ඇතීනා පරිච්ඡේදය 03.5

ඇතීනා පරිච්ඡේදය 03.5

𝘄𝗮𝗪𝘂𝗹𝗮™ (TᖇYIᑎG TO ᗷE ᑕᖇEᗩTIᐯE)

■පළමු පරිච්ඡේදය■

පරිච්ඡේදය 03 ««««««



හිත ඇතුලේ පැල්පතක් අටවගන්න බදාමෙ අනද්දි ගලුත් වැටුණ නිසා අනද්දි අමාරු වුණත් ඉක්මනට හයිය කොන්ක්‍රීට් තට්ටුවක් හදාගන්න පුළුවන් වුණා. ඒ මැද හැදුණු එකම මල දවසින් දවස සුවද දිදී ලොකු වුණා. කාලය ගත වුණේ ට්‍රැක්ටරයක් වගේ, පයින් යනවට වඩා වේගවත් වුණාට ගැස්සිල්ල අල්ලන් හිටියේ අමාරුවෙන්. පාරේ වල ගොඩැලි ගමන අමාරු කළත් දෑත් බැදගත්ත අපි කොහොම හරි ගමනේ යෙදුණා.

මගේ පුංචි සහෝදරයා උසාවියේ කළු කෝට් කාරයෙක් වුණා. ඒත් මං වැඩිපුර සතුටු වුණේ ඌ ගැන නෙවෙයි මං ගැන, මොකද නිදහසේ සිසිලසට ළවෙන්න මං හරි ආසාවෙන් හිටියේ. මං හැම අයියෙක්ම වගේ 'මං උඹේ ලොකු අයියා, උඹ මං නිසා ගොඩගියේ' මතයෙන් මං හිටියේ. ඒ මේ ලියන කාලෙ වුණානම් මතය වෙනස් වෙන්නත් ඉඩ තිබුණා. මොකද ඉගෙන ගන්නවා කියන්නෙත් පීඩනයක් බව දැනගත්ත නිසා.

සහෝදරී පොඩි එවුන්ට අකුරු කියාදෙන්න පටන් ගත්තා. මොණර කාසි උන් අතරෙ සංසරණය වෙන්න ගත්තම මං බලාපොරොත්තු වුණු නිදහස මට ලැබුණා. කුරුල්ලෙකුටම වගේ නොවුනත් කරේ තිබුණ බර හෙමිහිට නිදහස් වුණා.

කාලෙක ඉදන් ඇග ඇතුලෙ හැංගිලා හිටිය ලෙඩක් ඔය කාලෙදි අම්මගෙන් එළියට ආවා, වංසෙ කබල් ගෑම. රීරි මාංස උරා කාපු මොණරු වලව්ව අලුත් කළේ හෙමිහිට, ඒ අපේ වලව්ව කීවට මට දැනුණෙම අමුත්තෙක්ට වගේ, මොකද මං හිටියේ ගෙදරක. 

මං කොන්ක්‍රීට් ජීවිතේට ස්තූතියි කියලා සමුදුන්නා, රාත්‍රී මුරය අවසන් වුණේ කොහොමද කියන්න මං තාම දන්නේ නෑ. මං වලව්වට කොටු වුණා, මහ්ත්තුරු නෝනලා වලව්කාරයෝ හිටිය එතන මං වැඩකාරයෙක් වෙන්න ගියා.

එයත් එක්ක තියෙන ජීවන සම්බන්ධෙ මොන්ටිසෝරි ගිහිනුත් ඉවරයි. කාලය අපිට ප්‍රශ්න අරං ආවත් අපි ශක්තිමත් වුණු නිසා ආදරය තුලින් අපි සැනසීමක ගැට්ටක් උඩ වාඩි වුණා. සරසවි සෙවණින් එයා ගිනියම් රෝහලකට මාරු වුණා. ඒ උණුසුම ඇතුලෙත් එයා සිසිලස හොයා ගත්තා. ඒ හැකියාව වෙන්න ඇති එයා මාත් එක්ක ගත කරපු ජීවිතෙන් වර්ධනය කරගන්න ඇත්තේ.

මට ඒ හැකියාව නොතිබුණ නිසා මං හෙව්වෙ සෙවණක්.  එහෙම සෙවණක් හොයාගැනීම කළුණික හොයනවා වගේ. මං ඒක තේරුම් ගත්තේ පරිණත වෙද්දී, ඒත් වාසනාව කැරකිලා කළුනික පොතු දෙකක් මට හමුවුණා. එක් කෙනෙක් එයා , අනිත් කෙනා…….

මොණරු නැතුව ජීවත් වෙන්න් බැරි හින්දා මං රස්සාවක් හෙව්ව. අන්තිමට හම්බවුණා. පිංවන්ත රස්සාවක් මට හම්බ වුණේ. වැඩ කරන්න තිබුණේ හාමුදුරුවන් වහන්සේ කෙනෙක් ළග. 

මට තිබුණේ වාහනයක් පදවන්න. ඒ අතරේ හැංගුණු කුසලතාත් එළි බැස්සා. මගේ ලිවීමේ හැකියාව එළියට ආවේ ඔය කාලෙදි, හාමුදුරුවෝ ලොකු ලොකු උදවිය හමු වෙන්න යද්දි මට තිබුණෙ පරණ ලදඩං වාහනේ ඇතුලට වෙලා කාලෙ කන්න. 

ඔය අතරෙ කියවන්නයි කියලා එයා මට පොත් දුන්නා. මගේ සාමාන්‍ය පෙල දැනුම ඒ වෙනුවෙන් පිහිට වුණා. ඔහොම්ම ලියන්නත් හුරු වෙලා තමයි මං ඔබ වෙනුවෙන් ලියන්න ගත්තේ.

හාමුදුරුවෝ ළග වැඩ පහසු වුණා. එයාව හම්බ වෙන්න අවස්ථා වැඩි වුණාත් සමගම ගෙදරත් එක්ක සම්බන්ධතා අඩු වුණා. කොහොමින් හරි කාලෙ ගත වෙලා ආදරණීය සිද්ධි බොහෝමයකට මුහුණ දෙන්න අපිට හැකිවුණා.



පරිච්ඡේදය 04»»»»»


අද අහන්න හිතුණා ප්‍රශ්නයක්, මෙයා මේ කියන අනිත් කෙනා කවුරු වෙන්න ඇතිද?


©𝘄𝗮𝗪𝘂𝗹𝗮™ (TᖇYIᑎG TO ᗷE ᑕᖇEᗩTIᐯE)

Report Page