියන්නත් ඕනී මැදින් ඇඩ් දානවා😑 "


" ආහ් හරි හරි ඔයා කියන්නකෝ අගේ නොකර ජනනි උබත් කට පියන් ඉදින් කියනකන් "


" නෑ මේ.. එයා මේ හ.රි අමුතු..යි, අනිත් ගමේ කොල්ලො වගේ නෙමේ.. "


" ඇයි ඌ පිටසක්වල ජීවියෙක්ද 😂" ජනනි ආයේම ඇහුවේ දිනූව විහිලුවට ගනිමින්‍ ය.


" අයියා අප්පා එහෙම නෙමේ, මේමයි උනේ හරිද...


දවසක් මං අපේ ගෙවල් ගාව ඉන්නවා සඟිති කියලා නංගි කෙනෙක් එයා එක්ක පිට්ටනියට ගියපු මුල්ම දවසේ සෙල්ලම් කරපු ඔක්කොම කොල්ලෝ ආවා හරිද මං එක්ක කතා කරන්න අර බෝයී විතරක් ආවේ නෑ එයා ගල් ඉවුරක් ගාව ඉදගෙන හිටියා... "


" ඇයි මෙයා මහරැජිනනේ මෙයා එක්ක කතාවට එන්නේ නැද්ද සකූ.." ජනනි සුපුරුදු පරිදි ආයේම විහිලු කරා


" එහෙම නෙමෙ අනේ එයාලා ගමට අලුත් කෙල්ලෙක් නිසා කතා කරන්න ආවාලු අදුරගන්නත් එක්ක"


" ඔව් ඉතින් ගමේ උන්ටත් කොට ගවුම් කෑල්ලක් ,කලිසම් කෑල්ලක් පේන්න නැතුව ඉතින් එහේ...🙃" ජනනි වාචාලකමට කීවා


" අනේ මංදා කෝමහරි මං කතා කරේ නෑ එයාලා ඇවිල්ලත් සිඟිති නංගිගෙන් විස්තර ඇහුවේ "


" ඉතින් ඉතින් 😏"


" ඉතින් කියන්නේ මං කතා කරේ පස්සේ මං එක කොල්ලෙක්ගෙන් ඇහුව අර ඔයාලත් යාලුවෙක් නෙවේද කියලා ගල්තලාව පෙන්නලා, ඒ කොල්ලගේ නම සදුන් "


" ආහ් තාපසයෙක් ටද හිත ගියේ පව් වැඩ යකෝ ඕවා " ජනනි ආයේම විහිළු කරේ ද සකූ ද ඒ කතාවට හිනාවුණා...


" බෑනි ඉතින් තමුසෙලා දෙන්නා එක්ක 😑"


" කමා කරනු මැන බිසවුනි අපට සිනාපහල වූයේ නිකමටය ඔබතුමිය පවසන්න කතාව..." හිනාවෙමින් සකුනි කීවා.


" අහන් ඉන්නවකෝ ඒනම් මැදින් ඇඩ් දාන් නැතුව මලකරදරයක්නේ මේක "😑


" හරි හරි ඕන් අපි කටවහගත්තා "😂


" කොහොමහරි මං ඇහුවාම ඒ කොල්ලා කීවා නෑ අනේ චානුවා යමු කීවාම 'උබලා ගිහින් වරෙම් මං ඉන්නම් කියලා ' ඒ නිසා අපි ආවා දිනූ කියලා "


" අම්මට සිරි ලොකු ලයින්ද ඩයල් එකගේ , ඒකාහ් හැන්ඩිද දිනුවෝ"


" මාත් හිතුවේ එහෙම පස්සේ එනකොට සිඟිති නංගිගෙන් විස්තර ඇහුවා සෙල්ලම්කරලා ගෙදර එන ගමන්


"මේමයි ඉතින් ලස්සනයි එයා ඒම ලොකු සුදකුත් නෑ හැබැයි... "


"හරි පුදුමයි බං කවදාවත් නැතුව කොල්ලෙක් කෙයා නොකරපු උඹට ඔච්චරටම ඌව හිතට ඇල්ලුවද බං එක දවසකට "


" දැන් කවුද කීවේ එක දවසක් කියලා" දිනූ කීවේ කට කොනට හිනාවක් අරන් උනත් ඒක දකින්න ක්‍රමයක් සකුනිලට නොතිබුනේ මේ දුරකතන කෝල් එකක් නිසා


" අප්පට බොල ඒකහ් කොහාමද සකූ 😏"


" ඒකනේ ඕයී මේකි ගිහින් තියෙන්නේ අත්තම්මා බලන්න නෙමේ වගේ "


" ඔය පේනවනේ ඉතින් යාලුවෝ හින්දා හංගන්නේ නැතුව කීවාමත් කතා අහන්න එපැයි "


" හරි හරි කියනවකෝ ඒනම් "


දිනුලි සිඟිති කියූ කතා ටික වගේම දින දෙකකට කලිම් වැටෙන්නට ගිහින් චානුගේ තුරුලේ නතර උනු කතාවත් එතැන වුනු පුංචි රණ්ඩුවත් චානුගේ යාලුවන් සුදු නෙලුම කියන එකත් වැලිතලප ගෙනැවිත් දුන්නා කතාවත් කෙටියෙන් යාලුවෝ දෙන්නට කීවේ අතිනුත් දමාය.


සකුනිත් ජනනිත් ඇස් ඉඟිමරමින් දිනුලි කියන ටික අහන් හිටියේ යාලුවාගෙන් අහන්න් ප්‍රශ්න හදාගනිමින්‍ ය. දෙන්නටම පුදුම වෙන මොනාත් නිසා නෙවෙයි කොල්ලෙක් පස්සෙන් ආවත් මගාරින දිනුලි ඇයි මේ කොල්ලට විතරක් මෙච්චර විශේෂයක් කියලා ඒ වගේම මූව හිතට අල්ලපු එකයි..





~±~±~±~±~±~±~±~±~±~±~±~±~±



ඉතින් ඊට පස්සේ වෙන දේවල් දැනගන්නනම් ඊලග කොටස වෙනකන් බලන් ඉන්න වෙයි...


#Gethmina_Bandara

#Naughty_CG   @TheAuthorNaughty


➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖


දඟකාර රචකයා ✍️|° 🇱🇰

#ගෙත්මිණ_බණ්ඩාර




https://t.me/TheAuthorNaughty

https://chat.whatsapp.com/CYbsGijuCQzL8aDp8r0KRx

https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J


Report Page